ඛනිජ තෙල් සංස්ථාවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට අයවිය යුතු රුපියල් කෝටි 36 කට අධික මුදල වහා අයකර ගැනීමට අවශ්‍ය පියවර ගන්න
Posted on June 12th, 2018

දුම්රිය වෘත්තීය සමිති සන්ධානයRailway Trade Unions Alliance. 

  1. 06. 12

ගරු රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්,

නිමල් සිරිපාල සිල්වා මැතිතුමා,

රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්යාංශය,

සෙත්සිරිපාය, බත්තරමුල්ල.

 

Hon. Minister of Transport and Civil Aviation,

Minister Nimal Siripala de Silva,

Ministry of Transport and Civil Aviation,

Sethsiripaya, Battaramulla.

ඛනිජ තෙල් සංස්ථාවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට අයවිය යුතු රුපියල් කෝටි 36 කට අධික මුදල වහා අයකර ගැනීමට අවශ් පියවර ගන්න

තෙල් ගබඩා සංකීර්ණ පවත්වාගෙන යාමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංසංථාවට ලබාදී ඇති දුම්රිය ඉඩම් සහා දුම්රිය දෙපාර්තමේන්තුවට එම සංස්ථාව ගෙවිය යුතු රුපියල් 328000000 (තිස් දෙකෝටි  අසූ ලක්‍ෂයක) මුදලක් ගෙවා නොමැත.

ඛනිජ තෙල් සංස්ථාව සහ දුම්රිය දෙපාර්තමේන්තුව අත්සන් කර ඇති බදු ගිවිසුම් අනුව මෙම මුදල් නියමිත පරිද දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු වුවත් 2017. 12. 31 දින දක්වා ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගිවිසගත් පරිදි මුදල් ගෙවා නැත.  එය තව දුරටත් නොගෙවා හරින්නේ නම්, 2018. 12. 31 වන විට මෙම මුදල රුපියල් තිස් හය කෝටි හැට හතර ලක්‍ෂයක් (366400000) ඉක්මවන බව ද පෙන්වා දෙමු. 

කොළඹ බැස්ටියන් මාවත, මාලිගාවත්ත, පෑලියගොඩ, ගම්පහ, ගාල්ල, මාතර, අනුරාධපුර, කුරුණෑගල, ති‍්‍රකුණාමලය, මඩකලපුව, බදුල්ල, පොළොන්නරුව, මහනුවර, මාතලේ, රත්නපුර  දිස්ත‍්‍රික්කවලට අයත්, ප‍්‍රදේශ ගණනාවක පිහිටි දුම්රිය ඉඩම්වල තෙල්ගබඩා සංකීර්ණ හා පිරවුම්හල් පවත්වාගෙන යාම වෙනුවෙන් ගිවිසුම් අත්සන් කර ඇති අතර, ඒ අනුව ගෙවිය යුතු බදු මුදල් ගෙවීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැහැර හැර ඇත.

පෙට්ට‍්‍රල් ලීටරයක් රුපියල් 63/= ක් ද ඞීසල් ලීටරයක් රුපියල් 24/= කට අධික මුදලක් හා තවත් විවිධ ක‍්‍රම මගින් විශාල වශයෙන් ලාභ ලබන තෙල් සංස්ථාව, මහජන සේවාවක් පවත්වාගෙන යන දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු මුදල් නොගෙවා සිටීමේ කිසිදු  සාධාරණයක් නොවන බව ද පෙන්වා දෙමු.

මෙම මුදල නිසි පරිදි අයකර ගැනීමට කටයුතු කළ හොත් දුම්රිය සේවය පවත්වාගෙන යාමේ පාඩුව කෝටි ගණනකින් අඩුකර ගැනීමට හැකිවන අතර, ප‍්‍රමාදයකින් තොරව දුම්රිය සේවකයින්ගේ ආපදා ණය මුදල් ගෙවීමටද හැකි වන බවද පෙන්වා දෙමු.

මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමුකර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දුම්රිය දෙපාර්තමේනතුවට අය විය යුතු මුදල් විධිමත් පරිදි අය කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තූතියි.,

මෙයට

දුම්රිය සේවයේ උන්නතිය වෙනුවෙන්,

එස්.පී.විතානගේ,

සම කැවුම්කරු                       

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress