ලෝක කණිෂ්ඨ මළල ක්‍රීඩා ශුරතාව ක්‍රීඩකයින්ට සුගතදාස පිට්ටනියත් නෑ.ෆින්ලන්තයේ පුහුණුවට අවස්තාවත් නෑ
Posted on July 1st, 2018

පුවත්පත් නිවේදනය කීර්ති තෙන්නකෝන්

ජූලි 10 දින ෆින්ලන්තයේ දී ආරම්භ වන ලෝක කණිෂ්ඨ මළල ක්‍රීඩා උළෙල සදහ සහභාගි වන ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ පුහුණුව සදහා සුගතදාස ක්‍රීඩාංගනය ලබා නොදෙන තත්වයක් පවතී.  ඒ යාඥා මෙහෙයක් සදහා සුගතදාස ක්‍රීඩාංගනය කුලියට දී ඇති බැවනි.  මේ ක්‍රීඩකයින් පුහුණුව සදහා ෆින්ලන්තය වෙත යොමු කරන ලෙසට ඉල්ලීම් සිදු කර ඇති නමුත්, එයට  මළල ක්‍රීඩා සංගමය හෝ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් මේ දක්වාම අවස්ථාව ලබා දී නැතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

මේ සදහා වන ඉල්ලීම් දෙකක් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත කැෆේ සංවිධානය විසින් යොමු කර ඇති අතර, එම අවස්ථාව ලබා දෙන බවට නිලධාරීන් වාචිකව ප්‍ර‍කාශ කළ නමුත්, ඒ සදහා මුලික පියවර හෝ තවමත් ගෙන නොමැති බව තෙන්නකෝන් මහතා පැවසූවේ අද රාජගිරියේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී ය.   

ෆින්ලන්ත තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා අවශ්‍ය මුලික පහසුකම් පවා සපයා ඇත්තේ පරිත්‍යාගශ්‍රීලීන් වෙතිනි.  එසේ තිබිය දී, පුහුණුව සදහා අවශ්‍ය මුලිකම පහසුකම් සැපයීම ක්‍රීඩා අමාත්‍යාංශයේ වගකීමක් වන බව ද තෙන්නකෝන් මහතා පැවසීය.
කීර්ති තෙන්නකෝන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress