ගිරුවාපත්තුවේ නියමුවා හිටපු රාජ්‍ය ආරක‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ
Posted on June 19th, 2018

ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක අග්ගමහා පණ්ඩිත, ආචාර්ය වල්පොළ පියනන්ද නාහිමි

හිටපු රාජ්‍ය ආරක‍ෂක හා නාගරික සංවර්ධන ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය අදට (ජුනි 20) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

මුළු මහත් ශ්‍රී ලාංකීය ජාතියම අ`දුරු වළාවකින් වෙළා ගෙන සිටි තිස් වසරක කුරිරු යුද්ධය අතිගරු මහින්ද රාජපක‍ෂ මැතිතුමාගේ අභීත නායකත්වය යටතේ අවසන් කොට සියලූම ජාතීන්ට ගෞරවාන්විතව ජීවත් වීමට නිදහස ලබාදීමේ සටනේ නියමුවා ගෝඨාභය රාජපක‍ෂ මහතා ය. එහෙයින් නිතැතින්ම කෘතගුණ දන්නා සියලූම ශ්‍රී ලාංකිකයන්ගේ ආශිර්වාදය එතුමාට හිමි වේ.

ඔහු ආරක‍ෂක ලේකම් පදවිය භාරගන්නා විට ශ්‍රී ලංකා ආරක‍ෂ අංශයන් පැවතියේ ඉතා දුර්වල මානසික මට්ටමක බව නොරහසකි. 2002 බලයට පත් රජය විසින් ක්‍රියාත්මක කළ බටහිර ගැති, එන්. ජී. ඕ. රූකඩවලට නැටවුණු, ඊනියා සටන් විරාම ගිවිසුම මේ ස`දහා බලපෑ මූලික හේතුව විය. උසස් හමුදා නිළධාරියාගේ සිට පහළ මට්ටමේ සිටින සොල්දාදුවා දක්වා හිමි විය යුතු ගෞරවය හා අභිමානය නොලැබීමත් අවිය අත දරාගෙන ත්‍රස්තයන්ගේ උසුළු විසුළු සමච්චලයන්ට හසුවීමට සිදුවීම තවත් හේතු වේ. මේ තත්වය වෙනස් කිරීමට ගෝඨාභය මැතිතුමා ඉතා දූරදර්ශීව කටයුතු බව අද බොහෝ දෙනෙකුට අමතක ය. එකල ඔහු zඅපි වෙනුවෙන් අපිZ යන තේමාව යටතේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් හා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය මගින් ප්‍රචාරණය ලබාදෙමින් සියලූ රටවැසියාගේ අවධානය හමුදාවන් දෙසට නතු කරගෙන සමස්ත හමුදාවේ ම චිත්ත ධෛර්යය වර්ධනය කිරීමට සමත් විය. ඇතැම් ඉහළ හමුදා නිළධාරීන් විරුද්ධ වුව ද, අද ප්‍රශස්ති ගී ගයන ඇතැම් දේශපාලනඥයන් එදා විවිධ කරුණු ඉදිරිපත් කරමින් තියුණු විවේචන එල්ල කළ ද දින කිහිපයකින් විශ්‍රාම යෑමට සිටි ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරියා හමුදාපති තනතුරට ගෙන ඒමට මුල් වූයේ යුධ බිමේ දී ඔහුට කළ නොහැකි දෑ ප්‍රායෝගික අත්දැකීමෙන් ම ගෝඨාභය මහතා දැන සිටි හෙයිනි. ඔහු සතු සුදුසු අවස්ථාවේ නියම සුදුස්සා තේරීමේ හැකියාව අද මුළු රටම භුක්ති වි`දිති. එහෙත් අදාළ පුද්ගලයා එය තේරුම් නොගැනීම ජාතියේ අවාසනාවක් ලෙස දකිමි. යුධ ජයග්‍රහණය වෙනුවෙන් එතුමා කළ අසීමිත කැපකිරීම මා පෞද්ගලිකවම දැක ඇත. එහෙත් ඔහු කිසිවිටෙකත් ඒ ගැන උදම් අනන්නේ ද නැත. ඔහු නිතර පවසනුයේ zරට වෙනුවෙන් මගේ යුතුකම ඉටු කළා එපමණයිZ යනුවෙනි. මෙහිලා පැරැණි සිංහල ආප්තෝපදේශයක් මගේ සිහියට එයි. එක් සිංහල වෛද්‍යවරයෙක් එක්තරා රෝගියෙකුගේ රෝග නිදානය හො`දින් පරීක‍ෂා කොට නියම පරිදි ප්‍රතිකාර කොට රෝගය සුවපත් කළේය. රෝගියා සුවපත් වූ පසු තෙල් සාත්තු කළ තැනැත්තා පැමිණ zමම හරියට නියම වෙලාවට තෙල් ගෑම කළ නිසා තමයි මේ රෝගියා සුවපත් වුණේ යැයිZ පැවසීය. කෂාය තැම්බූ තැනැත්තා zමම හරියට පදමට කෂාය තම්බපු නිසා තමයි මේ රෝගියා සුවපත් වුනේZ යැයි උදන් ඇනීය. ආවතේවකම් කළ තැනැත්තා පැමිණ කීවේ zමම හරියට වැඩ ටික නොකළ නම් ලෙඩා සුවවෙන හැටි බලාගන්න තිබ්බාZ යනුවෙනි. යුධ ජයග්‍රහණය සම්බන්ධයෙන් ද මේ ආප්තෝපදේශය ඉතා අගනේ ය.

කිසියම් වැඩක් භාරදුන් පසු ගෝඨාභය මහතාගේ සිරිත ඒ ගැන හො`දින් අධ්‍යයනය කිරීමයි. අධ්‍යයනය කොට අතීතයේ වැරදුන් තැන් ඇත්නම් ඒවා නිවැරැදි කොට ගෙන, තමාගේ මතයට විරුද්ධ අයකුගේ වුව ඵලදායී වටිනා අදහසක් හෝ යෝජනාවක් ඇත් නම් එය සිය කාර්යයන්ට එකතු කර ගනී. හො`ද දේ අගය කිරීමට හා ඒවාට වටිනාකමක් දීමට ඔහුට ජාති, ආගම්, පාට පක‍ෂ ආදී භේදයක් නැත. මානුෂීය යුධ මෙහෙයුමෙන් පසුව

ඔහුට භාර කෙරුණේ නාගරික සංවර්ධනයයි. zයුධ විරුවා මමZ යැයි ද zයුධ ජයග්‍රහණයට පාර කැපුයේ තමාZ යැයි ද වහසි බස් දොඩවා බලයට පැමිණි අය අද දේශපාලනික වශයෙන් බලවත් වුව ද ඔවුන්ගේ හැකියාවේ තරම සමස්ත රට වැසියාට ම ප්‍රදර්ශනය කොට ඇත. ගෝඨාභය මහතා නාගරික සංවර්ධන විප්ලවයේ දී පෞරාණික දේ ආරක‍ෂා කර ගනිමින් හා දියුණු රටවල භාවිත නවීන තාක‍ෂණය යොදා ගනිමින් කටයුතු කිරීමට සමත් විය. ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර zලොයලාZ විශ්වවිද්‍යාලයේ පරිපාලකයෙකු වශයෙන් කටයුතු කරන සමයේ සියලූ දෙනාගේ ම සිත් දිනාගෙන කටයුතු කළ බව ඔහුගේ සමකාලීනයෝ අදත් ගෞරවයෙන් සිහිපත් කරති. ඇමෙරිකාවේ දී ඔහු ලබා ඇති අත්දැකීම් ලංකාවේ නාගරික සංවර්ධනයට යොදා ගැනීමට සමත් විය. නාගරික සංවර්ධන අංශයෙන් පසුගිය රජය සමයේ ලබා තිබූ දියුණුවේ පුරෝගාමියා ගෝඨාභය මැතිතුමා බව ඉතා සු`එ අතළොස්සක් හැර අන් සියල්ලෝ ම පාහේ පිළිගනිති. යුධ ජයග්‍රහණයෙන් පසුව අවිය අත දරා සටන් වැදුණු හමුදා සොල්දාදුවන් බෞද්ධ විහාරස්ථාන ඇතු`එව අනෙකුත් ආගමික ස්ථානවල සංවර්ධනයට යොදවා කළ සේවය අගය කළ යුතු ක්‍රියාවකි. වියෙට්නාම් යුද්ධයට සම්බන්ධ වූ ඇමෙරිකන් සොල්දාදුවෝ අදත් ගෙවල් අහිමි තැනැත්තන් (හෝම්ලස්) ලෙස ප්‍රධාන නගරවල ජීවත් වෙති. ඇමෙරිකාව ලෝකයේ දියුණුම රට වුව ද මේ තත්වය ම`ගහරවා ගැනීමට තවමත් සමත් වී නැත. ඊට හේතුව පශ්චාත් යුධ සමයෙන් පසු ඊට සම්බන්ධ සොල්දාදුවන්ගේ මානසික තත්වය න`ගා සිටුවීමට විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නොනැගීමයි. එහෙත් ලංකාවේ එවැනි තත්වයක් උදා නොවූයේ හමුදා සාමාජිකයන් සමාජ ප්‍රගතිශීලි කටයුතුවලට සම්බන්ධ කර ගෙන ඔවුන්ගේ මානසික තත්වයන් න`ගා සිටුවා ගැනීමට අවස්ථාවක් ලබාදීම හේතුවෙනි.

ලංකාවේ පැවැති තිස්වසරක යුද්ධයේ දී මව්බිම වෙනුවෙන් යුධ වැදුණු සාමාජිකයන්ගෙන් සාතිශය බහුතරය සිංහල බෞද්ධයෝ ය. ඒ ගැන කිසි`දු විවාදයක් ද නැත. අප වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ එවැනි උතුමන්ට පිංකම් කොට පුණ්‍යානුමෝදනාවන් කිරීම අපගේ යුතුකමයි. ගෝඨාභය මැතිතුමා හමුදාවේ නියමුවා ලෙස යුධ ජයග්‍රහණයේ සැමරුම් මාසය වූ මැයි මාසය තුළ ලංකාවේ සිව් දෙසින් ම මහා සංඝරත්නය වඩමවා සියලූ ලාංකිකයන්ගේ අවධානය ඒ කෙරෙහි යොමු කරවා පිරිත් දේශනාවන් පවත්වවා දන් පූජා කොට රණවිරුවන්ට පිංදීමේ චාරිත්‍රය ගෞරවයෙන් හා මහත් වූ ශ්‍රද්ධාවෙන් ම සිදු කළහ. එහෙත් වත්මන් ආණ්ඩුව එය පුහු ආටෝපයක් සේ කල්පනා කොට නොසලකා හැර ඇත. පසුගිය වසර 03 තුළ දී ලංකාව ස්වභාවික විපත්වලින් ලෝකයෙන්ම සිව්වන ස්ථානයට පත් වී ඇත. බොහෝ විට එම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වනුයේ මැයි මාසය තුළ ය. එබැවින් මේ ගැන අදාළ බලධාරීන් අවධානය යොමු කිරීම ඉතා සුදුසු බව අපගේ අදහසයි.

විවිධ ෙක‍ෂ්ත්‍රයන්හි නිපුණතාවක් ඇති වෘත්තීයවේදීන්ගේ අදහස් හා යෝජනා ලබා ගෙන ඒවා අනාගත ශ්‍රී ලංකාවේ දියුණුවට යොදා ගත හැක්කේ කෙසේ දැයි zවියත්මගZ ඔස්සේ සාකච්ඡා කෙරේ. එහි නියමුවාණන් ද ගෝඨාභය මැතිතුමායි. අද ජන්ම දිනය සමරණ ගෝඨාභය මැතිතුමාට අනන්ත ගුණ ඇති උතුම් වූ රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය හා චිර ජීවනය ලැබේවාZයි ආශංසනය කරමි.

ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක

අග්ගමහා පණ්ඩිත, ආචාර්ය

වල්පොළ පියනන්ද නාහිමි

5 Responses to “ගිරුවාපත්තුවේ නියමුවා හිටපු රාජ්‍ය ආරක‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ”

  1. Hiranthe Says:

    Timely published appreciation. Great work for a Great gentleman and a Great son of Mother Lanka

  2. Caesar Says:

    Wishing him many happy returns of the day.

    May he be sole one and only candidate for the 2020 and every one in the opposition camp should refrain from personal agendas at this horrific hour and pave the way for Gota the only hope of savior for the country and Hela nation by popular expectation of Sinhela people.

    However, if he is Multicultural, then I say sorry!

  3. Vaisrawana Says:

    Reverend Piyananda, please publish an English version of this for the global community of Lankaweb readers. We, Sinhala language readers have know problem. But English can reach a wider readership across the world.

    Caesar, you say: “However, if he is Multicultural, then I say sorry!” May I add a comment?
    If by ‘Multicultural’ you mean the hypocrisy that certain Western nations practise in the name of multiculturalism, I won’t hesitate to agree with you. But if a multiculturalist society is one where a number of distinct cultural communities live in peace, in mutual cooperation as equal citizens, expressing their different cultural identities and realizing their unique potentials without let or hindrance, while not causing any disturbance in the process to others in the same society and enjoy all forms of globally recognized freedoms and human rights further enhanced by ‘humaneness’, then I won’t agree with you when you reject multiculturalism. Buddhism provides a perfect system of moral guidance for building such a society.

  4. Vaisrawana Says:

    Sorry, I just noticed an inadvertent misspelling: ‘know’ for ‘no’

    The sentence is the second one above: It should read: “We, Sinhala language readers, have no problem.”

  5. Christie Says:

    Happy Birthday and many happy returns.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress