බුද්ධ ශාසනයේ පාලනයට නීතිරීති ගේන්න මහා සංඝරත්නයෙන් ඉඩක් ලැබෙන්නේ නෑ
Posted on July 26th, 2018

කැලණිය – කුසුම් එස්. හැන්නදි උපුටාගැණීම  මව්බිම

අපේ පෞරාණික ශාසනික දායාද පාලනය කිරීමේ වක්‍ර වෑයමකට සූදානම් වෙන වත්මන් ආණ්ඩුව භික්ෂුන් වහන්සේ වෙනුවෙන් ගෙන ඒමට යෝජනා කර ඇති නීති රීති මාලා ගෙන ඒමට කිසිම විටක මහ සංඝ රත්නයෙන් ඉඩක් නොලැබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

අණ්ඩුව ගෙන එන ලද යෝජනාවකට අනුව භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් රාජ්‍ය අනුමැතිය සහිත නීති මාලාවක් පාර්ලිමේන්තුවට යොමු කරමින් එය සම්මත කර ගැනීමට උත්සාහ දරමින් සිටිනවා. පාර්ලිමේන්තුවේ නියෝජිතයන් හැම දෙනාගේම එකඟතාවක් මෙයට ලැබී නැහැ. එය නොගැළපෙන නොගෙනායුතු නුසුදුසු යෝජනාවක්. මේ රටේ ක්‍රියාත්මක වන අපරාධ නීති සංග්‍රහය, සිවිල් නීති සංග්‍රහය වගේම රාජකාරි මට්ටමට අදාළ නීති පද්ධතියක් රටේ තිබෙනවා. ඒ නීති භික්ෂුවටත් පොදුවේ එකලෙස බලපානවා යැයිද එසේ නම් භික්ෂුන් වහන්සේට වෙනම නීති මාලාවක් මොකටදයි රාජපක්ෂ මහතා ප්‍රශ්න කළේය. රාගම තුඩුවේගෙදර ශ්‍රී ඉසිපතාරාම මහ විහාරාධිපති රාංසිගොල්ලේ පඥ්ඥානන්ද හිමිපාණන් වහන්සේට අක්පත්‍ර ප්‍රදානය කිරීමේ පින්කමට එක්වෙමින් මෙසේද පැවැසීය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජය විසින් බලපවත්වන නීතියට භික්ෂුන් වහන්සේලාත් යටත් නම් භික්ෂුන් වහන්සේ ඇති කර ගන්නා සම්මුතිය පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතු වන්නේ ඇයි. පාර්ලිමේන්තුවට එයට සුදුසුකමක් නැහැ. අපිට පැහැදිලිවම කීමට ඇත්තේ භික්ෂු විනයට අත නොතබන ලෙසත් රාජ්‍ය නීතිය එයට අෑ¼දා ගැනීම නොකරන ලෙසත් පමණයි.

අපි මේ ක්‍රියාදාමයන්ට මුල් වී ඇති හේතුව නොදන්නවා නෙවෙයි. මේ ඉස්මතු වන්නේ බලයට ඇති තණ්හාවයි. ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුර පිළිබඳව උපන් බල තණ්හාවෙන් තමයි මේවා සිදු කරන්නේ. හිත ඇතුළත එකක් තියා ගනිමින් වෙනත් කරුණක් ගෙනැවිත් එය ඉදිරිපත් කර තියෙනවා කියා අපි දන්නවා. දියවඩන නිලමේ තනතුර පිරිනමන්නේ ඡන්දයෙන් පත්වන සුදුස්සටයි. බි්‍රතාන්‍ය රජ සමයේ පනවන ලද නීතිරීතීන් අනුවයි සුදුස්සා තෝරා ගන්නේ. කිසිදු වරදක් නැති කිසි විටක පොලිසියේ පැමිණිල්ලක් නැති හිරේ ගිහින් නැති නිවැරැදි ශ්‍රී ලාංකික බෞද්ධයකුට මෙයට ඉල්ලුම් කළ හැකියි. ඒ සඳහා වක්‍රව ඇණ ගැසීම් කළ යුතු නැහැ.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress