ලංකාවේ විකල්ප උගත්තු දෙවැනි ලෝක යුද්ධ කාලේ රුසියාවේ හිටියා නම් කියන කතා ටිකක්..
Posted on May 21st, 2018

ඉසුරු ප්‍රසංග  යුතුකම සංවාද කවය

> රට ජාතිය වෙනුවෙන් මිනී මරන, අහිංසක ජර්මානුවන්ගේ හිස් මතට බෝම්බ අතාරින ජාතිවාදී රුසියන් රතු හමුදාව… 

> තවත් රටක මිනිස්සු තොග පිටින් මරලා ලේවලින් කිරිබත් උයාගෙන කන නරුම රුසියානු අධිපතිවාදය… 

> යුගයක රජයන අදහස් කියන්නේ පාලක පන්තියේ අදහස්… ව්‍යාජ සමාජවාදී රතු සලුවක් පොරව ගත්තු අන්ත දූෂිත ඒකාධිපති පාලක පන්තියේ දෘෂ්ටිවාදය තමයි අද දේශප්‍රේමය ඔස්සේ මිනීමරු ජාතිවාදය, යුධවාදය, මිල්ටරිකරණය දක්වා ගමන් කරලා තියෙන්නේ… මාක්ස්…. අල්තුසර්… ලැකාන්… ෆුකෝ… ඩෙරීඩා….

> නාසිවාදියෝ කියන්නේ පීඩිත පන්තියේ අපේම සගයෝ… නාසි තරුණයෝ ආයුධ ගන්න, ගෑස් කාමර හදන්න බලපාපු හේතු තියනවා. ඒ හේතුවලට විසඳුම් නොදී පලය විනාශ කළාට වැඩක් නෑ.

> අපි කරන්න ඕන නාසිවාදය බිහිවුණු ආර්ථික සමාජ මූලයන්ට විසඳුම දෙන එක මිසක් යුද්ධ කරලා ලේ හලන එක නෙමෙයි. 

> ස්ටාලින් දන්නේ නැතුවට මාක්ස් පවා ජාතීන්ගේ වෙන් වීමේ අයිතිය පිළිගත්ත බව. ආර්ය ජාතියට ඒ අයිතිය නැද්ද? අපි ආර්යයන්ගේ ස්වයං තීරණ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා. 

> යුද්ධ කරලා කවදාවත් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මේ සමාජ දේශපාලන ගර්භාෂය තුළ එක හිට්ලර් කෙනෙක් මැරුවට තව හිට්ලර්ලා සිය ගාණක් උපදිනවා. මේකට අවශ්‍ය වෙන්නේ දේශපාලන විසඳුමක්.

> මේ යුද්ධෙන් පස්සේ ඇති වෙන්නේ බැරැක්ක සමාජයක්… රටම මිල්ටරිකරණය වෙලා යුධ උන්මාදයෙන් ගිනි කන වැටෙනවා. 

> මිනිස්සුන්ට තමන්ගේ සැබෑ සතුරා අඳුන ගන්න බැරි වුණාම බොරු සතුරෙක් ඕන වෙනවා. 

> අද ඒකාධිපති ස්ටාලින් කල්ලිය තමන්ගේ නොහැකියාව වහගන්න ෆැසිස්ට්වාදී නාසිවාදී බිල්ලෙක් මවනවා. හිට්ලර් කියන බිල්ලා පෙන්නලා තමයි මේ ඊනියා සමාජවාදී පාලකයෝ තමන්ට එරෙහි සැබෑ පන්ති බලවේග මර්දනය කරන්නේ… 

> යුද්ධාතල්වලින් රටම නිර්වින්දනය වෙලා ඉද්දි හාල්, පොල්, කිරිපිටි, බස් ගාස්තු ඉහළ යනවා. 

> ජර්මන් සංහාරයෙන් පසු කවි නොලියවෙනු ඇත. 

> ස්ටාලින් හිට්ලර්ට සල්ලි දීලයි යුද්ධෙ දිනුවේ. ඒ නිසා ස්ටාලිනුත් නාසිවාදියෙක්.

ඉසුරු ප්‍රසංග

යුතුකම සංවාද කවය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress