පාක්ෂිකයන් රඳවාගන්න ජනපති 2020 ගැන කියනවා – හිටපු ජනපති
Posted on May 7th, 2018

රොමේෂ් ධනුෂ්ක සිල්වා සහ නාලක සංජීව දහනායක උපුටාගැණීම ලංකාදීප

‘ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මඩකළපුවේදී කිව්වා 2020 දී එයා විශ්‍රාම යන්නේ නෑ  කියලා.  එතුමාට එහෙම කියන්නේ නැතිව මේ වෙලාවේ  ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයින් රඳවා ගන්න වෙන ක්‍රමයක් නැහැ ‘ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
 
ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේදී     පැවැත්වෙන මැයි රැලියේදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

 
‘‘මේ ආණ්ඩුව ජනතාවට කරපු ලොකුම අපහාසය තමයි  මැයි පළමු වැනිදා  සමරන්න තිබුණු ලෝක කම්කරු දිනය මැයි 07 වැනිදාට කල් දාපු එක. ඒ වගේම  කියන්න ඕනි  සුද්දගේ කාලේ ටොරින්ටන් ආණ්ඩුකාරවරයා තමයි  වැඩිම බදු ගහපු කෙනා. ඊට පස්සේ   මේ වත්මන්  ආණ්ඩුව තමයි වැඩිම බදු ගහපු ආණ්ඩුවක් විදියට හඳුන්වන්න පුළුවන්.‘‘  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress