සන්ධ්‍යා එක්‌නැලිගොඩට මා එදා කීවේ මෙච්චරයි… ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පිළිතුරු දෙති
Posted on July 1st, 2018

 සාකච්ඡා කළේ- සිරිමන්ත රත්නසේකර උපුටා ගැන්ම දිවයින

මේ දේශපාලන තක්‌කඩි, ගෑනුත් නොවන පිරිමිත් නොවන උන්නේ මේ රට හදන්න උත්සාහ කරනවා කියන්නේ… මිනිසුන්ගේ ස්‌ත්‍රී පුරුෂ භාවය ගැන අපට ප්‍රශ්නයක්‌ නැහැ. අපි කොයි ලිංගයන්ටත් ගරු කරනවා. හැබැයි මේ ගෑනුත් නොවන පිරිමිත් නොවන උන් ටිකක්‌ ඇවිත් රට අනාථ කරන එක ගැන අපිට විශාල වේදනාවක්‌ තිබෙනවා.එම පිරිස කවුද නම් කියන්න පුළුවන්ද?එකම ගණයේ පුද්ගලයන් තිදෙනෙක්‌ කියලා හිතා ගන්න. එකම දම්වැලක පුරුක්‌ තුනක්‌. හිතන විදිය එකයි. ඇවතුම් පැවතුම් එකයි. පාට පාට සමනල ලෝකයක ඉන්න අන්න ඒ වගේ තුන් දෙනෙක්‌.

ජම්පරයෙන් ද සිටියේ සිවුරෙන් ද සිටියේ ?
 හිරේ යවන්න හවුල් ප්‍රබලයින් කවුද ?
 රාජ යෝගයකුත් තිබෙනවා නේද ?
 
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් පසුගියදා සිරගත කිරීමේ සිදුවීම රටේ ප්‍රධාන මාතෘකාවක්‌ව තිබිණ. 
 
මේ පිළිබඳව සංඝ සමාජයේ, දේශපාලන ක්‌ෂේත්‍රයේ, සිවිල් සමාජයේ මෙන්ම මාධ්‍යයේද විශාල කතාබහක්‌ ඇතිව තිබූ අතර මේ වන විට උන්වහන්සේ තමන් වහන්සේ ලද දඬුවම සම්බන්ධයෙන් මෝසමක්‌ ඉදිරිපත් කර ඇප ලබා සිටිති.
 
 ඥනසාර හිමියන් සිරගත කිරීම, උන්වහන්සේට බන්ධනාගාරය තුළ ජම්පරය ඇන්දුවේද ඇතුළු කරුණු කාරණා රැසක්‌ පිළිබඳව “දිවයින ඉරිදා සංග්‍රහය” උන්වහන්සේ බැහැදැක විමසා සිටියේය.
 
 පහතින් පෙළ ගැසෙන්නේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් සමඟ “දිවයින ඉරිදා සංග්‍රහය” සිදුකළ සම්මුඛ සාකච්ඡාවයි.
 
 gansara
 
 ප්‍රශ්නය – අවසරයි අපේ හාමුදුරුවනේ…· මෙවර ඔබ වහන්සේට සිරගත වෙන්න සිදු වුණේ කීවැනි වතාවටද?
 
 පිළිතුර – කලින් වතාවේ රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. මෙවර වැරැදිකරුවකු ලෙස නම්කරලා කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක්‌ යටතේ හිරේ යෑව්වා. ඒ අනුව වාර දෙකයි.
 
 ප්‍රශ්නය – ඔබවහන්සේ දඬුවම් නියම වී වැලිකඩ බන්ධනාගාරය වෙත වඩිනකොට එහි පරිසරය කෙබඳුද?
 
 පිළිතුර – මට දඬුවම් නියම වී ඇති බව දැනගත් පසු බන්ධනාගාරය තුළ පූර්ව සූදානමක්‌ තිබූ බව එහි නිලධාරීන්ගේ කතාබහින් හැඟී ගියා. කිසි කරදරයක්‌, හිරිහැරයක්‌, අවහිරයක්‌ නොවන පරිද්දෙන් මට වැඩඉන්න පුළුවන් විදිහේ පරිසරය එහි සකසා තිබුණා. බන්ධනාගාර නිලධාරීන්ගේ කාකි ඇඳුමට යටින් ඉන්න හොඳ මනුස්‌සකම මේ සිදුවීමත් සමඟ මම දැක්‌කා. ඒ උදවිය වෙනුවෙන් කෘතවේදිත්වය මේ වේලාවේ පුද කරන්න කැමැතියි.
 
 ප්‍රශ්නය – කිනම් සිර මැදිරියේද ඔබ වහන්සේ රඳවා සිටියේ…
 
 පිළිතුර – ආර්. වාට්‌ටුවේ තමයි මම හිටියේ.
 
 ප්‍රශ්නය – එහි පරිසරය කෙසේ වුණාද?
 
 පිළිතුර – එතැන දීර්ඝ සිරදඬුවම් හා ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් නියම වූ සිරකරුවන් සිටියා. ඔවුන් යහපත් කල් ක්‍රියාවෙන් බන්ධනාගාරය තුළ වැඩ කිරීමෙන් යම්කිසි ලෙස සිරකරුවන් අතර උසස්‌වීම් ලබපු අය කීවොත් නිවැරැදියි. ඒ අය ආගමික වත්පිළිවෙත් සම්පූර්ණ කරමින් බන්ධනාගාර පරිපාලනයත් සමඟ සම්බන්ධ වී කටයුතු කරන්නන් . ඒ උදවිය මාව ඉතාම හොඳින් බලා ගත්තා.
 
 ප්‍රශ්නය – එම සිරකරුවන්ට ධර්ම දේශනා, භාවනා වැඩසටහන් කළ බවට සඳහන් වුණා.
 
 පිළිතුර – ඔව්. ඔවුන් සමඟ ඒ අදාළ දේවල් සිදු කළා.
 
 ප්‍රශ්නය – බන්ධනාගාරය තුළ සිටියදී ඔබ වහන්සේ පොතක්‌ රචනා කිරීම ආරම්භ කළ බව මාධ්‍ය වාර්තා කළා.
 
 පිළිතුර – 1840 හදපු ඓතිහාසික සිරකුටියක තමයි මා සිරකර තිබුණේ. වැලිකඩ බන්ධනාගාරයේ පැරැණිතම ගොඩනැඟිල්ල මම හිතන විදිහට එයයි. ඩී.එස්‌. සේනානායක මහත්තයා, උඩකැන්දවල සරණංකර හාමුදුරුවෝ මම හිටිය සිරකුටියේ රඳවා තබා තිබෙනවා. මම බොහෝ ගරු කරන අපවත් වී වදාළ හේන්පිටගෙදර Æණසීහ හාමුදුරුවෝ අවුරුදු තුනයි මාස දෙකක්‌ මැගසින් බන්ධනාගාරයේ රඳවා තබාගෙන තිබෙනවා. උන්වහන්සේ රචිත පොත්පත් සහ තවත් පොතපත මෙහිදී මට කියවන්න ලැබුණා. ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දෙනව නම් ඔව්. මම ඒ කාලය තුළ පොතක්‌ රචනා කරන්න පටන් ගත්තා.
 
 ප්‍රශ්නය – එහි අන්තර්ගතය කෙසේද?
 
 පිළිතුර – ජාතික ව්‍යාපාරය තුළ අපට සිදුවුණ අනවරත කුමන්ත්‍රණ හිරිහැර එහි අන්තර්ගතයි. ඇත්තටම ඇප ලබා එළියට එනකොට මම එහි පිටු සෑහෙන සංඛ්‍යාවක්‌ ලියා අවසන් කළා.
 
 ප්‍රශ්නය – පොතට මාතෘකාවක්‌ යෙදුවද?
 
 පිළිතුර – මේ පෙළ ගැහෙන සංසිද්ධීන් ගැන බලලම පොතට නමක්‌ යොදනවා.
 
 ප්‍රශ්නය – හාමුදුරුවනේ ඔබ වහන්සේ බන්ධනාගාරගත කළ පසු රටේ කතාබහ වූ දෙයක්‌ තමයි ඥනසාර හිමියන්ට ජම්පරය ඇන්දුවාද නැද්ද කියන කාරණය. ඇත්තටම ජම්පරය ඇන්දද?
 
 පිළිතුර – වඩා වැදගත් වන්නේ ඇන්දේ කුමක්‌ද කියන එකට වඩා අද අපි මුහුණ දෙමින් ඉන්න අවාසනාවන්ත තත්ත්වය කුමක්‌ද කියන එකයි. මම නම් හිතෙන්නේ අපි තවම නිදහස්‌ ජාතියක්‌ නොවෙයි කියලයි. එක්‌දහස්‌ අටසිය හතළිස්‌ ගණන්වල තිබුණ ක්‍රමවේදයන්ම තමයි අදටත් පවතින්නේ. ඒ නීති කිසිවක්‌ බන්ධනාගාරය තුළ වෙනස්‌ වෙලා නැහැ. සුද්දොa නීති හැදුවේ දෙවියන්ට වගකියන බයිබලයට අත තියලයි. ඒ දෙවියන්ට ඇති ඇල්මෙන්. එවැනි නීති පද්ධතියක්‌ බෞද්ධ රටකට කොතරම් දුරකට ගැළපෙනවා දැයි ප්‍රශ්නයක්‌. මට නම් තේරෙන්නෙම අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුවත්, බන්ධනාගාරයේ වැඩි දෙනෙක්‌ තවමත් වැඩ කරන්නේ මේ රට සුද්දගේ කොලනියක්‌ කියලා හිතාගෙනයි. මේක අපි වෙනස්‌ කළ යුතුයි.
 
 ප්‍රශ්නය – හාමුදුරුවනේ ප්‍රශ්නයට අදාළව හරි උත්තරයක්‌ ලැබුණේ නැහැ.
 
 පිළිතුර – බන්ධනාගාරයේ දී ඇඳුම පිළිබඳ ලොකු ගැටලුවක්‌ වුණේ නැහැ. ඒ අය ඒ අයගේ රාජකාරිය කළා. මම මගේ භිsක්‍ෂුත්වය ආරක්‌ෂා කරගෙන කටයුතු කළා.
 
 ප්‍රශ්නය – ඔබ වහන්සේ අමුත්තන් බැහැ දකින්න වැඩියේ නැත්තේ ඇයි? එයට විශේෂ හේතුවක්‌ තිබුණද?
 
 පිළිතුර – මම හිටපු පරිසරය, ඒ ලබපු අත්දැකීම ඒ විදිහටම විඳගන්න මට ඕන වුණා. ඉතින් මම ඒ ගත්ත තීන්දුව හොඳයි නිවැරැදියි කියලා හිතනවා. මොකද මාව බැහැදැකලා කතාබහ කරනවට වඩා අපේ අයට එළියේ කරන්න වැඩ කොටසක්‌ තිබුණා. ඒ නිසා තමයි රට තුළ මීට එරෙහිව විශාල පෙළගැස්‌මක්‌ ඇති වුණේ.
 
 ප්‍රශ්නය – ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතාගේ බිරිඳට තර්ජනය කිරීමක්‌ සම්බන්ධයෙනුයි ඔබ වහන්සේට මෙම දඬුවම නියම වුණේ. සන්ධ්‍යා එක්‌නැලිගොඩ මහත්මිය සමඟ එදා ඇති කරගත් ආරවුල මොකක්‌ද?
 
 පිළිතුර – කාරණා කිහිපයක්‌ තිබෙනවා. අපේ රට සාමාන්‍යයෙන් ගොරකා දඩමස්‌ කරන රටක්‌. කුඩු පාන්කුඩු කරන රටක්‌. ගංජා දුම්කොළ කරන රටක්‌. නීතිය විකෘති කරන රටක්‌ මේක. ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය මාධ්‍ය මේ රටේ භික්‍ෂුත්වයට එරෙහිව මහා සම්ප්‍රදායට එරෙහිව, සංස්‌කෘතියට එරෙහිව හැසිරෙනවා. ඒ වගේම මේ රටේ දේශපාලකයෝ ගන්න නිගමන මේ රටට හා පුද්ගල චරිතවලට කොපමණ හානිකරද? මේ අය කියන තරමක්‌ කියන්නේ බොරු. එක්‌නැලිගොඩ සිදුවීම සම්බන්ධයෙන් නඩු නිමිත්තත් තවම යන නිසා ඒ ගැන වැඩිය කතා කරන්න හොඳ නැහැ. එක්‌නැලිගොඩගේ අභාවය හෝ අතුරුදන්වීම නිසා ඔහුගේ බිරිඳට හා ළමයින්ට දුකක්‌ වේදනාවක්‌ ඇතිවීම ඒ අයට සාධාරණයි. නමුත් මගේ මැදිහත්වීම තිබෙන්නේ එක්‌නැළිගොඩ සිද්ධිය භාවිතා කර රටේ බුද්ධි අංශ දුර්වල කිරීමට දෙමළ ඩයස්‌පෝරාව සමඟ එක්‌ව එන්.ජී.ඕ. නඩය ගෙන යන වැඩපිළිවෙළටයි. ඉතින් මේක පටලවගෙන අනවශ්‍ය ප්‍රශ්න නිර්මාණය කරමින් ඉන්නවා මේ මොහොත වෙද්දි.
 
 ප්‍රශ්නය – හොඳයි…. ඔබ වහන්සේ සන්ධ්‍යා එක්‌නැලිගොඩ මහත්මියට බැණ වැදුණේ ඇයි?
 
 පිළිතුර – සන්ධ්‍යා එක්‌නැලිගොඩ මහත්මිය, අපේ හමුදාව අවසන් යුද්ධයේ දී රසායනික අවි භාවිතා කළ බවට ජාත්‍යන්තරයට කියා තිබුණා. මේ පිළිබඳ එම්මානුවෙල් පියතුමා සමඟත් ඇය සාකච්ඡා කර තිබුණා. අප රටේ හමුදාව, යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යැම තෙක්‌ වූ වැඩපිළිවෙළේ කොටසක්‌ ලෙස තමයි මං මෙය දැක්‌කේ. එතකොට රණවිරුවන් කඳුළු පිරි දෑසින් උසාවියෙන් එළියට එනකොට අතට වැටුණු කඳුළුත් එක්‌ක මට ඇතිවුණු හැඟීම, ඒ වගේම ජාතික ආවේගය තමයි එදා පිටවුණේ. එහෙම කියලා මම එතුමියට මරණ තර්ජන කරන්නවත් වෙන දෙයක්‌ කරන්නවත් ගියේ නැහැ.
 
 ප්‍රශ්නය – ඔබ වහන්සේ එතැනදී ඇයට මොනවද සඳහන් කළේ…
 
 පිළිතුර – මම කිව්වේ ඔයාගේ මහත්තයා කොටියෙක්‌නෙ. ලෝකය වටේ ගිහිල්ලා රණවිරුවන්ට එරෙහිව කේළාම් කියන්න එපා. ඊට වඩා හොඳයි හිඟා කෑවනම් කියලයි මම කිව්වේ. එහෙම කිව්ව එක තමයි මේ වෙනස්‌ කරලා මරණ තර්ජන කළාය, සාපරාධී අඩන්තේට්‌ටම් කළාය කියලා බලහත්කාරකම් කළා කියලා නීතිපති එකෙන් හදලා එවලා තියෙන්නේ. මේ වගේ සිදුවීම්වලට මිනිසුන්ට දඬුවම් කරන්න ගියොත් මේ රටේ සෑම පාසලක්‌ම බන්ධනාගාරයක්‌ කරන්න වෙයි. සෑම පොල්ගසක්‌ම එල්ලුම් ගහක්‌ කරන්න වෙයි. මේක නිකන් කූඩැල්ලෝ වගේ එල්ලෙන්න එන වැඩක්‌. මෙම ප්‍රශ්නය අනවශ්‍ය මානයකට ගෙන ගොස්‌ තිබෙනවා. රාජ්‍ය නොවන සංවිධානවල බලපෑම මත බටහිර සතුටු කිරීමට, නීතිය හරියටම ක්‍රියාත්මක වන බව පෙන්වීමට භික්‍ෂු දඩයම මේ දඩබල්ලන් විසින් හරියටම කරනවා.
 
 ප්‍රශ්නය – ඇතැම් රාජ්‍ය නිලධාරින් දේශපාලනඥයන්ගේ දඩ බල්ලන් යෑයි ඔබ වහන්සේ සඳහන් කළේ ඇයි?
 
 පිළිතුර – මේ රටේ පාලකයොත්a එම පාලකයන්ට වගකියන බොහොම දරුණු ගණයේ දූෂිත නිලධාරි රෙජීමයකුත් තිබෙනවා. ඒ දූෂිත රෙජීමයට සමහරක්‌ පොලිස්‌ නිලධාරින් අයිතියි. දේශපාලනඥයන්ට අවනත නැති යම් පුද්ගලයකු ඉන්නව නම් ඔන්න ඕකට බෝaම්බයක්‌ දාලා ඇතුළට දාන්න කියලා කිව්වහම එම නියෝග ක්‍රියාත්මක කරන දූෂිත නිලධාරි පැලැන්තියක්‌ ඉන්නවා මේ රටේ. ඒ වගේම කාවහරි දඩයම් කරන්න ඕන නම් නීතිපති දෙපාර්තමේන්තුවෙත් ඉන්නවා ඒ වගේ නිලධාරීන් පිරිසක්‌. මම මේ කියන්නේ එහි සියලු නිලධාරින්ට නෙමෙයි. දූෂිතයන් සුළු පිරිසක්‌ හොඳ නිලධාරින්ගේ නමත් නැති කරනවා. නීතියට ගරු කිරීම හෝ නොකිරීම පවතින්නේ නීතිය ක්‍රියාත්මක කරන උදවියගේ භූමිකාව මතයි. ඒ අයම එය දූෂණය කර කර රටේ මිනිස්‌සුන්ව නීතියට ගොනු කරන්න හදනවා. අනිත් එක මේ රටේ කොහේද එක නීතියක්‌. නැගෙනහිරට එක නීතියක්‌. උතුරට එක නීතියක්‌. දකුණට එක නීතියක්‌. ඒ නිසා රට කරවන පාලකයෝ, ඒ වගේම නඩුකාරයන්ගේ පටන් නීතිඥවරු කල්පනා කරන්න ඕනා. මේ රටේ තියෙන්න ඕන අධිකරණය විතරද කියලයි. රට තියෙන්න ඕනද නැද්ද කියලා මේ කවුරුත් හිතන්න ඕනා. රට කියන කාරණයේදී හාමුදුරුවන්ට තිබෙන ඓතිහාසික කාර්ය භාරයට කාටවත් අභියෝග කරන්න බැහැ. එය අනුලංඝනීය කාරණයක්‌. අපි පෙනී ඉන්නේ ඒ භූමිකාව වෙනුවෙන්. තීන්දු තීරණ ලබා දෙද්දී භික්‍ෂු ගෞරවය ආරක්‌ෂා නොවන ලෙසත් අපට පැවරී ඇති ඓතිහාසික කාර්යභාරයට අභියෝග නොකරන්නට ඔවුන් කටයුතු නොකළ යුතුයි.
 
 ප්‍රශ්නය – ඔබ වහන්සේ සිරගත කිරීමේ වගකීම ආණ්‌ඩුව භාරගත යුතු බව ඔබ වහන්සේ සඳහන් කර තිබුණා. එසේ සඳහන් කළේ ඇයි?
 
 පිළිතුර – මම එහෙම කිව්වේ මේ ආණ්‌ඩුවේ ඉන්න ප්‍රධාන පෙළේ ඇමැතිවරු දෙන්නෙකුත් ඒ දෙන්නට උඩින් ඉන්න එක්‌තරා පක්‍ෂයක නායකයකුත් තමයි මේ සිදුවීම පිටුපස ඉන්නේ. ඒ නිසයි මම එහෙම කිව්වේ. අධිකරණයෙන් තීන්දුව දෙන්න කලින් අපි දන්නවා එන්නේ මේ තීන්දුව කියලා. නමුත් අපි විශ්වාස කළේ නැහැ මේ අයම තමයි අධිකරණයේ ස්‌වාධීනත්වය, ස්‌වාධිපත්‍යය, නීතිය ගැන කතා කරන්නේ. හැබැයි මේ අයම ලෝකයම බලා සිටියදී නීතියේ දෙවඟන දූෂණය කරනවා. මේ දේශපාලන තක්‌කඩි, ගෑනුත් නොවන පිරිමිත් නොවන උන්නේ මේ රට හදන්න උත්සාහ කරනවා කියන්නේ… මිනිසුන්ගේ ස්‌ත්‍රී පුරුෂ භාවය ගැන අපට ප්‍රශ්නයක්‌ නැහැ. අපි කොයි ලිංගයන්ටත් ගරු කරනවා. හැබැයි මේ ගෑනුත් නොවන පිරිමිත් නොවන උන් ටිකක්‌ ඇවිත් රට අනාථ කරන එක ගැන අපිට විශාල වේදනාවක්‌ තිබෙනවා.
 
 ප්‍රශ්නය – ඥනසාර හාමුදුරුවන්ට ජම්පරය අන්දවන්න ඕනා කියලා ආණ්‌ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනෙක්‌ සහ නිලධාරීන් පිරිසක්‌ සාකච්ඡාවක නිරත වී ඇති බව ඔබ වහන්සේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණා. මේ තොරතුරු නිවැරැදි යෑයි සිතනවාද?
 
 පිළිතුර – මේක සියයට සියයක්‌ම හරි තොරතුරු. ඒ කතාව ඇත්ත.
 
 ප්‍රශ්නය – එම පිරිස කවුද නම් කියන්න පුළුවන්ද?
 
 පිළිතුර – ප්‍රධාන පෙළේ ඇමැතිවරු දෙන්නෙකුත්… මෙහෙම හිතා ගන්නකෝ… එකම ගණයේ පුද්ගලයන් තිදෙනෙක්‌ කියලා හිතා ගන්න. එකම දම්වැලක පුරුක්‌ තුනක්‌. හිතන විදිය එකයි. ඇවතුම් පැවතුම් එකයි. පාට පාට සමනල ලෝකයක ඉන්න අන්න ඒ වගේ තුන් දෙනෙක්‌.
 
 ප්‍රශ්නය – නම් හරියට කිව්වොත් මීට වඩා තේරුම් ගන්න පුළුවන් වේවි…
 
 පිළිතුර – යම් මතු දවසක නම් ගම් විස්‌තර සියල්ල රට හමුවේ තබන්නම්.
 
 ප්‍රශ්නය – ඔබ වහන්සේ නම් කියන්න පස්‌ස ගහනවා වගේ කියලයි මට හැඟෙන්නේ…
 
 පිළිතුර – කාටවත් බයේවත්, කාවවත් ආරක්‌ෂා කරන්නවත් නම් නොකියා ඉන්නේ නැහැ. හරි වෙලාවට හැමදේම කියන්නම්.
 
 ප්‍රශ්නය – දේශපාලනඥයන් කියන ඕනම දෙයක්‌ ක්‍රියාත්මක කරන්න නීතිපති දෙපාර්තමේන්තුවේ අධිකරණයේ සහ පොලිසියේ බත් බැලයන් ඉන්න බව ඔබ වහන්සේ සඳහන් කර තිබුණා. කවුද මේ පිරිස?
 
 පිළිතුර – මුලින්ම කියන්න ඕනා මේ දෙපාර්තමේන්තුවල බොහොම හොඳ මිනිසුන් ගොඩක්‌ ඉන්න බව. නමුත් ඒ මිනිසුන්ගේ හොඳ මේ බත් බැලයන් නිසා නැතිවෙලා. මේ රටේ මොනවද දූෂණය වෙලා නැත්තේ. මේකෙ සියලුම ආයතන දූෂිතයි. එය නිවැරැදි කරන්න වෑයම් කරන පිරිසක්‌ ඉන්නවා. නමුත් තක්‌කඩි, බලලෝභී, අවස්‌ථාවාදී දේශපාලනඥයන් පිරිසක්‌ නිසා ඔවුන්ට එය කරන්න බැරිව තිබෙනවා. දේශපාලනඥයන්ගේ වරදාන බුදින නිලධාරි පැලැන්තිය උන්ට ඕන ඕන අය දඩයම් කරනවා. මේ දඩ බල්ලන්ට කියන්න තියෙන්නේ කරුණාකර පරිස්‌සම් වෙන්න කියලයි. මොකද රට තුළ ගොඩනැඟුණු භික්‍ෂු එකමුතුව මගින් අපගේ අයිතිවාසිකම් ආරක්‌ෂා කර ගැනීමට කටයුතු කරනවා පමණක්‌ නෙමෙයි රටට වින කරන සියල්ලන් හෙළි කිරීමට කටයුතු කරනවා.
 
 ප්‍රශ්නය – ඔබ වහන්සේ සිරගත කිරීමත් සමඟ මෙරට බෞද්ධ සමාජය තුළ කාලයකින් නොදුටු පිබිදීමක්‌ ඇතිව ඇති බව දක්‌නට ඇති කාරණයක්‌. මේ තත්ත්වය ඉදිරියට රැගෙන යැම සඳහා යම් වැඩපිළිවෙළක්‌ බොදු බල සේනා සංවිධානය සතුද?
 
 පිළිතුර – පළමුව කියන්න ඕනා මා වෙනුවෙන් රට පුරා පෙළ ගැසුණු නායක හාමුදුරුවන්ගේ පටන් පුංචි සාමණේර හාමුදුරුවන් දක්‌වා විවිධ සිවිල් සංවිධානවලට අයිති සියලුම දෙනාට සහ සියලු මාධ්‍ය ආයතන ඇතුළු සියල්ලන්ටම අප අපගේ පුණ්‍යානුමෝදනාව පුද කරනවා. 1959 දී තමයි පළමු බුද්ධශාසන කොමිෂන් වාර්තාවේ සංඝාධිකරණයක්‌ පිළිබඳ සාකච්ඡාව එළියට ඇවිත් තිබෙන්නේ. නමුත් 1959 සිට මේ දක්‌වා මේ රටේ හිටපු සියලු පාලකයන්ට බැරිවෙලා තියෙනවා රටේ හාමුදුරුවන්ගේ ගෞරවය ආරක්‌ෂා කරලා බුද්ධාගම ආරක්‌ෂා කොට එය පෝෂණය කිරීම සඳහා වැඩ කටයුතු කරන්න. අඩුම තරමේ බුද්ධාගම කියන එක නිර්වචනය කරගන්නවත් මේ පාලකයන්ට බැරිවෙලා තිබෙනවා. බෞද්ධත්වය හා සිවුර දේශපාලනඥයන්ගේ දේශපාලනයට ආභරණයක්‌ කරගෙන තිබෙනවා. තවදුරටත් මොවුන්ට මේ තක්‌කඩිකම් කරන්න දෙන්න බැහැ. 
 
 දේශපාලනඥයන්ගෙන් චීවරය බේරා ගැනීම සහ සංඝයාට අවශ්‍ය සංඝාධිකරණය ක්‍රියාවට නංවා ගැනීමේ වගකීම් දෙකක්‌ අප හමුවේ තිබෙනවා. සංඝාධිකරණය දිනා ගැනීම සඳහා අප නොවලහා වැඩ කරනවා. අපි අප ගැනම ලැඡ්ජා විය යුතුයි. මුස්‌ලිම් කාන්තාවන්ගේ නඩු ඇසීමට මේ උසාවි පද්ධතියෙම ඒ අයගේ නීති බලගැන්වීම සඳහා කාසි උසාවි 68 ක්‌ මේ රටේ හදාගෙන තිබෙනවා. එහෙම නම් මේ රටේ බුද්ධාගමට ලබාදී ඇති ප්‍රමුඛතාව, ආගමික නීති යම් නගරවල, පළාත්වල ක්‍රියාත්මක වන තැනට රට පත්ව තිබියදී මේ බෞද්ධයෝ පමණක්‌, හාමුදුරුවරු පමණක්‌, සිංහලයෝ පමණක්‌ නීතියට ගරු කරන්න කියල කියන එක ගැන අප දෙවතාවක්‌ හිතන්න ඕනා. සිංහලයෝ වීම නිසයි මේ ඔක්‌කොම ප්‍රශ්න. 
 
 ජාති බේදකාරී ලෙස උතුරේ ක්‍රියාත්මක ජාතිවාදය දෙස නිවට නියාලු ලෙස බලන් ඉන්න අපේ දේශපාලනඥයන් අපට ජම්පර් අන්දන්න හදනවා. අපට ජම්පර් අන්දවන්න කලින් විග්නේෂ්වරන්ට ඉඳලම ජම්පර් අන්දවන්න කියන්න.
 
 ප්‍රශ්නය – ඔබ වහන්සේ මේ කරන්නේ කුමන්ත්‍රණයක්‌ යෑයි …. මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා බරපතළ චෝදනාවක්‌ කර තිබුණා.
 
 පිළිතුර – අනේ මේ ජාතික පුවත්පත කතා කළ යුතු පුද්ගලයෝ ගැන පමණක්‌ කතා කරමු. මේ මානසික ලෙඩ්ඩු ගැන කතා කළ යුතු නැහැ. මුල්ලේරියාව හා අංගොඩ කියලා මානසික රෝහල් දෙකක්‌ තියෙන්නේ මේ අය වෙනුවෙන් තමයි. දීර්ඝකාලීනව හොඳ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගන්න ඕන අය අපි කුමන්ත්‍රණකාරීන් කියලා කියනව නම් කරන්න තියෙන්නේ ඒ අයට අනුකම්පා කිරීම තමයි. පිස්‌සන්ට උත්තර දෙන්න වෙලාව නාස්‌ති කරන්න යන්නේ නැහැ.
 
 ප්‍රශ්නය – ඔබ වහන්සේට රාජ යෝගයක්‌ ඇති බව හිමිනමක්‌ සඳහන් කර තිබුණා…
 
 පිළිතුර – පන්සලක විහාරාධිපති වීමත් රාජ යෝගයක්‌. පාසලක විදුහල්පතිකම ලැබීමත් රාජ යෝගයක්‌. පොලිසියක ස්‌ථානාධිපති වීමත් රාජ යෝගයක්‌. අපි දන්නේ නැහැ කේන්දරේ ලියවිලා තියෙන්නේ මොනවද කියල. එක දෙයක්‌ පැහැදිලිව කියන්න ඕන. අපට ඕන රජ වෙන්න නෙමෙයි. මේ රටට වුවමනා කරන කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන සොඳුරු, රටට රජෙක්‌ හදන්නයි අපට ඕන. ඒ යුග කාරණය ඉතිහාසය පුරාම හාමුදුරුවරු කරලා තිබෙනවා. හාමුදුරුවරු කියන්නේ රජ වෙන අය නෙමෙයි. රජකමට මිනිස්‌සු හදන කණ්‌ඩායමකුයි.
 
 ප්‍රශ්නය – 2020 ජනාධිපතිවරණයේ සහාය කාටද?
 
 පිළිතුර – ඒ ගැන සාකච්ඡා කරමින් ඉන්නවා. බෞද්ධකම දඩමීමා කරගනිමින් භයානක ගනයේ අන්තවාදී මූලධර්මයන් ගොඩනැඟෙන්න ඉඩ දීලා තිබෙනවා. 2020 ජනාධිපති වෙන ඕනෑම කෙනෙක්‌ 1959, 2001-2002, 2008-2009 කාල වකවානු තුළ මේ රටේ සබුද්ධික සවිඤ්Æණිකව කල්පනා කරපු දැන උගත් විදග්ධයන් විසින් සකස්‌ කරන ලද කොමිෂන් වාර්තාවල නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුයි. එසේ කරන ඔහු හෝ ඇය මේ රටේ නායකයා වේවි. 
 
 
 සාකච්ඡා කළේ-
 සිරිමන්ත රත්නසේකර

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress