සුදුසු පිරිසකට රට බාර දී මේ පාලකයන් ගෙදර යා යුතුයි
Posted on June 17th, 2018

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය උපුටාගැණීම  මව්බිම

රටේ සියලු ක්ෂේත්‍රවල කඩාවැටීමක් සිදුවී ඇති නිසා වහාම රටට සුදුසු පාලකයන් පිරිසක් පත්කර ගැනීම වෙනුවෙන් ජාතික මැතිවරණයක් පැවැත්විය යුතු බවත් රට විනාශ කරන පාලකයන් වහාම ගෙදර යා යුතු බවත් පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

වත්මන් ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩපිළිවෙළට එරෙහිව දැවැන්ත වැඩ වර්ජන මාලාවක් දියත් කිරීමට සූදානමින් සිටින බවද උන්වහන්සේ ප්‍රකාශ කළේය.

පසුගියදා නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවිදි හඬ සංවිධානයේ සභාපති හිමියෝ මෙසේද පැවැසූහ.

මේ ආණ්ඩුව බලයට පත් වන කොට කිව්වේ පසුගිය ආණ්ඩුව කරපු දේවල් නොකර මේ රට තුළ යහපාලනයක් ඇති කරනවා කියලා. නමුත් බලයට පත්වෙලා නොයෙක් දේවල් කිව්වාට ජනතාවගේ යහපතට කිසිවක් වෙලා නැති බව අද පේන්න තියෙනවා. රටේ ආරක්ෂාව බින්දුවට බැහැලා. ජනතාව කබලෙන් ළිපට වැටිලා මේ ආණ්ඩුවට අරමුණක් නැහැ.

මේ ආණ්ඩුවට වැඩ කරන්න බැහැ. වහාම මැතිවරණයක් පවත්වලා මේ රටට සුදුසු පාලකයන් පත්කර ගත යුතුයි.

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කරද්දී කතරගම කිරි වෙහෙර ඉදිරිපිටදී ඒ මහ නායක හාමුදුරුවන්ට වෙඩි තියන්න පුළුවන් නම් ඒ කියන්නේ විශාල වැරැද්දක් මෙතන තිබෙනවා. කතරගම දෙයියොවත් මේ දිහා බලන්නේ නැත්තේ රටේ අපරාධ රැල්ල වැඩිවී ඇති නිසයි.

මේ රට පාලනය කළ හැකි සුදුසු පාලකයන් පිරිසකට මේ රට ලබාදිය යුතුයි.
ඉදිරි කාලයේදී අපි නිහඬව ඉන්නේ නැහැ.

අපි දැවැන්ත අරගලයක් කරනවා ඉදිරියේදී. අපි පාලකයන්ට කියන්නේ දැන් ඔබලා හිටියා ඇති. රට විනාශ කරන්න එපා. ජාතිය විනාශ කරන්න එපා. වහාම ගෙදර යන්න කියන එක මේ පැවිදි හ‍ෙ¾ඩ් හඬයි.

පැවිදි හඬ සංවිධානයේ ලේකම් ගොම්බද්දල දමිත හිමි

නීතිය අතින් ගත්තත් පරිපාලනය අතින් ගත්තත් මේ රට අද වළපල්ලට ගිහින්. මේ රටින් පැනලා ගිය පාතාල නායකයෝ අද මෙරටට ඇවිත්. හැමතැනම අද මිනීමැරුම් සිදුවෙනවා.

පූජ්‍ය පක්ෂයටත් අද මරණීය තර්ජන එල්ල වෙලා. මේ රටේ පූජ්‍ය පක්ෂයට අත තිබ්බේ නැහැ කුමන කාලයකදීවත්. එල්.ටී.ටී.ඊ. සංවිධානය පූජ්‍ය පක්ෂයට පහර දුන්නේ ඔවුන්ගේ දේශපාලන න්‍යාය ක්‍රියාත්මක කිරීමටයි. අපිට අද 88-89 කාල පරිච්ඡේදය මතක් වෙනවා. හාමුදුරුවන්ටත් අද නිදහසේ පන්සලේ ඉන්න බැරිවෙලා. හරියට නීතිය ක්‍රියාත්මක වන්නේ නැති නිසයි මේ දේවල් සිදුවෙන්නේ. ජනාධිපතිවරයාට හින්ට් ගහනවා පොලිස්පතිවරයා.

නමුත් රටේ ජනතාවගේ ආරක්ෂාව අනතුරේ. ආරක්ෂක අංශවලටත් හරියට නීතිය ක්‍රියාත්මක කරන්නට බැහැ. එවැනි ආසන්නම සිදුවීම තමයි රංගේ බණ්ඩාරගේ පුතාගේ සිදුවීම. ඔහු හිටපු පොලිස් නිලධාරියෙක්. ඔහු පසුගිය දිනක කිව්වා රටේ නීතිය භාර ඇමැතිකම ගන්න සූදානම් කියලා. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ජනාධිපතිතුමාට ඒ ධුරය එතුමාට නොදුන් එක ගැන. එහෙම වුණා නම් මේ රටේ නීතිය නැත්තටම නැතිවෙනවා.

සෞඛ්‍ය ඇමැතිවරයා කියනවා මාධ්‍ය සාකච්ඡාවලට ඇවිත් කතරගම සිද්ධිය ගැන තමාට තවම අවබෝධයක් නැහැ කියලා. ඉතාම කනගාටුයි, රාජිත සේනාරත්න මහතා ගැන. අපි කියනවා ජනාධිපතිතුමා වගේ උදේට පත්තර ටිකවත් බලලා කරුණු කාරණා දැන ගන්න කියලා.

නාගරික මන්ත්‍රි ගලගම ධම්මරංසි හිමි

මේ රට අද යක්ෂයන්ගේ දේශයක් වෙලා. නීතියේ ආධිපත්‍ය බිඳ වැටිලා. වහාම මේ ආණ්ඩුව රටේ නීතිය හා සාමය ස්ථාපනය කළ යුතුයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress