කැලෑහඳ, දෝන කමලාවතී තුළින් මතුවන සිංහල දෙමළ නොරිස්සුම
Posted on July 12th, 2018

වෛද් රුවන් එම්.ජයතුංග

වර්ගවාදීන් නොවූ ඇතැම් සිංහල නවතකාකරුවන්ගේ ප්‍රසිද්ධ නවකතාවලින් දුවිඩ මිනිසුන් කෙරෙහි සිංහල මිනිසුන් තුළ තිබූ නුරුස්සනාභාවය ප්‍රකට වී ඇත. නමුත් ඒවා වැඩි සැලකිල්ලට යොමු වී නැත. ඩබ්ලියු. ඒ සිල්වාගේ කැලෑහඳ” හා ගුණදාස ලියනගේ ලියූ දෝන කමලාවතී” නවකතාවලින් මෙසේ සිංහල මිනිසුන්ගේ සාමූහික අවිඥානය නිරූපණය වී ඇති ආකාරය විචාරකයින්ගේ අවධානයට යොමු නොවූයේ එය එදවස ඒ හැටි අපූරුවක් නොවූ නිසාද?

ජනවාර්ගික ගැටුම තුළ සිංහල හා ද්‍රවිඩ ජාතීන් තුල පවත්නා සාමූහික අවිඥානයේ බලපෑම අධ්‍යනය කොට ඇත්තේ අඩුවෙන් බව පෙනේ. මෙම ජාතීන් දෙක අතර අවිඥානිකව පවත්නා සතුරු බව හා ගුටුම්කාරී බව ඇතැම් විට වර්තෙමාන ජනවාර්ගික අර්බුධයට තලුලුවක් වන්නට ඇත. එම නිසා ගැටුම් නිරාකරණයේදී සහ ජාතීන් දෙක අතර සාමය හා සහජිවනය ගොඩනැගීමේදී මෙවැනි අවිඥානික සාධක කෙරෙහි සැලකිලිමත් වීමද එවැනි සාධකයන් නිශේධනය කිරීමට ඉවහල් වෙයි.

මේ ශත වර්ෂයේ මුල් භාගයේ හෝ ඊට පෙර සිට සිංහල අවිඥානය තුළ දුවිඩයන් කෙරෙහි තිබුණේ සතුරු බවක් මෙන්ම පිළිකුලකි. එය දුටුගැමුණු එළාර යුද්ධය පිළිබඳව සියවස් ගණනාවක් පුරා ඇසූ සොලීන් පිළිබඳ විරෝධය අපගේ සාමූහික අවිඥානය තුළ තැන්පත් වී තිබේ. ඔවුන් තුලද සිංහලයන් පිළිබඳ ඇත්තේ එවැනිම චිත්‍රයකි. ඔවුන් සිංහලයන් අභිබවා ගොස් අපව යටත් කරගනු ඇතැයි අහේතුක බියක් අප තුළ තිබේ. මහජාතිය වන සිංහලයන් සුළුතරය වූ තමන් ගිලගනු ඇතැයි ඔවුන් තුළද එවැනි අහේතුක බියක් තිබේ.

නිදහසින් පසු මෙම ජාතීන් දෙක අතර ජාතිවාදී කෝලාහල ඇති විය. ජාතීන් දෙකටම අයත් පුද්ගලයන් කුරිරුකම්වල යෙදුනහ. එම නිසා වඩාත් කුරිරු වූයේ කුමන ජාතියද යන්න එතරම් වැගත් නොවේ.

මෙම හැසිරීම හැඳින්විය යුත්තේ සාමූහික අවිඥානයෙන් මෙහෙයවන්නක් හැටියටය. මේ සාමූහික අවිඥානය collective unconscious  පිළිබඳ අප මෙහි අධ්‍යනය කර ඇත්තේ නැති තරම්ය. මේ පිළිබඳ ලෝකයා මුලින්ම දැනුවත් කළේ කාල් ගුස්ටාව් යුංය. හේ පුද්ගල අවිඥානය හා සාමූහික අවිඥානය වශයෙන් ස්ථර දෙකකට අවිඥානය බෙදුවේය. සාමූහික අවිඥානයේ අනාදිමත් කාලයක් පුරා ජනවාර්ගික වශයෙන් හා සංස්කෘතිකමය වශයෙන් මෙන්ම පොදුවේ මානව වර්ගයා ලුළ පැවැති ස්මරණයන්ද එක් රැස්ව පවතින බව ඔහු පෙන්වා දුන්නේය. අපි දැන් ඩබ්ලියු. ඒ සිල්වාගේ කැලෑහඳ” නවකතාවේ මුල්පිටු කිපය පෙරළා මේ ගැන හොයමු.

මාලිනී ද සීයාගේ නියමයට අනුව නිතරම තම කනකර ගැන සෝදිසියෙන් සිටියාය. ඇ‍යට තම ගමේ උත්සවයන් හා රුස්වීම්වලදී මහ සෙනග අතර හැසිරුණු පළපුරුදුකම් ඇතිවත්, ඒ පළපුරුදුකමක වග මෙහිදී නොදැ‍නේ. මේ දකුණු කොළඹ මෙන්ම හින්දු දේවස්ථානයද වෙයි. බොහෝ සේ හැසිරෙන දෙමළ ජනයාද ඇයට අපූර්ව දර්ශෙනයකි. ඈ සිංහල පිරිසකට නම් කැමතිය. සිංහල පිරිසක් අතර තෙරපෙන්නෙකුට ලැබෙන්නේ තෙරපීමේ පීඩාව පමණකි. දෙමළ සෙනඟක් අතර තෙරපෙන්නෙකුට තෙරපීමේ පීඩාව සමඟ වැස්මක් නැති ඇඟෙන් නික්මෙන දෙමළ දහදිය ගඳද ඉවසන්නට සිදුවේ.”

ඩබ්ලියු. ඒ. සිල්වා මහතාගේ විස්තර වර්ණනාව අනුව දෙමළ ගඳ පතුරුවන මිනිසුන් එක්තරා ආකාරයක මනුෂ්‍ය කොටසකි. ඔවුන් අප මෙන් පිරිසිඳු නැත. අපිරිසිදු ජන කොටසකි. ඩබ්ලියු. ඒ. සිල්වා මහතා පිළිබඳව නොදත් පුද්ගලයෙකු ඔහු ඉතා වර්ගවාදියකු ලෙස හෙළාදකිනු නිසැකය. එහෙත් ඔහු කුරිරු ගතිවලින් තොර යහපත් මිනිසෙක් විය. ඔහුගේ පෑන් තුඩින් ලියැවෙන්නේ සිංහල මධ්‍යම පන්තියක ආකල්ප විය හැක. ඔවුන් දමිළයන් කෙරෙහි වෛරයක් නැති වුවද යම් ආකාරයෙක පිළිකුලක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් පෙන්වූහ. මෙම මානසික ශේෂයන් අද දක්වාම සිංහල සාමූහික විඥානයේ රැඳී තිබෙයි. එම නවකතාවේ තවත් තැනෙක දැක්වෙන විස්තරයක් මෙසේය.

ඔන්න….. ඔන්න….. වේල් එනෝ….. වේල් එනෝ….. සිංහලෙන් මාලිනියට ශ්‍රවණය වූ එකම ජනරාවය මෙපමණයි. එයින් මේ වේල් පෙරහැර එන කලබලය බව ඈ තේරුම් ගත්තාය. ඇය කෙරේ ද වේ ල් පෙරහැර දකින ආශාව බලවත් විය. එහෙත් ඇයට එය තවමත් නොපෙනේ. ඇයට වරින්වර පෙනෙන්නේ සෙනඟ සැඩපහර මැදින් පෙම් කෙළින මත්ස්‍යයන් මෙන් උඩ නැගෙන වේවැල් පහරවල් හා බැටන් පොලු පමණකි. කෙළිලොලින් මත්ව විගඩ වෙසින් නටන දෙමළ ජනයා සංසිඳුවන ‍පොලිස් භටයන්ගේ හා පෙරහර නායකයන්ගේ මේ බැටන් පොලු හා වේවැල් සරඹය අන් කාහට කෙසේ වුවත් මාලනියට නම් සිත් පිනවන දර්ශනයක් නොවීය.”

මෙම විස්තරයෙන් ගම්‍ය වන්නේ වේල් පෙරහර නිාස කලබලයට පත් වූ ද්‍රවිඩ සෙනගට පොලිස් භටයන් විසින් පහරදීමය. එකල එවැනි පහරදීම් නිබඳවම සිදු වූ බව පැරණි පොලිස් නිලධාරීන් අවංකවම පිළිගනියි. එය ඩබ්ලියු. ඒ. සිල්වා මහතගේ විස්තර වර්ණනාවටද එක්විය. මෙම විසත්රය බෙහෙවින්ම කිට්ටුවන්නේ බර්මිංහැම් හි 60 දශකයේ මාටිං ලුතර් කිංගේ සාමකාමී පෙළපාළියට පොලිස් භටයින් විසින් පහරදීමය.

දශක ගණනාවක් පුරා කැලෑ හඳ කියවන පාඨකයන් මේ වන තෙක් එවැනි පහරදීමක් හෙළාදැක නැත. කිසිඳු ප්‍රශ්න කිරීමකින් තොරව අපි දශක ගණනාවක් කියවූයෙමු. එසේම චිත්‍රපටයට ද නැගුණි. කිසිවකු මෙම ඡේදය පිළිබඳ කිසිදු ප්‍රශ්න කිරීමක් නොකළහ. එ මන්දයත් අපගේ ලෝකයේ මෙය සුළු සිද්ධියකි. කිසිසේත්ම ගණන් ගත යුතු නොවන්නකි.

අපගේ සංස්කෘතිය කේන්ද්‍ර කොට සිතීමේදී අප එය පිටස්තර අහඹු සිද්ධියක් ලෙස සලකමු. එහෙත් 1915 බෞද්ධ පෙරහරකට යෝනකයන් ගල් ගැසූ විට අපි සසල වූයෙමු. ආගමික පෙරහරකට අවහිරතා ඇති කළ හැක්කේ කෙසේද? යන්න අපි ප්‍රශ්න කෙ‍ළෙමු. එහෙත් කැලෑ හඳ නවකතාවේ පොලිස් භටයන් ද්‍රවිඩ බැතිමතුන්ට බැටන් පහරදීම අපගේ චින්තනය අනුව සුළු සිදුවීමකි.

එවැනි පහර දීමක් ඔවුන්ගේ කෝණයෙන් බලමු. ‘දුප්පත් ද්‍රවිඩ බැතිමතුන් පිරිසක් වන අප වේල් පෙරහැර නැරඹීම සඳහා පැමිණියෙමු. අපගේ උනන්දුව තීව්‍රර වීමෙන් පාර මදක් අවහිර විය. එහි රාජකාරියේ නිරතව සිටින සිංහල පොලිස් භටයන් අපට නිර්දෙය ලෙස පහර දුන්හ. අප දුප්පත් නිසාත්, අසරණ නිසාත්, කළ හැක්කක් නොවීය. බැටන් පොලු පහර වැදීම නිසා තඩිස්සි වී ගිය අත් පාවල අපි තෙල් ආලේප කළෙමු.’

මෙවැනි සිද්ධියක් දැන් දුටු පුද්ගලයෙකුට ඇතිවන හැඟීම කුමක්ද? එසේම තමාගේ පියා එලෙස නිර්දය ප්‍රහාරයකට ලක්වනු දැකීම තුළින් දෙමළ ළමයා තුළ ඇතිවන හැඟීම කෙබඳු වේද? අපි අපගේ සදාචාරයෙන් ප්‍රශ්න කිරීමේ කාලයට එළැඹී සිටිමු. මෙයට ප්‍රතිඋත්තර ලෙස දෙමළුන් ගෝමරන්කඩවලදී හෝ ගෝනාගලදී සිංහල දරුවන් පෙති ගැසූ බව කිවහැක. එක වරදක් තවත් වරදක් මකා නොදමයි. කුඩා වතුර බින්දු බිඳු එක්වීමෙන් මහා ජලාශයක් සෑදෙන අයුරු අපි පාසලේදී උගත්තෙමු. සිංහල, දෙමළ, වාර්ගික අර්බුධය එලෙස කුඩා ජලබිඳු එක්වීමෙන් සැදුනු මහා ජලාශයකි. අපි යලිත් කැලහඳ කෘතියට පිවිසෙමු.

මාලිනියට කැලෑ හඳේ දෙමළ ගඳ ඉවසිය නොහැකි විට හටගන්නා තත්වයයි මේ ‘සෙනඟ මැදද නොයෙක් ගැටුම් ගැටෙන බව ඇයට දැනේ. එහෙත් ඒ කිසිවක් ඇයට නොපෙනේ. ඇය ඉදිරියේ තාර ගා කළු කළ තාප්පයක් වැනි උරයෙන් උර පැහැර සිට එකම දෙමළ සරණියක් හැකිතාක් උස් වෙමින් ඒ දෙමළ පෙළට ‍උඩින් කරනගා ඈ මේ නැටුම් බලන්නට වෑයම් නළාය. ඇයගේ වෑයම සඵල නොවීය. ඇය වැනි බොළඳ වියේ සිටි මිටි තරුණියකට තබා උස පිරිමියකුටවත් මේ සෙනග සරණිය ඉක්මවා කිසිවක් දෙස බැලිය නොහැකියි. ඈ සුසුම් හෙලුවාය. සුසුම් හෙලීමට විනා ගැනීමටවත් ඇයට අවකාශයක් නැති දෙමළ ඇඟවලින් නික්මෙන දුගඳ එතරම්ම පිළිකුල් විය.’

ඩබ්ලියු. ඒ. සිල්වා මහතා දමිළයන් ගැන වර්ගවාදී පිළිකුල් කෝපයකින් බැලූ පුද්ගලයකු නොවීය. ඔහු සඳහන් කරන්නේ එකල සිංහලයකු දෙමළ ජනකායක් ග්‍රහණය කරගන්නා ආකාරයයි. හැබැවින්ම ජාතීන් දෙක අතර තදබල හිඩැස් තිබූ බව මේ අනුව පෙනීයයි. කැලෑ හඳ නවකාතාවේ සිංහල සාධූ නාදය සහ හින්දු හරෝ හරා නාදය සන්සන්දනය කරයි.

අපි ආගම්වලිනුත් දුරස්ව සිටියෙමු. අපගේ ආගම ශ්‍රේෂ්ඨ බවත්, අන්‍යන්ගේ ආගම මිත්‍යා දෘෂ්ටික බවත් උපකල්පන කරන්නේ තත්ත්වය උග්‍ර වූ විටදීය.

රත්තරන් සොයා දකුණු ඇමරිකාවට ගිය ස්පාඤ්ඤ ජාතික පිසාරෝ ස්වදේශික ජනයා මරා දැමුවේ ඉතා කෲරත්වයක් පෙන්වමිනි. එහෙත් එම ඝාතන පිළිබඳව ඔහුට කිසිඳු වරදකාරී බවක් නොවීය. ඒ මන්දයත් ස්වදේශිකයන් ක්‍රිස්තු භක්තික නොවූ මිත්‍යා දෘෂ්ටිකයන් වූ නිසාය.

දොන් ජෙරනිමෝද අසවේදු ඇතුළු පෘතුගීසී සෙන්පතියන් සිංහල ගම් විනාශ කළේත්, මිනිසුන් කිඹුලන්ට ආහාර පිණිස දැමූවේත්, බිළිඳුන් උඩ දමා කඩු තුඩින් අල්ලා කඩුගෑවේත්, ඔවුන් මිත්‍යා දෘෂ්ටිකයන් වූ නිසාය. ඔවුන්ගේ කෝණයෙන් බලනවිට ඔවුන් ඝාතකයන් නොවේය යන නිගමනයට පහසුවෙන් එළැඹිය හැකිව තිබුණි.

කැළෑ හඳ කෘතියට බොහෝ කලකට පසුව 1971 වසරේ පළකරන ලද ගුණදාස ලියනගේ මහතාගේ දෝන කමලාවතී නවකතාවේ දෙමළ වතු කම්කරුවන් ගැන මෙසේ කියයි.

කඩයට ආගිය අයගෙන් මා වඩාත් පිළිකුල් කළේ හල්වතුර වත්තේ දෙමළ මිනිසුන් සහ ගැහැනුන්ය. දෙමළ මිනිසකු හෝ ගැහැනියක කඩයට එන විට මා ඇස් පියාගෙන සිටියත් ඔවුන් ගඳින් ඇඳින ගැනීමට මට ශක්තියක් තිබුණි. ඔවුන් ළඟ තිබුණේ පුදුම හඬු ගඳක්, හඬු ගඳගසන වේට්ටිවල, සාරිවල ගැටගසා ඇති සල්ලි දිග හැර මා අතට දුන් විට මා ඒවා ගත්තේ අදං ආතාගේ සල්ලි ගන්නවාටත් වඩා පිළිකුලෙනි.”

ගුණදාස ලියන්ගේ මහතා බොහෝ ඇසූ පිරූ තැන් ඇති වියත් ලේඛකයකු විය. ඔහු ජාතිවාදියකු නොවීය. මෙම නවකතාවෙන් ප්‍රකාශ වන්නේ ද්‍රවිඩ වතු කම්කරුවන් පිළිබඳව ගැමියන් තුළ තිබූ චිත්‍රයයි. ඔවුන් අසරණ නමුත් පිළිකුල් සහගත කොටසක් බව ගැමියෝ විශ්වාස කළහ.

ඩබ්ලියු. ඒ. සිල්වා මහතාත්, ගුණදාස ලියනගේ මහතාත් පෙන්වාදෙනුයේ දමිළයන් පිළිබඳ සාමාන්‍ය ජනතාව තුළ තිබූ හැඟීම්ය. ඔවුන් පිටස්තරයන් බව සිංහල අවිඥානයේ තිබුණි. එම නිසා ජනවාර්ගික ගැටුම්වලදී සහකම්පණීය අවබෝධකයින් තොරව ඔවුනට පහරදීමට ගැමියන්ට හැකි වූහ.

වාර්ගික වශයෙන් එකිනෙකා ප්‍රතික්ෂේල කරන හෝ සතුරු බව පෙන්වන අවිඥානික ශේෂයන් සිංහල හා ද්‍රවිඩ මනැස්වල රැඳී පවතියි. එම නිසා එවැනි අවිඥානික ශේෂයන් පිළිබඳ දැනුවත් විම හා විශ්ලේශනය මඟින් මෙම ජාතීන් දෙක අතර පවත්නා දුරස්ථ බව අවම කළ හැක. එබැවින් ගැටුම් නිරාකෙරණයේදී මෙකී අවිඥානික ස්කීමාවන් (Schema) කෙරෙහි අවධානය යොමු විය යුතුය.

වෛද් රුවන් එම්.ජයතුංග  

6 Responses to “කැලෑහඳ, දෝන කමලාවතී තුළින් මතුවන සිංහල දෙමළ නොරිස්සුම”

  1. Dilrook Says:

    There is no need. Artworks must have the freedom of expression. Besides they depict social realities (ethnic tensions, non-traditional sexual acts, power imbalances) which are undesirables yet true in the society.

    Similarly, religious, cinematic, historical and political freedom of expression must be allowed no matter how harmful they may be to reconciliation, etc. Reconciliation must build around these; not by silencing them.

    For instance, the futility of fire worship, etc. has been stated in Buddhist text. A certain creed practices these even today. But that doesn’t mean this must be scaled down not to offend anyone. Fire worship is ridiculous and it is a fact.

    I fully support anti-hate speech laws. That is a different thing. Strangely, minority groups oppose hate speech laws more than anyone else!

  2. Christie Says:

    දෙමලු නැත්නම් මෙම ඉන්දියානුවන් බිරිතානින්ගේ තුවක්කු යටින් පැමිනි පරපෝසිතයන්ය.

    අපරටේ පමනක් නොව වෙනරටවලද මෙම පරපෝසිතයන් සලක්න්නේ සතුරන් ලෙසය.

    ඉන්දියානු පරපෝසිතයන් සිටින හැමරටකම තත්වය එයයි.

    ඔවුන් හින්දුන් වන අතර අනිකුත් මිනිසුන්ව සලකන්නේ වසලයන් ලෙසය.

    මෙය මානසික තත්වයක් නොවේය..

  3. Christie Says:

    Reorienting the Postcolonial.
    As a child I used to watch ants and aphids. They had a mutual relationship and my little sugar plants died away. The last British Empire or the British-Indian Empire was built with mutual partnership between British and Indians. There was no India before the British made it out of a large number of countries in the Indian subcontinent; the Indian Union. The British went with their violence and Indians with their nonviolence to invade and colonize tropical countries. The weather in the tropics did not suit the British but the Indians prospered. The Indians were kept away from coming to colder British colonies. In the tropical colonies the British were the absentee land lord and the Indians were the colonists.
    The WWII unsettled the British partner of the British -Indian Empire. The Indian partner supported the enemy of the British from behind. The Indian imperialists and colonists are going from strength to strength and their subjects are disappearing from the earth. The Indian Empire where the sun never sets extends from Fiji to Guyana. Today the colder British colonies are being colonized by Indians from the Indian Union and the Indian colonies of the Indian Empire.
    The Indians went with the British as Sepoys (soldier assistants) , Peons (administrators) and Coolies (laborers). The best example is Mohandas Karamchand who served the British as a Sepoy as well as a Peon.
    Again; when I was little, mum took us to a special place for a bath. We walked through a path lined with huge trees with a white band around them. My younger brother ran towards the shining waterfall and I heard a scream ‘chandals’. The bathers moved out but mum ushered us back and we had our bath later at the waterfall.
    British talk about divide and rule as their own but Indians divide you from birth. If you are a subject of an Indian colony you are an untouchable that is you are not a human being. British left Andaman and Nicobar Islands without interfering with the ecology or people there. British Partner gave them to India and today the local Bo people are museum pieces.
    Our back side is in the Indian Ocean and in the South; not South China Sea. India is arming itself with ICBMs, Peace Bombs (Nukes), Aircraft Careers, Nuke Subs, Stealth Aircrafts and other modern weapons. They are already testing some of their weapons in local and foreign conflicts. Third Eye; the most secretive and ruthless intelligence service in the world was formed long before the WWII. It is active in the Indian colonies of the Empire and in other countries, particularly in the West.
    Thanks for reading; this is an attempt to look at the colonial and postcolonial from my stand. The wounds of nonviolent aggression and oppression are not visible but the suffering is worse. The subjects of the Indian Empire, the untouchables of the Indian colonies will die away like my sugary plants. Contact: xyceliao@gmail.com

  4. Christie Says:

    I don’t know whether the writer has approached a cart carrying those Hindu devotees in their religious festivals.

    You will not be allowed to even touch the cart assuming you are not a Hindu..

    Hindus seldom invite others to their abodes because they have to clean the house after you leave.

  5. aloy Says:

    Christie,
    You are not right here. When I was in Nigeria I had many Indian friends, mostly from the north. They invited us to their houses and we invited them and we had meals together. No difference at all. Of course that was before the delivery of parippu in 1987.

  6. Randeniyage Says:

    Taken from Lakbima

    අපි විජයකලාට විජයකලා අපිට

    ජූලි 8 වැනිදා කොළඹදී

    ප්‍රිය විජයකලා,

    මේ ලියුම ලියන්න වාඩිවෙලා මම සින්දුවක් මුමුණ මුමුණ හිටියා. “මුළු ලොවම නැතිවුණත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන්” කියල. එතකොට අපේ ගෙදර කට්ටිය මගෙන් අහනව ඔය විජයකලාටද කියන්නෙ කියල. ඔව්, විජයකලා මේ දුෂ්ට ලෝකය මොනව කිව්වත් මම නම් ඔයත් එක්කයි. ඔයාට වගේම මටත් වෙලාවකට හිතෙනව අනේ කොටිවත් හිටිය නම් කියල. එහෙනම් මේ රෙදි බැනියම් අඳින හාදයො උන්ට හරි බයේ ඉන්නවනෙ. කොටින්ගෙ ත්‍රස්තවාදය නැති කරාට මුන්ගෙ ත්‍රස්තවාදය නැති කරන්න එකෙක් නෑනෙ ලොවේවත්.

    අපි ජීවත් වෙන සමාජය හරිම කුහකයි, විජයකලා, රෙදි උස්සගෙන ඔයාට බනින ඈයො තමයි හරි නම් ඔයාගෙ පින්තූරෙට පහන් පත්තු කරල වඳින්න ඕන. ඇයි හිට්ලර් කතාවකුයි, නිව්යෝර්ක් ටයිම්ස් ප්‍රවෘත්තියකුයි පට්ට ගගහ තියෙද්දි ඔයානෙ ඒ ගොල්ලන්ගෙ ගැලවුම්කාරි වුණේ පට්ට ගොන් කතාවක් කියල. අපි ඡන්දෙ දීල කවුන්සි‍ලේට යැව්ව වෙනුවෙන් ඕකෙ ඉන්න ඈයො අපිට කරන එකම සේවය සැරින් සැරේ ඔය වගේ ආතල්ලෙකක් දීම විතරනෙ. අන්තිමේ අපිට ලොකුම ලොකු ආතල්ලෙක දෙන්න ගිහින් ඔයාගෙ නම් ඇමතිකමටත් තට්ටු වුණානෙ. ඒත් අපේ නෑනෙ ඒ ගැන කිසිම කෘතඥතාවයක්. බලු බැනුම් මිසක්.

    මගේ බිරිඳ නම් ඔබේ කතාවට විරුද්ධයි. ඈ කියනව තමන්ගෙ මිනිහවත් මරපු කොටින්ව ආපහු ගේන්න ඕන කියන්නෙ මොන වගේ ගෑනියෙක්ද කියල. එතකොට මම ඈට පෙන්වල දුන්න ඒකෙන් පෙන්නුම් කරේ ඔයා රාජ්‍ය ඇමතිකමකට ‍නෙවෙයි රටේ ජනාධිපතිකමට වුණත් සුදුසු ගෑනියෙක් බවයි කියල. දැන් බලන්න චන්ද්‍රිකා එයාගෙ මිනිහව මරපු ජේවීපිය ආණ්ඩුවට අරගෙන ඇමතිකමුත් දුන්නනෙ. සිංහල ගෑනි කරාම හොඳයි, දෙමළ ගෑනි කිව්වම නරකයි. ජාති භේදෙක හැටි.

    මම විතරක් ‍නෙවෙයි අපේ පුතාත් ඔයාගෙ කතාවට පක්ෂයි. මිනිහ කියනව ඔයා කොටි ආපහු ගේන්න ඕන කිව්වම උතුරෙ කවුරුවත් ඒකට විරුද්ධව කතා කරේ නෑනෙ, චියර් කරා මිසක් කියල. එයා කියනව වෙඬරුවේ උපාලි උන්නාන්සෙ හිට්ලර් හරි වෙලා රට හදන්න කියල ගෝඨාට කිව්වට දකුණෙ මිනිස්සු කොච්චර ඒ කතාවට විරුද්ධ වුණාද ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී කතාවක් කියල. ඉතින් උතුරෙ කවුරුත් ඔයාගෙ කතාවට පක්ෂ නම්, උන්ගෙ කැමැත්ත කොටින්ට නම් ඒකට විරුද්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ වීමක්ලු.

    ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවම කියන හැටියට 2015 දී ලංකාවෙ, බුරුමෙ හා නයිජීරියාවෙ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ ව්‍යාපෘති සඳහා ඩොලර් මිලියන 585ක් වියදම් කරපු ඇමරිකාව දැන් උතුරෙ මිනිස්සුන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කරන්නත් කොයි වෙලාවක හරි එයි කියලයි පුතා කියන්නෙ. එතකොට කාටද ආඩම්බර?

    මම,

    මානි

    ප: ලි.:- අපේ ‍ලේලිත් පුතාගෙ කතාවෙ එල්ලිලා කියනව හිට්ලර් ගේන්න කියපු කතාවට කට පියාගෙන හිටපු හාදයින්ට මොකද දැන් ප්‍රභාකරන් ගේන්න ඕන කිව්වම තදවෙන්නෙ කියල. අයිය හොඳ නම් ඇයි මල්ලි නරක කියල ඈ අහනව. කාට තේරෙනවද මේ ලොජික්?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress