කහ බළල්ලු, කොළ බළල්ලු නම් ත්‍රස්‌තවාදී කල්ලිවල නායකයා රාජිත සේනාරත්නයි..
Posted on May 18th, 2018

lanka C news

එදා කහ බළල්ලු, කොළ බළල්ලු නමින් ඝාතන රැසක්‌ කළ ප්‍රා කල්ලියේ නායකයාව සිටි රාජිත සේනාරත්න නමැත්තා අද ජවිපෙ සහ එල්. ටී. ටී. ඊ. ය සමාන කිරීම ජුගුප්සාජනක බව ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

කහ බළල්ලු, කොළ බළල්ලු නම් ත්‍රස්‌තවාදී කල්ලිවල නායකයා රාජිත සේනාරත්නයි..

කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පෙරේදා (16දා) ඇමැති මණ්‌ඩල මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශය සම්බන්ධව අදහස්‌ දක්‌වමින් විජිත හේරත් මහතා මෙසේද කීවේය.

එදා කහ බළල්ලු, කොළ බළල්ලු නමින් ත්‍රස්‌ත ක්‍රියා කළ ප්‍රා කල්ලියේ නායකයා තමයි රාජිත සේනාරත්න. ප්‍රා කියන්නේ මිනීමරු කල්ලියක්‌. එදා ජනතා විමුක්‌ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී පක්‌ෂයක්‌. එදා ජවිපෙ රටේ යුක්‌තිය, සමානාත්මතාව ඇති කිරීම වෙනුවෙන් මැදිහත් වුණා. ඒ නිසාම ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා අසූතුනේ කළු ජූලිය මුවාවෙන් බොරු චෝදනා එල්ල කරලා ජවිපෙ තහනම් කළා. ඉන්පසු ජවිපෙ සාමාජිකයන් මර්දනය කරන්න ප්‍රා කල්ලියව යොදා ගත්තා. ප්‍රා කල්ලියේ නායකයා වුණේ රාජිත සේනාරත්න කියන පුද්ගලයා. ඔහු කොළ බළල්ලු, කහ බළල්ලු නමින් කල්ලි හදාගෙන එදා භීෂණයක්‌ නිර්මාණය කළා. එවන් ත්‍රස්‌තවාදී නායකයෙක්‌ අද ජවිපෙ හා එල්. ටී. ටී. ඊ. ය සමාන කිරීම විහිළුවක්‌, පිළිකුල්. මෙවන් අයට ජනතාව විසින් දඬුවම් ලබා දේවි.

– divaina

One Response to “කහ බළල්ලු, කොළ බළල්ලු නම් ත්‍රස්‌තවාදී කල්ලිවල නායකයා රාජිත සේනාරත්නයි..”

  1. jay-ran Says:

    Lanka C News! U R 1000% CORRECT

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress