විශේෂඥ වෛද්‍ය කාමලිකා අබේරත්න සහ HIV ආසාධිතයෝ
Posted on June 12th, 2018

වෛද්‍ය රුවන් එම් ජයතුංග

විශේෂඥ වෛද්‍ය කාමලිකා අබේරත්න HIV ආසාදිත වන්නේ රුධිර පාරවිළනයකදී සිදුවූ අතපසුවීමක් නිසාය. HIV ආසදිත වීමෙන් පසු ඇයගේ වෘත්තීය සගයෝ ඇයව වසංගතයක් සේ බැහැර කරති. වෛද්‍යවරියක වූ කාමලිකා අබේරත්න මිය තම සහෝදර වෛද්‍යවරු වෛද්‍යවරියන් අතින් වෙනස්කම් කිරීමට ලක් වීම ඒඩ්ස් සම්බන්ධව සෞඛ්‍යය වෘත්තිකයන් තුල තිබෙන මුග්ධතාව මෙන්ම ප්‍රාග්විනිශ්චයන් පෙන්වන්නකි. මේ සාවද්‍ය ආකල්ප මෙන්ම කලංකයන් අප විසින් බිඳ දැමිය යුතුය.

මා විසින් ලියන ලද Stress Management පොත මා පුද කරන්නේ විශේෂඥ වෛද්‍ය කාමලිකා අබේරත්න මහත්මියටය. නමුත් ඒ කාලය වන විට ඇය ජීවතුන් අතර නොවූවාය. ඒ නිසා එම පොත මා පිලිගැන්වූයේ ඇයගේ සැමියා වූ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මයිකල් අබේරත්න මහතාටය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress