ආර්ථික කළමනාකරණ අර්බුදය
Posted on May 15th, 2018

අපනයන ආදායම අඩුවන විට ආනයන වියදම වැඩිවීම ඔස්‌සේ ආනයන හා අපනයන අතර පරතරය ඉහළ යනු ඇත. මෙය වෙළෙඳ ගිණුමේ ශේෂය ඉහළ යැමට හේතුවකි. ඩොලරය සඳහා රුපියල් වැඩි ප්‍රමාණයක්‌ ගෙවීමට සිදුවත්දී අප සතු වත්කම් ඛාදනය වීමක්‌ද සිදු වෙයි. ක්‍රය ශක්‌තිය හා ආයෝජන ශක්‌තිය අඩු වෙත්දී ආණ්‌ඩුව මුදල් සෙවීම සඳහා බදු ඉහළ දැමීම් සිදු කරයි. තෙල්, ගෑස්‌ ආදී බොහෝ දේවල මිල ඉහළ යැම ඔස්‌සේ තේ කෝප්පයේ පටන් සෑම දෙයකම මිල ඉහළ යනු ඇත. ඉහළ යන ජීවන වියදම පාලනය කිරීමට ආණ්‌ඩුවට නිශ්චිත වැඩපිළිවෙළක්‌ නොමැති බව පසුගිය කාලය තුළ ආණ්‌ඩුව ඕනෑවටත් වඩා ඔප්පු කර පෙන්වා තිබේ. 

මෙරට ජනතාව යහ පාලනයක්‌ සඳහා වත්මන් ආණ්‌ඩුවට බලය ලබා දුන්නේ මහත්වූ බලාපොරොත්තු කන්දරාවක්‌ සිත්හි රඳවා ගෙනය.පසුගිය රජය සමයේ සිදුකළ බව කියන වංචා, දූෂණ, සොරකම් පමණක්‌ නොව අපරාධ සියල්ල හෙළිකර ඒවාට වග කිවයුත්තන් සිරගෙට යවන බවට වහසි බස්‌ දොඩමින් බලයට පැමිණි වත්මන් රජය ගතවූ කාලය කළ කී දෑ පිළිබඳව ජනතා තීන්දුව ප්‍රකාශයට පත්වූයේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදීය. සමාජ, දේශපාලනික හා ආර්ථීක ක්‍රියාවලියන්හිදී ආණ්‌ඩුව අසමත් බව තීන්දු කළ ජනතාව එම මැතිවරණයේදී වැඩි බලයක්‌ ලබා දුන්නේ මහින්ද රාජපක්‌ෂ හිටපු ජනපතිවරයාගේ නායකත්වය ඔස්‌සේ පළමු වරට මැතිවරණයකට ඉදිරිපත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය. හිටපු ජනපති ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන්නාවූ මන්ත්‍රී පිරිස සමඟ එකට සිටගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ ජයග්‍රහණය තහවුරු කරමින් ජනතාව ඡන්දය පාවිච්චි කළේ මෙරට මැතිවරණ ඉතිහාසය තුළ විධායක ජනපති හා අගමැති නායකත්වය දුන් ප්‍රධාන පක්‌ෂ දෙකට ප්‍රථම වරට පරාජයන් අත්පත් කර දෙමිනි. මෙම පරාජයේ ලැඡ්ජාව වසා ගැනීමට ආණ්‌ඩුව නියෝජනය කරන්නාවූ මැති ඇමැතිවරු සිදු කරනු ලබන ඇතැම් ප්‍රකාශ තව තවත් ඔවුන්ගේ ඡන්ද පදනම පහළ වැටීමට හේතුවන බව මධ්‍යස්‌ථ මතධාරීන්ගේ මතයයි.

fea8 2ආණ්‌ඩුව නියෝජනය කරන්නාවූ ප්‍රධාන පක්‌ෂ දෙකම කිසියම්වූ දේශපාලන අරගලයක සිරව සිටින බව රටම දන්නා කරුණකි. යහපාලන ලේබලය යටතේ ජාතික ආණ්‌ඩු ස්‌වරූපයේ ආණ්‌ඩුවක්‌ කරන්නට එක්‌සත් ජාතික පක්‌ෂයත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයත් ක්‍රියා කළේ මෙරට ජනතාවට නැවුම් අත්දැකීමක්‌ අත්පත් කර දෙමිනි. සැමදා බලය සඳහා එකිනෙකා පරයා නැගී සිටීමට උත්සාහ කළ ප්‍රධාන පක්‌ෂ දෙක එකට එක්‌ව ආණ්‌ඩු කිරීම තුළින් රටට යහපත්වූ සුබවාදී ගමනක ආරම්භයක්‌ සනිටුහන් වනු ඇතැයි ජනතාව විශ්වාස කරනු ලැබීය. එසේ වුවත් සිදුවූයේ දිනෙන් දින රට දේශපාලනික හා ආර්ථීක අතින් අස්‌ථාවර වීමය. ජාතික ආණ්‌ඩුව නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ඉදිරි පෙළ නායකයින් කණ්‌ඩායමක්‌ ඇමැති තනතුරු අතහැර දමා විපක්‌ෂයේ වාඩී වීමත් සමඟ පැවැති දේශපාලන ස්‌ථාවර භාවය තවත් වර්ධනයවී තිබේ. එක්‌සත් ජාතික පක්‌ෂය තුළද නායත්වයේ වෙනසක්‌ සිදුවිය යුතු බවට පසුපෙළ මන්ත්‍රී පිරිසක්‌ නැගූ හඬ විශ්වාස භංගයත් සමඟ වැලලී යනු ඇතැයි එජාප නායකත්වය සිතුවත් දැන් එය වෙනස්‌ ස්‌වරූපයකින් මතු වෙමින් තිබේ. එයද ආණ්‌ඩුව අස්‌ථාවර වීමේ සීඝ්‍රතාව ඉහළ යැමට බලපානු ඇත. නායකයින් පක්‌ෂවල බලය තහවුරු කර ගැනීමටත් ඒ ඔස්‌සේ ආණ්‌ඩුව ස්‌ථාවර කර ගැනීමටත් දරන ප්‍රයත්නය හමුවේ රට සියලු ක්‌ෂේත්‍රවලින් දිනෙන් දින පහතට ඇද වැටෙමින් තිබේ. රටේ දැවෙන ප්‍රශ්න සඳහා කෙටි කාලීන හෝ දිගු කාලීන වශයෙන් කිසිදු සැලසුමක්‌ තමන්ට නොමැති බව ගතවූ වසර තුනක කාලය තුළ ආණ්‌ඩුව පෙන්වා ඇත. රුපියල දිනෙන් දින අව ප්‍රමාණ වීම ඔස්‌සේ රටක්‌ ලෙස අප ගමන් කරමින් තිබෙන්නේ මහත්වූ අර්බුදයක්‌ වෙතය. ඉන් ගොඩ ඒමට කිසිදු සැළසුමක්‌ ආණ්‌ඩුවට නොමැති නිසාම දැන් දැන් ආර්ථීකයේ සොහොන් ලකුණු ටිකෙන් ටික මතු වෙමින් තිබෙන අයුරු පැහැදිලිව පෙනෙන්ට තිබේ.

රුපියලේ අගය අඩු වීමත් ඊට සාපේක්‌ෂව ඩොලරයේ අගය සීඝ්‍රයෙන් ඉහළ යැමත් එය වලක්‌වා ගැනීමට ආණ්‌ඩුවට කිසිදු වැඩපිළිවෙළක්‌ නොමැති වීමත් යන කරුණු විශ්ලේෂණය කිරීමේදී එය ක්‌ෂේත්‍ර ගණනාවකින් රටට අයහපත් ලෙස බලපාන බවක්‌ පැහැදිලිව පෙනෙන්නට ඇත. රටක්‌ ලෙස අපි අති විශාල ණය කන්දරාවක සිරවී සිටින බව නොරහසකි. විදේශ රටවලින් ඩොලර් ලෙස අප ලබාගත් එම ණය ආපසු ගෙවිය යුතු වන්නේද ඩොලර් වලිනි. ඩොලරය රුපියල් 135.00 ක පමණ අගයක තිබියදී අප ලබාගත් ඩොලර් මිලියනයක ණයක්‌ ගෙවීමට අද රුපියල් 158.00 ඒවා මිලිනයනක්‌ අවශ්‍යය. නොඑසේ නම් එම ඩොලර් මිලියන තුළ ඇති රුපියල් ප්‍රමාණය එදාට වඩා ඉහළය. ඩොලරයක්‌ සකස්‌ කර ගැනීමට අපි රුපියල්වලින් වෙන් කරන මුදල ඉහළ ගිය විට එය තෘප්ත කළ හැකි වන්නේ වෙනත් වියදම් කපා හැරීම තුළිනි. රටක්‌ ලෙස දේශීය වශයෙන් පරිභෝජනය කරන්නාවූ භාණ්‌ඩ රැසක්‌ ආනයනය කිරීමට අප පුරුදුව සිටින බැවින් අදාළ ගෙවීම් සඳහා අපට ඩොලර් අවශ්‍ය වෙයි. විදේශ ණය ගෙවීමටද ඒ ආකාරයෙන්ම අපට ඩොලර් වුවමනාය. මේ තුළින් පැහැදිලි වන්නේ අපගේ ඩොලර් අවශ්‍යතාව ඉහළ ගොස්‌ ඇති බවයි. එහෙත් අපගේ ඩොලර් උත්පාදන හැකියාව දිනෙන් දින පහළට ඇද වැටෙමින් තිබේ. රුපියල අව ප්‍රමාණ වීමේදී අපනයන ආදායම් අඩුවෙයි. අනෙක්‌ පැත්තෙන් දේශීය මුදල ශක්‌තිමත් නොවන විට ආයෝජකයින් රටට ඒමට ඇති උනන්දුවද හීනවී යයි. ආයෝජන ප්‍රතිලාභ නිසි ලෙස ගණන් බැලීම සඳහා දේශීය මුදල් ඒකකය ස්‌ථාවර වීම එක්‌ ප්‍රධාන නිර්ණායකයකි. මෙම කරුණු සැලකීමේදී අපට ඩොලර් ඉල්ලුමට සාපේක්‌ෂව ඩොලර් සපයා ගැනීමට නොහැකි බව පැහැදිලිව පෙනී යයි.

අපනයන ආදායම අඩුවන විට ආනයන වියදම වැඩිවීම ඔස්‌සේ ආනයන හා අපනයන අතර පරතරය ඉහළ යනු ඇත. මෙය වෙළෙඳ ගිණුමේ ශේෂය ඉහළ යැමට හේතුවකි. ඩොලරය සඳහා රුපියල් වැඩි ප්‍රමාණයක්‌ ගෙවීමට සිදුවත්දී අප සතු වත්කම් ඛාදනය වීමක්‌ද සිදු වෙයි. ක්‍රය ශක්‌තිය හා ආයෝජන ශක්‌තිය අඩු වෙත්දී ආණ්‌ඩුව මුදල් සෙවීම සඳහා බදු ඉහළ දැමීම් සිදු කරයි. තෙල්, ගෑස්‌ ආදී බොහෝ දේවල මිල ඉහළ යැම ඔස්‌සේ තේ කෝප්පයේ පටන් සෑම දෙයකම මිල ඉහළ යනු ඇත. ඉහළ යන ජීවන වියදම පාලනය කිරීමට ආණ්‌ඩුවට නිශ්චිත වැඩපිළිවෙළක්‌ නොමැති බව පසුගිය කාලය තුළ ආණ්‌ඩුව ඕනෑවටත් වඩා ඔප්පු කර පෙන්වා තිබේ. මෙරට ආර්ථීකයේ ගමන් මඟ පිළිබඳ අගමැතිවරයා පසුගිය වසර තුන තුළ හත් අට වත්වක්‌ විවිධ ප්‍රකාශ නිකුත් කර ඇත. ජනපතිවරයාද ආර්ථීකය හැසිරවීමේ ක්‍රියාවලිය තමන් අතට ගන්නා බව අවස්‌ථා කිහිපයකදී පවසා තිබේ. එහෙත් සිදුවූ දෙයක්‌ නොමැත. රටේ ආර්ථීක වර්ධන වේගය 3.1 දක්‌වා පහත වැටී ඇත. විරැකියාව දිනෙන් දින ඉහළ යමින් තිබේ. ප්‍රාග්ධන වියදම් කප්පාදු කරත්දී බදු අය කිරීම් ඉහළ දැමීමට ආණ්‌ඩුව කටයුතු කරමින් සිටියි. Rජු බදු ප්‍රතිශතය ඉහළට ගෙන ගොස්‌ වක්‍ර බදු පහත අගයකට ගෙන එන බව කියන ආණ්‌ඩුව Rජු බදු ඉහළ දැමීමේ පියවර පසුගිය මාසයේදී ඇරඹීය. වක්‍ර බදු අඩුකර ජනතාවට සහන දෙන බව කිවූ ආණ්‌ඩුව දැන් ඉන්ධන, ගෑස්‌, පරිප්පු, අල ඇතුළු බොහෝ දේවල මිල ඉහළ දමා ඇත්තේය. එළවළු අලෙවි කර ගැනීමට නොහැකිව වට්‌ටක්‌කා දන්සල් දීමට ගොවියාට සිදුව ඇත. තක්‌කාලිවලට මිලක්‌ නැති නිසා ඒවා වගා බිම් තුළම කුණු වෙන්නට ඇර තිබේ. කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ පාලනය වන ආයතනවලට නිසි දැක්‌මක්‌ නොමැති බව මින් හොඳින් පැහැදිලි වෙයි. ග්ලයිෆොසේට්‌ සම්බන්ධයෙන්ද කිව යුතුව තිබෙන්නේ එයමය.

එක්‌ පසෙකින් රටේ උද්ඝෝෂණ හා වර්ජනය. විශ්වවිද්‍යාල සිසුවෝ මහ පාරේය. ගොවියෝ හාමතේය. භුමිතෙල් මිල අඩුවූ විට වංචාකාරයින් පෙට්‍රල්වලට භුමිතෙල් කලවම් කර අලෙවි කිරීම නිසා භූමි තෙල් මිල ඉහළ දමන රටක්‌ බවට දැන් ශ්‍රී ලංකාව පත්ව තිබේ. හොරු වංචාකාරයින් අල්ලා දඬුවම් දීම වෙනුවට එම කරුමයටද අහිංසක ජනතාව කර ගැසීමට සිදුවීම අභාග්‍යයකි. සියලු අවුල් සදහා පසුගිය ආණ්‌ඩුවට ඇඟිල්ල දික්‌කර ඇඟ බේරා ගැනීම වත්මන් ආණ්‌ඩුවේ ප්‍රධාන ලක්‌ෂණයකි. මෙය දැන් වසර තුනක්‌ තිස්‌සේ සිදුකර ජනතාවට එපා වෙලාය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්‌ඩුවට රිදෙන්න කනේ පාරක්‌ ගැසුවේ ඒ නිසාය. එසේ කරලත් ආණ්‌ඩුව තවමත් තමන්ගේ වැරදි හඳුනා ගෙන නොමැති බව පෙනෙන්ට තිබේ. පසුගිය රජයේ වංචා දූෂණ ගැන කියා බලයට පැමිණි මේ ආණ්‌ඩුවට පසුගිය රජය සමයේ සිදුවූ බව කියන වංචා දූෂණවලට වගකිව යුතු කිසිවකුත් නීතිය හමුවේ වරදකරු කරන්නට මෙතෙක්‌ නොහැකි වූවා පමණක්‌ නොව යහ පාලන ආණ්‌ඩුව තුළින්ම සොරු, වංචාකාරයෝ බවට චෝදනා ලත් පිරිස්‌ බිහිවිය. රාජ්‍යය ආයතන පාඩු ලබන විට ආණ්‌ඩුවට සියලු වියදම් ආවරණය කර ගැනීමට සිදුව තිබෙන්නේ බදු මගිනි. ජනතාව ගෙන් ලබා ගන්නා බදු මුදල් නිසි පරිදි කළමනාකරණය නොකිරීමේ අයහපත් ප්‍රතිපල බලයේ සිට ආණ්‌ඩු සියල්ල පාහේ අත් වින්දේය.මේ ආණ්‌ඩුවද එම පාරේම ගමන් කරමින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

එළ හරකා ගොඩට අදින විට මීහරකා අදින්නේ මඩටය. ජාතික ආණ්‌ඩුව තුළ ප්‍රධාන පක්‌ෂ දෙක මෙතෙක්‌ කල් කටයුතු කළේද එසේය.හානා හීය පානා අඬහැරෙන් දැනේ යෑයි කියමනක්‌ තිබේ. නටපු නැටුමකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ යනුවෙන් තවත් කියමනක්‌ ඇත. අලියා ගිල්ල දිවුල් ගෙඩිය වගේ යනුවෙන් තවත් කියමනක්‌ තිබේ. මේ ආකාර පැරණි කියමන් ඕනෑම එකක්‌ මේ ආණ්‌ඩුවේ ක්‍රියාකලාපයට ගලපා ගැනීමට පුළුවන. ඩොලර්වලින් ගත් ණය ඩොලර්වලින් ගෙවන නිසා අපිට සිදුවන අවාසියක්‌ නැති බව කියන විශේෂඥයෝද මේ ආණ්‌ඩුවේ සිටිති. පවතින තත්ත්වය තුළ ආර්ථීකය බරපතල කඩා වැටීමකට ලක්‌ව තිබේ.එය ඉදිරියේදී තව තවත් ඉහළ යන ලකුණුද පෙනෙන්නට ඇත. රටේ සියලු යාන්ත්‍රණය චිත්‍රයකට සමාන කළ හොත් එහි එක්‌ එක්‌ කොටස්‌වලින් කෘෂිකර්මයද අධ්‍යාපනයද සෞඛ්‍යද, මහා මාර්ගද, බැංකුද ආදී වශයෙන් සියලු ක්‌ෂේත්‍ර නිරූපනය වෙයි. සිතුවම තුළ මේවා එක්‌ එක්‌ කොටස්‌ වශයෙන් අඳිනු ලැබුවද අවසානයේ සියල්ල ගත්කල සමස්‌ත සිතුවම එකිනෙකට සම්බන්ධවූ ගැලපුමක්‌ ඇති විශිෂ්ට එකක්‌ විය යුතුය. අද දක්‌නට ලැබෙන සිතුවමේ මේ ගැලපීම කිසිසේත්ම දක්‌නට නොලැබෙන අතර එක්‌ එක්‌ පිරිස්‌ තමන්ට රිසි සේ අනෙකා නොතකමින් සිතුවම අවලස්‌සන කරන බවක්‌ පෙනෙන්නට තිබේ. දේශපාලනඥයන් හා සාමාන්‍ය රාජ්‍ය සේවකයාද අද තමන්ගේ යුතුකම් හා වගකීම් අමතක කර දමා කටයුතු කරමින් සිටී. ඉහළම නිලධාරීන්ට අල්ලස්‌ චෝදනා එල්ල වන්නේ ඒ නිසාය. පවතින ආණ්‌ඩුව දේශපාලනික වශයෙන් අස්‌ථාවරත්වයට පත්ව ආර්ථීකයද කළමනාකරණය කර ගැනීමට නොහැකිවූ තැනට පත්වූ විට දේශපාලන චක්‍රයේ බල පෙරළියක්‌ ඇති වීම ඉතිහාසය පුරා දක්‌නට ලැබුණු තත්ත්වයකි. වත්මන් ආණ්‌ඩුව සකසමින් තිබෙන්නේ එම බල පෙරළිය සඳහා අවශ්‍ය පසුබිමද යන්න දැන් සිදුවන ක්‍රියාවලිය තුළ පෙනෙන්ට තිබේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථීක විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය,
ආචාර්ය මාලක රණතිලක

සාකච්ඡා කළේ සමන්තී වීරසේකර

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress