තවත් වැඩ තිබෙන නිසා 2020දී විශ‍්‍රාම නොයන බව ජනපති මඩකලපුවේදී කියයි.. හැරෙන තැපෑලෙන් පිලිතුරු ගාල්ලේදී විමල් දෙයි..
Posted on May 7th, 2018

 lanka C news

2020 වසරේදී තමන් විශ්‍රාම යන්නේ නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කරයි.

තවත් කල යුතු වැඩ බොහෝ තිබෙන නිසා තමන් විශ‍්‍රාම යන්නේ නැතැයිද ජනාදීපතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මඩකලපුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළිය අමතමිනි.

තවත් වැඩ තිබෙන නිසා 2020දී විශ‍්‍රාම නොයන බව ජනපති මඩකලපුවේදී කියයි.. හැරෙන තැපෑලෙන් පිලිතුරු ගාල්ලේදී විමල් දෙයි..

ජනාධිපතිවරයාගේ මෙම ප‍්‍රකාශයට ගාල්ලේදී පැවති ඒකාබද්ද මැයි රැළියේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පිලිතුරු දුන්නේය.

ඔහු කියා සිටියේ ජනාධිපතිවරයාට අලූත්තෙන් විශ‍්‍රාම යන්නට දෙයක් නැති බවත් පෙබරවාරි 10 වැනිදා මැතිවරණයෙන් 14%ක ඇද දමා ජනතාව විසින් ජනාධිපතිවරයා විශ‍්‍රම ගන්වා ඇති බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress