තිබුන දේ මදි වී ඉල්ලන් කාපු හැටි
Posted on July 21st, 2018

ආචාර්ය නාලක ගොඩහේවා 

2005 දි නව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බාරගත්තේ කෙබඳු රටක්ද යන්න අද බොහෝ දෙනෙකුට මතක නැත. එදා රට තිබුනේ බොහෝ අර්බූදකාරී තත්වයකය
ලංකාවේ නිවාස වලින් 27% කට විදුලිය තිබුනේ නැත. විදුලිය නැති නිවාස දස ලක්ෂයක් පමන තිබුනි.
මසකට දෙතුන්වරක් රට පුරා විදුලිය ඇනහිටීම් අරුමයක් නොවිනි.
නිවාස දස ලක්ෂයකට පානීය ජලය තිබුනේ නැත.
ලංකාවේ ජනගහනයෙන් 73% කට දුරකතනයක් තිබුනේ නැත.
ජනගහනයෙන් 99.5% කට පරිගනක සාක්ෂරතාවය තිබුනේ නැත.
ජනගහනයෙන් 8.3% කට රැකියා තිබුනේ නැත.
කොළඹ ප්‍රමුඛ බොහෝ නගර වල කුණු කසල ගොඩ ගැසී දුගඳ හමමින් තිබුනි.
පොඩි වැස්සකටත් නගරවල පාරවල් යටවීම සුපුරුදු දසුනක් විය.
අධිවේගී මාර්ග කියා දෙයක් ලංකාවේ තිබුනේ නැත. වසර 30 ක් පමන ප්‍රමාද කටුනායක අධිවේගී මාර්ගයේ නිමවී තිබුනේ පෑලියගොඩ අසල විශාල දැන්වීම් පූවරුවක් ලෙස භාවිත වුන කොන්ක්‍රීට් සැකිල්ලක් පමනි.
ප්‍රේමදාස හා චන්ද්‍රිකා රජයන් විසින් රාජ්‍ය දේපල විශාල ප්‍රමාණයක් විකුණා දමා තිබුනි
චන්ද්‍රිකා බන්ඩාරණායක ජනාධිපතිනියගේ වසර 11 ක පාලනය තුල රාගම ගුවන් පාලම සෑදීම හැරුනු විට කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් නිසියාකාරව නිම කර තිබුනේ නැත.
උද්ධමනය 11 % ක් පමන විය. මිනිසුන්ට ජීවන වියදම දරාගත නොහැකි තත්වයක් උදා වී තිබුනි.
අයවැය පරතරය 7.5% ක් විය .
රටේ ණය අර්බූදයක් තිබුනි. රාජ්‍ය ණය බර දලජාතික නිශ්පාදිතයෙන් 90 % ක් විය. කිසිවෙකු සාධාරණ පොලියකට ලංකාවට ණය දුන්නේ නැත.
උතුරු නැගෙනහිර විශාල භූමි ප්‍රමාණයක් තිබුනේ ත්‍රස්ථවාදින් යටතේය. සාමාන්‍ය ජනතාව ඕමන්තෙන් ඔබ්බට යාමට එල් ටී ටී ඊ යට දඩ ගෙවන්නට සිදු විය.
උතුරේ නඩු ඇහුවේ එල් ටී ටී උසාවි වලය
රටේ කොයි තැනක කොයි වෙලාවක බෝම්බයක් පත්තුවේදැයි කිසිවෙකුට කිව නොහැකි තත්වයක් තිබුනි.
.සුනාමිය නිසා රටේ විශාල ජීවිත හා දෙපල හානියක් සිදුවී තිබුනි. භෞතික සම්පත් හා ජීවනෝපාය මාර්ග යලි කඩිනමින් ගොඩනැගිය යුතුව තිබුනි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය තුල ලෝක ආහාර අර්බූදයක්ද ඇතිවිය. මෙවැනි තත්වයක් තුල ලංකාව තුල ආහාර අඟහිඟයක් නැතුව , මිල දැරිය හැටි මට්ටමක තබාගෙන පාලනය කිරීම විශාල අභියෝගයක් විය.

ලෝක මූල්‍ය අර්බූදයක්ද මේ කාලයේම ඇතිවිය. ලෝක ප්‍රකට මුල්‍ය ආයතන රසක් බිඳ වටුනි. එවැනි තත්වයක් තුල ලංකාවේ මුල්‍ය පද්දතිය ස්ථාවරව පවත්වාගැනීම තවත් අභියෝගයක් විය.

නමුත් 2015 ජනවාරි මස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනය අවසන් වන විට ලංකාව කෙබඳු රටක්ද ?

30 වසරක යුද්ධය නිමවී, පූර්ණ සාමය උදාවී, ඕනෑම කෙනෙකුට නිදහසේ බියකින් සැකයකින් තොරව රටේ ඕනෑම තැනක සැරි සැරිය හැකි යුගයක් උදා වී තිබුනි.

පාතාලය යන වචනය පවා ජනතාවට අමතක වී තිබුනි.

වරායවල්, ගුවන්තොටුපොලවල්, විදුලි බලාගාර, අධිවේගී මාර්ග , වාරි කර්මාන්ත හා තවත් විවිධ ඉදිකිරීම් සිදුවෙමින් රට කාර්ය බහුලව තිබුනි.

කුණු කසල වලින් තොර නගර , පිරිසිදු පදික වේදිකා, සක්මන් කිරීමට හා ව්‍යායාම කිරීමට පහසුකම් ඇති මංතීරු, සෑම පාරකට විදුලිය, කාපාට් දැමූ මාර්ග සුපුරුදු දසුන් විය. ගමේ අතුරු පාරවලට පවා කොන්ක්‍රිට් වැටුනි .

රටේ ජනගහනයෙන් 98% කට විදුලිය හා 90% කට පානීය ජලය ලැබී තිබුන අතර ජනගහනයමෙන් 120 % දුරකතන නිකුත්වී තිබුනි.

ව්‍යාපාර කරන්නන්ට, ස්වයන් රැකියාවක් කරන්නන්ට අඩු පොලී ණය පහසුකම් හා විවිධ දිරිමත් කිරීම් ලැබුනි.

සාමාන්‍ය ජනතාවට වාහනයක ලීස් කිරීමට, නිවසක් සාදා ගැනීමට, ඉඩමක් මිලදී ගැනීමට අඩු පොලියට ණය පහසුකම් ගත හකි විය

රැකියා වියුක්තිය 2005 දී තිබුන 8.3 සිට 2014 වන විට 4.3% දක්වා පහලට පැමිණ තිබුනි.

වසරක් පාසා බදු අඩුකිරීම් හා බදු ලිහිල් කිරීම් අසන්නට ලබුනි. රැකියාවලින් පමනක් ආදායම ලබන, උපයන විට බදු ගෙවන අයට තමුන්ගේ බදු ලිපිගොනු වසා දමන්නට පවා අවසර ලැබුනි.

සංචාරකයින් වැල නොකැඩී එන අතර විදේශ ආයෝජන සීඝ්‍රයෙන් ඉහල යමින් තිබුනි. 2014 ඇමෙරිකානු ඩොලර් මිලියන 1500 ඉක්මවා ආයෝජන ලැබී තිබුනි.

ආසියාවේ හොඳම කොටස් වෙළඳපොල හා ආසියාවේ වේගයෙන්ම දියුණු වන නගරය සඳහා සම්මාන ලැබී තිබුනි

සෑම ආර්ථික දර්ශකයකින්ම ලංකාව දකුණු ආසියාවේ පලමු හෝ දෙවන තැනට පැමින තිබුනි.

පුරවැසියන් සියලු දෙනාම රට ජාතිය ගැන ආඩම්බර වන පිටරට පදිංචියට ගොස් සිටි අය ආපසු පැමිණෙන රටක් බවට ලංකාව පත් වී තිබුනි.

නමුත් අපේ රටේ චන්දදායකයින්ගෙන් කොටසකට වෙනසක් අවශ්‍ය විය.

එවකට විපක්ෂයේ පොරොන්දු විශ්වාස කල ඔවුන්ට අවශ්‍ය වුයේ අමුතු දේවල්ය.

ඩොලර් කෝටි ගනන් තිබෙනවායැයි විපක්ෂය කී පිටරට බැංකු ගිනුම් අල්ලන්නට අවශ්‍ය විය
යාපනෙන් පැන්නුවායැයි කී රත්තරන් කන්ටේනර් සොයාගන්නට අවශ්‍ය විය
රොකට් එක, හෙලිකොප්ටරය හා ලැන්බොගිනිය රාජසන්තක කරන්නට අවශ්‍ය විය
තාජුඩීන්ගේ, ලසන්තගේ, එක්නැලිගොඩගේ ඝාතකයින් අල්ලන්නට අවශ්‍ය විය
මහාමාර්ග තාප බලාගාර ,වරාය, ගුවන් තොටුපොලවල් වැනි මෙගා ඩීල් හරහා කොමිස් ගැහුව කියන අය හොයාගන්නට අවශ්‍ය විය
අලුත් රජයක් ලවා බඩු මිල අඩු කරවාගන්නට අවශ්‍ය විය
රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකටම පඩි වැඩි කරගන්නට අවශ්‍ය විය
අධ්‍යාපනයට දලජාතික නිශ්පාදනයෙන් 6% වෙන් කරගන්නට අවශ්‍ය විය
සෞඛ්‍යයට දලජාතික නිශ්පාදනයෙන් 3% වෙන් කරගන්නට අවශ්‍ය විය
තරුණ තරුණියන්ට ෆ්‍රී වයි වයි ලබාගන්නට අවශ්‍ය විය
උසස් පෙල සිසුන්ට කොම්පුටර් ටැබ් ලබාගන්නට අවශ්‍ය විය
තිබුන කැසිනෝත් වසා ගන්නට අවශ්‍ය විය
උකස් බඩු වල ණය කප්පවාගන්නට අවශ්‍ය විය
ගොවි ණය කප්පවාගන්නට අවශ්‍ය විය
සහතික මිලට හාල්, රබර්, තේ කොල, කිරි විකුණා ගන්නට අවශ්‍ය විය
ගැබිනි මව්වරුන්ට රුපියල් 20,000 පෝෂණ මල්ල ගන්නට අවශ්‍ය විය රත්තරන්වලින් හදනවාදැයි එකල විපක්ෂය ඇසූ අධි වේගී මාර්ගවලට යන වියදම අඩු කරගන්නට අවශ්‍ය විය
තරුණ පරපුරට අඩු මිලට වාහන ගන්නට අවශ්‍ය විය
රට කුඩු උවදුරින් සහමුලින් මුදවා ගන්නට අවශ්‍ය විය
ව්‍යාපාර දියුණු කරගන්නට, කොටස් වෙළඳ පොලෙන් තවත් අධික ලාබ ලබන්නට අවශ්‍ය විය

මේ බලාපොරොත්තු ඉටුවුනාද නැද්ද යන්න පැහදිලි කිරීමට අවශ්‍ය නැත. ඇත්ත තත්වය දන්නෝ දනිති.

බල පෙරලියෙන් වසර 3 1/2 කට පසු ලංකාවේ අද තත්වය කෙබඳුද ? ?

*යුද්ධයෙන් පසු ගොඩනැගෙමින් තිබුන සහජීවනය වෙනුවට පහැදිලිවම ජාතිවාදයේ ගිනි පුපුරු යලි මතුවෙමින් පවතී.

ආයුධ සන්නද්ධ කල්ලි විසින් කරන සොර කම් මංකොල්ල කෑම්, මහ දවාලේ වෙඩි තබාගැනීම්, මිනී මැරුම් වැඩි වී ඇත.

තරුණ පරපුර අනතුරේ දමමින් වෙන කිසිදු කලක නොවූ ආකාරයට රට පුරා මත්ද්‍රව්‍ය සුලබ වී ඇත.

පාර්ලිමේන්තුවේ ආසන 70 ක් හිමි විපක්ෂ කන්ඩායමට ප්‍රජාතාන්ත්‍රවාදී පිලිගැනිමක් නැති අතර ආසන 16ක් ඇති පක්ෂයකට විපක්ෂ නායකකමද, ආසන 6ක් පමනක් ඇති පක්ෂයකට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කමද හිමිවී ඇත.

රට මොනතරම් අර්බූදයකට ගියත් පාර්ලිමේන්තුව වසර 4 1/2 කට විසුරවිය නොහැකි බවට 19 වන සංශෝදනය හරහා ව්‍යවස්ථා ගැටයක් ගසා ඇත.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආ අය අතර ජනතාව අතින් චන්දයෙන් ප්‍රතික්ෂේප වූ බොහෝ දෙනෙකු සිටිති.

මැතිවරණ කල්දැමීම දිගින් දිගටම සිදුවේ. ජනතාවගේ චන්ද අයිතිය දරුණු අපහරණයකට ලක් වී ඇත.

පොලීසිය , අල්ලස් කොමිසම වැනි ආයතන දේශපාලනීකරණය කොට රජයට අවශ්‍ය ආකාරයට නීතිය අවභාවිතා කරමින් දේශපාලන ප්‍රතිවාදීන් දඩයම දරුණු ලෙස සිදු වේ.

රටපුරා උද්ඝෝෂන රැල්ලක් පැවතුනද ජනතා ඉල්ලීම් වලට රජයේ ප්‍රතිචාර ඉතා පහල මට්ටමක පවතී.

පසුගිය රජයේ අවසාන වසර 3 තුල දල වශයෙන් 7% ට ආසන්න වූ රටේ සංවර්ධන වේගය 2015 දී 5% ටත්, 2016 දී 4.5% ටත් 2017 දී 3.1% ටත් අඩු වී තිබුනි.

විදේශ ආයෝජන 2014 ඇමෙරිකානු ඩොලර් මිලියන 1500 ක් පමන ලැබුනද 2017 දි අලුතින් ලැබී තිබුනේ ඇමෙරිකානු ඩොලර් මිලියන 17 ක් පමනි. ඉතුරු විදේශ ආයෝජන 2015 පෙර ආරම්ඹ වූ ව්‍යපෘතීන්ට සම්බන්ධ මුදල්ය.

2014 හා 2017 කාලය තුල රටේ රැකියා ප්‍රමාණය ලක්ෂ 84 සිට ලක්ෂ 82 ට අඩු වී ඇති බව මහ බැංකු වාර්ථාවලින් පෙනී යයි.

පොහොර සහනාදාරය ඉවත් වී ඇත, පාසැල් දරුවන්ට නොමිලයේ දුන් නිල ඇඳුම් වෙනුවට වවුචර ක්‍රමයක් හඳුන්වා දී ඇත

කොටස් වෙළඳපොල ප්‍රාග්ධණීකරනය පසුගිය වසර 3 තුල රුපියල් කෝටි 21,000 කින් පමන 215 කින් පහත වැටී ආයෝජකයන් පාඩු ලබන තැනක් බවට පත් වී තිබුනි. 2014 දී ලබා දුන් 25.3 % ප්‍රතිලාබ වෙනුවට 2017 දී කොටස් වෙළඳ පොල ලබා දී තිබුනේ 1.3% ක පමන සුලු ප්‍රතිලාබයකි.

රුපියලේ අගය 2014 ට සාපෙක්ෂව මේ වන විඅට 20% කින් පමන පහල වැටී ඇත.

රාජ්‍ය ණයබර 2014 දී රුපියල් කෝටි 739,100 වූ අතර 2017 අග වන විට එය රුපියල් කෝටි 1,039,200 දක්වා රුපියල් කෝටි 300,100 කින් වැඩි වී තිබුනි. මේ අනුව වසර 3ක් තුල රාජ්‍ය ණය 40% කින් ඉහල ගොසි ඇත.

ලෝකප්‍රකට බ්ලූම්බර්ග් ආයතනය විසින් මේ වන විට ලංකාව විදේශ ආයෝජනවලට අනතුරු දායක රතු කලාපයක් ලෙස වර්ගීකරණය කර තිබේ.

ජාත්‍යයන්තර ශේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් ආයතනය කියන ආකාරයට ණය ආපසු ගෙවීමේ හැකියාව අතින් දැන් ලංකාව ආසියාවේ 24 වන ස්ථානයට පහල වැටී ඇත.

මහබැංකු බඳුම්කර හොරකමෙන් පමනක් රටට පාඩුව කෝටි ලක්ෂයට වැඩි යැයි රජයේම ඇමතිවරයෙක්ම කියා තිබුනි. .

ශ්‍රී ලාංකන් ගුවන් සේවයේ ගුවන් යානා ඇනවුම් අවලංගු කිරීමේ වන්දිය රුපියල් කෝටි 1700 කි.

හම්බන්තොට වරාය චීනට වසර 99 කට බදු දී අවසන්ය, මත්තල ගුවන් තොටුපොල ඉන්දියානුවන්ට දෙන්න සියල්ල සූදානම්ය

මේ අතර රජය ජනතාවගෙන් අයකර ගන්නා බදු විශාල වශයෙන් වැඩි කොට ඇත.

ව්‍යාපාර මත බදු විශාල වශයෙන් ඉහල දමා ඇති අතර අලුතින් බදුවර්ග රැසක් එකතු කර තිබේ.

වසරකට රුපියල් ලක්ෂ 5 කට වඩා ආදායමක් ඇති සෑම අයෙකුටම බදු ලිපිගොනුවක් විවෘත කල යුතුය. රජයේ ආදායම් බදු කොමසාරිස් යෝජනා කරන ආකාරයට වාහනයක් හිමි, පිටරට සංචාරයකට යා හැකි සෑම අයෙකුම බදු ලිපිගොනුවක් විවෘත කල යුතුය.

මසකට රුපියල් ලක්ෂයකට වඩා කුමන ආකාරයකට හෝ ආදායමක් උපයන සියලු දෙනෙකුම දැන් ආදායම් බදු ගෙවිය යුතු අතර එම බදු ප්‍රතිශතයන් ඉහල දමා ඇත.

බැංකුවේ තිබෙන තැන්පතු වල පොලියෙනුත් 5% ක් බදු අයකෙරේ

ගෙයක් කුලියට දුන්නත් ආදායමෙන් 20% ක් බදු ගෙවිය යුතුය

නිවසක්, දේපලක් හෝ වාහනයක් වික්කත් විකුණා ලැබෙන ආදායමෙන් 10% ක් රජයට බදු ගෙවිය යුතුය

යමෙක් ආදායම් බදු වලින් ගැලවුනත් කිසිම අයෙකුට රජයේ වක්‍ර බදු වලින් ගැලවිය නොහැක. ඒ සෑම භාන්ඩයක් හා සේවාවක්ම රජය විසින් බද්දට යටත්කොට ඇති බවිනි.

වෙළඳ පොලට ගියත්, බෙහෙත් ගන්න ගියත් හෝටලයකට කෑම කන්න ගියත් ජනතාවට වැඩි වී ඇති වක්‍ර බදු ගෙවන්නට සිදු වේ

2014 ට සාපෙක්ෂව 2018 වන විට රජය බදු වශයෙන් ලබා ගන්නට බලාපොරොත්තු වන ආදායම 100% කින් ඉහල දමා ඇත. ඒ වැඩිවීම බලපාන්නේ රටේ ජනතාවටය.

[Mawbima]

2 Responses to “තිබුන දේ මදි වී ඉල්ලන් කාපු හැටි”

  1. Christie Says:

    You can see why India is giving us toilets and ambulances.

  2. ranjit Says:

    Nalaka you are truly a patriot to motherland. We all appreciate what you and admiral doing to keep our 🦁 lion flag up in world stage. We need people like you to lead our country in the future definitely. I planned to retire from overseas work because of the peaceful environment and the rapid development works I saw around the country during Mahinda era. All my dreams and plans were shattered in no time due to change of government. It was truly a bad decision by our stupid citizens who believed in fairytale stories and lies Yamapalanaya traitors shrewdly and cunningly orchestrated and injected into to the minds of the people on Jan 8th motherlanka’s D-day.
    Mahinda is our greatest president and I hope and pray that true patriots like you will stay close to him and guide him in the true path of democracy and freedom. Join all patriots to send this yamaballo to hell before they destroy our land of paradise.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress