මගේ පාසල් කාලයේදී උපකාරක පන්තිවලට ගියේ නැහැ
Posted on May 25th, 2018

උපුටාගැණීම  මව්බිම

අද පවතින මේ සමාජ තලය තුළ ජාතියක් ගොඩනැඟෙන්නේ ගුරුවරුන් දරුවන්ට සලකන ආකාරය අනුවයි. හොඳින් විභාගය සමත් වන විවිධ කුසලතාවන් හැකියාවන්, දක්ෂතාවන් පෙන්වන දරුවන් පමණද අවධානයට යොමුවන්නේ. මා සිතන ආකාරයට විභාග ජයගන්න කුසලතාවන් හැකියාවන් පෙන්වන දරුවන්ට වඩා විභාග ජය ගැනීමට බැරි කුසලතාවක් හැකියාවක් නැති දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පැවැති උත්සවයකදී පැවැසීය.

වකුගඩු රෝග නිවාරණය පිණිස ජනාධිපති කාර්ය සාධක බළකාය මඟින් බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ඉදිකරන ලද ජල ප්‍රතිආශ්‍රැත කරන පද්ධතිය ගුරු-සිසු අයිතියට පත් කරමින් ඒ මහතා මේ බව පැවැසීය.

බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේ 23දා පැවැති උත්සවය අමතමින් වැඩිදුරටත් කතා කළ ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

අද අපි ජීවත්වන්නේ ශීඝ්‍රයෙන් විනාශය කරා යන රටකයි. අන්තර්ජාල, දුරකථන පහසුකම් ඇතුළු නොයෙකුත් සන්නිවේදන මෙවලම්වලින් දියුණු වන රටක සමාජයට කොයි තරම් අභියෝගවලට මුහුණ දීමට සිදුවෙලා තිබෙනවාද?

අද වන විට ගුරු වෘත්තිය වෘත්තියක් පමණක් හැටියට සලකන යුගයක් වුවත් එදා වෘත්තිය විදියට නොව සේවයක් විදියට සැලකුවා. දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, ගුරුවරුන්, ව්‍යාපාරිකයන් හැම විටම සමාජයට දෙන ආදර්ශය, ගෞරවය, පිළිගැනීම හැම විටකම සමාජයට වටිනවා. අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් පාසල් විශාල ප්‍රමාණයක් තිබෙනවා. පාසල්වල සේවය කරන ගුරුවරුන් අතරින් සියයට අටක් නමයක් පමණ පිරිසක් ගුරු සේවයට සුදුසු අය නොවන බව වාර්තා වුණා. මේ රටේ රාජ්‍ය සේවකයන් ලක්ෂ 14ක් පමණ සිටිනවා. මේ ආකාරයට රාජ්‍ය සේවයේ යෙදී සිටින අය පිළිබඳ සමීක්ෂණයක් කළොත් පැහැදිලි වාර්තාවක් ලබාගත හැකි වෙනවා. පවතින අභියෝග අපි පැහැදිලිවම තේරුම් ගත යුතුයි. මගේ පාසල් කාලය තුළ මම කවදාවත් උපකාරක පන්තියකට ගිහින් නැහැ. ගුරු සේවය ගැන කතා කරන විට ජනාධිපතිවරයෙක් වීම දක්වා මගේ මතකයේ තිබෙනවා. සමහර විට අපිට පාසල්වලින් නොසැලකුණු අවස්ථා තිබෙනවා.

ගුරු වෘත්තිය, ගුරු සේවය කියන්නෙ රටක අනාගතය පිළිබඳ පූර්ණ වගකීමක් ලබාදෙන වෘත්තියක් විදියට සලකන්න පුළුවන්. ඒ වගේම තවත් වෘත්තියක් අතර දෙවැනි නොවන සේවයක්ද වෙනවා.

3 Responses to “මගේ පාසල් කාලයේදී උපකාරක පන්තිවලට ගියේ නැහැ”

  1. Ralph Narampanawa Says:

    පාසල් කාලයේදී උපකාරක පන්තිවලට ගියේ නැති නිසා තමයි විභාග පාස්වෙන්නේ නැතිව ග්‍රාමසේවක රස්සාවට යන්න උනේ.

  2. Christie Says:

    ගරු රටේ විදායක තුමනි.

    බගයක් කියන් එකා බොරු කාරයෙක්.

    ඔබ ගිය උපකාරක පන්ති ජෙප්පන්ගෙ පන්ති.

    අන්තිම විභාග පන්තිය ඉන්දියානු පරපෝසිත ෂන්මුගම්ගේ පන්තිය.

    ඒ සමාහවඩ උපාදියෙන් තමයි ඔබ ලොක්ක උනේ.

  3. Ancient Sinhalaya Says:

    Oh what a shame! Traitor vairapala narisena would’ve gone past grade 8 barrier and ended up in different job. That
    would’ve even saved the destruction of Sri Lanka traitor currently carrying out to please tamils, mussies, diasporats
    and the west by ending up in a different job where he could take bribes and made its loot rather than going into
    politics to line up his pockets.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress