”යුක්තියට හ`ඩක්” – Voice for Justice” සංවිධානය
Posted on July 22nd, 2018

මාධ්‍ය නිවේදනය සභාපති මාධ්‍ය ප‍්‍රකාශක යුක්තියට හ`ඩක් සංවිධානය

2015 ජනවාරි 08 වන දින පිහිටුවාගත් ආණ්ඩුව විසින් සමස්ථ රාජ්‍ය සේවය තුළ හා ආයතනයික ව්‍යුහයන් තුළ පිළිගත් නීතිරීති හා සම්ප‍්‍රදායන්ට පරිභාහිරව යමින් මෙරට ජන සමාජය තුළ ආරම්භ කළ දේශපාලන පළිගැනීම් කි‍්‍රයාවලිය නිසා අපහසුතාවට, හිරිහැරයට, අවමානයට, අසාධාරණයට මෙන්ම ගැරහුමට ලක්වූවන්ගේ හ`ඩට සවන් දී, ඔවුන් වෙනුවෙන් පෙනීසිටිමින් ඔවුනට සාධාරණය ඉටුකරදීම ස`දහා ”යුක්තියට හ`ඩක්” සංවිධානය ආරම්භ කළ බව සියලූ රට වැසියන්ට ඉමහත් වූ ගෞරවයෙන් ප‍්‍රකාශ කර සිටිමු.

ගෞරවණීය ස්වාමීන් වහන්සේලා, අන්‍යාගමික නියෝජනයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු රජයේ සේවකයන්, පෞද්ගලික අංශයේ නිලධාරීන් හා සේවකයින්, සම්භාවනීය පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්, රණවිරුවන්, කලාකරුවන්, සංගීතවේදීන්, කී‍්‍රඩකයින්, නිර්මාණකරුවන්, මාධ්‍යවේදීන්, ව්‍යාපාරිකයින් සහ සිවිල් පුරවැසියන් ඇතුළුව තමන්ට දේශපාලන වශයෙන් බලපෑමක් හෝ අභියෝගයක් වේ යැයි සිතන දෙස් විදෙස් ඉලක්කගත පිරිස් දේශපාලනයමය වශයෙන් පළිගැනීමකට ලක් කර, බිය ගන්වා, ඔවුන්ගේ චරිත ඝාතනය කර කි‍්‍රයාත්මක කරන අත්තනෝමතික කි‍්‍රයාකලාපය හේතුවෙන් අපහසුතාවට පත් වන සියලූ දෙනා වෙනුවෙන් මෙම සංවිධානය ඉදිරියට කි‍්‍රයාත්මක වේ. මෙම සංවිධානය දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් වෙනුවෙන් කටයුතු කරන අතරම රටේ දේශපාලන, ආර්ථික, සමාජීය කි‍්‍රයාවලිය පිළිබ`ද නිරන්තර විමසිල්ලෙන් කටයුතු කරයි.

මෙම සංවිධානයේ ආයතනයික ව්‍යුහය වන්නේ විශේෂ උපදේශක මණ්ඩලයක්, සම සභාපතිවරු දෙදෙනෙකු, ලේකම්වරයෙකු, භාණ්ඩාගාරිකවරයෙකු, ප‍්‍රධාන සංවිධායකවරයෙකු (කැදවුම්කරුවකු*, උපසභාපතිවරු දෙදෙනෙකු හා උප ලේකම්වරු දෙදෙනෙකු වේ. සංවිධානයේ ආරම්භක සභාපතිවරයා ලෙස ශී‍්‍ර ලංකා පරිපාලන ක්‍ෂේත‍්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ හිටපු අග‍්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා කටයුතු කරයි. සංවිධානයේ ලේකම්වරයා ලෙස නීතීඥ ලලිත් පියුම් පෙරේරා මහතා කටයුතු කරන අතර ප‍්‍රධාන සංවිධායක ලෙස ප‍්‍රවීන මාධ්‍යවේ දී රොහාන් වැලිවිට මහතා කටයුතු කරයි.

උක්ත කි‍්‍රයාවලිය නිසා රට තුළ කඩාවැටී ඇති සමස්ථ රාජ්‍ය සේවය, රටේ යහපතට බලගැන්විය හැකි ලෙස නැවත ගොඩ නැගීම ස`දහා ආණ්ඩුවට බලකිරීම මෙන්ම මාධ්‍ය ආයතන වසා දමා මාධ්‍යට තර්ජනයකර බියගන්වා සිදුකරන සියලූ ක‍්‍රියාකාරකම් පිළිබ`දව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් දැනුවත් කිරීම ද අප සංවිධානය විසින් සිදුකරනු ලබයි. වර්තමාන හවුල් ආණ්ඩුව සිදුකරන දේශපාලන පළිගැනීම්වලට හා හිංසාවලට ඔබ හෝ ඔබ දන්නා අයෙකු කුමන හෝ අයුරකින් මුහුණ දුන්නේනම් ඒ පිළිබ`ද සියලූ තොරතුරු අප වෙත එවන මෙන් ඉල්ලා සිටිමු. එම තොරතුරු සංවිධානයේ ලිපිනයට, දුරකතන අංකයවලට හෝ විද්‍යුත් තැපැල් ලිපිනයට යොමුකළ හැකි අතර ඒ සියලූ තොරතුරු පිළිබ`ද විධිමත් සොයාබැලීමකින් හා අධ්‍යනයකින් පසුව සාධාරණය ඉෂ්ට කිරීම ස`දහා ඉදිරියේදී බලයට පත්වන ආණ්ඩුවකට බලපෑම් කිරීම හා ඒ ස`දහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සංවිධානය මගින් සිදුකරනු ලබයි. ඔබගේ තොරතුරු යොමුකළ යුතු ලිපිනය හා දුරකතන අංක පහත ස`දහන් වේ.

ලිපිනය: යුක්තියට හ`ඩක් සංවිධානය, අංක: 76, පූර්වාරාම පාර, කොළඹ – 05.
විද්‍යුත් තැපැල් ලිපිනය: info@vforj.org
වෙබ් අඩවිය: www.vforj@org
දුරකතන අංක: 0774054198, 0703558668, 0714115252

ස්තුතියි.
එස්. අමරසේකර
සභාපති මාධ්‍ය ප‍්‍රකාශක
යුක්තියට හ`ඩක් සංවිධානය යුක්තියට හ`ඩක් සංවිධානය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress