බුදු පුතුන් සහ වීරයන් සිරගත වෙද්දී පාවා දෙන්නන්ට සුරසැපද?
Posted on June 19th, 2018

 සමන් ගමගේ  උපුටා ගැන්ම දිවයින

මේ රට එල්ටීටීඊ ත්‍රස්‌තවාදයෙන් බේරා ගැනීමට දිවිහිමියෙන් කැප වූ රණවිරුවන් පිරිසක්‌ අරබයා පෙනී සිටිමින් ප්‍රගීත් එක්‌නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්‌නැලිගොඩට බැණවැදීමේ සිද්ධියක්‌ මුල් කරගනිමින් පැවති නඩු විභාගයකින් වරදකරු වීම හමුවේ ගලගොඩඅත්තේ ඥණසාර හිමියන් දැන් සිටින්නේ සිරගතවය. 
 
 ඉහත චෝදනාව හමුවේ උන්වහන්සේට හිමිව ඇත්තේ සය මසක සිර දඬුවමකි. බන්ධනාගාරගත කෙරුණු ගලගොඩඅත්තේ හිමියන්ගේ චීවරය ගලවා උන්වහන්සේට සිරිකරුවනට නියමිත ජම්පරය සහ කොට කලිසම ඇන්දවීම යන්න අද දවසේ මෙරට සමස්‌ත භික්‌ෂූන් වහන්සේගේ මෙන්ම බෞද්ධ ජනතාවගේද සංවේගයට කරුණක්‌ වී ඇත. 

p11 1

 දැනගැනීමට ඇති පරිදි නම් තවමත් ගලගොඩ අත්තේ හිමියන්ට එසේ ජම්පරය ඇන්දවීමක්‌ සිදුව නැත. උන්වහන්සේ චීවරය ඉවත් කර අඳනයපිටින් බන්ධනාගාරයේ සිටින බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරති.
 
 මේ අන්දමට චීවරය ඉවත් කිරීම ම සත් දිනක්‌ තුළ ගලගොඩඅත්තේ හිමියන්ගේ භික්‌ෂූත්වය අහිමිවීමට කරුණක්‌ වන බව බෞද්ධ විනය කරුණු මත පදනම්ව අදහස්‌ දක්‌වන උතුම් මහා සංඝරත්නයේ අදහස වන්නාහ. එහෙත් බුදුහිමියන්ගේ විනය නියමයන්ට අදාළ වූ එA සංවේදී කරුණ පිළිබඳ මෙතෙක්‌ බලධාරීන්ගේ අවධානය යොමුවූ බවක්‌ නම් පෙනෙන්නට නැත.
p11 4
 මේ රට බෞද්ධය. එහි ජීවත් වනේනෝ අති බහුතරයද බෞද්ධයෝ වන්නාහ. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුවද මෙරට තුළ බෞද්ධාගමට හිමිව ඇත්තේ මුල්තැනය. ඒ ව්‍යවස්‌ථාව මත පදනම්ව රට පාලනය කරන රජයක්‌ අපට ඇත. එයට කියන්නේ සම්මුතිවාදී යහපාලන ආණ්‌ඩුව කියාය.
 
 එහෙත් මේ සිදුව ඇත්තේ එකී යහපාලනය තුළ අද රටේ නීතියත්, බුද්ධ නීතියත් අතර ගැටීමක්‌ ඇතිවීම නොවේද? බෞද්ධ ශ්‍රී ලංකාව නිරාගමික, බහු සංස්‌කෘතික මඟුල් සක්‌වලක්‌ කිරීමට සැරසෙමින් සුජාතබවක්‌ නැත්තවුන් සේ හැසිරෙන සට්‌ටඹියන් අතලොස්‌සක්‌ යහපාලනයේ කසකරුවන් වීම මෙවන් ව්‍යසනයන්ට හේතු වී නොතිබේද?
 
 අප මේ කතා කරන්නේ ගරු හෝමාගම මහෙස්‌ත්‍රාත්වරයා ඥනසාර හිමියන් සම්බන්ධයෙන් වූ නඩු විභාගයේදී ලබා දුන් තීන්දුව පිළිබඳ නොවේ. එකී තීන්දුව රටේ නීතියට අනුව ඉතාම නිවැරදිය. ඒ පිළිබඳ අපට කිසිදු තර්කයක්‌ නැත. එයට අපි හිස නමා ගරු කරන්නෙමු. මහෙස්‌ත්‍රාත්වරයා කටයුතු කර ඇත්තේ අදාළ නෛතික රාමුව තුළය. යළි යළිත් කීමට ඇත්තේ එය ඉතාම නිවැරදියි යන්නය.
 
 එහෙත් ඥනසාර හිමියන් සිරගත වීම සහ ඉන්පසුව පසු උන්වහන්සේට ජම්පරය ඇන්දවීමත් චීවරය ගැලවීමත් යන කරුණු මත පදනම්ව රටේ නීතිය සහ බුද්ධ නීතිය අතර සිදු නොවිය යුතු ගැටුමක්‌ ඇතිවන තැන දක්‌වා මේ කතාව ආරම්භයේ සිට ඇදී එද්දී රටකරවන බලධාරීන් නිදොස්‌ කළ යුතු සදොස්‌ තැන් දෙස ඇහැක්‌ ඇර නොබැලීම මේ සියල්ලට හේතු වී නොතිබේද?
 
 යහපාලනයත් සමඟ ප්‍රගීත් එක්‌නැලිගොඩ විමර්ශනය ආරම්භ කළ රහස්‌ පොලිසිය ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ රණවිරුවන් නව දෙනකු හෝමාගම මහේස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
 
 මේ රණවිරුවෝ කොටින්ගේ අඩවියට ගොස්‌ කොටි අතර සිට උන් රවටා රට වෙනුවෙන් දිවි පරදුවට තබමින් බොහෝ දේ කෙරුවෝ වූහ. එසේම යුද ජයග්‍රහණයෙන් පසුවද එල්ටීටීඊයේ නැවත නැගී සිටීම වැලක්‌වීම සඳහාද ඒ වන විට ඔවුහු ලොවම නොදත් රහස්‌ මෙහෙයුමකද නිරතව සිටියහ. 
 
 යහපාලනයට පිංසිදු වන්නට අද ඒ සියලු රහස්‌ ලෝකයට අනාවරණය වී අවසන්ය. ඒ පිළිබඳ කතා කිරීමෙන්ද පළක්‌ නැත. එක්‌නැලිගොඩ විමර්ශනයත් සමඟ මේ රණවිරුවන් පිරිස අත්අඩංගුවට ගත් රහස්‌ පොලිසිය ඔවුන්ට මිනී මැරුම් චෝදනා එල්ල කර තිබිණි. ඔවුන් රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබුණේ එකී චෝදනාව අනුවය. 
 
 එහෙත් එවකට සිටි හෝමාගම මහෙස්‌ත්‍රතාත් ගරු රංග දිසානායක මහතා රහස්‌ පොලිසියේ එකී චෝදනා හමුවේ වරක්‌ විවෘත අධිකරණයේදී රහස්‌ පොලිසියේ ඉතාම වැදගත් ප්‍රශ්නයක්‌ අසනු ලැබීය. එම ප්‍රශ්නය වූයේ අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි නිලධාරීන්ට මිනී මැරුම් චෝදනා එල්ල කළ මෙම සිද්ධියට අදාළ ප්‍රගීත් එක්‌නැලිගොඩ මැරිලාද නැද්ද යන්නය. 
 
 එදා එයට දෙන්නට පිළිතුරක්‌ රහස්‌ පොලිසියට නොතිබිණි. එය ඉකුත් 2016 වසරේ ජනවවාරි 25 වැනිදාය. එදිනද හෝමාගම අධිකරණයේදී එක්‌නැලිගොඩ නඩුව විභාගයට ගැනිණි. ඒ අවස්‌ථාවේ ගලගොඩඅත්තේ ඥණසාර හිමියෝද අධිකරණයේ වූහ. නඩුවිභාගයෙන් පසු යළිත් චූදිත යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිස වැඩිදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.
 
 එයින් පසු ඥණසාර හිමියන් අධිකරණයෙන් පිටව යන්නට වූ අතර උන්වහන්සේ අධිකරණ පරිශ්‍රය තුළදී තමන්ගේ මුහුණට හමුවූ එක්‌නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්‌නැලිගොඩට බැණවදින්නේ ඒ අවස්‌ථාවේදීය. ඥණසාර හිමියන් එහිදී කළ දේ වැරදිය. එය අධිකරණයේ ගරුත්වයටද හානිදායකය. 
 
 ඒ වරදට උන්වහන්සේ දැන් සිටින්නේ දඬුවම් නියම වී සිරගතවය. එසේම රහස්‌ පොලිසිය ඇරඹූ එක්‌නැලිගොඩ විමර්ශනයට අනුව අදාළ බුද්ධි අංශ නිලධාරීහු බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්‌වීමෙන් පසු තවමත් හෝමාගම අධිකරණයේ පැවත්වෙන නඩු විභාගයට සහභාගි වන්නාහ.
 
 සියල්ල එසේ සිදුව ඇත. එහෙත් අදටත් එක්‌නැලිගොඩ මැරිලාද නැද්ද යන ප්‍රශ්නයට පිළිතුරක්‌ කිසිවකුත් නොදන්නාහ. එසේ වුවද දැනට ඇපමත සිටින රණවිරුවන් පිරිසට එල්ල වී තිබෙන්නේ මිනිමරුම් චෝදනාය. 
 
 එදා ඥණසාර හිමියන් කෝපවී සන්ධ්‍යා එක්‌නැලිගොඩට බැණවැදීමටත් ඒ වරදට දඬුවම් නියම වූ ඥණසාර හිමියන්ට ජම්පරය ඇන්දවීම තුළ රටේ නීතියත්, බුද්ධ නීතියත් අතර ගැටුමක්‌ නිර්මාණය වීමටත් මේ අප්‍රබ්‍රංශය විමර්ශනය හේතු නොවූයේද?
 
 අප ඒ ප්‍රශ්නය මෙහිදී මතු කරන්නේ සිදුවන රණවිරු දඩයම හමුවේ අදටත් ඇස්‌කන් පියාගෙන සිටින රටකරවන ඇත්තන්ගේ අවධානය සියල්ලට යොමු කරනු පිණිසය.
 
 ඥණසාර හිමියන් සේම මේ වන විට දීර්ඝ කාලයක්‌ තිස්‌සේ රක්‍ෂිත බන්ධනාගාරගතව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින තවත් සුවිශේෂී චරිතයක්‌ද ඇත. ඒ අන් කිසිවකුත් නොව, එල්ටීටීඊයට එරෙහි යුද්ධයේදී යුද හමුදා බුද්ධි බළකායට නායකත්වය දුන් මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරය. 
 
 මේ සුවිශේෂී රණවිරුවා කොයි මොහොතේ හෝ රහස්‌ පොලිසිය අත්අඩංගුවට ගනු ඇතැයි අපි කලක සිටම අනාවැකි කීවෙමු. ඒ රටේ සිදුවන දේ පැහැදිලිවම අපට පෙනුණු නිසාය. අප කී ලෙසම එය දැන් සිදුව ඇත. ඔහුව අත්අඩංගුවට ගත්තේ කුමකටද?
 
 ඒ කීත් නොයාර් පැහැරගත දිනයේ ඉහළින් ආ දුරකථන ඇමතුමකට අනුව එවකට ටි්‍රපෝලි බුද්ධි කඳවුරේ අණදෙන නිලධාරියාට ඇමතුමක්‌ ලබා දුන්නේ යෑයි කියන සිද්ධියක්‌ අද හමුවේය. මෙසේ දුරකථන සංවාද පෙළක්‌ මුල්කරගිනිමින් අද මේ අන්දමට සිරගතව සිටින අමල් කරුණාසේකර යනු කවරෙක්‌ද?
 
 අටුවාටීකා අවශ්‍ය නැත. මේ සිරගතව සිටින්නේ වෙලුපිල්ලේ ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේදී වෙඩි කා මැරී වැටෙද්දී මේ රටේ යුද හමුදාවේ සන්නද්ධ බුද්ධි බළකායට නායකත්වය දුන් රටට උපරිමයෙන් සේවය කළ වීරයන් අතරේ සිටි තවත් වීරයෙකි. 
 
 තමන්ට පහර දුන් සිද්ධිය හමුවේ රහස්‌ පොලිසිය සිදු කරන විමර්ශනවලට සහාය දක්‌වමින් ඕස්‌ටේ්‍රලියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට අද කීත් නොයාර්ටවත් වුවමණාවක්‌ නැත. ඇතැම්විට විමර්ශන පිළිබඳ ඇති නොකැමැත්ත ඔහුගේ ඒ හැසිරීමට හේතු වී තිබෙනවාද විය හැකිය. වරක්‌ කීත් නොයාර් මහතා විදේශ මාධ්‍යයකට ඒ බව සඳහන් කළ බවක්‌ද ප්‍රචාරය විය. 
 
 එහෙත් කීත් නොයාර්ට එපා වුවද මේවා ලෙහෙසියෙන් අතහරින්නට අපේ අය සූදානම් නැත. යුද හමුදා බුද්ධි බළකායට නායකත්වය දුන් අමල් කරුණාසේකර වැනි මේජර් ජෙනරාල්ලාත් හිරේ සිටින්නේ එනිසා විය යුතුය. 
 
 කෙසේ වෙතත් අපේ විශ්වාසයේ හැටියට නම් රහස්‌ පොලිසිය ඉදිරිපත් කරන වැඩිදුර වාර්තා අනුව අඩුම තරමේ ලබන සැත්තැම්බරයේදී ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නුවරදී ඇරඹෙන මානව හිමිකම් කවුන්සලයේ 38 වැනි සැසිවාරය අවසන් වන තුරුවත් මේජර් ජෙනරාල් මෙසේ සිරබත බුදිනු ඇත. 
 
 අප එසේ කියන්නේ ගෙවී ගිය තෙවසරක යහපාලනය තුළ සියල්ල සිදුවූයේ ඒ අන්දමට වන නිසාය. එහෙත් මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරලා එසේ සිරගත වෙද්දී තවත් පැත්තකින් අද මේ රට තුළ සිදු වෙමින් තිබෙන්නේ කුමක්‌ද?
 
 මේ රටේ මෑත ඉතිහාසයේ සිදුවූ සුවිශේෂීම පාවාදීමක්‌ ලෙස “මිලිනියම් සිටි” පාවා දීම පෙන්වා දිය හැකිය. එය පැහැදිලි පාවා දීමකි. ඒ පිළිබඳ කතා දෙකක්‌ නැත. අප එසේ කියන්නේ එම සිද්ධිය පිළිබඳ එකල පැවති ජනාධිපති කොමිසමකින් පවා එය තහවුරු කළ නිසාය. 
 
 එහෙත් අද මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ඇතුළු රට බේරා ගැනීමට ජීවිත පරදුවට තැබූ වීරයන් රහස්‌ පොලිස්‌ විමර්ශන හමුවේ එකාපිට එකා හිරේ යදAදී එදා එසේ මහා පාවාදීමක්‌ සිදු කළ බවට ජනාධිපති කොමිසමකින් තහවුරු කළ වුන්ට දැන් යහපාලනය සලකමින් සිටින්නේ කෙසේද?
 
 “මිලේනියම් සිටි” පාවාදීම හමුවේ එවකට යුද හමුදා බුද්ධි බළකා අණදෙන නිලධාරියා ඇතුළු යුද හමුදා නිලධාරීන් පිරිසක්‌ අපකීර්තිමත් ලෙස හමුදා සේවයෙන් ඉවත් කරන ලෙස එවකට පැවති ජනාධිපති කොමිසම මගින් නිර්දේශ කිරීම හමුවේ ඔවුන්ව යුද හමුදා සේවයෙන් පලවා හැර තිබිණි. 
 
 එහෙත් එදා හිමි වූ ඬුවම එය වුවද මෙදා යහපාලනය මගින් මේ පිරිස යළි හමුදා සේවයට කැඳඳවා අතීතයට බලපාන පරිදි උසස්‌වීම්ද ලබාදී විශ්‍රාම ගන්වා ඇත්තේ රුපියල් ලක්‍ෂ ගණනින් හිඟ විශ්‍රාම වැටුප්ද ප්‍රදානය කරමිනි. 
 
 ජනොධිපති කොමිසමක තීරණයක්‌ මෙසේ කණපිට හැරීම නම් ඉතාම විශ්මිතය. එහෙත් බොහෝ විශ්මිත දේ සිදු කරන යහපාලනය කිසිදු හිරිකිතයකින් තොරව එසේ සිදු කර ඇත. එහිදී මේ නිලධාරීන්ට යුද හමුදා කඳවුරු තුළට ඇතුළු වීමට නොහැකි ලෙස පනවා තිබූ කඳවුරු තහනමද ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ කිසිදු විලිලඡ්ජාවක්‌ නැතිවය. 
 
 මෙහි අවසන් ප්‍රතිඵලය ලෙස පෙනෙන්නට ඇත්තේ කුමක්‌ද? අද පාවා දෙන්නෝ සුරක්‍ෂිතව වැජඹෙන්නාහ. එසේ වෙද්දී එල්ටීටීඊය වැනසූ සටනේදී රටට යළි ජීවය දෙන්නට කැපවූ වීරයෝ අපරාධකරුවන් සෙල සිරගතවී පසුව හමුදා කඳවුරකට වැරදිලාවත් යා නොහැකි සේ කඳවුරු තහනමකටද යටත්ව සිටින්නාහ. 
 
 ඇත්තටම එය කොච්චර සුන්දරද? යහපාලනය හරිම අපූරුය. ඇත්තෙන්ම මේ ආණ්‌ඩුව සිදු කරමින් සිටින්නේ විජාතික වුවමණාවන් ඉටු කිරීමක්‌ නොවේද? 2015 දී සම්මුතිවාදය බලයට ගෙන එමින් මේ රටේ ජනතාව ආණ්‌ඩුවට සහය දුන්නේ මෙවැනි කුණුහරුප කිරීමට යෑයි ආණ්‌ඩුවේ බලධාරීන් සිතා සිටින්නේද?
 
 එසේ නම් අපට අවසන් වශයෙන් කීමට ඇත්තේ හැළියේ දිය කෙළි කකුළුවාත් සිටියේ අද අDණ්‌ඩුව සිටින මතයේම කියාය. 
 
 සමන් ගමගේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress