විජයකලාට තවදුරටත් ඇමැති ධුරයේ රැඳී සිටීමට අයිතියක් නැහැ
Posted on July 3rd, 2018

උදයන්ති මුණසිංහ උපුටාගැණීම  මව්බිම

විජයකලා මහේෂ්වරන් ඇමැතිවරිය කළ ප්‍රකාශයට අනුව තවදුරටත් ඇමැති ධුරයේ කටයුතු කිරීමට ඇයට නීතිමය අයිතියක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්. පීරිස් අවධාරණය කළේය.

රජයේ කැබිනට් ඇමැතිවරු දෙදෙනෙක් ඉදිරියේ නිල උත්සවයකදී එවැනි ප්‍රකාශයක් කිරීමට තරම් එඩිතර වීම හුදකලාව තක්සේරු කළ නොහැකි බවත්, මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටින විට මෙවැනි ප්‍රකාශයක් කළේ නම්, වත්මන් ආණ්ඩුව මෙන් තුෂ්ණීම්භූතව බලා නොසිට දැඩි ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවත් ඔහු සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය මඟින් ඊයේ (03දා) පුංචි බොරැල්ලේ පිහිටි වජිරාශ්‍රමයේදී පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පීරිස් මහතා,

ඇමැති ධුරයක් දරන්න කලින් දිවුරුම් ප්‍රකාශයක් කරන්න ඕනි. ඒකීය රජයට පක්ෂපාති වෙනවා. භූමිය තුළ වෙන කිසිම රාජ්‍යයක් ස්ථාපිත කරන්න කිසිම සහයෝගයක් වචනයෙන් හෝ ක්‍රියාවෙන් දක්වන්නේ නැහැ කියලා. එතකොට විජයකලා මැතිනිය මේ ප්‍රකාශය කළේ ප්‍රථම වතාවට නෙවෙයි. දිගින් දිගටම එතුමිය මේ ප්‍රකාශ කරලා තියෙනවා. මේක ඉතා බැරෑරුම් ප්‍රකාශයක්.

ඔඩ්ඩුසුඩාන්වලදී හමුවුණා භයානක ගිනි අවි වගයක්. ඒ විදියේ පසුබිමක් තුළ තමයි ඇමැතිවරිය මේ ප්‍රකාශය කළේ. මේ ආණ්ඩුව බලයට පත් කරපු බලවේගවලට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගැනීමට ආණ්ඩුවට පුළුවන්කමක් නැහැ. ඒක තමයි භයානකම තත්ත්වය.
ඇත්ත වශයෙන්ම එම අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට දැන් ඇයට නීතිමය අයිතියක් නැහැ. එතුමියගේ දිවුරුම් ප්‍රකාශයට සම්පූර්ණයෙන්ම පටහැනි විදියට තමයි එතුමිය කටයුතු කරන්නේ. මේ හැමදේටම විසඳුම උසාවියට යෑම නොවෙයි. මේ ප්‍රශ්න ඇතිවීමට මූලික හේතුව තමයි බෙලහීන ආණ්ඩුවක්, කිසිම කෙනකුගේ ගෞරවයට පාත්‍ර නොවන ආණ්ඩුවක් පැවැතීම. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් අද තිබුණා නම් මේ පිළිබඳව උසාවි යන එක නෙවෙයි කරන්නේ. ක්ෂණික විසඳුමක් ගන්නේ. එය කිරීමට ඕනෑ තරම් බලතල රජයට තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළේ තියෙන බලතල පාවිච්චි කිරීමට ශක්තියක් නොතිබීම නිසා තමයි කිසිම දෙයක් කරන්න ගන්න බැරි තත්ත්වයකට මේ ආණ්ඩුව පත්වෙලා ඉන්නේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව ප්‍රදේශයේ බැංකුවකින් රුපියල් ලක්ෂ නවසිය හැටක් කොල්ලකාලා. දිගින් දිගටම හැම දවස් දහයකටම වගේ සැරයක් අපිට අහන්න ලැබෙනවා බැංකු කොල්ලකෑම් ගැන. බැංකු බිඳීම ජාතික ව්‍යාපාරයක් බවට අද පත්වෙලා. මේකට කදිම පූර්වාදර්ශයක් ආණ්ඩුව ස්ථාපිත කරලා ඉවරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන

විජයකලා මහේෂ්වරන් ඇමැතිනියගේ ප්‍රකාශයේ තියෙන විශේෂත්වය තමයි ඇය එක්සත් ජාතික පක්ෂයෙන්, යාපනය තරග කරලා, එජාපය වෙනුවෙන් ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ මන්ත්‍රිතුමියක්. එයින් ගම්‍ය වෙන්නේ එජාපයේ වගකිව යුතු ඇමැතිවරු දෙදෙනෙක් ඉදිරිපිට එජාපයේම මන්ත්‍රිවරියක් ප්‍රකාශයට පත් කරනවා අපිට නිදහසේ ජීවත් වෙන්න නම්, නැවත එල්.ටී.ටී.ඊ.ය බලයට එන්න ඕනි කියලා. මෙය කිසිසේත් ලඝුකොට තකන්න පුළුවන් ප්‍රකාශයක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂය මේ ප්‍රකාශය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් වගකිව යුතුයි.

දවස්වල නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත හරහා මඩ ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. පොඩි මුදලක් ගැන තමයි මෙවර මහින්ද රාජපක්ෂ මැතිතුමාව ඉලක්ක කරන්නේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 7.6ක්. මීට කලින් මංගල සමරවීර චෝදනා කළා මහින්ද මහතා ඇතුළු ඔහුගේ පවුලේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 18ක් කියලා. එය මහින්ද රාජපක්ෂගේ ජාත්‍යන්තර ගිණුම්වල තියෙනවා කියලා මංගල සමරවීර කිව්වා. ඒක රුපියල්වලින් බැලුවොත් රුපියල් බිලියන 2880ක්.

මේ රටේම පේදුරුතුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩුව දක්වා සමස්ත ලාංකේය ජනතාව තුළ කාසි හා නෝට්ටු ප්‍රමාණයේ වටිනාකම බිලියන 598යි. මහින්ද රාජපක්ෂ මහතාගේ ගිණුම්වල මේ වගේ පස් ගුණයක් තියෙනවා කියලා තමයි මංගල සමරවීර කියන්නේ.
ඉතින් මේ ගැන වහාම රහස් පොලිසිය, පොලිස්පති සියලු දෙනා එකතු වෙලා ජාතික කර්තව්‍යයක් විදියට සලකලා ඒ මුදල් අරගෙන එන එක තමයි කරන්න ඕනි. රටේ සියලු දෝෂ නිවාරණය වෙන්න ඒ දේ කරන්න ආණ්ඩුවට පුළුවන් එහෙනම්.

ආණ්ඩුව දැන් නිව්යෝර්ක් ටයිම්ස් අල්ලගෙන ගල් පැළෙන අසත්‍ය ප්‍රකාශ කරලා මේ කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාට පහර දීමක් නෙවෙයි. චීනයට එළව එළවා පහරදීමේ ප්‍රතිපත්තියක් තමයි එක්සත් ජාතික පක්ෂය අනුගමනය කරන්නේ. එජාපය මුල ඉඳලාම චීනයට අපහාස කළා. මේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ තියෙන චෝදනාව ගැන රටේ රාජ්‍ය නායකයා වන මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ පිළිබඳව ලෝකයට ප්‍රකාශ කළ යුතුය
මෙහිදී අදහස් දැක්වූ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ,
අපි රන්ජන් රාමනායක ඇමැතිවරයාට කියනවා මේ මහ බැංකු වංචාවේ වංචාවට අහුවෙලා තනතුරු අහිමි වෙලා ඉන්නේ රවි කරුණානායක, අර්ජුන් මහේන්ද්‍රන් කියන එජාපයේ අය. අපි රන්ජන්ට කියනවා කරුණාකරලා අනෙක් අයට මඩගහන සුපුරුදු ව්‍යාපාරය ගෙනියන්න එපා. හිටපු ජනාධිපතිතුමාට සහ අපේ පක්ෂයේ ඉන්න අනෙකුත් අයට කරන මඩගැසීම් අපි තරයේ හෙළා දකිනවා.

උදයන්ති මුණසිංහ
ඡායා – වෙනුර චන්ද්‍රමාලිත

One Response to “විජයකලාට තවදුරටත් ඇමැති ධුරයේ රැඳී සිටීමට අයිතියක් නැහැ”

  1. Ananda-USA Says:

    Vijayakala Maheswaran’s call for RESURRECTION of the LTTE is OUTRIGHT TREASON and INCITES terrorism.

    As the UNP Minister of Child Welfare and a Tamil WELL AWARE of the ENSLAVEMENT and VIOLATION of CHILDREN practiced on a MASSIVE SCALE by the LTTE, she is COMPLETELY HYPOCRITICAL when she ADVOCATES the RESURRECTION of the LTTE! Therefore, SHE IS COMPLETELY UNFIT to hold this Ministerial Portfolio or ANY OTHER position in government.

    Furthermore, this statement arises in a background of INCREASING LTTE activism, discovery of weapons of war in the possesion of former LTTE cadre, public support for the LTTE and a SEPARATE EELAM in the North and East by Tamil leaders of like mind including Sambandan (Leader of the Opposition and the Tamil National Alliance), Sumanthiran (Attorney and MP), Vigneswaran (former Chief Justice of the Supreme Court, Chief Minister of the Northern Province, and now a VOCAL EXPONENT of separatism, and Sivajilingam (Probhakaran’s brother-in-law). In other words, this is an attempt to AGGRAVATE & INCITE public support of the Tamil population foer the LTTE with the intention of calling for a SEPARATE STATE OF EELAM in the not too DISTANT FUTURE with the aid of the Tamil DIASPORA, Tamil Nadu nationalists, and their WESTERN BACKERS aligned against China.

    They are getting to be FRANTIC at the PROSPECT of a LANDSLIDE VICTORY for the Patriotic Forces of Sri Lanka in the next TWO ELECTIONS, and the LOSS of EVERYTHING they hoped to accomplish through the YAMAPALANA GOVERNMENT. They see the WRITIONG ON THE WALL and are PREPARING for a UNILATERAL DECLARATION of INDEPENDENCE!

    The RESPONSE to Vijayakala Maheswaran’s TREASON should be taken at FOUR LEVELS:

    1. Impeach & Expelo her from her position as a Member of Parliament. The basis is that an MP’s oath taken at swearing-in requires an MP to UPHOLD the National Constitution. She has VIOLATED that OATH. The person RESPONSIBLE for doing this is the Speaker of the House, currently Karu Jayasuriya.

    2. She should be EXPELLED from Membership of the UNP as having VIOLATED the Constitution of the UNP. If the UNP FAILS to EXPEL her, then the UNP by default CONDONES and becomes PARTY to that TREASON. The persons responsible for doing that are the General Secretary of the UNP, and its Executive Committee, headed by the President of the UNP Ranil Wickramasinghe.

    3. The Department of Justice of Sri Lanka, and the Attorney General as the operational executive should ARREST, INDICT, PROSECUTE and CONVICT Vijayakala Maheswaran under the Laws of the Constitution that prohibits TREASON and the Protection Against Terrorism Act (POTA). The TREASON Laws mandate a MINIMUM sentence of 7 years in prison.

    4. Upon CONVICTION in the Courts, Vijayakala Maheswaran should be STRIPPED of her Sri Lankan citizenship, and STRIPPED of her citizenship rights upto and including disqualification from holding ANY PUBLIC OFFICE in general, and Membership in the Parliament in particular.

    Indeed, these SAME STEPS, in appropriate forms, should be taken AGAINST ALL THOSE Tamil Politicians mentioned above for their TREASONOUS PRONOUNCEMENTS and SUPPORT for Tamil SEPARATISM in the distant and recent past!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress