ගිනිගත් නගරය
Posted on July 23rd, 2018

වෛද් රුවන් එම් ජයතුංග 

ග්‍රාමසේවක එන විට හේමපාල හිටියේ බුලත් කොරටුවේ ය. උදයම බුලත් වැල්වලට සාත්තු කිරීම දිනචරියාවේ අංගයක් කරගෙන සිටි හේමපාල ග්‍රාමසේවකගේ හදිසි පැමිණීම අපේක්ෂා නොකළේය. ග්‍රාමසේවකගේ මුහුණේ ඇති බැරෑරුම්කම දුටු ඔහුගේ සිතට අසුබ සිතිවිලි ගලා ආවේය.

ග්රාමසේවක මහත්තයා, මොකද උදේ පාන්දරම? “හේමපාල මුහුණින් වැගිරෙන දහඩිය ඇඟිලි දෙකෙන් සූරා දමමින් මේස් බැනියමේ පිස දමමින් ඇසීය

හේමපාලට කියන්න හදිසි පණිවිඩයක් තියෙනවා. කලබල වෙන්න එපා. “ග්රාමසේවක උපැස් යුගල අතට ගත්තේය. ” මට පොලීසියේ රාළහාමි කෙනෙක් පණිවිඩය ගෙනාවේ. ” ඔහු මොහොතක් නිහඬතාව රැක්කේය

පොලිසියේ රාළහාමි කෙනෙක් ” හේමපාල ග්රාමසේවකගේ වචන ප්රතිරාවය කළේ පොලීසිය සමඟ තමාට ඇති ගනුදෙනුව කුමක්ද යන්න සිතා ගැනීමට නොහැකිවය

ඔව්, යාපනෙන් පොලිස් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. “

හේමපාලගේ අභ්‍යන්තරය බිඳ වැටුණාක් වැනි හැඟීමක් ඇතිවිය. ලොකු පුතා යාපනයට මාරුවී ගොස් මාස දෙකක් ගතවූවා පමණි.

කොල්ලාට කරදරයක්වත් වෙලාද? ” ඔහු තැවුණේය. “ඉතින් ග්රාමසේවක මහත්තයා කියන්නකෝ මොකක්ද පණිවිඩේ කියලා. “

හේමපාලට මේක කොහොම කියන්නද මං දන්නේ නැහැ. හේමපාලගේ පුතා ඊයේ බිම් බෝම්බයකට අහුවෙලා අන්ත්රා වෙලා. පොලීසියෙන් මට පණිවිඩය කියන්න කිව්වා. “

අකුණු පහරක් වැදුණා වැනි හැඟීමක් හේමපාලට ඇති විය. ඔහු වාරු නැතිවාක් මෙන් බිම ඉඳගත්තේය. හමුදාවට ගිය ලොකු පුතා අන්තරා වෙලා. ඔහු අත්දෙක හිසේ ගසා ගත්තේය.

මේක වෙන්න බැහැ. මේක වැරදීමක් ” ඔහු තොල් මතුලේය. ගිය සුමානේ පුතා ලියුමක් එවලා තිබුණා

එම ලියුමේ යාපනයේ සුලු සුලු කලබල තිබෙන බවත්, දැන් හමුදාව ප්‍රදේශය සන්සුන් කර පාළනය කරන බවත්, ලබන වාරයේ නිවාඩුවට ගෙදර එනවිට අනුරාධපුර වන්දනාවේ යාමට සූදානම්ව සිටින ලෙසටත් ලියා තිබුණි.

“මට හරිම කණගාටුයි හේමපාල, කොටි ඊයේ හමුදාවේ දහතුනක් මරා දාලා කියලයි ආරංචිය. මරණවල කටයුතු හමුදා ගෞරව සහිතව කොළඹ කනත්තේ කරනවලු. පවුලේ ඥාතීන්ට කොළඹ යන්න තමයි තියෙන්නේ. ” ග්‍රාමසේවක දුක්මසු හඬින් කීවේය.

හේමපාල තවමත් වාඩිවී එකම ඉරියව්වෙන් සිටියේය. කොල්ලා මැරිලා. දැන් ගෑණි පොළොවේ පස් කයි. අනේ කොල්ලට වෙච්ච දේ. වල දාන්ඩ ඉස්සර කොල්ලගේ මුහුණ බලාගන්ඩ ලැබෙයිද? දහසකුත් සිතිවිලි ඔහුගේ සිතට ගලා ගෙන ආවේය.  

හේමපාල දැං යං මාත් එක්ක ගෙදර. පුතාගේ කෑම්ප් එකෙන් කට්ටිය දැන් එයි. කොළඹ යන්න ඇහැක් විදිය බලමු. ” ග්රාමසේවක හේමපාල වත්තන් කර ගත්තේය

*****

තවරාණි විදුලි කේතලය අතට ගත්තේ තේ කෝප්පයක් රාජේෂ්ට සාදා දීමටය. වාහනයේ බොනට්ටුව ඇර වැඩකිරීම නිසා රාජේෂ්ගේ අත් වල මජං තැවරී තිබේ. තේ කෝප්පය දීමට ප්‍රථම ඔහුට අත සෝදා ගැනීමට කිව යුතුයැයි ඇයට සිතුණි. සදීපන් හා සුදර්ශනී තව පැය කිහිපයකින් පාසල නිමවී ගෙදර එනු ඇත. සදීපන් ගෙදරට ගොඩ වැදෙන්නේ බත් පිඟාන අපේක්ෂාවෙනි. කෑමෙන් පසු ඔහු බැට් එක අතට ගනියි. අසල්වැසි යහළුවන් සමඟ ක්‍රීඩාවට යන ඔහු යලි ගෙදර එන්නේ සවස කරුවල වැටුණාට පසුවය. සුදර්ශනී කෙළින්ම ඇගේ කාමරයට යන්නීය. ඇඟපත සෝදා ගන්නා ඇය ගෙදරට අඳින ගවුමකට මාරුවී පොතක් කියවීමට පටන් ගනියි. ඇය වැඩිපුරම කියවන්නේ ජේම්ස් හැඩ්ලිචේස්ගේ පොත්ය. දිවා ආහාරය සඳහා ඇයට කිහිප වතාවක් කථාකළ යුතුය. අඬගසන සෑම අවස්ථාවකදීම ඇය කියන්නේ තව විනාඩි පහකින් එන බවය.

දුරකථනය නාද වූ බැවින් රාජේෂ් දුරකථනය අතට ගත්තේය. දුරකථනයේ මජං නොගෑවෙනු පිණිස ඔහු රිසීවරය අල්ලා ගත්තේ ඇඟිලිතුඩු වලිනි. ඒ අතරතුර වාරයේ ඩ්‍රයිවර් ගේට්ටුව ඇරියේ වෑන් රථය ගරාජයට දැමීමටය. සිල්වා සාප්පුවේ සිට මෙතරම් කලින් ආවේ මන්දැයි තවරා‚ සිතුවාය. වෑන් රථය ගරාජයට දැමූ සිල්වා රාජේෂ් එනතෙක් ගෙයි දොරකඩට වී සිටියේය.

සිල්වාගේ බුලත්කෑම තවරාණිට අල්ලන්නේ නැත. ඒ නිසා තවරා‚ සිටින විට සිල්වා බුලත් නොකයි. එහෙත් රාජේෂ් සමඟ වාහනයේ යන විට සිල්වා බුලත් කනවා පමණක් නොව වරින් වර කවුළුවෙන් හිස එළියට දමා කෙළ ගසයි.

කාගෙන්ද කෝල් එක? ” තවරාණි ඇහුවේ කුතුහළයෙනි. එහෙත් රාජේෂ් පිළිතුරු නුදුන්නේය

ඔයාට පුළුවන්ද කාර් එකේ ගිහිල්ලා ළමයි දෙන්නව අරගෙන එන්න. මම සිල්වා එක්ක සාප්පුවට දුවලා එන්නං. ” රාජේෂ් කීවේ කලබලයෙනි

ඇයි, ඉස්කෝලේ ඇරෙන්න තව වේලාව තියනවනේ, ” තවරාණි මෙහිදී ඇසුවාය

කමක් නැහැ, ළමයි දෙන්නව ගේන්න. යාපනයේ කලබලලු. මෙහෙත් කලබල තියෙයිද දන්නේ නැහැ. හදිස්සියක් උනොත් සාප්පුවට කෝල් එකක් දෙන්න. මම යන්න ඉස්සර මිසිස් දේවරාජාට කියලා යන්නං” මෙසේ පවසා රාජේෂ් දෑත් සෝදා ගෙන සිල්වාට කථාකළේය. තවරාණිගේ සිතට දැණුනේ කරදර සහිත බවකි. මේ මොන කරදරද? ඇය සිතුවාය. සිත නිස්කලංකයේ තබා ගැනීමට අවකාශ නැති හැටි. ඇය ළමුන් දෙදෙනා ගෙන ඒම පිණිස සූදානම් වූවාය

පාර්වතීට කියන්න දොර වහගෙන ඉන්න කියලා. කාටවත් දොර අරින්න එපා කියන්න. ” රාජේෂ් කඩිනමින් කීවේය. වෑන් එක පණ ගැන්වූ සිල්වා විටක් කටේ දමා ගෙන රථය ගරාජයෙන් එළියට ගත්තේය. වෑන්රථය ගේට්ටුවෙන් එළියට ගත් වහාම ගේට්ටුව වැසූ රාජේෂ් අල්ලපු ගෙදර මිසිස් දේවරාජාගේ නිවසේ සීණුව නාද කළේය

******

හේමපාල කොළඹ කනත්තට පැමිණෙන විට හොඳටම හවස් වී තිබුණි. වැළපෙන බිරිඳ හා බාල දියණිය දකින විට ඔහුගේ හදවත කඩා වැටී නෙතග කඳුළින් පිරේ. එහෙත් සිත ධෛර්යවත් කරගත් ඔහු වික්‍රමරත්න රාළහාමි සමඟ කනත්තේ ප්‍රධාන දොරටුවෙන් පියමැන්නේය. විශ්‍රාමික පොළිස් කොස්තාපල්වරයෙකු වූ වික්‍රමරත්න රාළහාමි ඔවුන් සමග කොළඹ පැමිණීම හේමපාලට මහත් උපකාරයක් වූ බව සැබෑය. සිත කම්පනයට පත්වී ඇති නිසා ඔහු කථා කළේ අඩුවෙනි.

කනත්තේ බොහෝ පිරිසක් රැස්වී සිටියහ. මියගිය සෙබළුන්ගේ ඥාතීන්ගේ අදෝනා හඬ ඇසෙත්ම හේමපාලගේ නෙත්වල කඳුළු රඳවා ගැනීමට ඔහුට නොහැකි විය. ලේන්සුවෙන් කඳුළු පිසදා ගත් ඔහු වටපිට බැලීය. හේමපාල, තවම මිනී ගෙනල්ලා නැහැ” වික්‍රමරත්න රාළහාමි කීවේය.

මියගිය සොල්දාදුවන් හමුදා ගෞරව සහිතව මිහිදන් කිරීමට වලවල් කපා තිබුණ නමුත් තවමත් එක මිනී පෙට්ටියක්වත් ගෙනවිත් නැත. හමුදා නිළ ඇඳුම් ඇඳගත් භට පිරිස් සීරුවෙන් සිටියහ. ඒ අතර පොලිස් නිළධාරීන් සෙනග පාලනය කළහ. ෆයිල් කවරයක් අතින්ගත් හමුදා නිළධාරියෙක් මියගිය සෙබළුන්ගේ ඥාතීන්ට පෝරම කොළ වගයක් බෙදීය. ඒ අතරවාරයේ වික්‍රමරත්න රාළහාමි වෝකි ටෝකි යන්ත්‍රයක් අතැතිව සිටි පොලිස් නිළධාරියෙකුට කථාකළේ වැඩිමනත් තොරතුරු දැනගැනීම පිණිසය.

මිනී පෙට්ටි තවමත් ගෙන නොඒම පිළිබඳව රැස් කකා සිටි පිරිස නොසන්සුන් ස්වරයෙන් කතාකළහ. ඒ අතර ජාතික ඇදුමක් ඇඳගත් අයෙක් මැතිඇමතිවරු මෙම ස්ථානයට පැමිණීමට නියමිතව සිටියත් ඔවුන් කිසිවෙකු නොපැමිණීමට තීරණය කොට ඇති බව හඬ නගා පැවසීය. එවිට සෙනග අතරින් එකකු කෑගසා යමක් කීය.

හේමපාල මිනී ගේන තීරණය වෙනස් කරලා, අපිට රේමන්ඩ් එකට එන්නලු. එතනින් පුතාගේ මිනිය දෙයි. ගමට ගෙනියන්න. මෙතන කලබලයක් යන හැඩයි. අපි රේමන්ඩ් එකට යමු. ” වික්රමරත්න රාළහාමි හේමපාල අමතා කීය.

සෙනග අතරින් ඉදිරියට ආ කෙනෙක් උස් හඬින් කතා කළේය. ඝෝෂාව නිසා ඔහු කියූ දේ හේමපාලට ඇසුණේ අසම්පූර්ණවය.

පර බල්ලෝ, මුං සිංහල කොල්ලෝ කොටින්ට බිලි දීලා අපට කොල්ලන්ගේ මිනීවත් පෙන්නන්නේ නැහැල්ලු, අපිට කමක් නෑ, මිනී විකෘති කරලා තිබ්බත් අපිට අපේ කොල්ලන්ගේ ඇඟිල්ලක් හරි බලාගන්ඩ ඕනෑ. “

ඔහුගේ කථාවේ කොටසක් සවනට වැටීම නිසා හේමපාලගේ හිත කීරිවැටී ගියේය. මොනවා මුං පුතාගේ මිනිය විකෘති කරලද, ඔහු මහත්සේ තැවුණේය. අවසන් වතාවට පුතාගේ රත්තරන් මුහුණ දැකීමට තිබූ අවස්ථාවත් නැති කරපු හැඩයි. ඔහු කම්පිතව සිතුවේය.

හේමපාලගේ අත අල්ලාගත් වික්‍රමරත්න රාළහාමි සෙනග ඈත් මෑත් කරමින් කනත්තෙන් ඉවතට ඒමට උත්සාහ කළේය. ඔවුන් පසුපස හේමපාලගේ බිරිඳ හා දියණියද සිහිනෙන් ඇවිදින්නාක් මෙන් ආවෝය.

පර්වතයක් මෙන් උසැති, බඩ මහත, පොලිස් නිළධාරියෙකු සෙනග සන්සුන් කිරීමට උත්සාහ කළේ තම තර්ජනාත්මක ස්වරය හා නිළ ඇඳුමේ අධිකාරී බලය පෙන්වමිනි. අඩෝ, අපි මූව වලට දාමු, “ පිරිසක් පසුපස සිට කෑගැසූහ. ඒ සමගම ගල්මුල් ප්‍රහාරයක් ඇරඹූහ.

පිස්තෝලයක් අතින් ගත් චීවරධාරියෙක් ඉදිරියට ඉදිරියට පැමිණියේය. ඔහු සෙනගට විධාන දෙන්නාක් මෙන් කථාවක් කළේය. උඹලා සිංහ ලෙයක් ඇති, සිංහ සිතක් ඇති සිංහලයෝ. අපේ කොල්ලන් දහතුන්දෙනෙක් යාපනයේ මරා දාලා. උන්ගේ ඇස් පවා උගුල්ලලා. උඹලා තව මොනවද නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ. ආණ්ඩුවට කොටි මර්ධනය කරන්න බැරි නම් අපි හරි දෙමළ කොටි විනාශ කරමු

කනත්තේ කලබලය තීව්‍ර වෙමින් පැවතිණි. වික්‍රමරත්න රාළහාමි හේමපාල සමඟ රේමන්ඩ් මල් ශාලාවට පැමිණියේය.

*****

රෑ අටද පසුවූ නමුදු රාජේෂ් තවම නිවසට නොපැමිණීම තවරාණි ගේ සිතට බිය උපදවයි. දුරකථනය නාද වූ සෑම අවස්ථාවකම ඇය රිසීවරය අතට ගත්තේ රාජේෂ්ගේ කටහඬ ඇසීමේ අපේක්ෂාවෙනි. අවසන් වරට දුරකතනයෙන් කථාකළේ ජෙයප්‍රකාශ් ය.

කොළඹ කලබල ඇතිවී ඇති බවත්, දෙමළ ජාතීන්ට පහර දෙන බවත් ඔහු කීවේ සැලෙන හඬිනි. හැකි ඉක්මනට රක්ෂිත ස්ථානයකට යන ලෙස ඔහු උපදෙස් දුන්නේය. තැතිගත් ළමුන් දෙදෙනා නිදන කාමරයේ ඇඳයට රිංගූහ. සේවිකාව දොර අසල බිම වාඩි වී සිටිමින් බියෙන් ඉකි ගැසුවාය.

සාප්පුවේ දුරකථනය එක දිගට නාද වෙනවා මිසක කිසිවකු පිළිතුරු දෙන්නේ නැත. හදිසියේ දොරට යමෙකු තට්ටු කළේය. විදුලි පහන් නිවා කුඩා මේස ලාම්පුව පමණක් දල්වා තිබූ නිසා නිවසේ කිසිවකු නොසිටින බව ඇඟවීමට තවරාණිට අවශ්‍ය වූවාය. දොරට ගසන හඬ ඇසීමෙන් ළමුන් දෙදෙනා ගැහෙමින් ඇඳ යට ගුලිවී සිටියෝය. සේවිකාව බියෙන් ලතෝනි දුන්නාය. සේවිකාවගේ කෑගැසීම තවරාණිට බියක් මෙන්ම කෝපයක්ද ගෙන දුන්නේය.

පාර්වතී කටවහපං” ඇය තර්ජනාත්මක ස්වරයෙන් පහත් හඬින් සේවිකාට අණ දුන්නාය. දොරට ගැසීම නැවතුනේ නැත. “තවරාණි, තවරාණි, දොර අරින්න, මම මිසිස් දේවරාජා” එළියෙන් ඇසුණේ ගෑණු කටහඬකි. මිසිස් දේවරාජාගේ කටහඬ ඇසීම නිසා තවරාණිගේ බිය තාවකාලිකව පහ වූවාය. ඇය විදුලි පහන දල්වා දොර ඇරියාය

ආරංචිද? කොළඹ කලබල, මෙහේ ඉන්න එපා, යමු අපේ ගෙදර. ” මිසිස් දේවරාජා තවරාණිට කීවාය. “අනේ මිසිස් දේවරාජා, මම කොහොමද ගේ දාල එන්නේ. තාම රාජේෂ් ආවෙත් නැහැ. ” තවරාණිට ඇඬුම් ආවාය

“රාජේෂ් එයි, අද රෑ මෙතන ඉන්න එක හොඳ නැහැ. රස්තියාදුකාරයෝ ගෙවල් මංකොල්ල කනවලු, යං අපේ ගෙදර, ඉක්මණට බඩු පැක්කර ගන්න. ”

තවරාණි විශාල සූට්කේස් එකකට තම ස්වර්නාභරණ, ලියකියවිලි, මුදල් හා ඇඳුම් දමාගත්තේ කඩිනමිනි. පාර්වතී ඉක්මනට ළමයින්ගේ ඇඳුම් ගනිං. “ඇය සේවිකාවට විධාන කළාය. තැතිගෙන සිටි ළමයි හා පැටවුන් සේ තවරාණි අසල දැවටුණාය.

රෑට කාලවත් නැතිව ඇති නේද? මම ඉක්මනට මොනවා හරි හදන්නම්, ඉක්මන් කරලා යමු. දොර ජනෙල් හොඳට වහන්න. ” මිසිස් දේවරාජාද දොරගුඟ පරීක්ෂා කිරීමට උදව් වූවාය

******

සාප්පුවේ තිබුණු වටිනා භාණ්ඩ පෑලියගොඩ තම සිංහල මිතුරාගේ ගරාජයට ගෙන ගිය රාජේෂ් රියදුරා සමග බඩු බෑවේය. බඩු සියල්ල බා අවසන් කරන විට රෑ අට ද පසු වී තිබුණි. රාත්‍රියේ ගමන අවදානම් නිසා අද රාත්‍රියේ තමාගේ නිවසේ නැවතී හෙට යන ලෙස මිතුරා අයාචනා කළද තවරාණි හා ළමුන් දෙදෙනා තනිවම සිටින නිසා වහාම ගෙදර යායුතු බව රාජේෂ් තීරණය කළේය.

සිල්වා රියදුරු සුක්කානමේ සිටීම රාජේෂ්ගේ සිතට සහනයකි. සිල්වා වෑන් රථය පැදවූයේ විට සපමිනි. මරදාන දක්වා ඔවුන් කිසිදු ගැටළුවකට මුහුණ නොදී පැමිණියහ. තැනින් තැන පොළිස් නිළධාරීන් සිටියද කිසිවෙකු වාහනය නැවැත්වූයේ නැත.

වෑන් රථය බොරැල්ල මංසන්ධියට හරවන විට විශාල සෙනගක් පාරපුරා සිටීම නිසා සිල්වා වාහනයේ වේගය අඩු කළේය. පාර දෙපස ගිනිගන්නා වාහන කිහිපයකි. බීමතින් කඩු පොලු ගත් දාමරිකයන් සටන් පාඨ කියමින් වෑන් රථයට කිට්ටු වූහ.

සිල්වා වාහනය යළි හරවා ගැනීමට අසාර්ථක උත්සාහයක යෙදුණු නමුත්, පාර අයිනේ නවතා තිබූ බස්රථය නිසා ඔහුට ඒ සඳහා ඉඩක් නොවීය. ඒ අතරවාරයේ මැරයෝ වෑන ්රථය වට කළහ.

තමුසෙලා කවුද? සිංහලද? දෙමළද? ” කණ්ඩායමේ නායකයා යැයි සිතිය හැකි අයෙකු ප්රශ්න කෙළේය. ඔහුගේ අතේ රටබීම බෝතලයකි. ඔහු වතුර බොන්නාක් මෙන් බෝතලයේ තිබූ මත් පැන් කටේ හලා ගත්තේය. යකඩ පොලු, කඩු අතින් ගත් දාමරිකයන් වාහනයේ වටිනා යමක් තිබේද කියා කර පොවා බැලුවෝය

අපි සිංහල, ” සිල්වා තතනමින් පිළිතුරු දුන්නේය. “මහත්තයව ගෙදර බස්සවන්න යනවා. “

මෙයාද මහත්තයා, මහත්තයා සිංහලද? ” එක් මැරයෙක් ප්රශ්න කළේය. රාජේෂ් කිසිදු පිළිතුරක් නොදී බිම බලා ගත්තේය. “ඒයි මහත්තයා, තමුසෙ සිංහල ? කියනවා බලන්න මල් පූජා කරන ගාථාව. “

රාජේෂ් නළලින් වැගිරෙන දාඩිය කමීස අතේ පිසදා ගත්තේය. සිල්වා ගොත ගසමින් කතාකළේය.

මේ මහත්තයා සිංහල, අපිට යන්න දෙන්න. “

අඩෝ නාකියා, උඹ දෙමලුන්ට . . . . . . . . . දෙනවා නේද? මූ දෙමලෙක්. පේන්නේ නැද්ද මූණ බැලුවම. ” මැරයා තම අත තිබූ මුගුරෙන් වෑන් රථයේ වින්ඩ්ස්ක්රීන් එකට ගැසුවේය. එම පහරින් වීදුරු කෑලි සිල්වාගේ හා රාජේෂ්ගේ ඇඟ පුරාම වීදුරු වැස්සක් සේ වැටුණේය

ඒයි, මහත්තයා බැහැපං, නැත්තං වාහනේ ඇතුළට දාලා ගිනි තියනවා, “මැරයෝ මෙසේ කියමින් වෑන්රියේ දොර ඇර රාජේෂ්ව බිමට ඇද දැම්මෝය.”අනේ අපේ මහත්තයට ගහන්න එපා. ” සිල්වා දෑත් එක් කොට වැන්දේය.”අඩෝ නාකියා බැහැපන් උඹත් මැරුම් නොකා, ” මැර නායකයා සිල්වාගේ බෙල්ලෙන් අල්ලා බිමට දැම්මේය. අනතුරුව සුනඛයෙකුට පා පහරක් දෙන්නාක් මෙන් සිල්වාගේ පශ්චාත් ප්රදේශයට පා පහරක් එල්ල කළේය

මේ අතර මැර පිරිස වටවී රාජේෂ්ට පොලු වලින් පහර දුන්නේය. ලේ වලින් ඔහුගේ මුහුණ තෙත් විය. පහරවල් වලකාලීමට මෙන් ඔහු දුබල වූ දෑත් වලින් මුහුණ ආවරණය කර ගත්තේය. බිම වැතිරී සිටි සිල්වා රාජේෂ් දෙසට බඩගෑමට උත්සාහ කළේය. සෙනග වට වී සිටි නිසා ඔහු රාජේෂ් දුටුවේ නැත. මෝල් ගස් මෙන් ඉහළ යන පොලු ඔහු දිටීය. රාජේෂ්ගේ ශරීරයට ඒවා වැදෙන විට නැගෙන හඬ පමණක් ඔහුට ඇසුණේය. අනේ අපේ මහත්තයාසිල්වා තාර පොලවේ හිස ඇන ගත්තේය.

******

පසු දින දහවල් වනතෙක් රාජේෂ් පිළිබඳ තොරතුරක් නැති නිසා තවරාණි සිටියේ ඇඬූ කඳුළිනි. ළමයි දෙදෙනා ද මව සමග වරින්වර ඇඬූහ. ඔවුන් සැනසීමට උත්සුක වූ මිසිස් දේවරාජා රාජේෂ් ඇඟරි නීතිය නිසා කොහේ හෝ කොටු වී නිරුපද්‍රිතව ඇති බව පැවසුවේ තම සිතේ වූ සැකයට ද වංචා කරමිනි.

නෝනා, නෝනා, මෙහාට මිනිස්සු කට්ටියක් එනවා, ” පාර්වතී මුර ගෑවාය

මිසිස් දේවරාජා තවරාණි හා ළමුන් තම නිදන කාමරයට යවා දොරවසා කවුළුවෙන් කරපොවා බැලුවාය. මිනිසුන් සියයක් පමණ ඇයගේ මිදුලේ රැස් වී සිටිති. එක් මැදි වියේ පුද්ගලයෙකු දොරට තදින් තට්ටු කෙළේය. ගැඹුරු හුස්මක් ගත් මිසිස් දේවරාජා දොර ඇරියේ බිය නොපෙන්වමිනි.

“මොකද ඔහේලා මෙහේ කරන්නේ. ” ඇය උස්හඬින් ඇසුවාය. නෝනා, ගෙදර හංගගෙන ඉන්න දෙමෙල්ලු එළියට දාන්න. “ මැදිවියේ පුද්ගලයා ගොරෝසු හඬින් කීවේය. ඔහුගේ අතේ විශාල කඩුවකි. ඔහුගේ මුහුණේ ඇති කැපුම් කැළල නිසා ඔහුගේ මුහුණ තවත් බිහිසුණුව පෙණිනි.

මෙහේ ඇති දෙමලෙක් නැහැ, කරුණාකරලා යන්න. මම නැත්නම් පොලීසියට යනවා. “

නෝනා ඕන මළදානයකට යන්ඩ, ගෙදර හංගාගෙන ඉන්න දෙමෙල්ලු ටික එළියට දැම්මේ නැත්නම් අපි මේ ගෙදරත් ගිනි තියනවා. ” ඔහු පෙට්ට්රල් බූලියක් අතට ගත්තේය

රැස්ව සිටි පිරිස උද්දාමයෙන් ප්‍රීති ඝෝෂා කළහ. අසල්වැසියන්ද වට වී සිටියද කිසිම අයෙකු වචනයක්වත් කීවේ නැත. එහෙත් සෙනග පීරාගෙන මහළු භික්ෂුවක් හැරමිටි ගසමින් පැමිණියේය. භික්ෂුව දැකීමෙන් දේවරාජා මහත්මියට පළමුවෙන්ම පුදුමයක්ද, දෙවනුව සහනයක්ද දැනිනි. හන්දියේ පන්සලේ අසනීප ගතියෙන් සිටින ජිනාලංකාර  හාමුදුරුවෝ මෙතෙන්ට වැඩියෙ කොහොමද ඇය සිතුවාය.

මහළු භික්ෂුව ඉදිරියට පැමිණ සෙනගට කථා කළේ දුබල හඬකිනි.

උඹලා, මේ කරන්ට යන තිරිසන් වැඩේ මොකක්ද? කොටි ඉන්නේ යාපනේ, උඹලා මෙහේ ඉන්න අහිංසක දෙමළ මිනිස්සු මරණ එකේ තේරුමක් තියෙනවද? “

මෙහේ ඉන්න දෙමෙල්ලු තමයි හාමුදුරුවනේ, කොටින්ට සල්ලි යවන්නේ. “සෙනග අතර සිටි හැඩි දැඩි තරුණයකු කීවේය

භික්ෂුව ඔහු දෙස මොහොතක් බලා සිටියේය.

සල්ලි යවනව ඔහේ දැක්කද? දැක්ක නම් ගිනි තියපං. ” භික්ෂුව ඔහුට ඉඩ දෙන නියායෙන් පසෙකට විය. සෙනග නිහඬව සිටියා මිස කිසිවක් කීවේ නැත

උඹලා ඔය විඳින්නේ දදයක් කසලා ඇතිවෙන සහනය. ඒත් මතක තියා ගනිල්ලා මේවාට තව අවුරුදු ගණන් යනකං උඹලාට විඳවන්න වෙන බව. උඹලාට විතරක් නොවෙයි, උඹලගේ දරුවන්ටත්, අහක ඉන්න අපටත් විඳවන්න වෙයි. “

රැස්ව සිටි පිරිස හින් සීරුවේ ක්‍රමක්‍රමයෙන් විසිර ගියහ.

*****

තම පුතාගේ හත් දවසේ දානයෙන් පසු හේමපාල කොළඹ යුධ හමුදා මූලස්ථානයට පැමිණියේ පුතාගේ හිඟ වැටුප් හා දීමනා ලබාගත හැක්කේ කෙසේද යන්න දැනගැනීමටය.

මුළු නගරයම යකුන් නැටූ පිටියක් මෙන් විනාශ වී ගොසිනි. තැනින් තැන ගිනිගත් කඩසාප්පුය.

දින ගණනක් රෝහලේ නේවාසිකව නතරවී ප්‍රතිකාර ගැනීමෙන් පසු ටිකට් කපනලද සිල්වා අසීරුවෙන් තම හාම්පුතාගේ නිවසට පැමිණියේ ඔහුගේ දරු පවුල හමුවීමේ අපේක්ෂාවෙනි. දොර ජනෙල් වසා නිවසද පාළුවට ගොසින් තිබූ බැවින් සිල්වා අසල්වැසි නිවසට ගොස් මොවුන් පිලිබඳ තොරතුරු විමසීය.

සිල්වා මොකද වුණේ? ” හිසේ ප්ලාස්ටර් හා තවමත් අත එල්ලාගෙන සිටින රාජේෂ්ගේ රියදුරා දුටු දේවරාජා මහත්මිය ඇසුවාය. “නෝන, අහස පොළව නුහුලන අපරාධයක් වුණේ. මගේ ඇස් ඉස්සරහ රාජේෂ් මහත්තයට ගහල මැරුවා. උන් මටත් ගැහැව්වා. මම අමාරුවෙන් බඩගාගෙන මරදාන පැත්තට යනකොට පොලිස් ජීප් එකක් මාව ඉස්පිරිතාලයට ගිහින් දැම්මා. සුමානයක් විතර ඉස්පිරිතාලේ ඉඳලා අදයි ටිකට් කැපුවේ. කෝ තවරාණි නෝනයි, ළමයින් දෙන්නයි? “

දේවරාජා මහත්මිය සුසුමක් හෙලුවාය. රාජේෂ් මහත්තයාගේ මරණය ගැන තවරාණි නෝනා දැන ගත්තේ පොලීසියෙන් ඇවිල්ලා කිව්වමයි. උන් වෑන් එකත් පුච්චලා. පෙරේදා නෝනා ළමයි දෙන්නා සමඟ යාපනේ ගියා. ලබන මාසයේ කැනඩාවට යනවලු. ලංකාවේ ඉන්න එකක් නැහැ. “

මහළු රියදුරා තම දෑස් පියා ගත්තේය. හරි අපරාදයක් නේද වුණේ ? හොඳ ලස්සනට හිටපු පවුලක් මොහොතකින් විනාශ කරලා දැම්මා මේ අමනුස්සයෝ. මේවා බලන්න අපිත් ජීවත් උනානේ. “ ඔහු දෙනෙතින් වැගිරෙන කඳුළු පිසදමා ගත්තේය. මම යන්නං නෝනා, රෑ වෙන්න කලින් ගමේ යන්න ඕනෑ. “

රියදුරා පිටත් වීමෙන් පසු දේවරාජා මහත්මිය පාර අද්දරට ගියාය. ඈත මාර්ගයේ ගින්නෙන් විනාශ වූ ගෙවල් හා කඩසාප්පු ඇයගේ නෙතට ලක්විය.හරියට මහා ගිනිකන්දක් පිපුරුණා වගේ ඇය දිග හුස්මක් ගනිමින් තොල් මැතුරුවාය.

වෛද් රුවන් එම් ජයතුංග 

One Response to “ගිනිගත් නගරය”

  1. Christie Says:

    I went to collect my news papers from the local town on my way to Colombo on my old Honda bike. The Indian Parasite at the shop said last night there have been a job in the North “eeye re yapane wedak dheelalu”. On the way I dropped at the Army headquarters in Godagama to see my friend. There were few women and men at the waiting shed at the gate.

    They looked sad and worried. I asked them why and they said they have heard that their loved ones have been killed in an ambush in Jaffna. I aske my friend about it and he said they got the same message unofficially and awaiting confirmation. He said even if it is the case they have no resources to respond to the situation like in your country (referring to the country where I lived at that time).

    In the evening as usual I went to book an overseas call at the Colombo exchange. My friend at the exchange said it is very busy as all Indian Parasites working there were busy connecting calls to India, Canada and other Western countries. I booked the call and took the call from my friend in Maradana. His house was full of books and he said all those books belong to an Indian Parasite lawyer who has left them there for safe keeping and he has gone to Nuwara Eliya.

    On the way back home there were a police road block at Maharagama and the man had not had any food so I had to go to his place bring him some food.

    The next day I went to Colombo in the late evening to take my overseas call in an old van. On the way I had to give a lift to an Indian Colonial Parasite who was distraught. When I reached Colombo most of it was in dark not many people were around. There were fires coming out from the inside of shops in Noris Road. The usual poor around Bogaha Handhiya were there. I asked them what is happening and they said suddenly fires appeared inside the shops and some of the Lokkas have come and gone. (What they meant was President and P M has come and gone J R J had prosperities there).

    I booked my call and my friend at the exchange said more calls were going to Canada.

    “පෙරේදා නෝනා ළමයි දෙන්නා සමඟ යාපනේ ගියා. ලබන මාසයේ කැනඩාවට යනවලු. ලංකාවේ ඉන්න එකක් නැහැ. “

    The butchering of 13 innocent unarmed personnel by the Indian terrorists was a well planned act.

    The World Council of Churches conference was in progress at that time. According to a priest who attended the conference, he was intrigued by why all the brown priests were interested about the situation in Ceylon.

    Can people see how Indian imperialists manipulate we Sinhalese?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress