එදා භීෂණයට මුල් වූ නායකයන් අද නීතිය හා සාමය ගැන කතා කරනවා
Posted on July 17th, 2018
නාත්තණ්ඩිය – සමන්ප්රිය ජයශාන්ත හලාවත – ප්‍රසාද් පූර්ණමාල් උපුටාගැණීම මව්බිම
මේ රටේ සාමය සහ ප්රජාතන්ත්රවාදය නැති කළ අය වර්තමානයේ ඒ ගැන කතා කිරීම විහිළුවක් යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැවැසීය.
මාදම්පේ සමුපකාර රංග ශාලාවේ පැවැති ‘එළිය’ විද්වත් කථිකාවත 07 වැනි වැඩසටහනට සහභාගි වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙසේද කීය.
මම පැවැත එන්නේ දේශපාලන පවුලකින්. මගේ පියා දේශපාලනය ආරම්භ කරන්නේ මම උපදින්නටත් කලින්. රාජපක්ෂවරුන් හම්බන්තොට ප්‍රදේශයට සේවය කරන්න පටන් ගන්නේ 1935 වසරේදී. ඒ මගේ ලොකු තාත්තාගෙන්. මගේ පියා වසර 20ක් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සහ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඊට පස්සේ මගේ සහෝදරවරුන් වන හිටපු ජනාධිපති, හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන අයත්, ඥාතීන් වන ලක්ෂ්මන් රාජපක්ෂ සහ ජෝර්ජ් රාජපක්ෂ, නිරූපමා රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ආදී වශයෙන් පරම්පරා තුනක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලනය කරපු අය. ඒ ආකාරයට රාජපක්ෂවරුන්ව පරම්පරා තුනක් පාර්ලිමේන්තුවට තෝරා ගන්නේ ජනතාව තුළ යම්කිසි විශ්වාසයක් ඇති නිසයි. අපේ පියා හරි හම්බ කරපු දේ තමයි ජනතාව.
මම හිතන්නේ දේශපාලනය ඉගෙන ගත යුත්තේ පාර්ලිමේන්තුවට ඇවිත් පමණක් නෙවෙයි කියලයි. අපි දන්නවා දේශපාලනය ගැන විශාල අවබෝධයක් තියෙන අය මේ සභාවෙත් ඉන්නවා. ඒ වගේම විවිධ තනතුරු ලබා ගන්න දේශපාලනය නිසා ඇතැම් අයට අවස්ථාව ලැබෙනවා. සමහර අයට එම අවස්ථාව ලැබෙන්නේ නෑ.
අද කථිකාවතක් තියෙනවා ප්රජාතන්ත්රවාදය නැති වෙයිද? මිලිටරි ආණ්ඩුවක් එයිද? නීතිය නැති වෙයිද කියලා. 2005 වර්ෂයේ මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරයා ලෙස මේ රට භාර ගන්නා අවස්ථාවේදී හැම කෙනෙක්ම දන්නවා රටේ තිබුණු තත්ත්වය. ත්‍රස්තවාදය ඒ වගේම පාතාලය සහ කුඩු ව්‍යාප්ත වෙලයි තිබුණේ. ඔහුගේ කාලය අවසන් වන විට අපිට හැකි වුණා ත්‍රස්තවාදය අවසන් කරලා මේ රටේ ප්රජාතන්ත්රවාදය ස්ථාපනය කරන්නට. එතුමාට හැකි වුණා පාතාලය සහ කුඩු නැති කරලා මේ රටේ නීතිය ස්ථාපනය කරන්න. මේ සෑම අවස්ථාවකම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ඔහුගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ මම. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තුළින් මේ රටේ ප්රජාතන්ත්රවාදය ස්ථාපනය වුණා පමණක් නෙවෙයි. නීතිය හා සාමය ක්‍රියාත්මක වුණා.
රටක් පාලනය විය යුත්තේ නීතිය හා සාමය පදනම් කරගෙන බව මා හොඳ හැටි දන්නවා. මම දන්නවා ප්රජාතන්ත්රවාදයේ ඇති වටිනාකම. එදා මේ රටේ තිබුණු ත්‍රස්තවාදය අවසන් කිරීමට හමුදා නිලධාරීන් විශාල කැපකිරීමක් කළ බව ඔබ දන්නවා. ප්රජාතන්ත්රවාදය නැති කරන්න හදන පුද්ගලයන් ලෙස හමුදා නිලධාරීන්ට හංවඩු ගහන්න දැන් සූදානම් වෙනවා.
යුද හමුදාවේ ඕනෑම නිලධාරියකු විශ්‍රාම ගියාට පස්සේ සිවිල් වැසියකු ලෙස ඔහුට දේශපාලනය කරන්න පුළුවන්. ඒක ලංකාවේ විතරක් නෙවෙයි වෙනත් රටවලත් තියෙනවා. අද ඇමෙරිකාවේ පාලන තන්ත්රයේ ඉන්න බොහෝ දෙනෙක් යම් අවස්ථාවක ත්‍රිවිධ හමුදාවේ සේවය කළ අය. නමුත් ප්රජාතන්ත්රවාදී රටක කවදාවත් සක්‍රිය සේවයේ ඉන්න හමුදා නිලධාරියකු දේශපාලනය කරන්නේ නෑ. එහෙම සේවය කරනවා නම් ඒක මිලිටරි ආණ්ඩුවක්. ප්රජාතන්ත්රවාදය නැති කරන්න යනවා. මිලිටරි ආණ්ඩුවක් ගේන්න යනවා කියන මේ ආණ්ඩුවේ සක්‍රිය යුද හමුදාවේ සිටින නිලධාරියකු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස පමණක් නොව කැබිනට් ඇමැතිවරයකු ලෙසත් කටයුතු කරනවා. ෆීල්ඩ් මාර්ෂල්වරයෙක් කියන්නේ ඔවුන්ගේ අර්ථ දැක්වීම අනුවම ජීවිතාන්තය දක්වාම සක්‍රිය හමුදා සේවයේ නිරත වන නිලධාරියෙක්. විශ්‍රාම ගියහම හමුදා නිලධාරියකු නිල ඇඳුම අඳින්නේ නෑ. නමුත් ඔබ දැක ඇති විවිධ උත්සවවලදී නිල ඇඳුමින් සැරසුණු ෆීල්ඩ් මාර්ෂල්වරයෙක් ඉන්නවා. ඔහු කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙක්. එය අපේ ව්‍යවස්ථාවට විරුද්ධයි. ඒ වගේම හමුදා නීතියට විරුද්ධයි. එහෙම ව්‍යවස්ථාව සහ නීතිය කඩ කරලා තියෙන මේ ආණ්ඩුව මිලිටරි ආණ්ඩුවක්.
මේ ආණ්ඩුව ආරම්භ කළ දිනයේ පටන්ම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙනවා. දිගින් දිගටම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා. අපේ රටේ ඉන්න තරුණ අයගෙන් 25%කට පමණ භීෂණ යුගයක් ගැන අවබෝධයක් නැහැ.
ඒ අය මෑත ඉතිහාසය කියවලා භීෂණ යුගය ගැන අවබෝධයක් ඇති කර ගන්න ඕනේ. ඒකට හේතුව එදා භීෂණයට මුල් වූ නායකයන් තමයි අද නීතිය හා සාමය ගැනත් ප්රජාතන්ත්රවාදය ගැනත් කතා කරන්නේ. මේ රටේ අවුරුදු 30ක් ත්‍රස්තවාදය තිබුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට හැකි වුණා ඒ ත්‍රස්තවාදය නැති කරලම දාන්න. ඔහු එසේ කළේ ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමට සහ සාමාන්‍ය ජනතාවගේ සුබසිද්ධිය පිණිස මිසක් වෙනත් කාගෙවත් පෞද්ගලික අවශ්‍යතාවක් වෙනුවෙන් නෙවෙයි.
2015 ගෙන ගිය බොරු ප්‍රචාරවලට ජනතාව රැවටුණා. නැවතත් ජනතාව ඒ රැවටිල්ලට ලක් වන්නේ නෑ. මේ රටේ තිබුණු ත්‍රස්තවාදය අවසන් වුණාට පස්සේ ප්රජාතන්ත්රවාදය ස්ථාපනය කරන්නට නීතිය අනුව මේ රට පාලනය කරන්නට විශාල වැඩ කොටසක් අපි කරගෙන ගියා. අද ඔබ දන්නවා ක්‍රමයෙන් ඒ තත්ත්වය විනාශ වෙමින් යනවා. ඔබට දකින්න තියෙනවා උතුරු ප්‍රදේශයේ තියෙන ආරක්ෂාව නැති වී යන ආකාරය. ඒ වගේම දකුණේ දිනෙන් දින වැඩිවන මිනී මැරුම් පාතාලය සහ කුඩු ගැන අද කතා කරන්න වෙලා තියෙනවා. අද මේ ආණ්ඩුවේ ඉන්න ඇතැම් ඇමැතිවරුන්ම කියනවා මේවා සිද්ධ වෙන්නේ හිර ගෙදර ඉඳලා කියලා. තවත් ඇමැතිවරයෙක් කියනවා සමාජයේ තියෙන ඉහළ ආයතනවල තමයි කුඩුවල මූලිකයන් ඉන්නේ කියලා.
ආරක්ෂාව වේවා, නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීම වේවා, ආර්ථිකය හෝ වේවා මේ සෑම දෙයකටම අවශ්‍ය වන්නේ තීරණ ගැනීමට හැකි නායකත්වයක්. ඒ වගේම එවැනි නිවැරැදි තීරණ ගත් විට ඒවා ක්‍රියාත්මක කිරීමට පුළුවන් කණ්ඩායමක් අවශ්‍යයි. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නිවැරැදි ඍජු තීන්දු ගත්තා පමණක් නෙවෙයි. එතුමාට හැකියාවක් තිබුණා තමන් ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමට පුළුවන් කණ්ඩායමක් තෝරා ගන්නට. එදා කොළඹ නගරය ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත් වූ පොලිස් නිලධාරීන් කිසිදු හේතුවක් නැතිව වසරකටත් ආසන්න කාලයක් හිරේ දැම්මා. ඒ අයට නඩුත් නෑ. අපිට හමුවන ව්‍යාපාරිකයන් කියන්නේ තව අවුරුද්දක් මේ විදියට ගියොත් රට සම්පූර්ණයෙන්ම කඩා වැටෙයි කියලයි. මෙවැනි වකවානුවක පූජක පක්ෂයට මෙන්ම වෘත්තිකයන්ට විශාල වගකීමක් තියෙනවා මේ ආණ්ඩුව පෙරළා දමා එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කරගෙන ආපු වැඩ කොටස ඉදිරියට ගෙනියන්න. කළ යුතු වන්නේ ඒ සඳහා සූදානම් වීමයි.
නාත්තණ්ඩිය – සමන්ප්රිය ජයශාන්ත
හලාවත – ප්‍රසාද් පූර්ණමාල්
July 17th, 2018 at 6:11 pm
Fantastic move! this type of public interactions and talking of the truth will gather the masses around Gota silencing his critics.
Way to Go!!
July 18th, 2018 at 5:03 am
A pathala man PM ruling Sri Lanka today. Traitor chief die hard catholic token Buddhist mega thief mega
thakkadiya bay gal karaya Walking Crime Bomb (against Sinhalese Buddhists only) with the timer set for 10-20 years Batalande Wandakaya Pol Pot r@ni_leech wickrama Sinhala killer Pathala Man PM is ruling Sri Lanka while puppet the rubber stamp vaira pala narisena looking on helplessly.
Remember Batalanda torture camp?
Remember Ambilitiya school children massacre? Remember Sri Maha Bodhi attack? Remember Aranthalawa
Bikku massacre? Remember Dollar Farm massacre? List goes on andon. Those are all UNPatriotic_rats handy
work. Remember 13, 13A to put foundations to break up Sri Lanka by thambi mudiyanselage jr@? Now traitors
CM pigneshwaran etc. want separate states in north, mussies want a separate state in the east. All UNPatriotic_
rats handy work. Creation of ever Sri Lanka hating diasporats? Another UNPatriotic_rats handy work. Still a lot
of Sinhala booruwas (dhrohiyas) revere the monsters and vote for them.
Traitor anti Buddhist, anti Sinhalese, anti Sri Lanka catholic run UNPatriotic_rats got rid of 60,000+ Sinhalese
Buddhists during the BHEESHANA SAMAYA with the help of C brigade police top brass and C brigade
deshapaluwans. Then the UNPatriotic_rats got rid of 100,000+, mainly Sinhalese Buddhists, by dragging the
catholic tigers of tamil drealam war for 30+ years saying terras were invincible. MR came, invincible terras were
running for their lives. Sinhalese, tamils and mussies grateful for saving 1000s of lives? Not a bit. To understand
why UNPatriotic_rats didn’t fight catholic tigers of tamil drealam, why Pol Pot r@ni_leech gave half the country to
its catholic buddy hitler mala paharan, please click on the following links.
July 18th, 2018 at 5:03 am
http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/
http://www.lankaweb.com/news/items/2017/08/09/ranil-wicremasinghes-crimes-against-sri-lanka-and-its-people-for-forty-years/
http://ltte-christian-ties.blogspot.com/
https://www.youtube.com/watch?v=cV6_o9txURc
http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/
http://www.lankagrid.com/soma-thero/
https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU
http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/