නව ව්‍යවස්ථාව සම්මත වුණොත් රනිල්ගේ ජනපති සිහිනය සැබෑ වෙයි
Posted on July 26th, 2018

ඉෂාරා සිල්වා උපුටාගැණීම  මව්බිම

වත්මන් ආණ්ඩුව නව ව්‍යවස්ථාව හරහා වංචාව නීතිගත කිරීමට උත්සාහ කරන බවත් මෙම ව්‍යවස්ථාව සම්මත වුවහොත් අගමැති රනිල් වික්‍රමසිංහට 2020 ජනාධිපතිවරණයේ සිහිනය සැබෑ කර ගැනීමට නැවතත් පසුබිම සකස් වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ පැවැසීය.

මෙම බරපතළ සහ අවදානම් ව්‍යවස්ථාව පරාජය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3 බලය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවද මන්ත්‍රිවරයා අවධාරණය කළේය.

ඊයේ (25දා) බොරැල්ල ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

නව ව්‍යවස්ථාව හරහා ආණ්ඩුව වංචාව නීතිගත කරන්න හදනවා. 2015 ජනවාරි 08 වැනිදා මේ ආණ්ඩුව බලයට පත්වන විට පක්‍ෂ දෙකක් මෙම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මත දෙකක් දැරුවා. එ.ජා.ප.ය දරපු මතය තමයි නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන බව. ඒ වගේම සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළා ජනමත විචාරණයක් හා සමානව 2016 මාර්තු මාසයේ 09 වැනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් 21 දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කළා. මේ සඳහා විවිධ පක්‍ෂ නියෝජනය කරමින් නියෝජිතයන් පත්වුණා. ඒකාබද්ධ විපක්‍ෂයෙනුත් දිනේෂ් ගුණවර්ධන සහ ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් මේ සඳහා සහභාගි වුණා. 2016 මාර්තු 09 වැනිදා ආරම්භ කළ මෙම කමිටුව විසින් දැනුමක් ඇති විශේෂඥයන් 10 දෙනෙක් නම් කළා මේ පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා.

මහින්ද රාජපක්‍ෂ මහතාට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැල්ලා මැතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වුවා. ගෝඨාභය රාජපක්‍ෂ මහතා හෝ කවුරුන් හෝ කෙනෙක් ජනතාව ඉදිරියට පැමිණීමට කටයුතු කරන්නේ නම් එය වැළැක්වීමට මෙම කෙටුම්පතෙන් පාර හදලා තිබෙනවා. පළාත් බද පොලිසිය හැදීම ගැනත් මෙහි සඳහන් වෙනවා. පැහැදිලිව ප්‍රකාශ කළොත් මෙහි කොමිෂන් 02ක් තිබෙනවා. ජාතික පොලිස් කොමිසම සහ පළාත් පොලිස් කොමිසම. උතුරු පළාත් සභාව විසුරුවන්න ඔන්න මෙන්න තිබෙන්නේ. මැතිවරණයකට යන්න කලින් ඊව්ඒ එක පැහැදිලිවම කියනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කළ යුතුබව. නමුත් මේ ව්‍යවස්ථාව ගේන්න ගියොත් ආණ්ඩුවට විශාල බලපෑමක් එල්ල වෙනවා.

විද්වතුන් අතරම මෙම කෙටුම්පත පිළිබඳව විශාල මතයක් ඇති වෙලා තිබෙනවා. මෙය සම්මත වුණොත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට නැවතත් 2020 ජනාධිපතිවරණයේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා පසුබිම සකස් වෙනවා. මේ ආණ්ඩුව වංචාව නීතිගත කරන්න හදනවා. එම නිසා අපි පාර්ලිමේන්තුවේ මෙය පරාජය කිරීම සඳහා අවශ්‍ය 2/3 බලය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් යනවා.”

පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන,

” මොරගහකන්ද ව්‍යාපෘතිය විවෘත කිරීමේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සාවද්‍ය ප්‍රකාශයක් සිදු කළා. මොරගහකන්ද ජලාශය පිළිබඳ ව්‍යාපෘතියේ නිර්මාතෘවරයා හැටියට කටයුතු කළේ දිවංගත මෛත්‍රිපාල සේනානායක මහතා. නමුත් වගකිවයුතු නායකයෙක් හැටියට කළ යුතු ප්‍රකාශයක් නොවෙයි එතුමා සිදු කළේ. මොරගහකන්ද ව්‍යාපෘතිය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ව්‍යාපෘතියක්. එහි වැඩ සියල්ලම අපේ ආණ්ඩු කාලයේ සිදු කරලා තිබුණේ.

ඉෂාරා සිල්වා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress