චීන ආයෝජන ගැන “නිව්ස්‌” හොයන ඇමෙරිකාවේ ආයෝජන ගැනත් හොයමුද ?
Posted on July 1st, 2018

 ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ  උපුටා ගැන්ම දිවයින

පසුගියදා නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ (New York Times) පුවත්පත 2015 ජනපති මැතිවරණයේදී එවකට ජනපති මහින්ද රාජපක්‍ෂ දිනවීමට චීනය කළ මූල්‍යමය මැදිහත්වීම පිළිබඳව කළ හෙළිදරව් දේශපාලන පොරපිටිය උණුසුම් කර ඇත.
 
 රාජපක්‍ෂ දිනවීමට ඇමරිකානු ඩොලර් මිලියන 7.6 ක්‌ ‘චයිනා හාබර්’ ගිණුම හරහා වැය කළ බව හෙළිකර ඇත. ජනවාරි මස 8, 2015 ඡන්දයට දින 10 කට පෙර ඇමරිකානු ඩොලර් මිලියන 3.7 ක්‌ මැතිවරණ ප්‍රවර්ධන කටයුතුවලට වියදම් කළ බව පවසා ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 3.7 ක මුදලින් / 678,000 ක ටී ෂර්ට්‌ සහ අනෙකුත් ඡන්ද ප්‍රවර්ධන භාණ්‌ඩ සඳහා ද / 297,000 ක්‌ සාරි ඇතුළු අනෙකුත් තෑගි සඳහා ද වැය කළ බව චෝදනා කර ඇත. රාජපක්‍ෂ ජනපතිවරයාට ඡන්දයේදී සහයෝගය පළ කළ ප්‍රසිද්ධ බෞද්ධ භික්‍ෂුවකට / 38,000 ක්‌ ලබාදී ඇති අතර / 1.7 ක්‌ මිලියන චෙක්‌පත් දෙකක්‌ එවකට ජනපති නිල නිවස වූ අරලියගහ මන්දිරයට භාරදී ඇත.

china
 
 ඇමරිකානු මාධ්‍ය චෝදනා සම්බන්ධයෙන් වැඩිදුරට සාකච්ඡා කිරීමට පෙර, මාරියා අබී – හබිබ් (Maria Abi – Habib) චීනයේ සිටින කිත් බ්‍රෑඩ්ෂර් (Keith Bradsher) සහ සුයි-ලී වී (Sui-Lee Wee) සහ ශ්‍රී ලංකාවේ සිට වාර්තාකරණයේ නියෑළුණු මුජිබ් මාර්ෂල් (Mujib Marshal)ල දරීෂා බැස්‌ටියන් (Dharisha Bastian) සහ ආතර් වාමනන් (Arthur Wamanan) මහින්ද රාජපක්‍ෂ හම්බන්තොට වරාය චීනයට ලබාදීමට කටයුතු කළ ආකාරය පිළිබඳව පළ කළ ලිපි අවසන් කළ ආකාරය දැනගැනීම පාඨකයාට ප්‍රයෝජනවත් විය හැක. පසුගිය පෙබරවාරි 10 දින පළාත් පාලන ආයතන ඡන්දය පහසුවෙන් ජයග්‍රහණය කළේ මහින්ද රාජපක්‍ෂ නායකත්වය දෙන දේශපාලන පක්‍ෂයයි. (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) ජනපතිවරණය ලබන වසරේ පැවැත්වෙන අතර මහා මැතිවරණය 2020 දී පැවැත්වේ. 19 වැනි සංශෝධනය යටතේ මහින්ද රාජපක්‍ෂට ජනපතිවරණයට ඉදිරිපත් විය නොහැකි අතර ඔහුගේ සොහොයුරු යුද සමයේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය ජනපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් වෙමින් සිටී. මහින්ද රාජපක්‍ෂ සමයේ සිටි ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇමරිකානු පුවත්පතකට සඳහන් කරන ආකාරයට, හිටපු ජනපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා තේරීම මහින්ද රාජපක්‍ෂ අභිමතය පරිදි සිදුවන බවයි.
 
 ලොව පිළිගත් ජනමාධ්‍ය ආයතනයක්‌ විසින් සිදුකරන සොයා බැලීමකින් පසුව කර තිබෙන චෝදනා බැහැර කළ නොහැක. පැවැති රාජපක්‍ෂ රජය මෙන්ම චීන රජය මෙම චෝදනා සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුමය. අදාළ ඇමරිකානු ඩොලර් මිලියන 7.6 නිකුත් කළ බැංකුව කොළඹ පිහිටි ස්‌ටෑන්ඩර්ඩ් චාර්ටඩ් ලෙස හෙළිකර ඇත.
 
 යහපාලන රජය 2015 ජනවාරි මස 9 දින බලයට පත්වී දින 50 තුළ සිදුකළ මහ බැංකු – පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ මගඩියෙන් මුළු දේශපාලන භූමියම අපවිත්‍ර වූ අතර 2016 මාර්තු මස දෙවැනි මහ බැංකු කොල්ලය, ආර්ථිකය මහත් පරිහානියකට ලක්‌ කළේය. පසුව මෙම වංචාව පිළිබඳව විමර්ශනය කළ ජනපති කොමිසම, නීතිපති දෙපාර්තමේන්තුව සහ රහස්‌ පොලිසිය යම් මන්ත්‍රීවරුන් තම ඡන්ද ව්‍යාපාරයට සහ ඉන් පසුව මුදල් ලබාගැනීම පිළිබඳව කළ හෙළිදරව්ව ලංකා දේශපාලන භූමිය කැළඹීය.
 
 නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ කළ චෝදනා
 
 තවදුරටත් මෙරට දේශපාලනය අස්‌ථාවර කරනු ඇත. මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව අදාළ ලිපිය හෙළිකිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් නවතා ඇත. බැඳුම්කර සොරුන්ගෙන් මුදල් ලබාගත් පුද්ගලයන් තාවකාලික සැනසුම් සුසුම් හෙළනු නොඅනුමානය. බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුනට සහ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකට ඇති චෝදනා සහ 2015 ජනපතිවරණයේදී චීනය කළ මැදිහත් වීම පිළිබඳව මැතිවරණ කොමිසම විමසීමක්‌ කළ යුතුමය.
 
 ඇමරිකානු ඩොලර් මිලියන 18 චෝදනාව
 
china22015 රට වෙන අතකට හැරවූ ජනපතිවරණ ඡන්ද ව්‍යාපාරයේදී එවකට එජාපය ප්‍රධාන විපක්‍ෂය නැගූ ප්‍රධානතම චෝදනාව රාජපක්‍ෂ රජය සහ රාජපක්‍ෂ පවුල කළ මහා මූල්‍යමය වංචාව බව රහසක්‌ නොවේ. කෝටි ප්‍රකෝටි මුදල් මෙරට සහ පිටරට බැංකු ගිණුම්වල සහ පිටත ඇති බව චෝදනා කෙරිණි. අදටත් රාජපක්‍ෂ පවුලට හෝ එම පවුල සමඟ සම්බන්ධ පුද්ගලයකු හෝ ව්‍යාපාරයන් යම් අයථා ආකාරයකට ඉපයූ මුදල් පිළිබඳව අධිකරණයක්‌ ඉදිරියේ වැරැදිකරු කර නොමැත. එජාපය කළ චෝදනා පිළිබඳව විමසීමක්‌ කළ යුතුව ඇත. මෙහිදී මතක තබාගත යුතු ඉතාම වැදගත් කරුණක්‌ වන්නේ මෑතකදී නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ කළ ඇමරිකානු ඩොලර් මිලියන 7.6 පිළිබඳව හෙළිදරව්ව මීට පෙර කළ ඩොලර් බිලියන 18 අයථා ඉපයීම්වලට අමතරව කළ චෝදනාවක්‌ බව තවම පැහැදිලි නොමැති බවයි.
 
 කෙසේ වෙතත් රාජපක්‍ෂවරුන් 2015 රජය වෙනස්‌ වන අවස්‌ථාවේ ඇමරිකානු ඩොලර් බිලියන 18 හිමිකම් කියන බවට එවකට මුදල් ඇමැති මංගල සමරවීර සිරිකොතේදී 2015 මැයි මස කළ ප්‍රකාශය පිළිබඳව විමසීමක්‌ කළ යුතුව ඇත. මෙම ලියුම්කරු ද එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි විය. රාජපක්‍ෂවරුන් රටින් පිටකළ මුදල් නැවත රටට ලබාගැනීමට රටවල් හතරක්‌ ශ්‍රී ලංකාවට සහයෝගය දෙන බව පැවසූ සමරවීර සොරකම් කරන ලද ඩොලර් බිලියන 18 න්, ඩොලර් බිලියන 2 දැනටමත් තිබෙන ස්‌ථානය සොයාගෙන ඇති බව පැවසීය. සමරවීර පෙන්වා දුන්නේ සොරකම් කරන ලද මුදල ශ්‍රී ලංකාවේ දල දේශීය නිෂ්පාදිතයෙන් 26.5% පැවසීය.
 
 මෛත්‍රිපාල සිරිසේන 2015 ජනවාරි මස බලයට පත්වීමෙන් පසුව කොළඹ නිල සංචාරයක නිරත වූ එවකට ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ලක්‍ෂ්මන් කදිරගාමර් කේන්ද්‍රයේදී ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර රාජපක්‍ෂවරුන් පිට කරන ලද වත්කම් සෙවීම පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක්‌ කළේය. යහපාලන රජය පත්වී වසර 3 1/2 ගතවී ඇතත් අද වනතුරු ඇමරිකානු ඩොලරයක්‌වත් සොයාගෙන නොමැත. එවැනි තත්ත්වයක්‌ තුළ නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ කරන චෝදනා මෙන්ම ඇමරිකානු ඩොලර් බිලියන 18 සම්බන්ධයෙන් ද පූර්ණ විමර්ශනයක්‌ කළ යුතුව ඇත.
 
 මහින්ද දේශප්‍රිය සභාපතිකම දරන ජාතික මැතිවරණ කොමිසම, අල්ලස්‌ හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම ජාතික මැතිවරණ ව්‍යාපාරවලට පිටරට බලවතුන් මුදල් වියදම් කිරීම පිළිබඳව නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කරන බව පැහැදිලිය.
 
 මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනාවට ලක්‌ වී සිටින ආයතනය මන්ත්‍රීවරුන්ට, විශේෂයෙන්ම පාර්ලිමේන්තු පොදු කාරක සභාවේ සාමාජිකයන් කීපදෙනකුට මුදල් ලබාදීම, රාජපක්‍ෂ ජනපතිවරණ ව්‍යාපාරයට චීනය කළ ආයෝජනය සහ ඇමරිකානු ඩොලර් බිලියන 18 වත්කම් පිළිබඳව පාර්ලිමේන්තුවේ මැදිහත් වීමකින් පූර්ණ විමර්ශනයක්‌ කළ යුතුය.
 
 මෙම පරීක්‍ෂණයට සහයෝගය චීනයෙන් ඉල්ලා සිටිය යුතුය. පාර්ලිමේන්තුව නිල වශයෙන් චීනයෙන් කරන ලද ඉල්ලීමක්‌ එම රජය ඉවත දමන්නේ නැත. වර්තමාන කථානායක කරු ජයසූරිය පරීක්‍ෂණයට චීන සහයෝගය ලබාගැනීමට කටයුතු කළ යුතුමය. පාර්ලිමේන්තුවේ ඉල්ලීම මත මන්ත්‍රීවරුන්ට චීන චාරිකා සහ පරිගණක ලබාදුන් චීනය, 2015 ජාතික මැතිවරණයට මුදල් ආයෝජනය කිරීම සොයා බැලීම ජාතික අවශ්‍යතාවයකි.
 
 මලයාසියාව හිටපු අගමැති නජිබ් රසාක්‌ හට එල්ල වී ඇති බරපතළ මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් ලොවට ආදර්ශයක්‌ ලබා දෙන ආකාරයේ පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත. පරීක්‍ෂණය ආරම්භයේදීම එවකට අගමැති රසාක්‌ ආරක්‍ෂා කිරීමට කටයුතු කළ නීතිපතිවරයාව නව අගමැති මහාතීර් මොහොමඩ් ගෙදර යෑවීය.
 
 මලයාසියාව දූෂණ චෝදනාවලට ලක්‌වූ දේශපාලන නායකයන් සහ එම පක්‍ෂ සම්බන්ධයෙන් ක්‍රියාකළ ආකාරය ශ්‍රී ලංකාවට ආදර්ශයට ගත හැකිය. එය ආදර්ශයට ගත යුතුමය. දූෂණයට එරෙහිව ක්‍රියාකිරීමේදී පුද්ගල නාමයන් කිසි ලෙසකත් අදාළ කරගත යුතු නැත.
 
 අල්ලස්‌ හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම ශ්‍රී ලංකාව මුහුණදී ඇති තත්ත්වයෙන් ගැලවීමට වැඩපිළිවෙළක්‌ සකස්‌ කිරීමේ කටයුත්තේ තවමත් නියෑලී සිටින බව පුදුමයකි. මෙම වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡාවට සිවිල් සංවිධාන, ජනමාධ්‍ය ඇතුළු කණ්‌ඩායමකට ජුලි 2 සවස 4.00 ට කොළඹ ‘මුව්ඇන්ඩ්පික්‌’ සංවිධානය කර ඇත. සාකච්ඡාවෙන් පසුව රාත්‍රි ආහාරය පිරිනැමෙන බව ආරාධනා පත්‍රයේ සඳහන් කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අගමැතිවරු සහ ජනාධිපතිවරු ‘මුදලට’ ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙම සාකච්ඡාවේදී මතුවිය යුතු බව ලියුම්කරුගේ හැඟීමයි.
 
 2015 ජනපතිවරණයේදී ඇමරිකානු ආයෝජනය
 
 එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදය 2009 මැයි මස පැරදූ රාජපක්‍ෂ රජය ඉවත් කිරීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව 2010 ජනවාරි මස ජනපතිවරණයේදී බලවත් උත්සාහයක්‌ දැරීය. එම උත්සාහය පිළිබඳව පසුගිය ‘ඉරිදා දිවයින’ ලිපිය සාකච්ඡාවට භාජනය කළේය. ඇමරිකාව සහයෝගය දුන් ජෙනරාල් සරත් ෙෆාන්සේකා පරාද විය. පරාජයට ‘කොම්පියුටර් ජිල්මාට්‌’ හේතු වූ බව පැවසුවද එය ප්‍රලාපයක්‌ විය.
 
 2015 ශ්‍රී ලංකා ජනපතිවරණයේදී ඇමරිකාව කළ ආයෝජනය පිළිබඳව 2016 ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාව සඳහන් කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් සහ යහපාලනය නයිජීරියාවේ, මියන්මාරයේ සහ ශ්‍රී ලංකාවේ ස්‌ථාපිත කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 585 ආයෝජනය කළ බව ප්‍රකාශ කර ඇත. අදාළ රටවලට වියදම් කළ මුදල වෙන් වෙන්ව සඳහන් කර තිබුණේ නැති නමුත්, එවකට රාජ්‍ය ලේකම් ජෝන් කෙරී එම වාර්තාවේ පෙරවදනක්‌ ලෙස සඳහන් කර තිබුණේ “අප වටිනා ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණය ලබාගැනීමට ශ්‍රී ලංකාවට නයිජීරියාවට සහ මියන්මාරයට උදව් කළ බවය.”
 
 මෙම ඇමරිකානු ආයෝජනය යුද්ධය දිනූ දෙවරක්‌ ජනපති රාජපක්‍ෂ තුන්වැනි වරට රටේ නායකයා කරවීමට කටයුතු නොකළ බවට අමුතුවෙන් කිවයුතු නැත. නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පරීක්‍ෂණයක්‌ අවසානයේ කළ ඇමරිකානු ඩොලර් මිලියන 7.6// 3.7 චීන ආයෝජන චෝදනා මෙන්ම, 2015 කළ ඇමරිකානු ආයෝජනය පිළිබඳව පරීක්‍ෂණයක්‌ කළ යුතුය. චීනය කර ඇති ඇමරිකානු ඩොලර් මිලියන ගණනක ආයෝජනය සමඟ සැසඳීමේදී ඇමරිකාව 2015 ලංකාවේ කළ ආයෝජනය අති විශාලය.
 
 මෙම ලියුම්කරු මෑතකදී කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයෙන් රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළ ඩොලර් මිලියන 585 න් ශ්‍රී ලංකාවේ කළ ආයෝජනය කොපමණ දැයි කළ විමසීමට එම තානාපති කාර්යාලය පිළිතුරු දුන්නේ නැත. ශ්‍රී ලංකාවේ ආයෝජනය මුළු මුදලෙන් 1/3 වූවානම්, අදාළ පක්‍ෂ අතර බෙදී ගිය මුදල අති විශාලය. පුදුමය පාර්ලිමේන්තුව දේශපාලන පක්‍ෂ, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් හෝ මාධ්‍ය මෙම ඇමරිකානු ආයෝජනය සම්බන්ධයෙන් අවධානයක්‌ යොමු කර නැත. යම් පුද්ගලයකු හෝ දේශපාලන පක්‍ෂයක්‌ හෝ සිවිල් සංවිධාන මුදල් ලබාගෙන ඇත්නම්, මෙම විදේශීය ආයෝජන සම්බන්ධයෙන් නිශ්ශබ්දව සිටීම පුදුම විය යුතු නැත.
 
 දැනට පළ නොවන ටයිම්ස්‌ ඔෆ් සිලෝන් (Times of Ceylon) පුවත්පතේ පුවත්පත් කලාවේදිනියක ලෙස කටයුතු කළ දැනට ඇමරිකාවේ ජීවත් වන හසිනා ලීලාරත්න ඇමරිකානු තොරතුරු ලබාගැනීමේ පනත යටතේ එම රජය යහපාලන දින 100 තුළ කළ විශේෂ ආයෝජනයන් සම්බන්ධයෙන් හෙළිදරව්වක්‌ කළේය. ජනපතිවරණයෙන් පසුව 2015 මහා මැතිවරණයට පෙර ඇමරිකානු ඩොලර් මිලියන 3.4 යහපාලන රජයේ හදිසි අවශ්‍යතා වෙනුවෙන් ලබාදුන් බවට හෙළිකර ඇත.
 
 ඕනෑම තත්ත්වයක්‌ යටතේ රජය හෝ යම් පාර්ශවයක්‌ ලබාගන්නා විදේශ මූල්‍යමය ආධාර පිළිබඳව දැනගැනීමට ජනතාවට අයිතියක්‌ ඇත.
 
 2019 ජනාධිපතිවරණයට රටම සූදානම් වන මේ මොහොතේ චීන සහ ඇමරිකානු ‘මූල්‍යමය දේශපාලන ආයෝජන’ පිළිබඳව පුළුල් විමර්ශනයක්‌ අවශ්‍යය. පාර්ලිමේන්තුව ඇතුළු සියලු ආයතනික පරිපාලන තුළ දූෂණය වී ඇති බව රහසක්‌ නොවේ. සියලු දේශපාලන පක්‍ෂ මෙම තත්ත්වයට වගකිව යුතුය. විදේශීය තානාපති අංශ හරහා මන්ත්‍රීවරුන් නොයෙකුත් වරප්‍රසාද ගන්නා බව රහසක්‌ නොවේ. චීන සංචාරවල යෙදෙන ශ්‍රී ලංකා මන්ත්‍රීවරුන්ගේ සීමාවක්‌ නැත. මාසයකට දින 8 පමණක්‌ රැස්‌වෙන පාර්ලිමේන්තුවට නොපැමිණෙන මන්ත්‍රීවරු, ඇමැතිවරු පිටරට සංචාර අත්නොහරිති. ජනමාධ්‍යවේදීන් ද සීමාවක්‌ නොමැතිව විදේශ සංචාරවල යෙදීම පුදුමයකි.
 
 පාර්ලිමේන්තුවේ ගහමරා ගන්නා මන්ත්‍රීවරු විදේශීය සංචාරවලට එකට සහභාගි වෙති. විනෝද වෙති. ජනතාවට එම විගඩම් ගැන තරහක්‌ නැත. ප්‍රශ්නය තුන් වේලක්‌ නිසියාකාරව ආහාරයට ගැනීමට නොහැකි රටේ මහජන නියෝජිතයන් උපරිම සැප විඳිති. වසර 5 කට වරක්‌ ලැබෙන මන්ත්‍රී වාහන බලපත්‍රයේ බදු සහනයේ වටිනාකම කෝටි 3 කට වැඩිය. බොහෝ මහජන නියෝජිතයන් එම වාහනය විකුණා දමති.
 
 ජවිපෙ මන්ත්‍රීවරු හැර අනෙකුත් සියලුම පක්‍ෂ මේ අසික්‌කිත මුදල් ඉපයීම කරන බව රහසක්‌ නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම ජාතික අපරාධයට එරෙහිව නඩුවක්‌ ගොනුකර ඇත.
 
 2019 ජනපතිවරණයේදී ප්‍රධානතම මාතෘකාව වන්නේ පැවති සහ පවතින දූෂණය, වංචාව සහ මූල්‍ය අක්‍රමිකතා බව ඉතා පැහැදිලිය. මහ බැංකු බැඳුම්කර වංචාව චීන දේශපාලන ආයෝජන, බටහිර ‘මූල්‍ය’ මැදිහත්වීම, ඩලස්‌ අලහප්පෙරුම පවසන පරිදි ‘ඩොලර් ප්‍රේමීන්’ ඡන්ද ව්‍යාපාරය මෙහෙයවනු ඇත. කවුරු කෙසේ කීවත්, 2019 ජනපතිවරණය දිනන කණ්‌ඩායම මෛත්‍රිපාල – වික්‍රමසිංහ ක්‍රමය අනුගමනය කළහොත්, ජනපතිවරණය සමඟම ආණ්‌ඩුවේ ඉරණමද තීරණය විය හැක.
 
 2015 ජනපතිවරණය ජයග්‍රහණය කළ ජනපති සිරිසේන පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයකට ආසන්න බලයක්‌ හිමි පෙර පක්‍ෂය බලයෙන් පහකර 50 දෙනකුට අඩු මන්ත්‍රී සංඛ්‍යාවක්‌ හිමි එජාප නායක රනිල් වික්‍රමසිංහ අගමැති කළ බව පාර්ලිමේන්තුවට කෙසේ වෙතත් ජනතාවට අමතක නැත.
 
 
 ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

2 Responses to “චීන ආයෝජන ගැන “නිව්ස්‌” හොයන ඇමෙරිකාවේ ආයෝජන ගැනත් හොයමුද ?”

  1. Charles Says:

    Fezrdinando should send an article to New York Times about money given to Yahapalanaya by the USA Government fro their election campaign and for special expense for the 100 day Yahapalanaya.

  2. Hiranthe Says:

    Thank you Shamindra for the timely published article.

    You have done a tremendous service to Mother Lanka during the War with killer LieTTE time. Please keep up your spirit and continue the good work for our motherland.

    You are the one who brought forward Lord Nesby’s Report in defence of Mother Lanka and we never forget that unshaken loyalty to her.

    As Christie said, Upali Newspaper co as a leading publisher in SL should write to New York Times officially and should request them to investigate on the official declaration of John Kerry worth $550m.

    This request should be published in the news paper and it should include both events of American funding and Chinese finding for a detailed report to make the newspaper independent of any political affiliation. Copies of the request should be given to American and Chinese embassies with wide media coverage.

    Let Truth Prevail.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress