පාර්ලිමේන්තු අනුමැතිය ලබා නොගෙන සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම බලාත්මක කිරීම සහ මැයි මස පැවැත්වීමට නියමිත ETCA සාකච්ඡා වටය.
Posted on May 10th, 2018

ලසන්ත වික්‍රමසිංහ ලේකම් තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
අතිගරු ජනාධිපතිතුමනි,

පාර්ලිමේන්තු අනුමැතිය ලබා නොගෙන සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම බලාත්මක කිරීම සහ මැයි මස පැවැත්වීමට නියමිත ෑඔක‍A සාකච්ඡා වටය.
පසුගිය ජනවාරි 23 වන දින ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් තැබූ නිදහස් වෙළඳ ගිවිසුම මැයි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන බව අමාත්‍ය මලික් සමරවික්‍රම ඇමතිතුමා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය. ඕනෑම ගිවිසුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පමණක් ක්‍රියාත්මක කරන බවට ඔබතුමා විසින් මෙරට මහජනතාව හමුවේ ලබාදී තිඛෙන පොරොන්දුව එමඟින් කඩවී ඇති බව අපි ඉතා කණගාටුවෙන් සඳහන් කරන්නෙමු. මෙම ගිවිසුම තුළ පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක විය යුතු බදු සංශෝධන, සේවා, ආයෝජන, භූමිය, සාගරය, ආගමන-විගමන, බුද්ධිමය දේපළ ආදී විවිධ ක්ෂේත්‍රයන් ආවරණය වී ඇත. එසේම මෙවැනි වෙළඳ ගිවිසුමක් හා බැදුණු පසුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සම්මත කරන අණ පනත් සහ නීති රීති මෙම ගිවිසුම හා සම්බන්ධ කාර්යයන් සඳහා බල නොපවත්වන බවද ඔබතුමා වෙත අවධාරණය කරන්නෙමු. එවැනි පසුබිමක් තුළ මෙම සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළද ගිවිසුම පාර්ලිමේන්තුව මඟ හැර බලාත්මක කිරීම රටේ පුරවැසියන්ගේ පරමාධිපත්‍ය බලය හෑල්ලූවට ලක් කිරීමක් බව ඔබතුමාට ද වැටහෙන බව අපි විශ්වාස කරමු.

එසේම මෙම ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත්තේ ඔබතුමා ඇතුළු සමස්ථ කැබිනට් මණ්ඩලයම නොමඟ යැවීම මඟිනි. එහිදී සඳහන් කර ඇත්තේ වෘත්තිකයන් ඇතුළු පාර්ශව කරුවන්ගේ අදහස් සැළකිල්ලට ගෙන මෙම ගිවිසුම සකස් කළ බවයි. නමුත් සත්‍යය දැන් හෙළි වී තිබේ. දිවයිනේ සියළුම වෘත්තීය සමිති සහ සංවිධාන මේ ගිවිසුම සකස් කිරීම සදහා තම අදහස් ලබා නොගත් බවට මාධ්‍ය නිවේදන නිකුත් කර ඇති අතර මේ වන විටත් මෙම ගිවිසුමට එරෙහිව අවම වශයෙන් නඩු හතක් වෘත්තිකයන් විසින් ශේෂ්ඨාධිකරණයේ පවරා තිබේ.

එසේම මෙම ගිවිසුම තුළ ශ්‍රී ලංකාවෙන් අපනයන කරන භාණ්ඩ සඳහා සිංගප්පූරුව විසින් බදු සහන ලබා දුන් භාණ්ඩවලින් 99%ක්ම කොහොමත් සිංගප්පූරුව තුළ ලොව ඕනෑම රටකට බදු අය නොකරන භාණ්ඩ බව ඔබතුමා මේ වන විට දැනුවත් වී ඇතැයි අපි සිතමු. එසේම මෙම ගිවිසුම මඟින් සිංගප්පූරුවට බදු රහිතව ලෝකයේ ඕනෑම රටකින් පැමිණෙන භාණ්ඩ බදු රහිතවම ලංකාව වෙත අපනයනය කිරීමට සිංගප්පුරුවේ ව්‍යාපාරිකයන්ට පහසුවෙන්ම ඉඩ ලැඛෙන බව සිංගප්පුරුවේ අදාළ අමාත්‍යාංශය විසින් මෙම ගිවිසුම අත්සන් කළ 2018 ජනවාරි 23 වනදා නිකුත් කළ මාධ්‍ය නිවේදනය මඟින් පැහැදිලි වේ.

මේ සියලූ කරුණු ඔබතුමාට පවා දැනගන්නන්ට ලැඛෙන්නේ මෙම ගිවිසුම අත්සන් කර ක්‍රියාත්මක වන විටය. එයම සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය ක්‍රියාත්මක වන ආකාරය විසින් පවත්වනු ලබන ˜විනිවිදභාවය˜ පිළිබඳව මනා තක්සේරුවක් ලබා දෙයි.

එසේම 2018 මැයි 23 වන දින සිට මැයි 25 දක්වා ඉන්දු-ලංකා ආර්ථීක සහ තාක්ෂි‚ක සහයෝගීතා ගිවිසුම (ETCA) – පිළිබඳව සාකච්ඡා වටයක් සදහා ඉන්දියානු නියෝජිත පිරිසක් දිවයිනට පැමිŒමට නියමිත බව අපට දැනගන්නට ලැබී තිබේ. සිංගප්පුරු ගිවිසුම එකවරම අත්සන් කළා සේ(ETCA)  ගිවිසුමද කිසිදු වගවිභාගයකින් තොරව එකවරම අත්සන් කර දැමීමට අදාළ අමාත්‍යාංශය විසින් නුදුරේදීම ක්‍රියාකරනු ඇති බවට එම අමාත්‍යාංශයේ පෙර හැසිරීම මඟින් අපට සාධාරණ සැකයක් මතුවී තිබේ.

අතිගරු ජනාධිපතිතුමනි, ඉහත සඳහන් කරන ලද කාරණා සැළකිල්ලට ගෙන පහත සඳහන් ක්‍රියාමාර්ග දෙක වෙත යොමු වන ලෙස අප ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
1 සිංගප්පුරු වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම.
2 මැයි මස කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දු-ලංකා ආර්ථීක සහ තාක්ෂි‚ක සහයෝගීතා ගිවිසුම (ෑඔක‍A) සාකච්ඡා අත්හිටුවීම.

ලසන්ත වික්‍රමසිංහ
ලේකම්

 

තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය

Association of Information Technology Professionals

පිටපත් : ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ජනමාධ්‍යය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress