ජාතී හිතෛෂීන් ගේ සහ ජාතී හිතෛෂී සංවිධාන වෙත.
Posted on June 17th, 2018

මාධ්‍යය නිවේධනය.

ජාතී හිතෛෂීන් ගේ සහ ජාතී හිතෛෂී සංවිධාන වෙත.

මෑතක සිට ප්‍රමුඛ් දේශපාලකයින්  සහ උතුරු පලාත් සභාවේ සමාජිකයින්, සිංහලයින්ට උතුරු සහ නැගෙනහිර පලාත් තුල ජීවත්වීමේ සහ බෞධ සිද්ධස්ථාන ඉදිකිරීමේ අයිතිය ප්‍රතික්ෂේප කරමින් කරනු ලබන දෙබිඩි කතා අපට අසන්නට ලැබේ.

වත්මන් පාලනය මෙම බරපතල, අයුක්තිසගත සහ රටේ ස්තාවරයට හානිකර පිළිබඳව කිසිදු තැකීමක් දක්වන බවක් පෙනෙන්නට නැති හෙයින් ඒ පිළිබඳව ජනතාව දැනුවත් වී එම අසාධාරන ප්‍රකාශනවලට විරුද්ධව හඬ නැගීමට කාලය උදාවී ඇත.

උතුරු සහ නැගෙනහිර පලාත්වල වෙසෙන සිංහල සහ සිංහල බෞධ ජනයාගේ පැවැත්වීමට අනතුරුධායක සහ සැඟවුනු තර්ජන කිහිපයක් පහත දැක්වේ.

  1. සිංහලයින්ට මෙම ප්‍රදේශවල ජීවත්වීමේ අයිතියක් නැතිබැව් කරන ප්‍රකාශය.
  2. එම ප්‍රදේශවල ඇති බෞධ සිද්ධස්ථාන දෙමළ දේශපාලකයින්ගේ හදිසි පිරික්සීමට    භාජනය වීම.
  3. බෞධ සිද්ධස්ථාන තුල බුදු පිළිම සහ වෙහෙර ඉදිකිරීමට විරුද්ධ වීම.
  4. උතුරු සහ නැගෙනහිර පලාත්පාලන ආයතන එම පලාත් තුල වෙසෙන සිංහල ජනතාව වෙත ජාතීවාදීව කටයුතු කිරීම.
  5. උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන්හී බුදු පිලිම ඉදි කිරීම නතර කරන ලෙස බල කිරීම.
  6. උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන්හී සිංහල ජනතාව පදිංචි කිරීම නැවැත්වීම සඳහා විශේෂ කාර්ය්‍ය බලකායක් පත්කරන ලෙස ඉල්ලීම.

උක්ත සැඟවුනු හා විවෘත උත්සාහයන්, උතුරු සහ නැගෙනහිර දෙමළ ජනයාගේ නිජබිමයයි විශ්වාස කරන, එහෙත් බොහෝ ඉතිහාස විශේෂඥයින් ප්‍රතික්ශේපකර ඇති මිත්‍යා තුලින් මතුවී ඇත.

එබැවින් වගකිවයුතු  ජාතී හිතෛෂීන් සහ  සංවිධාන ඒකරාශිවී දිවයිනතුල ඕනෑම ජනවාර්ගිකයකට අයත් පුද්ගලයෙකුට හෝ ඔවුන්ගේ පිරිසකට ජීවත්වීමේ සහ ඔවුනොවුන් විශ්වාස කරන ඕනෑම ආගමක් ඇදහීමේ අයිතියක් තහවුරුකිරීම සඳහා හඬ නැගීමට කාලය උදාවී ඇත.

රංජිත් සොයිසා

මාධ්‍යය ප්‍රකාශක

 

One Response to “ජාතී හිතෛෂීන් ගේ සහ ජාතී හිතෛෂී සංවිධාන වෙත.”

  1. Ananda-USA Says:

    Dawasey Pada 4

    Sura sapa soya yahapalana sanakeliyey

    Horu dun salli aragena pirisak joliyey

    Athuley dedeneki sirabath kathi thaliyey

    Jampara andiya yuthu maha pirisak eliyey!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress