පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීමට හින්දු සම්මේලනයේ විරෝධය
Posted on May 11th, 2018

එන් අරුන්කාන්ත් – සභාපති, ශ්‍රී ලංකා හිංදු සම්මේලනය.

වසර දහස් ගණනක් පැරණි,වටිනා පුරාවිද්‍යා උරුමයන් පසුගිය වසර කිහිපය තුල සැලසුම් සහගත ලෙස මහා පරිමාණයෙන් විනාශ කරමින් පවතින බවක් දක්නට ලැබෙනවා. එහි ආසන්නතම සිදුවීම වශයෙන් විජිතපුර – බැලුම්ගල පුරාවිද්‍යා උරුමයන්, ප්‍රාදේශීය ලේකම් සජිතා භානු මහත්මියගේ අවසරය පරිදි නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඩෝසර් කර විනාශ කිරීම පිළිබඳව හින්දු සම්මේලනය දැඩි අප්‍රසාදය සහ විරෝධය ප්‍රකාශ කර සිටිනවා.

මේ බැලුම්ගල එළාර රජුගේ කාලයේදී ඔත්තු බැලීමට යොදාගත් බව දැනගන්නට ලැබෙනවා. එම ප්‍රදේශයේ විසිරී ඇති නටබුන් තුලින් ඉතිහාසයේ බෞද්ධ විහාරස්ථානයක් මෙහි තිබු බවට බැලු බැල්මට පෙනෙන්නට තිබෙනවා.

මේ පුරාවිද්‍යා වස්තුව අපේ ඉතිහාසයයි. මේ රටේ ඉතිහාසය විකුර්ති කරන්නට සහ විනාශ කරන්නට බොහෝ පිරිසකට උවමනා වී තිබෙනවා. ඒ සඳහා විවිධ බලවේග, විවිද සංවිධාන හරහා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම විවිධ NGO මේවා පිටුපස ඉන්නවා.

මඩකලපුවේත් මෙහෙම උනා.

මේ වගේම සිද්ධි කිහිපයක් මඩකලපුවේත් සිදුවුනා. මඩකලපුවේ ස්ථාපිත කර තිබූ…. පලවෙනි දමිල බෞද්ධ රැජිනියක් වූ උලගනාච්චියාර් රැජිනගේ පිළිරුව සහ එම රැජින හිංදු ජනතාවට පරිත්‍යාග කර තිබූ හිංදු කෝවිල ඇමති හිස්බුල්ලාගේ අදාරකරුවන් විසින් විනාශ කර සුන්බුන් සහ පුරාවිද්‍යා කාර්යාලය මඩකලපුවෙන් ඉවත්කර කාන්තන්කුඩි නගරයේ ස්ථාන ගත කිරීමට උත්සහ කළා. නමුත් ජනතාවගේ විරෝධය හේතුවෙන් ඇමති හිස්බුල්ලාගේ එම උත්සාහය අසාර්ථක වුනා.

පුරාවස්තු රැක ගැනීම මේ රටේ උපදින සෑම පුද්ගලයෙකුගේම වගකීමක්

පුරාවස්තු බෞද්ධයන්ට හෝ වෙනත් ජාතියකට පමණක් අයිති භුදලයක් නොවෙයි. ඒවා ආරක්ෂා කිරීමත් බෞද්ධයන්ට  පමණක් අයිති වගකීමකුත් නොවෙයි. පුරාවස්තු කියන්නේ මේ රටේ ඉතිහාසයට සාක්ෂි දරන අප සතුව පවතින වටිනා උරුමයන්. මේ පුරාවස්තු රැක ගැනීම මේ රටේ උපදින සෑම පුද්ගලයෙකුගේම වගකීමක්.

මේ පිලිබදව රජය ඉතා වගකීමෙන් යුතුව කටයුතු කර අනාගතයේ මේ රටේ උපදින සියලු දෙනා වෙනුවෙන් අතීත මුතුන් මිත්තන්ගෙන් අප ලද දායාද සුරක්ෂිත කිරීමට කටයුතු කල යුතු බව හිංදු සම්මේලනය වෙනුවෙන් මා අවධාරණය කර සිටිනවා.

එන් අරුන්කාන්ත් – සභාපති, ශ්‍රී ලංකා හිංදු සම්මේලනය.

One Response to “පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීමට හින්දු සම්මේලනයේ විරෝධය”

  1. Ratanapala Says:

    It is time Sinhala and Tamil patriots unite for a Single and Unitary Sri Lanka and destroy the efforts of Islamists to make Sri Lanka an Islamic Nation. Efforts are already on the way to destroy and encroach on Buddhist places of worship and destroy our archealogical sites the same things they did in Afghanistan, Pakistan, Bangla Desh and in Maldives.

    International Wahabbism is a cancer already metastasing in Sri Lanka! It is happening through land grabbing, invasion of the economic sector and bribing of politicians and even religious leaders!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress