එල්ලා මරණ ලැයිස්‌තුවේ කුඩු කෙරුමෝ කිසිවෙක්‌ නැහැ
Posted on July 20th, 2018

සමන් ගමගේ උපුටා ගැන්ම දිවයින

 බන්ධනාගාර දෙපාර්තමේන්=ව මගින් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කළ එල්ලා මැරීමට නියමිත බව කියන මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ලැයිස්‌තුවේ රට වැනසූ මහා පරිමාණ කුඩු ජාවාරමුන් කිසිවකුත් නොමැති බව අනාවරණය වී තිබේ.
 
 මහා පරිමාණයේ කුඩු ජාවාරමේ යෙදුණු ජාවාරම්කරුවන් විසිතුන්  දෙනකු මේ වන විට බන්ධනාගාරගතව ඇතත් ඉන් දහඅට දෙනකුට එරෙහිව දැනට නඩු විභාග වෙමින් තිබෙන අතර ඉතිරි පස්‌දෙනා මරණ දඬුවම හා ජීවිතාන්ත සිර දඬුවම් හිමිවීමෙන් පසු අභියාචනා ඉදිරිපත් කර ඇත.
 
 එසේ අභියාචනා ඉදිරිපත් කර ඇත්තේ වෙළේ සුදා, සුසෙයි, නවාස්‌, ඡේසුදාසන් සහ කැමිලස්‌ යන ජාවාරම්කරුවන්ය. ඔවුන් අතරින් සිව් දෙනකුට මරණ දඬුවම හිමිව තිබෙන අතර පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් පසුගියදා කළුබෝවිලදී සිදු කළ වැටලීමෙන් පසු නම කියෑවුණු සුසෙයිට හිමිවී ඇත්තේ ජීවිතාන්ත සිර දඬුවමකි.
 
 මෙසේ බන්ධනාගාරගතව සිටින මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් 23 දෙනා අතරින් විසිදෙදෙනකුම අත්අඩංගුවට ගෙන ඇත්තේ දැනට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රාජකාරී කළ පොලිස්‌ පරීක්‍ෂක නියොමාල් රංගජීව මහතා විසිනි.
 
 කුඩු ජාවාරම පසුපස හඹා යමින් මෙම ජාවාරමුන් පිරිස අත්අඩංගුවට ගත් පොලිස්‌ පරීක්‍ෂක රංගජීව මහතා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ඔහු දැඩි මානසික ආතතියකට ගොදුරුවී සිටින බව මේ වන විට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී සහ මානසික රෝහලේ වෛද්‍ය ප්‍රධානියකු විසින් නිර්දේශ කර ඇතැයිද වාර්තා වේ.
 
 මෙම මහා පරිමාණ ජාවාරම්කරුවන්ට එරෙහි නඩු විභාගවලදී ප්‍රධානම සාක්‍ෂිකරු වශයෙන් සිටින්නේ පොලිස්‌ පරීක්‍ෂක නියොමාල් රංගජීව මහතාය. ඇතිව තිබෙන මානසික ආතතිය හමුවේ දැනටමත් ඔහුට කුඩු ජාවාරම්කරුවන් සම්බන්ධ නඩු කිහිපයකදීම සාක්‍ෂි දීමට නොහැකි වී ඇත.

 බන්ධනාගාරගතව සිටින මෙම මහා පරිමාණ කුඩු ජාවාරමුන් අතර විදේශිකයෝ දහහතර දෙනක්‌ද සිටිති. පොලිස්‌ පරීක්‍ෂක රංගජීව මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ එම විදේශිකයන් පිරිස අත්අඩංගුව ගෙන ඇත්තේ ධීවරයන් සේ වෙස්‌වලාගෙන ගොස්‌ ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේ සිදුකළ වැටලීමකිනි.
 
 එහිදී මත්කුඩු කිලෝ ග්‍රෑම් 140 ක්‌ සමඟ නෞකාවක්‌ සහ සිංහල ජාතිකයන් තිදෙනකුද අත්අඩංගුවට ගෙන තිබේ.
 
 එල්ලා මරා දැමීමට නිමිත බව කියමින් අධිකරණ අමාත්‍යාංශයට ඉදිරිපත් කෙරුණු නම් ලැයිස්‌තුවේ සිටිනුයේ මෙම මහා පරිමාණ ජාවාරම්කරුවන්ගේ ඉත්තන් වෙමින් මත්කුඩු ප්‍රවාහනයේ යෙදුණු සහ අලෙවියේ යෙදුණු 18 දෙනකු බවද වාර්තා වේ.

6 Responses to “එල්ලා මරණ ලැයිස්‌තුවේ කුඩු කෙරුමෝ කිසිවෙක්‌ නැහැ”

  1. Dilrook Says:

    This is misleading.

    Almost all of the 18 are drug dealers.

    Yes; they are not the kingpins of the drug trade and they are lower level leaders. But still they are drug dealers and something is better than nothing.

    It is a matter of time kingpins are hanged when their appeals are finalised. If the court decides they are innocent, then obviously they must not be punished. If the court decides otherwise their turn comes.

    Then further misleading about 14 top drug dealers who are foreigners. So what? They are still drug dealers. Punishing all drug dealers must start from somewhere and it need not be perfect. Something is better than nothing. Why seek perfection in a country nothing is even close to perfect!

    Neomal was a good officer but he too is in trouble over yet to be proven prison massacre. If found guilty he also face hanging! Of course he’s not the kingpin behind the massacre. Hopefully the kingpin will also be hung going by the logic of this article!

    Shyamali Perera is the only woman and she’s not a drug dealer. But she has done a crime punishable by death.

    Hopefully death penalty is carried out soon and continue.

  2. Ananda-USA Says:

    I am with Dilrook on this.

    All drug dealers condemned to death should indeed be hanged as soon as possible.

    If the big drug dealers condemned to death who are continuing to run their drug networks are not on this list, their names should be added promptly to the execution list.

    As in the case of the LTTE murderers, it is high time strong action was taken to protect our people and our society before Sri Lanka becomes a drug dealer run country like Mexico or Venezuela.

  3. Randeniyage Says:

    “Yet to be proven” by Sri Lanka police or CID cannot be trusted. When “yet to be proven” become proved, some people insist of death penalty. But it becomes “proved” according to the choice some big politicians.
    How could such unjustified convictions are used to hang people or shoot down when opportunity comes to save the political survival of the big politicians ?
    Most important is the total revamp of justice system. Then only talking about “death penalty” or any “penalty” become relevant. In Sri Lanka at the moment and in last 20 years, there is no proper justice system.

  4. Dilrook Says:

    Foolish Sirisena is not serious about it. As with the polythene ban, Glyphosate ban, asbestos ban and many other initiatives, he will backtrack. He is an insult to executive presidency.

  5. Ancient Sinhalaya Says:

    All drug dealers are death dealers. Most of them are mussies and obviously it is a win win for mussies. While destroying
    Sinhalese race it can wrestle control as well. Obviously all traitor mussie deshapaluwan must be giving their full
    blessing for the drug and destroy Sinhalese youth project. All traitor deshapaluwans like traitor chief die hard catholic
    token Buddhist mega thief mega thakkadiya bay gal karaya walking crime bomb (against Sinhalese Buddhists, Sri
    Lanka and Buddhism only) with the timer set for 10-20 years Batalande Wandakaya Pol Pot r@ni_leech wickrama
    Sinhala killer and drug dealers should be sent to gallows will be a clear deterrent to clean up the beautiful country
    which was a few decades ago.

    Traitor anti Sinhalese, anti Buddhist, anti Sri Lanka catholic run UNPatriotic_rats destroyed this beautiful land starting
    with traitor alugosuwa (to Sinhalese Buddhists only) jr@ who put foundations to break up the country. Then the
    traitor introduced pathalayin/drug king pins to silence the opposition. Then jr@ passed reins to its nephew, the
    biggest traitor ever in the history of the country, traitor chief Batalande Wandakaya. Now Sri Lanka is a country
    endemic with crime, corruption, murder, mayhem thanks to the UNPatriotic_rats. Buddhism destroyed, Sinhalese
    race destroyed, Sri Lanka destroyed. What can one expect when the a country is ruled by a lajja nathi baya nathi
    Pathala Man aga mattek?

    Bring on death penalty to get rid of traitor dehapaluwan and low life sub human dealing with death drug dealers and
    make this country a peaceful place to live.

  6. Dilrook Says:

    Not killing drug kingpins and killing lesser drug dealers and therefore it is not effective is retarded logic. If we followed this logic in war, we would never have won the war. We killed so many LTTE terrorists including child terrorists and women terrorists before killing the LTTE kingpin! LTTE leader was killed on the last day of the war!

    So killing lesser drug dealers before killing drug barons and kingpins is the right thing to do. By and by we will get to the bottom of it.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress