කැරකි කැරකි එන  නව ව්‍යවස්ථාව හෙවත් ගොන් විස්ස පරාජය කරමු
Posted on July 27th, 2018

පාලිත ආරියරත්න

වත්මන් ආණ්ඩුව හෝ ඉදිරියේදී ඇතිවන කිනම් ආණ්ඩුවක් විසින් හෝ රටේ සිටින මහජනතාවගේ හා ඔවුන්ගේ බුද්ධිමතුන්ගෙන් නොවිසා නව ව්‍යවස්ථාවක් ගෙන එම හා මෙම රට අනාගමික රටක් කිරීමට මාන  බලන කුඨ කෙෙරාටික සටකපට එන්.ජි.ඕ හා සමහර වාමන්සික බඩගෝස්තරවාදීන්ද , ප්‍රසිද්ධයැයි කියන අමන දේශපාලන පක්ෂ හා නොරටුන්ගේ දෙශපාලකනයන් (මේ අද දිනද) ඒකතුවී ඉදිරියේදී කරන්න යන්නාවූ ඒ මහා ජාතියට හේන පහරක් එක්කිරීමට මේ රට ඉදිරියේදී භයානක අනතුරු රාශියකට මුහුණ දීමටද  තුඩු දෙන මේ මාර විස්ස අපි සියලන්ම එකතුවී පරාජය නොකලොහොත් අප සිහල ජාතියේ අවසානයද භෞමික අඛණ්ඩතාවය අවසානයද  රටේ ගංගා සම්පත් සියල්ද (ඉදිරියේදී) ක්‍රමානුකුල නොරටුන් විසින් ඞැහැ ගැනීමේ කුමන්ත්‍රණයකට ඉඩදීමක් වසයෙන් ගත හැක .

පක්ෂ පාට නොබලා ක්රියා කල යුතු අතර මෙහී භයානකම අනතුර වන්නේ සිවුරු පොරවාගත් කිහිප දෙනෙකුද මුදල් හා දේශපාලන හෙන්චයින් හරහා මිතරු කොටගෙන පක්ෂ කොටගෙන මේ හොරෙන් නයි නැටවීමේ කාර්යට බත් බැලයන් කොටගෙන සිටීමයි.

මෙම බරපතළ සහ අවදානම් සහිත ව්‍යවස්ථාව පරාජය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3 බලය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව විවිධ  මන්ත්‍රිවරයන ප්‍රකාශ කර තිබුනත් ඔවුන්ගේ පක්ෂ වාදී දේසපාලනය නිසා අනිකුත් පක්ෂවල සිටින සාමාජිකයන්ගේ අවධාරණය මෙම විනාශයට එරෙහිව යොදාගැනීමට නිසියාකාරව තාම බැරිවී තිබේ මෙය ඉතා කනගාටු දායක තත්වයකි.

විද්වතුන් අතරම මෙම කෙටුම්පත පිළිබඳව විශාල මතයක් දැනට ඇතිවී තිබෙන බවත් දේශපාලකයා නොදනී බුද්ධිමතුන් වල්බුත දොඩවන්නන් ලෙසත් කාලකන්නි දේශපාලන මත දරන්නන් වීරයන් ලෙස හුවා දක්වමින් උන්ගේම ගෙවල් වල දරදිය අදින දේශපාලන පක්ෂ කාලකන්නි ක්රියා කරගෙන යයි.

මහාජනතාවගෙන් බහුතරයක් ඉල්ලුවේ ඇති ව්යවස්ථාව නැති අතර සමහර වාමන්සික හා පුද්ගලික තරහා පිරිමාහිමට ඉදිරියේදී හෝ අනාගතයේදී පත්වීමට නියමිත නායකයන් ගේ අයිතීන් අගරු කිරීමට හෝ රට වැඩිමනක් වශයෙන් විනාශය කරා රැගෙන යන නායකයන් ගේ බලය පවත්වාගැනීමට ආණ්ඩුක්රම  ව්යවස්ථා සංශෝධන වැඩපිළිවෙලවල් අනුග්රහා කොටගැනිමම ඉතා නින්ධිත ක්රියාවකි එය භයානක සතුරු උපද්‍රවයකට වඩා බරපතල කාරණයකි.

දැන් අපි මෙම අනතුරේ තවත් නොපෙනන පැත්තක් දෙස හැරී බලමු: පුද්ගලිකව හෝ සංවිධාන මගින් කියනාවූ ප්‍රකාශ කිහිපයක්:

ආගම සහ දේශපාලනය :

1. ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලබන අභිනව ආණ්ඩුක්රම ව්යවස්ථාව අනාගමික එකක් වීම සිය පෞද්ගලික අභිමතය වෙන බව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසයි.

-2016 ඔක්තෝබර් 10 BBC පුවත් සිංහල

2. කෙසේ වුවද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ දී පවතින ප්‍රායෝගික තත්වයන් තේරුම් ගත යුතු අතරම ආගමික සංස්ථාවන්ට සමාජ ප්‍රතිසංස්කරණ සඳහා බාධා කළ හැකි දොරටු ආවරණය කළ යුතු බවයි.ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රතිසංස්කරණ සඳහා කටයුතු කරන්නන් ආණ්ඩුක්රම ව්යවස්ථාව නිර්ආගමික එකක් විය යුතු බව විශ්වාස කරනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ගොඩ නැගීමේ දී ජාතිවාදය පරාජය කිරීම ප්‍රමුඛස්ථානය ගත යුතුව තිබෙනවා. එහිදී අන්තවාදී කොටස් රාජ්‍යතන්ත්‍රයට කරන බලපෑම අවම කිරීමේ යාන්ත්‍රණයක් අවශ්‍ය කරනවා’ -යාපනය විශ්ව විද්‍යාලයේ වාග්විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් වාග්විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා

-2016 ඔක්තෝබර් 10 BBC පුවත් සිංහල

3. වත්මන් ආණ්ඩුව නව ව්යවස්ථාව හරහා වංචාව නීතිගත කිරීමට උත්සාහ කරන බවත් මෙම ව්‍යවස්ථාව සම්මත වුවහොත් අගමැති රනිල් වික්‍රමසිංහට 2020 ජනාධිපතිවරණයේ සිහිනය සැබෑ කර ගැනීමට නැවතත් පසුබිම සකස් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ පැවැසීය.

– 25-7-2018, බොරැල්ල ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවෙදී

4. මහින්ද රාජපක්‍ෂ මහතාට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැල්ලා මැතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වුවා. ගෝඨාභය රාජපක්‍ෂ මහතා හෝ කවුරුන් හෝ කෙනෙක් ජනතාව ඉදිරියට පැමිණීමට කටයුතු කරන්නේ නම් එය වැළැක්වීමට මෙම කෙටුම්පතෙන් පාර හදලා තිබෙනවා. පළාත් බද පොලිසිය හැදීම ගැනත් මෙහි සඳහන් වෙනවා. පැහැදිලිව ප්‍රකාශ කළොත් මෙහි කොමිෂන් 02ක් තිබෙනවා. ජාතික පොලිස් කොමිසම සහ පළාත් පොලිස් කොමිසම. උතුරු පළාත් සභාව විසුරුවන්න ඔන්න මෙන්න තිබෙන්නේ. මැතිවරණයකට යන්න කලින් ඊව්ඒ එක පැහැදිලිවම කියනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කළ යුතුබව
-25-7-2018, බොරැල්ල ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවෙදී

 

  1. මේ ආණ්ඩුව එක්තරා බලවේගයන් කිහිපයකගේ එකතුවක් අධිරජවදින්ගේ බලය ,ඩයස්පෝරාවේ බලය ,දෙමල ජාතික වි බලය හා වෙනත් වෙනත් කුඩා කණ්ඩයම් වල බලයෙන්.

    -මන්ත්‍රී වාසුදේව නනයකර රටට තුරු විස්ස එපා සමන්ත්‍රණය මහනුවර 29-06-2018

 

  1. දින 100 ජනාධිපති ක්‍රමය වෙනස් කරනවා කියලා ආපු මෛත්‍රිපාල සිරිසේන මහත්තයාට අවරුදු 3 ක් ගියාට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ අතට ආණ්ඩුක්‍රම කෙටුම්පතක් අවේ ඇයි ?  ඕක හැදුවේ ජයම්පති වික්රමරත්න. අනුර දිසානායක කියනවා විජිත හේරත් තමා මේ යෝජනාවේ අයිති කරය කියල, විජිත හේරත් මහත්තයා කියනවා තව කෙනෙක් යෝජනාවේ අයිතිකාරයා කියලා. විසිවෙනි සංශෝධනය අවජාතකයි

    -මන්ත්‍රී විමල් වීරවංශ මහතා රටට තුරු විස්ස එපා සමන්ත්‍රණය මහනුවර 29-06-2018

 

  1. පාර්ලිමේන්තුවේ හමුවෙලා රහස් සාකච්ඡා පවත්වමින් කලින් සකස් කළ ලියවිල්ලක් ලෙස ගෙන ඒමට සුදානම් වන ආණ්ඩුක්රම වයවස්ථාව සංශෝධනයෙන් ඒකීය සංකල්පය කුඩු පට්ටම්කර දමා ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ඉකුත්දා (20) පැවසීය.
    කාගේ හෝ වුවමනාවකට රටේ කොටසක් එක් කණ්ඩායමකට දීමට කරන මෙම දේශද්‍රෝහික්‍රියාදාමය තුළුන් මේ රටේ තවත් ඊශ්‍රායලයක් හෝ ලෙබනනයක් විම කිසිවකුටත් නතර කළ නොහැකියි. අපේ 1978 ආණ්ඩුක්රම වයවස්ථාව මේ වනවිට 19 වතාවක් සංශෝධනය කර තිබෙනවා.ව්යවස්ථාවක් කියන්නේ පරම්පරාගත ලියවිල්ලක් පිළිගත් න්යාය වන්නේ ව්යවස්ථාවක් වසර 5 කට වරක් සංශෝධනය විය යුතු බවය. එසේ තිබියදී දැනට පවතින මෙම ව්‍යවස්ථාව අක්‍රීයකර දියාරු කර දැමීම සඳහායි අලුතින් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නේ.

– මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා බත්තරමුල්ල නෙළුම් මාවත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධීකරණ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී 20-02-2017

 

  1. නව ආණ්ඩුක්රම ව්යවස්ථාව බුද්ධාගමට හිමි තැන නැති කරන, රට බෙදන එකක් වන හෙයින් මේ අවස්ථාවෙහි රටට එය අනවශ් බවත් විධායක ක්රමය රටට ගැළපෙන බවත් අස්ගිරි පාර්ශ්වයේ නායක හිමිවරු ද ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් නායකයෝ ද කියති.

    9. නොයෙකුත් පාර්ශවයන් විසින් ගෙනෙන අලුත් ව්‍යවස්ථාවට විරුද්ධව මා නාහිමිපාණන් ඒකමතිකව පෙරමුණ ගත්තා මේක ඉතා හොද ප්‍රවනතාවයක්. මේ රට බේරාගන්න මා නා හිමියන් ඉදිරියට පැමිණිය යුතුය. මම ඉදිරියේදී දේශපාලන වේදිකාවට එනවා. අපි මේ පාලනය වෙනස් කරන්න ඕන. NGO නඩ වගේම එක්තරා අම්මන්ඩි කෙනෙක් මේ රට විනාශ කරන්න ලැහැස්ති වෙනවා

    –  පූජ්‍ය ඇල්ලෙ ගුණවංශ හිමියන් වෙනස සැපද” යන මාතෘකාවක් ඔස්සේ පැවති රැස්වීමකදි

 

  1. බුද්ධාගම උතුරෙන් අහෝසි වී ඇති බවත් එවැනි අහෝසි වූ ආගමකට සහාය දැක්වීමෙන් ද්රවිඩ සන්ධානය වැරැද්දක්කර ඇති බවත් උතුරු මහ ඇමැති සී. වී විග්නේෂ්වරන් ප්රකාශ කර ඇත.යාපනයේ කයිලාසපති ශාලාවේ පැවැති ද්‍රවිඩ ජනතා කවුන්සිලයේ සමුළුව අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
    යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්බන්ධ අතුරු වාර්තාවට සහාය දැක්‌වීමෙන්ද ද්‍රවිඩ සන්ධානය තවදුරටත් වැරැද්දක්‌ කර ඇතැයි හෙතෙම තවදුරටත් පවසයි.
    යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කිරීමත් බලය විමධ්‍යගත කිරීමත් ද්‍රවිඩ ජනතාවට අවශ්‍යම දෙයක්‌ බවද විග්නේෂ්වරන් මහතා එම සමුළුව අමතමින් කීවේය.

    -උතුරු මහ ඇමැති සී. වී විග්නේෂ්වරන්

 

  1. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාව ගෙන එන්නේ ඉතා විවෘතව සහ විනිවිද බවින් යැයි ද එය ජී. එල්. පීරිස්ලාගේ ජුන්ටා ව්‍යවස්ථාවක් නොවන බව ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.ත්රස්තවාදීන් රඳවා ගැනීමේ නීතිය යල්පැන ගිය එකක් බැවින් එක්සත් ජාතීන්ගේ සංශෝධන යටතේ සඳහා නව නීති සැකසිය යුතු බව අගමැතිවරයා කීවේය.

    මෙම උත්සවයට මහා සංඝරත්නය, සෙසු ආගමික නායකයන්, චන්ද්රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය, අගමැති බිරිඳ මෛත්රී වික්රමසිංහ, බන්ධනාගාර නැවත පදිංචි කිරීම් සහ හින්දු කටයුතු ඇමැති එස්. ස්වාමිනාදන්, ළමා කටයුතු රාජ් ඇමැති විජයකලා මහේශ්වරම් යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ

– අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය වීරසිංහම් ශාලාවේ දී ඊයේ (151-2016) පැවැති ජාතික තෛපොංගල් උත්සවය

 

  1. විධායක ජනාධිපති ක්රමය පීඩාකාරි නම් එයින් වැඩිම පීඩාවට පත් විය යුත්තේ වසර 229ක් පුරාවට එය ක්රියාත්මක වන ඇමෙරිකා එක්සත් ජනපදයේ.  ඒ රටේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු කියා ඉතිහාසයේ කිසිම දවසක උද්ඝෝෂණයක් තබා මැසිවිල්ලක් වත් මතු නොවන්නේ ඇයි?

 

ලෝකයේ රටවල් 95ක් විධායක ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක කරද්දී වෙස්ට්මින්ස්ටර් ක්‍රමය ක්‍රියාත්මක වන්නේ රටවල් 44ක පමණයි.  විධායක ජනාධිපති ක්‍රමය ඒකාධිපති ක්‍රමයක් නම් ලොව බහුතරයක් රටවල් ආදරයෙන් වැළඳ ගත් ජනප්‍රියම ක්‍රමය බවට පත් වුණේ කොහොමද?

-පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා

 

  1. ජනවාර්ගික ප්රශ්නය විසඳීමට නම් අලුත් ව්යවස්ථාවක් අවශ් බව ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස ලෝකය ඉදිරියට යෑමට නම් අලුත් ව්‍යවස්ථාවක් මේ රටට අවශ්‍ය වන බවත් ඒ හරහා මෙරට ආර්ථිකය ශක්තිමත් කරගැනීමට හැකි වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

    -බේරේ වැව හා වොක්ෂෝල් වීදියේ ජීවත් වූ පැල්පත්වාසීන් 218කට නව නිවාස ලබාදීමේ උත්සවයේදී ,ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා

    කාලයක් තුල විවිධ පුද්ගලයන් විවිධ ප්‍රකාශ තුලින් ජනතාව වන අපහට පෙනී යන්නේ ඉතා සියුම්ව දියත්වන අලුත් ව්‍යවස්ථාවක කෝණයකින් අප හට නොපෙනෙන කාගේ හෝ අදිසි බලපෑමකින් අපරට හා සම්බුද්ධ ශාසනයේ චිරස්තින භාවයට එරිහිව කුමක් හෝ නොපැහැදිලි දෙයක් උඩු දුවන බවයි.

    රට සංවර්ධනය කිරීම පසෙකලා (මේ උඩුදුවන), දැනට පවතින ව්‍යවස්ථාවේ පවතින සියලුම සුද්ධ කාරණා ද පසෙකලා රටේ ඒකීය භාවය, භාෂාවන්, ජාතින් අතර එකමුතුව, ජනවාර්ගික ප්‍රශ්නය,අන්තර් ජාතික සමුළු හා බලපෑම් , එන ජි ඕ ප්‍රශ්ණ , කල කෝහෝලාල , තම ජාතියේ අයිතින් හා මානව හිමිකම් කියා හෝ උඩු දිවීමට යන මේ මාර විස්ස (අලුතින් හදන ව්‍යවස්ථා මර උගුල )අප විසින් පරාජය කලයුතුය.

    මේ අවස්ථාවේ අප සියලන්ම සිටගත යුත්තේ රට පැත්තේ මිසක් කිනම් හෝ පක්ෂයක් පැත්තේ නොව. තාමත් හොර පදිංචිකරුවන් ,බ්‍රිතාන්‍ය කුලී හමුදා  වසයෙන් විදේශයන් සිට මෙහි පැමිනවුවන් ,අරාබි සම්තය ඔස්සේම ජිවිත ගත කරමින් රට රාජ්‍යන් පැහැර ගන්න

වුවන්ගේ කුමන්ත්‍රණ අඩුවී නොමැත අපේ ජාතිය සතු මීහරක් වැනි නායකින්ද මෙවන් භයානක උපක්රම දියත් කිරීමට උදවු දෙති. අහෝ ඒ සිහල අපට ගහපු කරුමයකි !

අපේ මාතෘ භුමියට ඇති  නිතියනුකුල උරුමකම  සිංහල බෞද්ධ වන අපගේන් නිතරගයෙන් උදුරාගැනීමට ඉඩනොතබමු.

සංවිධානාත්මක තොරතරු ජාලයන් තුලින් බෙදන ,හදන, වඩන ,එකමතුකමේ හෝ  දියුණුවේ හෝ ආරක්ෂාවේ  මංපෙත් හෙළිකරන මුවාවෙන් එන මේ මාරාන්තික විෂ සහිත විස්සේ පෙත්ත, නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අපි සැවොම එක්වී පරාජය කරමු.

ඔබ සැමට තෙරුවන් සරණයි !

පාලිත ආරියරත්න

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress