ශ‍්‍රී ලංගම සේවකයින් වෘත්තීය ක‍්‍රියාමාර්ගයන්වලට පොළඹවන්නේ නැතිව වැටුපට එල්ලා ඇති රු. 10,000/= දීමනා මුදල මූලික වැටුපට එකතු කිරීමට කඩිනමින් මැදහත්වන ලෙස ඉල්ලා සිටීම
Posted on June 20th, 2018

සමස්ත ලංකා ප්රවාහන සේවක සංගමයAll Ceylon Transport Workers’ Union. 

  1. 06. 20

ගරු ජනාධිපති,

මෛතරීපාල සිරිසේන මැතිතුමා,

ජනාධිපති ලේකම් කාර්යාලය,

කොළඹ 01.

 

Honorable President,

Mr. Maithripala Sirisena,

President’s secretary’s office,

Colombo 01

ගරු ජනාධිපතිතුමනි,

රී ලංගම සේවකයින් වෘත්තීය රියාමාර්ගයන්වලට පොළඹවන්නේ නැතිව වැටුපට එල්ලා ඇති රු. 10,000/= දීමනා මුදල මූලික වැටුපට එකතු කිරීමට කඩිනමින් මැදහත්වන ලෙස ඉල්ලා සිටීම

2015 වසරේදී රජයේ සහ ව්‍යවස්ථාපිත ආයතනවල සේවකයන්ට රු. 10,000/= ක වැටුප් වැඩිවීමක් සිදුකරන ලදී.  ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් කරන ලද බලවත් බලපෑම් මත රු. 10,000 /= වැටුප් වැඩි කිරීම ආණ්ඩුවට සිදුකිරීමට සිදුවූ බව සමස්ත වැඩකරන ජනතාවම පිළිගන්නා ලද කරුණකි. 

සියලූම රජයේ සේවකයන්ට මේ වනවිට මෙම රුපියල් 10,000 දීමනා මුදලින් රුපියල් 7,500/= ක මුදලක් මූලික වැටුපට එකතු කර ඇත.  ඊට අමතරව ශ‍්‍රී ලංගමය හැර අනිකුත් සියලූම ව්‍යවස්ථාපිත ආයතනවල සේවකයන්ගේ මාසික වේතනයෙන් මෙම රුපියල් 10,000/= දීමනා මුදලින් අර්ථසාධක අරමුදල් ගිණුමට අය කර ගනී.  ශ‍්‍රී ලංගම සේවකයන්ට එම අයිතියද මෙතෙක් ලබාදී නැත. ශ‍්‍රී ලංගම සේවකයන්ගේ වැටුපෙන් අර්ථසාධක අරමුදල් ගිණුමට මෙම රුපියල් 10,000/= මුදලින් මුදල් අයකර නොගැනීමේ ක‍්‍රියාවලිය නිසා එක සේවකයෙකුට මාසයකට රු. 2000/= කට අධික මුදලක් අර්ථසාධක අරමුදල් ගිණුමට එකතු නොවේ.  මෙය ඉමහත් ඛේදවාචකයකි.

ගරු ජනාධිපතිතුමනි,  රජයේ සේවයේ නියුතු අවම ශ්‍රේණියේ සේවකයාගේ මූලික වැටුප මේ වනවිට රුපියල් 19,300/= ක් වේ.  නමුත් ශ‍්‍රි ලංගම සේවකයන්ට  එම අයිතිය මෙතෙක් ලබාදී නැත.  එමනිසා ශ‍්‍රී ලංගම සේවකයන් වෘත්තීය ක‍්‍රියාමාර්ගයන්වලට පොළඹවන්නේ නැතිව, වැටුපට එල්ලා ඇති රු. 10,000/= දීමනා මුදල මූලික වැටුපට එකතු කිරීමට කඩිනමින් මැදිහත්වන ලෙස ඔබතුමාගෙන් ඉමහත් ගෞරවයෙන් ඉල්ලා සිටින අතර මෙම ඉල්ලීම් හිතාමතාම පැහැර හරින ලදහොත්  ශ‍්‍රී ලංගම සියලූම වෘත්තිය සමිති සමඟ එ්කාබද්ධවී රු. 10,000/= දීමනා මුදල මූලික වැටුපට එකතු කරගැනීම සඳහා අනිවාර්යයෙන් දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව ඔබතුමාට අප සංගමය අවධාරණයෙන් පවසා සිටින්නෙමු.

ස්තූතියි.

 

මෙයට

විශ්වාසී,

සේපාල ලියනගේ

සමස්ත ලංකා ප්රවාහන සේවක සංගමය.

 

සම්බන්ධීකරණය – 077 8450377

Coordinating -+94 77 8450377

 

පිටපත්

  1. ගරු මුදල් අමාත් මංගල සමරවීර මැතිතමා
  2. ගරු රවාහන අමාත් නිමල් සිරිපාල මැතිතුමා
  3. ගරු රවාහන නියෝජ්ඇමති අසෝක අබේසිංහ මැතිතුමා
  4. රී ලංගම ගරු සභාපතිතුමා රමාල් සිරිවර්ධන මැතිතුමා
  5. ජා.වෘ... ගරු සභාපති ලාලක් ාන්ත මැතිතුමා
  6. රී ලංගම සියලූම වෘත්තීය සමිති

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress