වෙනත් රටක් ඇල්ලීමට ගොස් සර්ව සාධාරණ මරණ අපේක්ෂා කිරීම ලෝක මෝඩකමකි
Posted on May 19th, 2018

පාලිත ආරියරත්න

  • සිංහලයන් මර නින්දේය. ආගමික ගුණ්ඩුව වෙනුවට සර්වාගමික ගුණ්ඩුව ද මෙරට රජයමින් තිබේ.
  • යුද්ධයෙන් පසු සැබෑ සාමය ඇතිවුණි එහෙත් ඒ ජිවිත පුජාවෙන් දිනාගත් සාමය පසෙකලා සර්වාගමික සාම යුද්ධයක් ඇති කොට ‘සාමය මුවාවෙන්’ යන තේමාව යටතේ උඩුදුවන සාම පිස්සුව කවදා කොතනකින් ඉවරවෙදෝ යයි ද අපි නොදනිමු.
  • යුරෝපා දේශයේ නටන බාල් එම ආකාරයෙන්ම නැටීමට අප සමත්ය දිනපතා විකාශනය වෙන රුපවාහිනී වැඩසටහන් නැරබීමෙන් ද දැනගත හැකිය.
  • හිමින්සිරුවෙන් ටිකෙන් ටික සිංහල බෞද්ධයන් අසරණ කිරීමට විවිධ කොමිෂන් සභා ඇතිකර තිබේ.
  • රටට ආගන්තුකව පිරිස් වෙත වැඩි සහනද සිංහල අපිට අසහනද ඉදිරියේදී ඇතිවන අන්දමින් බලපෑ හැකි නිර්දේශ රාශියක් කොමිසම් වල ඇත.
  • කොමිසම් නිර්දේශ ක්‍රියාත්මක නොවුණොත් යුරෝපය හා ඇමෙරිකාව තවත් පැටලීල්ලක් අප හා සාදා ගැනීමට තරම් ඇති උවමනාව ක් ඇතිවීම කෙරිහි අප විචක්‍ෂනව බැලියයුතුය.
  • ආගමික හෝ අන්තර් ජාතික වාසියක් නොමැතිව යුරෝපා රටවල් හෝ ඇමෙරිකාව නිකරුණේ කිසිවකටත් පැටලීමට කාලය ගත නොකරන බව සිංහල අප දැනගත යුතුය.
  • බටහිරයන්ට අදායම හෝ දේව රාජ් පැතිරවීමේ නිරන්තන ආශාවක් ඇති බව ලොව වෙනත් රජ්ජ්යන් කෙරහි ෛදණිකව සිදුකරන අලුගොත්රකම් වලින් වුවද විමසා බලාගත හැකිය.
  • අලුත් අලුත් කලවම් ජාතික කොමිෂන් අදපවා පවත්වන්නේ එදා එල්.ටි.ටි වෙත මානසිකව ශාරීරිකව බත්,වතුර, දිය ඇදී  ඩොලර්  හිඟා කැ ආගම් මැරුවේ ජයපැන්  බීවූ  ජාතිවාදී (සිංහලයා නැසීම හා රට ඇල්ලීම ) පරම කාර්ය කරගත් බහු ජාතික වාමන්සික ,හේතු වාදී කල්ලි බව අදද මනා විමසීමකින් අපහට දැනගත හැකිය

(දැන් මාතෘකාවට හැරෙමු ): විවිධ කොමිසම් සභා වාර්තා අපරට තුළ ලේඛන ගතවී ඇත රටට ආ ආගන්තුකයන් වැඩි පිරිසකට මෙම ලේඛන ඉතාමත් හොදය නමුත් සිංහල අපටනම් කොමිසම් යනු යුද්ධයට පසු කැලේ හිටිය නයින් ටිකක් මල්ලේ දාගැනීමට උත්සහා කිරීමක් බඳුය. ඊට ප්‍රධානම හේතුවන්නේ හොරාගේ අම්මාගෙන් පේන ඇසීම නොකළයුතු කාර්යක් නිසාය. මහා අවිර, මහා ෛවයිර වේලු පිල්ලේ මියගියේය. නමුත් දැන් ගැණු පිල්ලේලාලා (නවනීදන් පිල්ලේගේ හා බෑන් කි මුන්ගේ හා දරුස්මන්ගේ කණ්ඩායම) උඩුබුරති විටෙක උගත් පාඩම් කොමිසම හොඳාද කියාද තවත් විටෙක මදිය කියාද කියති. හොරාගේ අම්මගේ හැටි එසේය. අවියෙන් බෝම්බයෙන් දිනාගත නොහැකි වූ අප රට කොමිසමෙන් පොත පතින් ලියාගැනීමට වෙරදරති. වෙලුපීල්ලේලා, මහා අවිර, මහා ෛවයිරලා මගින් ඝාතනය කල නොහැකිවුණ සිංහලය බටහිර ගුණ්ඩු මගින් නැවැතත් ග්රහණය කිරීමට හොරාගේ අම්මලා, අප්පුචිලා(බටහිර රටවල්) කල් යල් බලති. මේවාට කත් අදින ශ්‍රීලන්කන් ගොන්නුද රාශියක් අප රට තුල සිටිති(කළු සුද්දෝ ) එය අප ජාතියක් වශයෙන් කණගාටු වීමට කාරණයක් බව දන්වා සිටින්නෙමු.

සිංහල අප දන්නා කාරනයනම් විජාතින්ට අනවශ් සහන ලබාදීම තුළින් මුළු සිංහලයම බරපතල අකරතැබ්බයකට මුහුණ දී ඇතිබවය.

”ආගන්තුක නමුත් තම දරුවන් වැනියි කියා ආගන්තුක ළමුන් පිරිසකට පැණිරස කැවීමට තිබු මහා ජාතියේ පියාගේ ෛදනික කැමත්ත වටහා ගත් පොඩි ළමුන් රෑන කපටිකම් මවාගෙන ටිකෙන් ටික පියාගේ මුදල් පසුම්බිය උදුරාගෙන පියාගේ ඉඩමද අල්ලාගෙන පොලු මුගුරුවලින් පහරදී තම කරුණික මහජතික පියාණන් මැරීමට නොහැකි කල්හි බැණ වැදි, ලයගිනි අවුළුවා, අත්බෝම්බයෙන්ද, ගිනි අවියෙන්ද ඔහුව ඝාතනය කිරීම සර්ව සාධරණද? මෙසේ තම ජාතියේ කාරුණික පියෙකු විජාතික දරුවන් අතින් ඝාතනය වෙද්දී, පලවා හරිද්දී එය දුටු අසාධාරණය නොවිසන සටන් කාමි හෝ බලවත් හෝ විරෝධාර පුතුනුවෙකු මහා ජාතියේ පියාගේ ඉඩමද, ජිවිතයද, අකාරුණික සුළු ජාතික දරුවන් අතින් විනාශවෙන ඔහුගේම පන්තියට අයත් දරුවන්ද(ත්‍රස්ත වාදීන් මිනිස් පලිහක් වශයෙන් කොටුකරගෙන සිටි පිරිස් )වැඩිමනක් බේරාගැනීම හා අවිගෙන සටන් කල ත්‍රස්ත නරුමයන් ලොවින් තුරන් කර ඇරීම මානව හිමිකම් කැඩීමක් ද? නැත එය උදාර ක්‍රියාවකි”.

බටහිර සිට ක්රියාත්මක වන විවිධ අලුගෝසු යාන්ත්රණයන් තිබේ. මේවා විවිධ ලියාපදිංචි ලෝක සංවිධාන නාමයන් යටතේ පෙළ ගැසී ඇති බව කවුරුත් දැනගත යුතුය. ලිබියාවට, ඉරාකයට සිදුවූ අසාධාරණකම් මානව හිමිකම් කැඩීමක් නොවේද?. සිවිල් වැසියන් සිටින ස්ථානවලට මානුෂික ආධාර ලබාදෙනවා කියා ගුවනින්, දියයටින්, ගොඩබිමෙන් නේටෝව බෝම්බ දැමීම සාධාරණද?. තම රටේ බල සිමාවෙන් පිටත ගොස් අල්ලපු රටවල සිටින රාජ් නායකින් මාර දැමීම නේටෝවට සාධාරණම් තම රටේම සිටින ලොව ප්රබලම ත්රස්ත නායකයා මරාදැමීම සිංහල අපට කල හැකි සර්ව සාධාරණ ක්රියාවකි. එබැවින් චැනල් හතර වැනි (channel 4) හතරබීරි කතා ගොතන ගොන් කතා ලියන හදන දේ අප පසෙක ලා හැරිය යුතුය. ඒ වගේම මේවා සම්බන්ධයෙන් ක්‍රියා කරන පුද්ගලයන් මේවට තොරතුරු සපයන පුද්ගලයන් කවුරුදැයි විමසා බලා අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළයුතුය. පිරි බහාරන්ගේ පුතා මියගිය බව සත්‍යකි ඔහුව ආරක්ෂා කිරීමට වෙනම අවිගත් ත්‍රස්තයන් කණ්ඩයමක් සිටි බව channel 4 විඩියෝව නැරබීමෙන් දැනගත හැකිය තවද අවිගත් ත්‍රස්තයන් පිරිසක් ළමා සොලදාදුවන්ගේ වයසේ ළමයෙකු සමග ඉදිරයට එන විට ඉදිරයට යන සොල්දාදුවන් කළයුතේ භාවනා කිරීමද නැතොත් හැකි ඉක්මනින් පහරදී මැඩ පැවැත්වීමද. කරුමයකට ඔහු මියගියේ තමාගේම පියා විසින් ඇතිකළ යුධයෙන්ය.

කොටියන් විසින් කිලිනොච්චිචි ගම්මානය තම පාලන භූමියක් වශයෙන් පවත්වාගත් කාලයේදී දෙමළ ළමුන්ට ස්වන්ක්‍රිය අවිගැන පුහුණුවක් ලබාදීමට පෙර මෝහතක් මෙහි සිටින හමුදාමය ඇදුම් ඇදගත් ත්‍රස්ත වාදිය අසලම සිටින ළමයා ස්වරුපයෙන් මියගිය කොටිනායකාගේ පුතාට සමාන කමක් ඇත.

(සමහරවිට තම පියා සිංහල දේශය විනාශ කිරීමට හා අල්ලාගැනීමට තම නිවසේ සිට කතා බහා කල හැටි හා එම කතා සාධාරණද අසාධාරණද කියාද කල්පනා කර තිබීමට ඉඩ තිබේ. තවදුරත් තම වැඩිමල් සොහොයුරු කල කෲර සටන් ගැන වීරත්වයක් ඇතිවී තිබෙන්ට ඇත. ඒවගේම ඔහුගේම වයසේ ළමා ළපටියන් ඝාතනය කරන ඔහුගේ පියා එම කාරණා සම්බන්ධයෙන් ජය පැන් බොනවිට ඔහු කණගාටු වුවාද විය හැකියි. අපි මේවා නොදන්නෙමු.)

ඔහුගේ මියයාම පමණක් උත්ධෘත කට සලකන අන්තර් ජාතික හා කොටි ප්රජාවගෙන්

හා අපරටේ සිටින බහු ආගමික බහු විද ඔලු ඇති උන්ටම කත් අදින

උන්ගෙන් අසා සිටින්නේ මෙම පිරිබාහරන් නැමති ත්රස්තයා විසින් ඝාතනය ලක්කළ කිරිදරුවන්, පාසල් දරුවන්, අතදරුවන්,පොලිස්, රාජ්ජ් ,හමුදා නිලධාරීන්, දහස් ගණනක් ගැන පවසන්නේ කුමක්ද කියායය.

  • කණ්ඩායම විසින් සිදු කල පළමු ප්‍රධාන ප්‍රහාරය ලෙසින් සැලකෙන්න සිදු කරමින් දෙ.ඊ.වි.කො. නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් විසින් යාපනය නගරාධිපති ඇල්ෆ‍්‍රඩ් දොරේඅප්පා වෙඩි තබා ඝාතනය කිරීම.
  • 1990 ශ්‍රී ලාංකික පොලිස් නිලධාරින් සමූලඝාතනය යනු, 1990 ජූනි 11 දින සිදුවූ ශ්‍රී ලාංකික පොලිස් නිලධාරි සමූල ඝාතනයකි. බෙදුම්වාදී සංවිධානයක්වූ , දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ සාමාජීකයන් විසින්, ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අවිනොදැරූ ශ්‍රී ලංකා පොලිස් නිලධාරින් 600 කට වැඩි ගණනක් ඝාතනය කල බවට ප්‍රෝක්ත කෙරෙයි. සමහරක් වාර්තා ඇස්තමේන්තු කරනුයේ මරා දැමුනු සංඛ්‍යාව 774 ක් බවයි.
  • කාත්තන්තුඩි මුස්ලිම් පල්ලි සමූලඝාතනය යනු, කාත්තන්කුඩියේ මුස්ලිම් පල්ලියක මුස්ලිම් පිරිමින් සහ පිරිමි ලමුන් 147 කට වැඩි ගණනනත් දෙඊවිකො සංවිධානයේ සාමාජිකයන් විසින් 1990 අගෝස්තු 5 දිනදී මරා දැමීමයි. මෙය සිදුවූයේ, 300 කට වැඩි ගණනක් ජනයා දණ්ඩනමස්කාරය කරමින් ඊෂා යාච්ඤාවන්හී යෙදෙමින් සිටි කාත්තන්කුඩි නගරයෙහි මුස්ලිම් පල්ලි සතරක් වෙත දෙමළ කැරලිකරුවන් 30 දෙනෙක් පමණ ප්‍රහාර එල්ල කිරීමත් සමගය.
  • ශ්‍රී මහා බෝධි සමූලඝාතනය යනු 1985 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින් ක්‍රියාවට නංවන ලද අති දරුණු මිනිස් සංහාරයකි. එය දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින්, දෙමළ ජනතාව බහුතරයක් වෙසෙන ප්‍රදේශයකදී බැහැරව සිදු කරන ලැබූ, පළමු දැවැන්ත සිංහල සිවිල් වැසියන් ඝාතනය කිරීමේ සිදුවීමද වෙයි.
  • කැබිතිගොල්ලෑව සමූලඝාතනය යනු 2006 වර්ෂයේදී, දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින් ශ්‍රී ලංකාවේ සිදු කරන ලද තවත් එක් දරුණු ගණයේ මිනිස් සංහාරයකි.
  • අරන්තලාව භික්ෂු ඝාතනය ලෙසද හැඳින්වෙන අරන්තලාව සමූලඝාතනය හැඳින්වෙන්නේ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින් (දෙමළ කොටි) 1987 ජූනි 2 වැනිදා අම්පාර දිස්ත්‍රික්කයේ අරන්තලාවේදී සිදුකල සමූලඝාතනයකි. බෞද්ධ භික්ෂූන් (ඔවුන්ගෙන් බහුතරයක් කුඩා සාමණේර භික්ෂූන් විය) 33 දෙනෙකු සහ සිවිල් වැසියන් සිව්දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමයි. මෙම කුරිරු ඝාතනය සිවිල් යුද සමයේ කොටි සංවිධානය විසින් සිදුකළ වඩාත්ම අපකීර්තිමත්ම විනාශකාරී ක්‍රියාව ලෙස සැලකේ

පිරිබාහරන් ගේ පුතා මියගියයේ යුද්ධ භූමියක සිටය.එය කොයි ළමයෙකුට වුවද අත්විය හැකි මරණයකි. නමුත් තමන් මවගේ කිරි උරාබොමින් සිටියදී හෝ පාසලට යන අතර තුරේදී හෝ තම නිවසේ රාත්රියේදී අවි ආයුධ නොමැති අසරණ දෙමවුපිය රැකවරණයේ සිටියදී විදේශ වැසියන් විසින් සාදාගත් ත්රස්ත කණ්ඩායමක් විසින් ඝාතනයට ලක්වීම මහා පොළවද නුහුලන අපරාධයකි. එය දේශ මාමක සිංහලයන් නොවිසනා කාරණයක්ද වේ.

දැන් යුද පිටියේ ඇතිවුණ නිරුවත් කිරීම් දෙස හැරෙමු. නිරුවත බටහිර ජාතීන්ට සාමාන්‍ය දෙයකි. නිරුවතින් සමාජයේ ප්‍රසිද්ධියේ හැසිරීම එය ඔවුන්ගේ මුලික අයිතියක් වශයෙන් සමහර තැන්හිදී පිළිගනී. එය එසේනම් අප හමුදාව

(එක එල්ලේ මෙම විඩියෝ පඨයේ තිබෙන දර්ශන අප හමුදාව විසින් කල දේවල් යයි අපහට පිළිගත නොහැක ) කළ මැයෙන් සකස් කළ රූපමය දර්ශන ඇතුළත් වීඩියෝව ට ඉතා අගනා අගයක් ලබාදෙන්නේ කුමක් සදහාද එය අප හැල්ලු කිරීමටය. නමුත් බටහිර ජාතියක් නොවන අප නිරුවත් කිරීමක් කළානම් එය කිරීමට හේතුවිය හැකි කාරණයක් වන්නේ දිනපතා මිනිස්සුන් මරමින් අනුන්ගේ රටවල් ඇල්ලීමට වෙරදරන මිලේච්ඡ පිරිසකට දියයුතු නියම දඬුවම මරණයට වඩා නිරුවත් කොට හංවඩු ගැසීමයි. සොල්දාදුවෙකු අතින් යුද්ධයේදී සිදුවන කාරණා ආකාරණා යුද්ධ භූමියකදී සිදුවෙන දෙය විෂම සහාගත විය හැක. බිල්ලාඩන් ඝාතනය පිටු පසද ඇමේරිකානු සොල්දාදුවන් විසින් කළ නිරුවත් කතන්දර ඇත. ලොවෙන් මෙම කතාන්දර සගවන බටහිරයන් අප හමුදාව විසින් කළා යැයි හගවන රුප රාමු ඇතුළත් වැඩසටහන් වලට තැන දෙන්නේ ඔවුන්ගේ කුණු වසාගෙන වෙනත් කතාවක් ලෝකය තුළ මවා ඔවුන් ගැන තිබෙන අවධානය වසා ඔවුන්ගේ හමුදාමය අඩුපාඩු වසාගෙන ලොව වෙනත් විවධ හමුදා හංවඩු ගැසීමටය. ඇමෙරිකනු අත්අඩංගුවේ පසුවූ අබුගාලි හිර කදවුරුවල රැඳවියන්ව නිරුවත් කර කල වද හිංසා රාශියක් ඇත. එම දරුණු අපරාධ ද ලෝක මට්ටමේ කවුන්සලයන් වෙත ගෙන අවේ නැත. මෙයට හේතුව කුමක්ද ?.

කුරුස යුද සමයන්වල්දී කාන්තාවන් කොපමණ පිරිසක් නිරුවත් කොට වද හිංසනයට ලක්කොට මරා දැමීම පල්ලිය විසින් සිදු කරේද ? හිට්ලර් ද ඒ දේම ලක්ෂ ගණනින් සිදුකලයේය. එල්. ටි . ටි සාමාජිකයන්ද එසේම අහිංසක ගම් වැසියන්ට සිදු කළේය. එහෙත් ලෝක මට්ටමෙන් ලක්ෂයකට එකක් තරම් ප්‍රමාණයක් නොමැති අප හමුදා සමාජමය අත් වැරදි උලුප්පා දක්වන්නේ මුළු සිංහල ජාතියම ලොව ඉදිරියේ හැල්ලුවන ආකාරයටය.

වෙනත් රටක් ඇල්ලීමට ගොස් සර්ව සාධාරණ මරණ අපේක්ෂා කිරීම ලෝක මෝඩකමකි.ඊට ප්‍රධානම හේතුව සොල්දාදුවන් යනු රහතන් වන්සේලා නොවන අතර පෘථක්ජන මනසකින් ක්‍රියා කරන සෙබළුන් නිසාය.

(ගහාම්භීර අවසාන කටයුත්තක් අපේක්ෂා කළානම් එම අවසාන ගරුත්වය ලැබෙන ආකාරයට ඉදිනේදා ජිවිතයේ වැඩකළ යුතුය.)

විවධ පසුබිම් ඔස්සේ විවිධ සභා හා කොමිෂන් සභා අස්සේ එන සිංහලය හා එහි ජයග්‍රහණ හා සිංහලයන්ට ඇති පරම අයිතීන් නැසීමේ කුමන්ත්‍රණ පිටු දකිමු!.

පාලිත ආරියරත්න

References:

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිවිල් ජනයාට සිදුකළ ප්‍රහාර …

si.wikipedia.org

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිවිල් ජනයාට සිදුකළ ප්‍රහාර ලයිස්තුව

One Response to “වෙනත් රටක් ඇල්ලීමට ගොස් සර්ව සාධාරණ මරණ අපේක්ෂා කිරීම ලෝක මෝඩකමකි”

  1. Christie Says:

    “පාලිත ආරියරත්න”

    “සිංහලයන් මර නින්දේය”

    සහතික ඇත්ත .

    නිදන කොට අපිට පේන හීන දුර ඉන්න සුද්දොයි යුරොප්පයයි විතරයි.

    ඇහරල බලන්න ලඟ ඉන්න ඉන්දියයන් කාරයොයි ඉන්දියාවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress