බුදු දහමට ප‍්‍රමුඛස්ථානය.. ‘නැගපිය පරයා ඉක්මනට’ කියා නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සෝභිත හිමිගේ බඩට පයින් ගසයි..
Posted on May 21st, 2018

 අරවින්ද අතුකෝරල

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ අදහස් පල කලේය.

දිගන ප්‍රදේශයේ ඇති වුණු සිංහල – මුස්ලිම් ගැටුම සම්බන්ධයෙන් 129ක් පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා.  එයින් 105ක් තවමත් අත්අඩංගුවේ පසු වෙන්නේ.  ඔවුන් නිදහස් කරන්නෙත් නෑ.  නඩු පවරන්නෙත් නෑ.  මහ සොහොන් බලකායේ නිර්මාතෘ අමිත් වීරසිංහ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා තිබෙනවා.  අනිත් 104 දෙනා පල්ලේකැලේ බන්ධනාගාරයේ රඳවා තිබෙනවා.  සැබැවින්ම කලබල කළ අය අත්අඩංගුවට ගෙන නැති බවත් අත්අඩංගුවට ගත්තේ කලබල සම්බන්ධයෙන් කිසිම සම්බන්ධයක් නොමැති අය බවත් සිංහල සංවිධාන ඇවිත් මා දැනුම්වත් කළා.  ඒ අනුව මම අනුරාධපුරයේ සහ පල්ලේකැලේ බන්ධනාගාර වලට ගිහින් මේ අය මුණ ගැසුණා.

මේ පිරිස අතරේ පන්ති අවසන් කර ගෙදර යන ළමයි ඉන්නවා.  බිරිඳට දරුවා ප්‍රසූත කිරීමට ආසන්නව අමාරු වුණු නිසා රෝහලට ගෙනි යන්න ත්‍රිරෝද රථයක් ගෙන යෑමට පැමිණි සැමියෙක්.  බඩගින්නට කොත්තුවක් මිළ දී ගැනීමට පැමිණි පොලිස් නිලධාරියෙක් සහ හමුදා භටයින් දෙදෙනෙක් මේ අතර ඉන්නවා.  මේ අය කර ඇති එකම වරද වන්නේ සිසිටීවි කැමරාවන් ගේ මුහුණ සටහන් වෙන අයුරින් පාරේ ගමන් කිරීමයි.

බුදු දහමට ප‍්‍රමුඛස්ථානය.. ‘නැගපිය පරයා ඉක්මනට’ කියා නියෝජ්‍ය පොලිස්පති සෝභිත හිමිගේ බඩට පයින් ගසයි..

අමිත් වීරසිංහ ප්‍රකාශ කරන අයුරින් මහ සොහොන් බලකාය මේ කාරණයට සම්බන්ධ කර ගන්නේ  පොලිසියමයි.   ගැටුම් ඇති විය හැකි බැවින් සිංහල තරුණයින්ට කතා කර තත්වය පාලනය කිරීමට උදව් කරන මෙන් මහනුවර නියෝජ්‍ය පොලිස්පති අමිත්ට දුරකතනයෙන් දිගින් දිගටම කතා කළ නිසා තමයි අමිත් සම්බන්ධ වෙන්නේ.  මේ කතාවේ ඇත්ත නැත්ත අමිත්ගේ දුරකතන බිලක් පරික්ෂා කර දැන ගන්න පුළුවන්.   ඒ අය ගැටුම පාලනය කිරීමට උත්සහ දැරුවත් මුහුණු වසා ගත් පිරිසක් ගැටුම් ඇති කළා.  ඒ අය පාලනය කරන්න පොලිසිය කිසිම උත්සාහයක් ගත්තේ නෑ.

තෙල්දෙණිය සහ දිගන අතර දුර කිලෝ මීටර් 5ක්.  තෙල්දෙණියේ සිට මුස්ලිම් කඩ පිරි දිගන බලා කලහකාරි පිරිස පිටත් වන විට දෙසීයක් පමණ සිටියේ.  දිගනට යෑමට පැයක් පමණ ගත වෙනවා.  නමුත් පොලිසිය ඒ පිරිස මග දී නතර කරන්න උත්සාහ කරන්නේ නෑ.  පොලිසිය මැදිහත් වෙන්නේ දිගන හන්දියේ දී.  ඒ වන විට පිරිස දහස ඉක්මවා ගිහින් ඉවරයි.

මේ ගැටුම ඇති කිරීමට තමන්ට උපදෙස් දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවට ප්‍රකාශ කරන මෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා දිගින් දිගටම අමිත්ට බල කර තිබෙනවා.  නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ගැටුම වර්ධනය වන අයුරින් පොලිසිය හැසිරුණු ආකාරය පිලිබඳ අත්අඩංගුවට පත් අය දිගු විස්තරයක් කළා.  ඒ නිසා මෙය 1983 ජූලි කලබල වගේම දේශපාලන උවමනාවක් මත ඇති කළ ගැටුමේ වරද අවසානයේ සිංහල පිරිස් මත පටවලා කිසිදු අයුරකින් සම්බන්ධ නොවු පිරිස් පවා අත් අඩංගුවේ රදවා ගැනීම අතිශ්‍යයින්ම බරපතල වරදක් කියන එක අපි ආණ්ඩුවට සිහිපත් කරනවා.  මෙම ගැටුමේ ඇත්ත තත්වය දැන ගැනීමට නම් ආණ්ඩුව අනිවාර්යෙන්ම විශ්වාසනීය පුද්ගලයින්ගෙන් සමන්විත ජනාධිපති කොමිසමක් පත් කළ යුතුමයි. අර අගමැතිතුමන් බැදුම්කර සිද්ධිය සම්බන්දයෙන් පත් කළ කොමිසම වගේ නැතුව ස්වාධීන විශ්වාසනීය පුද්ගලයන් ගෙන් සමන්විත කොමිසමක් පත් කළ යුතුමයි.  මේ අතරේ බේරුවල සිද්ධිය සම්බන්ධයෙන් ද කොමිසමක් පත් කලොත් ඇත්තටම වගකිවයුත්තන් කවුද කියා දැන ගත හැකියි.

ආරච්චි කුඹුරේ සෝභිත හිමිට පොලිසියෙන් අමානුෂික ප්‍රහාරයක්

විසි හැවිරිදි ආරච්චි කුඹුරේ සෝභිත හිමියන් පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචි හිමි නමක්.  ඇතිවු ගැටුම් වලින් සිංහල තරුණයෙක් මිය ගිය බවට ලද ආරංචියට මාර්තු 07 දින මළ ගෙදර පැමිණ උන් වහන්සේට රෑ ඇඳිරි නීතිය පැන වූ  නිසා ආපසු සිය විහාරස්ථානය වෙත වැඩම කරන්නට නොහැකි වෙනවා. ඒ නිසා උන් වහන්සේ අමිත් වීරසිංහගේ ආරාධනයෙන් ඔහුගේ නිවසේ නවාතැන් ගන්නවා. එය මාරක දිනයක්. පසුදින එළිවෙන යාමයේ  පාන්දර 1.45ට පමණ පොලිසියෙන් පැමිණ ඒ ගෙදර සිටි පිරිමි සියළුම දෙනා අත්අඩංගුවට ගන්නවා. අමිත් වීරසිංහගේ සහෝදරයාද ඇතුලුව පිරිමි හත් දෙනෙක් එදා ඒ නිවසේ ඉන්නවා.  කවුරුත් කලබල කරන්නේ නෑ.  පැනලා යන්න හදන්නේ නෑ.  පේලියට පාරේ නවතා තිබු පොලිස් බසය කරා ගමන් කරනවා. බස්රතයට ඔවුන් ගොඩ වන අවස්තාවේදී   නැගපිය පරයා ඉක්මනට බස් එකට කියා නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සෝභිත හිමියන්ගේ බඩට පා පහරක් එල්ල කරනවා. බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දිවි හිමියෙන් සුරකින්න ප්‍රතිඥා දීලා උදේට භාවනා කරලා වැඩ පටන් අරන් උරයේ ධර්ම චක්‍රය පැලැඳ ගෙන භික්ෂුන් වහන්සේලාට පා පහර දෙනවා මේ පිළිබද පොලීසිය කියන්නේ මොකක්ද? ඒ වගේම රට ජාතිය ආගම ගැන දැඩි ඇල්මකින් කටයුතු කරන අප හිත මිත්‍ර නීතිය සහ සාමය භාර අමාත්‍යතුමන් මේ ගැන කියන්නේ කුමක්ද කියලා අපි දැන ගන්න කැමති.

මේ අත්අඩංගුවට ගත් හත් දෙනා අතරේ සිටි එකම භික්ෂුන් වහන්සේ සෝභිත හිමියන් මේ පා පහර දීමට තෝරාගත් බවත් අපි සිහිපත් කරන්නට අවශ්‍යයයි.

පා පහර නිසා බඩ ප්‍රදේශය ඉදිමී අධික වේදනාවකින් සිටියත් ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ රඳවා ගෙන සිටි දින දහය තුල කිසිම ප්‍රතිකාරයක් කරන්නේ නෑ.  මේ පිලිබඳ අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ අධිකරණයට දැනුම් දුන්නාම අධිකරණ වෛද්‍ය නිලධාරියාට යොමු කරනවා. අධිකරණ වෛද්‍ය නිලධාරියාට මේ පහරදීම ගැන පැහැදිළි කරනවා.   ඒ වගේම රක්ෂිත බන්ධනාගාරයේ නිලධාරින්ට දැනුම් දුන්නාම වෛද්‍යවරයෙකුට යොමු කර ප්‍රතිකාර කරනවා.

මේ පිළිබඳ අධිකරණයෙන් යුක්තිය ඉටු නොවුණාම සෝභිත හිමියන්ගේ දෙමව්පියන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරනවා.  නමුත් තවමත් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට එරෙහිව කිසිදු විමර්ශනයක් සිදු වන්නේ නෑ. මේ ආකාරයට භික්ෂුන් වහන්සේට පහර දෙනවානම් ඒ පිළිබද  පැමිණිලි කළාම රටේ නීතිය ක්‍රියාත්මක නොවෙනවා නම් ජනාධිපතිතුමන්ට තියෙන මුක්තිය නාලක ද සිල්වා මහතාටත් ලබාදීල ද කියන සාධාරණ සැකය අපිට ඇතිවෙනවා.

භික්ෂුන් වහන්සේට පදනම් විරහිතව අමානුෂිකව පහර දෙද්දී රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ නැත්නම් කුමට මෙරට අධිකරණය නීතිය සහ විනිසුරන් යනුවෙන් පවන ගීත සමුච්චඡයේ දී සුනිල් ආරිය රත්නයන් සහ නන්දා මාලනිය එක්ව මේ ජාතියෙන් අසපු ප්‍රශ්නය මයි අපිට නැවත වතාවක් ජාතිය හමුවේ තබන්න සිදුවෙන්නේ.

මේ භික්ෂුන් වහන්සේ  ත්‍රස්ත විමර්ශන අංශයේ රඳවා ගෙන සිටිය දී රාත්‍රි රාජකාරියට බීමතින් පැමිණි නිළධාරින් දෙදෙනෙක් භික්ෂුන් වහන්සේට දිගින් දිගටම හිරිහැර කර තිබෙනවා. මේ පිළිබද ඉවසගෙන ඉන්න බැරිම තැන පස්වෙනි දවසෙන් පසුව පැමිණිලි කලාට පසුවයි රාත්‍රි රාජකාරියට ඔවුන් පැමිණීම නතර වෙලා තිබෙන්නේ.  ඒ වගේම සෝභිත හිමිගෙන් කටඋත්තරය ගත් පොලිස් නිළධාරින් හාමුදුරුවන්ට එය කියවීමට අවස්ථාවක් දෙන්නේ නැතුව බලහත්කාරයෙන් ප්‍රකාශයට අත්සන් ලබා ගෙන තිබෙනවා.

අපි මේ පිලිබඳ පොලිස් කොමිසමට පැමිණිලි කරන්න තීරණය කරලා තිබෙනවා. මම දැක්කා මාධ්‍යවල වාර්ථාකර තියෙනවා,  පොලිස් කොමිසම කියන දේ පොලිස්පතිතුමන් පිලිපදින්නේ නෑ කියා පොලිස් කොමිසම ජනාධිපතිට පැමිණිලි කල  නිසා පොලිස් කොමිසමට පැමිණිලි කලත්  එයත් වැඩක් වේවි ද දන්නේ නෑ කියලා රටේ ජනතාව කල්පනා කිරීමට ඉඩ තියෙනවා.

පොලිසියේ සාතිශය බහුතරයක් ඉන්නේ හොඳ නිලධාරින්. දේශපාලකයන් ඉදිරියේ නැවෙන් නැතුව යුක්තිය ඉටු කරන්න කාරුණිකව සාධාරණව ඔවුන් වැඩ කරනවා. නමුත් මෙවැනි නිලධාරින් කීපදෙනෙකු නිසා සමස්ත පොලිසියම නින්දාවට පත් වෙනවා කියන කාරණය අපි සිහිපත් කරනවා.

– අරවින්ද අතුකෝරල

2 Responses to “බුදු දහමට ප‍්‍රමුඛස්ථානය.. ‘නැගපිය පරයා ඉක්මනට’ කියා නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සෝභිත හිමිගේ බඩට පයින් ගසයි..”

  1. Christie Says:

    “අපි මේ පිලිබඳ පොලිස් කොමිසමට පැමිණිලි කරන්න තීරණය කරලා තිබෙනවා. මම දැක්කා මාධ්‍යවල වාර්ථාකර තියෙනවා, පොලිස් කොමිසම කියන දේ පොලිස්පතිතුමන් පිලිපදින්නේ නෑ කියා පොලිස් කොමිසම ජනාධිපතිට පැමිණිලි කල නිසා පොලිස් කොමිසමට පැමිණිලි කලත් එයත් වැඩක් වේවි ද දන්නේ නෑ කියලා රටේ ජනතාව කල්පනා කිරීමට ඉඩ තියෙනවා.”

    I don’t know who the current Commissioner of the Police Commission.

    The one who was appointed as directed by India was part of the Regime change conducted by India in 2015.

  2. Ancient Sinhalaya Says:

    The two legged creature is a silvek and most probably a portuguese national to attack the monk. These parasites know
    they will be fully protected by the traitor chief die hard catholic token Buddhist Bay gal karaya mega thief mega
    thakkadiya walking crime bomb with the timer set for 10-20 years Batalande Wandakaya pol pot r@ni_lech wickrama
    Sinhala killer who will give its 100% blessings for anything to destroy Buddhism, Sinhalese race and Sri Lanka. If it
    too busy destroying Sri Lanka, Sinhalese race and Buddhism two legged creatures always get the full support of the
    minister of erection (permanent) john mara who will be more than willing to help.

    This is what these portguese nationals did during Bheeshana Samaya. The anti Buddhist, anti Sinhalese, anti Sri Lanka
    portuguese C brigade killed, killed, killed Sinhalese without mercy. Ernests, ronnies, perises, silvas, melvyns etc. etc.
    etc. had a real Sinhalese murdering spree. Thankfully Sinhala modayas never understood the portguese C brigade Sinhalese murdering agenda! What’s more then portuguese brigade dragged on the war for another 30 years and sacrificed over 100,000 Sinhalese lives. This is what the Sinhala modayas get every time they vote in anti Buddhist,
    anti Sinhalese, anti Sri Lanka catholic run UNPatriotic_rats! Sinhala modayas never learn. No point complaining to
    puppet the rubber stamp vairapala nari sena since token Buddhist die hard catholic Batalande Wandakaya appointed
    a portuguese national to be the narisena’s secretary.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress