බැඳුම්කර කොමිසම් වාර්තාව සැඟවීමට ගැසූ අලුත්ම තුරුම්පුව
Posted on June 8th, 2018

 මතුගම සෙනෙවිරුවන්

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ බටහිර ගැති ආර්ථික ප්‍රතිපත්තිය තුල ආසියානු නැඹුරුවකට වඩා ඇමරිකන් නැඹුරුවක් තිබූ බව කවුරුත් දනිති.නමුත් ලංකාවට නිදහස ලැබීමෙන් පසුව බලයට පත් ආණ්ඩුවල විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවල සිටි පාලකයන් සෑම දෙනෙක්ම මෙලෙසම ඇමරිකන් ගැතිව සිටි බව හෙළි දරව් වීමට පටන් ගත්තේ ඉතා මෑතක සිටයි.2015 ජනධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පැරැද්දවීමටත්  මහ මැතිවරණයේදී යහපාලන රජය සුරක්ෂිත කරලීමටත් දියත් කළ ඇමරිකානු තානාපති කාර්යල වල කාර්ය භාරය කාටත් නොරහසකි.පසුගියදා ඉදිරිපත් වූ විශ්වාස භංගයේදී අගමැතිවරයා ආරක්ෂා කර ගැනීම පිණිස මෙම දූතයන් කටයුතු කල ආකාරය ගැනද තොරතුරු හෙළිව ඇත.

ඇමරිකාවේ මෙලොන් විශ්ව වද්‍යාලයේ මහාචාර්ය වරයෙකු වූ ඩොව් ලෙවින් මෑතකදී ලෝකයේ රටවල් 117 ක  මැතිවරණ ගැන විශ්ලේෂණයක් කරමින් වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. එම වාර්තාවට අනුව 1946 සිට 2000 වසර දක්වා සිදු වූ පාර්ලිමේන්තු මහා මැතිවරණ වලදී විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂ රජයන්හි අපේක්ෂකයන්ට කරන ලද මූල්‍ය ප්‍රතිපාදන සහ ආධාර ගැන විශේෂ සඳහනක් කර ඇත. ඔහු පළමු වෙන්ම සඳහන් කර තිබෙන්නේ හිටපු අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවල ගැනයි.1956 මැයි 04 දින පවත්වනු ලැබූ මහා මැතිවරණයට සතියකට පෙර ඇමරිකන් රජ්‍ය ලේකම්  ජෝන් ෆෝස්ටර් මහතා ලංකාවේ සංචාරයක නියුක්ත විය.එහිදී පැවැත්වූ ප්‍රිය සම්භාෂණයකදී ජෝන් ෆෝස්ටර් මහතා සහ එවකට ඇමරිකානු තානාපතිවරයා වූ පිලිප් ක්‍රෝ මහතාතටද ආරාධනා ලැබුණි. එහිදී එළඹෙන මැතිවරණයේදී කොතලාවල රජය ජයග්‍රහණය කර ගැනීමට තිබෙන අවස්ථා ගැන කරුණු ඉදිරිපත් කිරීමක් විය.ලේකම් වරයා ලංකාවට පැමිණෙන්ට ප්‍රථම මෙම මැතිවරණය සඳහා ඇමරිකන් ඩොලර් පහක ප්‍රදානයක් ලබා දීමට පොරොන්දු වීම මෙම සාකච්ඡාවට හේතුවයි.

මී ළඟට මෙම මහාචාර්යවරයාගේ විශ්ලේෂණය යොමුවන්නේ 1965 දී පැවැත්වූ මහ මැතිවරණයයි. පැවති සිරිමා බණ්ඩාරනායක රජය විසින් ක්‍රියාත්මක කළ ජනතාවාදී ජාතික වාදී වැඩ පිළිවෙල නිසා 1962 කුමන්ත්‍රණයකින් රජය පෙරලීමේ තත්ත්වයක්ද ඇති විය. විශේෂයෙන්ම කැල්ටෙක්ස් සහ ෂෙල් වැනි බලගතු තෙල් සමාගම් සතුව පැවති ලංකාවේ තෙල් සැපයුම ජනසතු කොට බණ්ඩාරනායක රජය කළ විප්ලවය ආපසු හැරවීම පිණිස 1965 මැතිවරණයට ඇමරිකන් රජය බහුලව මුදල් වියදම් කළ බව මෙම හෙළිදරව්වෙන් පැවසෙයි.කෙසේ වෙතත් අවසානයේ සිරිමා රජය පෙරළා ඩඩ්ලි සේනානායක මහතා බලයට පත් කිරීම වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඩඩ්ලි සේනනායක මහතා ගෙන් බලපොරෙත්තු වූයේ බටහිර ආරථික පිළිවෙතකට නැඹුරු වීම හෝ ඇමරිකන් හිතවාදී පිළිවෙතකට අවතීරණ වීමයි.ඩඩ්ලි සේනානායක රජය සිය පාලන කාලය තුළදී මෙම පොරොන්දු අණුව කටයුතු කළහ. 1968 දී පිලිපීනයේ අන්තර් ජාතික සහල් පර්යේෂණායතනයත් සමග අත්සන් කරන ලද ගිවිසුමෙන් මෙරට කෘෂි කේෂ්ත්‍රය සම්පූර්ණයෙන්ම රසායනික කරණය විය. සිරිමා රජය විසින් ඉන්දියාවට පිටත් කරන්නට නියමිතව සිටි දෙමළ වතු කම්කරුවන් ද  මෙරට නවත්වා ගැනීමට කටයුතු කල රජය ද්‍රෝහී අණපණත් රාශියක් සම්මත කළහ. එසේම ජනවාරි 08 දින රාජ්‍ය භාෂා පණතට විරෝධය පා ගමන් කළ රැළියකට පහර දීමෙන් දම්බරාවේ රතනාසාර සාමණේර හිමි නම අපවත් කරන ලදී.

දේශපාලකයන් හට මැතිවරණ වලදී මුදල් වියදම් කොට තම ව්‍යාපාරික ඉඩකඩ හදා ගැනීම අතීතයේ සිටම පැවති පුරුද්දකි. ලංකාවට මෙන්ම ඉන්දියාවේ ද මේ පුරුද්ද අසීමාන්තිකව සිදු වේ. මනාප මැතිවරණ ක්‍රමය නිසා මේ පුරුදු තව තවත් සීඝ්‍ර යෙන් වර්ධනය විය.නමුත් මහ බැංකුව මංකොල්ල කෑම සඳහා මෙහෙය වූ කුමන්ත්‍රණය වසා ගැනීමට මන්ත්‍රී වරුන්ට වියදම් කළ මුදල එවැනි සීමිත අරමුණක් උදෙසා යෙදවූවක් නොවේ.ලංකාවේ  ආර්ථිකය ඝාතනය කොට ඇමරිකාව ඉදිරියේ ලංකාව අවසාන වශයෙන් දණ ගස්වා ජාතික සම්පත් විකිණීම සහ උතුරු නැගෙනහිර වෙන්කර වෙනම රාජ්‍යයකට අවශ්‍ය තත්ත්වය සාදා ගැනීම යන කරුණු වේගවත් කරලීමට මෙම මහ බැංකු කොල්ලය සිදු කළ බව ඔප්පු වෙමින් ඇත. නමුත් මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන ක්‍රියාධරයා රටින් පැන ගොසිනි.අනෙක් පුද්ගලයා මෙරට ප්‍රධාන දේශපාලන දහරාවට නායකත්ව ය දෙමින් ජාතික සම්පත් විකිණීම ට අවශ්‍ය පණත් සම්මත කරමින් සිටී.ඒ අතර මහ බැංකු කොල්ලය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම් වාර්තාවද නිකුත් විය.එයින් කිසිවකුට දඬුවම් නොලැබුණු අතර එම වාර්තාවට අනුව ෆර්පෙක්චුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධානී අර්ජුන් ඇලෝසියස් ගෙන්  මුදල් ලබා ගත් ඔහුට දුරකතන ඇමතුම් දුන් මන්ත්‍රීවරුන් රාශියකගේ නම්  දූෂමාන ආරංචි මගින් පළ  වෙමින් පවතී.එහෙත් මුදල් ලබා ගත් අයගේ නම් හෙළිනොකර දුරකතන ඇමතුම් දුන් අයගේ නම් පමණක් හෙළිකිරීම කතානායකවරයාට භාර රාජකාරිය බවට පත් වී තිබේ.  මෙය අළුත්ම තුරුම්පුවක් බවට පත් වන්නේ තවමත් මෙම බැඳුම්කර වාර්තාව මහජනතාවට ප්‍රසිද්ධ කර නොමැති හෙයිනි.එය ජාතික ලේඛනාගාරයට භාරදුන් බව ජනාධිපති ලේකම් වරයා පවසන අතර රහස්‍ය ලේඛනයක් වශයෙන් වසර තිහකට පසුව එය මහජනයාට විවෘත වන බවද ප්‍රකාශයට පත්ව ඇත.

ලංකාවේ අතීත පුරා ලේඛන සැම සුරක්ෂිතව පවතින්නේ ජාතික ලෙඛනාරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ තිබෙන  ජාතික ලේඛනාගාරය තුළයි.1973 අංක 48 දරණ ලේඛනාරක්ෂක පණත අනුව ලේඛන සුරක්ෂිත කිරීම ඇතුළු කාරණා රාශියක් එම පණත මගින් විග්‍රහ කර තිබේ.ඉන්පසු ලංකාවේ විධායක ජනාධිපතිවරුන්ගේ ලිපි ලේඛන ආවරණය වන පරිදි 1981 අංක 30 දරන ලේඛනාරක්ෂක සංශෝධන පණත සම්මත කර ඇත..මෙම ලේඛනාරක්ෂක පණතේ 16(ඈ) ඡේදය යටතේ රහස්‍ය ලේඛන මහජනයාට විවෘත කරවීම ගැන සඳහන් ව තිබේ.එම නියෝග මෙසේ දැක්වේ.1973 අංක 48 දරන ජාතික ලේඛනාරක්ෂක පණතෙහි දෙවන උපලේඛනය යටතේ දැක්වෙන රජයේ කාර්යාලයකින් හෝ එම පණතෙහි 10 වන ඡේදය 11 වන ඡෙදය සහ 18 වනඡේදය යටතේ ජාතික ලේඛනාගාරයට ආබද්ධ වන ලේඛන මහජනයාගේ පරිශීලනය සඳහා විවෘත වන්නේ එම ලේඛන ආරම්භක දින සිට අවුරුදු 30 ක් ඉකුත් වීමෙන් පසුවය. ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා දක්වන්නේ මෙම කාරණයයි. නමුත් එම පණතෙහිම නියෝග යටතේ එහි තෙවෙනි කොටසේ (ඇ) යටතේ  දැක්වෙන්නේ එවැනි ලේඛනයක් මහජනයාට විවෘත කරන්නේ කෙසේද යන්නයි.එය මෙසේය.

මෙහි ඉහත දෙවන ඡේදයේ සඳහන් පනතේ 11 වන ඡේදය යටතේ ආබද්ධ වන ලේඛන ආවෘතව ඇති කාලය තුළදී එම ලේඛන පරීක්ෂා කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා ලිඛිත අවසරය පරීක්ෂණ කොමිසම් පණත යටතේ පත් කරනු ලබන කොමිසම පිලිබඳ ඇති වූ ලේඛන සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ලේකම්ගෙන්ද පරීක්ෂණ කොමිසම් පණත යටතේ අමාත්‍යවරයෙකු විසින් පත් කරනු ලබන පරීක්ෂණ කමිටු පිලිබඳ ඇතිවූ ලේඛන සම්බන්ධයෙන් ඒ අවස්ථාවේදී ඊට අදාල අමාත්‍යංශ ලේකම් ගෙන්ද ලබා ගත යුතුය. මෙලෙස රහස්‍ය ලේඛන මහජනයාට ලබා ගත හැකි ක්‍රම වේද කීපයක්ම නියෝග යටතේ සඳහන් කර තිබේ. ඊට අමතරව තොරතුරු දැන ගැනීමේ පණත යටතේ ද මහජනයාට මේ තොරතුරු ලබා ගැනීමට හැකි විය යුතුය. ඉන්පසු එය නොදී සිටීමට තිබෙන බලය ගැනද එහි කියැවෙයි. රාජ්‍ය ලේඛන පරිශීලනය සඳහා ඉහත (අ) සහ (ඇ) ඡේද වලින් ඉල්වනු ලබන අවසරය දෙනු ලැබීමේ හෝ නොදෙනු ලැබීමේ තීරණය ඒ සම්බන්ධව ක්‍රියාකරනු  ලබන වගකිව යුතු නිළධාරියාගේ හෝ ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂකගේ අභිමතය අනුව කළ හැකිය..යනු එහි නියමයයි.බැඳුම්කර කොමිසම් වාර්තාව සැඟවීමේ තුරුම්පුවේ ආරම්භය ඇත්තේ එතැනයි.

බැදුම්කර කොමිසම් වාර්තාව පසුගියදා එම ලේකම් වරයා විසින් ජාතික ලේඛනාගාරයට භාරදෙන අවස්ථාවේදී එහි මාණ්ඩලික නිලධාරීන් විසින්  වාර්තාව භාර ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. ඊට හේතුව ඔහු එම ස්ථානයට එම වාර්තාවේ ඡායා පිටපත්  පමණක් රැගෙන පැමිණීමයි. සාමාන්‍ය යෙන් ලේඛනයක් යනු මුල් වාර්තා පිටපතයි. ඡායා පිටපතක් ලේඛනයක් ලෙසට ගණන් නොගැනේ. මෙම ලේඛන යම් කිසි රාජ්‍ය ආයතනයකින් භාරගන්නා  විට අධ්‍යක්ෂ වරයා මෙන්ම එහි මාණ්ඩලික නිළධාරියෙකු ගේ සාක්ෂි සහිතව එම පිටපත් භාර ගත යුතුය. පළමු අවස්ථාවේදී බැඳුම්කර වාර්තාවේ ඡායා පිටපත් භාර ගැනීම ප්‍රතික්ෂේප කරනු ලදුව දෙවනුව එම ඡායා පිටපත්ම අධ්‍යක්ෂක වරිය විසින් භාර ගනු ලබන්නේ ඉහළ නියෝගයකින් බව පැහැදිලිය.ඒවා භාරගෙන තිබෙන්නේ මුල් පිටපත නොහොත් වාර්තාව හා සංසන්දනය කර අත්සන් තබාලීමෙන්  ද නොවේ.මෙම අධ්‍යක්ෂක වරිය ගේ පත්වීම දේශපාලන පත්වීමක් බැවින් ඉහළ දේශපාලන බලධාරීන්ගේ වුවමනාව ඉටු කිරීමට ඇය බැඳී සිටීමට ගිවිසගෙන ඇතිය යන සැකය මතුවේ. කෙසේ වෙතත් පසුගිය මාස හයක පමණ කාල සීමාව තුළ ඇය ගේ අධීක්ෂණය යටතේ මහජනයාට ඇතුළු විය නොහැකි කොෂ්ටාගාරයක් නෙදර්ලන්ත පර්යේෂකයන් දෙදෙනෙකුට විවෘත කර දී තිබේ. එහි අදහස නම් ලංකාවේ තැන්පත්ව තිබෙන අතිශයින් වැදගත් ලන්දෙසි ලේඛන වල පිටපත් ඉතා සිල්ලරට විකිණීමට ලක් වීමට හැකි වීමයි. මෙවැනි බලධාරියෙකු ගේ සේවා කාලය තුළ බැඳුම්කර කොමිසම් වාර්තාවේ මුල් පිටපත් ලේඛනාගරයට භාර නොගැනීම යනු අළුත්ම තුරුම්පුවේ යාථාර්ථයයි. මෙම ක්‍රියාව බරපතල වරදකි.මන්ද යම් නීතිමය කටයුත්කදී ලේඛන වල උධෘතයක් ඉල්ලා සිටි අවස්ථාවක එහි මුල් පිටපත ජාතික ලෙඛනාගාරයේ තැනපත්ව තිබීම අත්‍යවශ්‍ය බැවිනි.නමුත් සියල්ල මුදුලට විකිණෙන දේශපාලනය තුළ තව වසර තිහකින් එළියට එන බැඳුම්කර වාර්තාව කොළපත් වාර්තාවක් වීමටද තිබෙන ඉඩකඩ වැඩිය.ඒ වනවිට මේ මංකොල්ලයේ මහ මොළ කරුවන් රටේ ජාතික සම්පත් නොරටුන්ට හිමිකර දී අවසන්ය.එවිට අපට තිබෙන්නේ එම කොළ පත්ගෙන ගොටු ගසා හිඟමනේ යන්නටයි.

මතුගම සෙනෙවිරුවන්

One Response to “බැඳුම්කර කොමිසම් වාර්තාව සැඟවීමට ගැසූ අලුත්ම තුරුම්පුව”

  1. Christie Says:

    සින්හල දේසපාලකයන්ට ඉන්දියානු පරපෝසිතයන් සල්ලි විසිකිරීම රටේ ප්‍රාජාතන්තර වාදය පටන් ගත් කාලයට යයි.

    සමසමාජ කාරයන්ට හැන්ඩිලා කැප්ටන්ලා ඥානම්ලා වැනි ඉන්දියන් කාරයෝ මුලින්ම සල්ලි වියදම් කල අය වෙති.

    ඉන්පසුව බඩරනායකට වියදම් කලේය. බන්ඩට මූලිකව වියදම් කලේ හයිඩ්‍රමනීලාය. මෙම ඉන්දියානු පරපෝසිතයෝ කල්ලියක් වශයෙන් මෙම වියහියදම් කලෝය.

    දහනායක මහතාගේ සියයක් අපෙක්සකයන්ට කොලොඹ ඉන්දියන් පරපෝසිත වෙලෙන්දහන් රුපියල් සියය බැගින් ඇප මුදල් බැන්දෝය.

    අමෙරිකාව හරහා අද එන මුදල් රාජ් රාජරත්නම් හා මහෙන්දරම් වැනි අයගේ මුදල්ය.

    කානගී සරසවියේ කෙනෙක් කියන් ඔය ඩොලර් පහ මහ ගොඩක් නොවේය.

    ඒ කාලයේ සර් ජොන් වැනිඅයට අනුන්ගේ සල්ලි ඔනෑකලේ නැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress