මහ බැංකුව යටතේ පවතින විශ්‍රාම අරමුදලුත් දුෂිත පර්පචුවල් බැදුම්කර වංචාව යොදාගෙන.  මහ බැංකු අරමුදල් සදහා පාඩුව රු. මිලියන 78 යි.
Posted on July 5th, 2018

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයෙන් බැදුම්කරය ගැන තවත් අනාවරණයක් -මාධ්‍ය ඒකකය

ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවතින අරමුදල්/භාරයන් 6  ක මුදල් ද, දුෂිත පර්පචුවල් බැදුම්කර වංචාව සදහා යොදා ගෙන ඇති බවත්, එමගින් ශ්‍රී ලංකා මහ බැංකුව සතු අරමුදල්වල අවම වශයෙන් රු. මිලියන 78 ක අලාභයක් සිදුව ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍යේ විධායක අධ්‍යක්ෂ කීර්ති  තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් අනාවරනය කරයි.  

ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවතින උක්ත අරමුදල් 6 හි පාඩුව වන රු. මිලියන 78 ක් හෝ එයට වැඩි මුදල අය කර ගැනීම සදහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.  මෙම අරමුදල් සදහා භාරකාරත්වය දරන ආයතන මෙම පාඩුව අය කර ගැනීම සදහා නඩු පැවරිය යුතුය.  මේ වන විට පර්පචුවල් සමාගම දුෂිත බැදුම්කර වංචාවෙන් උපයාගත් රු. මිලියන 8500 ක් අය කර ගැනීම සදහා රාජ්‍ය ආයතන 5 ක් වෙනුවෙන් නීතිපතිවරයා නඩු පවරා ඇත.   සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල, රක්ෂණ භාරය, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභා අරමුදල් හා මහපොල උසස් අධ්‍යාපන භාර අරමුදල් මෙසේ නඩු පවරා ඇති ආයතන වෙති. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාම අරමුදලේ තැම්පත් ද, මෙම දුෂිත බැදුම්කර ගණුදෙනුවට යොදා ගෙන ඇති බවත්, එමගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයින්ට ද පාඩුවක් සිදුව ඇති නමුත්, එම අරමුදල් අයකර ගැනීමට හෝ මේ දක්වාම නඩු පැවරීමක් සිදුව නැත.

මාධ්‍ය ඒකකය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress