විශේෂ අධිකරණයේ දී වත්, ගල් අගුරු – ඩීසල් මාෆියා නඩු ඇහෙන්නේ නැද්ද? දේශපාලනඥයින්-නිලධාරීන්ට එංගලන්තයේ, ඕස්ට්‍රේලියාවේ ඉඩම් ගන්න ලංකාවෙ හිගන්නොත් බදු ගෙවනවා!  
Posted on May 14th, 2018

 

කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

ලංකාවේ සියලු වර්ගයේ දුෂණ ගැන කථා කරන දේශපාලනඥයින් හා සිවිල් සංවිධාන ‘විදුලි මාෆියාව ගැන නඩු විශේෂ අධිකරණයේ වත් අහන්න කියලා කියන්නේ නෑ.  ජනාධිපතිතුමාට ගල් අගුරු මාෆියාව පේන්නේ නෑ. අගමැතිතුමාට ‘ඩීසල් විදුලි මාෆියාව‘ පේන්නේ නෑ.  සිවිල් සමාජයට දැන් මේ දෙකම පේන්නේ නැති තරමට විදුලි මාෆියාව දැන් රහත් එල ලබා ඇතිදැයි සැක හිතෙන බව, කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා අද රාජගිරියේ පැවති උත්සවයක දී පැවසීය.

අද ලංකාවේ විශාලතම දුෂණ වංචාව විදුලි මාෆියාව යි.  ඒ ගැන ජනාධිපති, අගමැති විතරක් නොවෙයි ඇමතිවරුන්ටත් පේන්නේ නෑ. විදුලි මාෆියාව අනාවරණය කළ ‘මහජන උපයෝගීතා කොමිෂන් සභාව‘දැන් විදුලි මාෆියාවේ අංක එකේ හතුරා වෙලා.  ව්‍යවස්ථා සභාව පත් කළ අධ්‍යක්ෂ ජෙනරාල් දමිත් කුමාරසිංහ ඉවත් කරන්නට විදුලිබල ඇමතිට, රාජ්‍ය ඇමතිට, විදුලි ලේකම්ට අවශ්‍ය වෙලා තියෙනවා. මේක පිටිපස්සේ ඉන්නේ ඩීසල් මාෆියාවයි, ගල් අගුරු මාෆියාවයි. 

ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් 1/3 ක් ගල් අගුරුවලින් සපයා ගන්නට කැබිනට් පත්‍රිකාවක් ඇවිත් තියෙනවා.  ලෝකයේ ඇති දුෂිතම විදුලි උත්පාදන ප්‍ර‍භවය ගල් අගුරු.  විදුලිබල මණ්ඩලය කියනවා පරිසර හිතකාමී ගල් අගුරු බලාගාර තියෙනවාලු.  අපිත් ආසයි ඒවා තියෙන දැන දැනගන්න.  දැන් නොරච්චෝලේ දවසට අළු ටොන් 200 ක් මුහුදට මුදාහරිනව.   හැතැප්ම ගානක් යනකල් අළු බැදෙනවා. අම්ල වැසි නිසා නිරිත දිග සුළං හමන මාර්ගයේ ගස් කහ පැහැ ගන්නවා. 

රු. 18 ට සූර්ය බලයෙන් උපද්දන විදුලිය ගන්න බෑ කියන විදුලි බල මණ්ඩලය ඩීසල් විදුලිය රු. 28 ට ගන්නවා.  එක ඒකකයට රු. 10 ක් බදු ගෙවන්නේ මේ රටේ ජනතාව.  ඇමති ඇවිත් කියනවා විදුලි බිල වැඩි කරන්නේ නෑ කියලා.  හැබැයි, ඕස්ට්‍රේලියාවේ ගෙවල් ගන්න නිලධාරීන්ට බදු ගෙවලා තියෙන්නේ මේ රටේ ජනතාව යැයි ද කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය                                                      2018 මැයි 13

 

 

One Response to “විශේෂ අධිකරණයේ දී වත්, ගල් අගුරු – ඩීසල් මාෆියා නඩු ඇහෙන්නේ නැද්ද? දේශපාලනඥයින්-නිලධාරීන්ට එංගලන්තයේ, ඕස්ට්‍රේලියාවේ ඉඩම් ගන්න ලංකාවෙ හිගන්නොත් බදු ගෙවනවා!  ”

  1. Christie Says:

    චන්ද්‍රිකගෙ කාලෙ ගහපු ගැහිල්ල ආයෙ ඇවිල්ල ඩීසල් විදුලි බලය.

    ඒ කලෙ එන්ගලන්තෙ කොම්පැනියක් අදත් ඒකමද?

    ඔට්ටෙලියාවෙ ඉඩම් හිටපු නීතිපතියෙකුත් ගත්තලු. ඒකත් ඇත්තක්ද?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress