ජනාධිපත් තුමනි ඔබේ අග්‍රාමාත්‍ය වරයා විසින් ඔබව පන්නා දමන්න පෙර ඔබවිසින් ඔබේ අග්‍රාමාත්‍ය වරයා පන්නාදැමිය යුතුය.- පළමුවන කොටස
Posted on July 29th, 2018

චාල්ස් එස් පෙරේරා විසිනි By Charles.S. Perera

මෛත්‍රිපාල  සිරිසේන ජනාධිපති  තුමනි ඔබ තරහෙන් ක්‍රෝධයෙන් පළිගැනීමේ චේතනාවෙන්  ගෙන යන වෛරී දේශපාලනය නතරකිරීමට කාලය එළඹ තිබේ. ඔබේ අග්‍රාමාත්‍ය වරයා විසින් අනිවාර්යෙන්ම විදේශිඛයන්ගේ සහායෙන් ලියු 19වන ව්‍යවස්ථා සංයෝජනයෙන් ජනාධිපතිවරයාගේ තනතුර අත්හිටවීමට ගත යුතු පියවරවල් සඳහන් කරතිබෙන අතර අග්‍රාමාත්‍ය වරයාගේ තනතුර අත්හිටවීමට ගතයුතු පියවරවල් සඳහන්කර නොමැත.

ඇත්තවශයෙන්ම ජනාධිපතිතුමනි ඔබ ඔබේ අග්‍රාමාත්‍ය වරයා ඔහුගේ අමෙර්කානු හා බටහිර හිතවතුන්ගේ උපදෙස් පරිදි ඔබ පිටුපස සිට කරන ක්‍රියාවන් ගැන ඔබ දන්නා දෙයක් නැත. 2015 ජනවාරි මස 8වනදා ඔබ ජනාධිපති  ධූරයට පත් ඌවාට පසු ශ්‍රී ලංකාව සීග්‍රයෙන් අගාදියට ඇදීයාම පටන්ගත්තේය. ඒ නිසා අද ලංකාව වැටී තිබෙන මැනුම්කල  නොහැකි දීර්ඝ ප්‍රපාතයෙන් ගොඩගෙන ඔබ මේ භාග්‍යමත් අතීත සිංහල මුතුන් මිත්තන්ගේ රටේ ජනාධිපති වන්නට  පෙර තිබු තත්වයට මේ රට නැවත ගෙන ඒම සුළුපටු කාර්යයක් නොවෙනවා ඇත.

එබැවින් ඔබේ විදේශික වන්දනාගමන් යාම අත්හිටුවා  අගාදියට වැටී තිබෙන, යහපාලනයට පෙර තිබු මේ භාග්‍යමත් රටේ  ඉතුරුවී තිබෙන යම් තැනක නැවතී, කොන්දක් තිබෙනවානම් එය කෙලින් කරගෙන ඔබ වටා  සිටින ඔබ ජනාධිපති පුටුවට උස්සා තියා ඔබේ නිවට නොන්ජල් කමෙන් ප්‍රයෝජන, ගෙන රට හුරා කාගෙන, මහා බැංකුව මංකොල්ලකාගෙන, සිංහල මහා ජාතිය විනාශකර, රටබෙදා විකුණනාගෙන,  ධන කුවෙරයන්වී උන්ගේ උපන් පෙදෙස්වල හොර සල්ලිවලින් හදාගත් මහා මන්දිර වල පදිංචියට යන්න මානබලන  දුෂ්ඨ අධම දේශපාලන නිවටයින් පන්නා දැමීමට  දැන්වත් ඉක්මන් ක්‍රියාපිලිවෙලක් සොයාගත යුතුය.

සිරිසේන ජනාධිපති  තුමනි, ජනාධිපති මහින්ද රාජපක්ෂ තුමා ගේ  මහින්ද චින්තනය මෙන් රට දියුණුකිරීමට සුදුසු මාහැඟි දර්ශනීය  වැඩපිළිවෙලක් සකස් කර, අවුරුදු තිහක ත්‍රස්තවාදය නිමාකර, ලංකාව නිදහස ලබාගත්තාට පසුව සිටි  කිසිම අග්‍රාමාත්‍ය වරයෙකුට  හෝ ජනාධිපතිවරයකුට කල නොහැකිවූ විශාල දියුනුවක් කරා ශ්‍රී ලංකාව ගෙනයාමට හැකිවූ තරම් බලවත් දේශපාලන දර්ශනයක් ඔබට නැත.

ජනාධිපති තුමනි ඔබ දිග ඇරී ගිය දේශපාලන නුල්බෝලයක  පැටලී සිටියදී  යහපාලනය තවතවත් නොමග යවා ඇමෙරිකානු සී අයි ඒ වැඩපිළිවෙලක් අනුව ලංකාව විනාශකිරීමට  ගෙනයන  ඊනියා සංහිදියාව සඳහා කාර්ය භාරයක් ඉටු කරවාගැනීමට ලංකාවේ සිටින ඔවුන්ගේ එන් ජී ඔ ඒජන්තවරුන්ට  ඇමෙරිකාව ඩොලර් බිලියන ගනනාවක් ගෙවා ඇතිබව සඳහන්වී තිබේ.

අමෙරිකාව ලංකාව බෙදීම සඳහා ගෙන යන වෑයමේ අවශ්‍ය තාවයක් වූ  ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් සැදීම  සඳහා  යහපාලන ආණ්ඩුව  පෙලඹවීමට   ටී එන් ඒ  නායක සම්බන්තන් දේමල දේශපාලන උම්මත්තකයා සහභාගී කරවාගැනීමට  ඇමෙරිකානු තානාපති අතුල් කෙශප් සම්පන්දන් හමුවූ බවක්ද පසුගිය දවසක සිදුවුබව පත්‍රවල සඳහන් වී  තිබුනේය.

ඇමෙරිකාව හා බටහිර රටවල්  අපෙ රටට මෙතරම් හානි කරන්නේ ඈයි දැයි  ලංකාවේ ජනතාවෙන් බොහෝ දෙනෙක් නොදන්නවා ඇත. සමහරක් දෙනා මේ  විරුද්ධ පක්ෂය ගෙන යන බොරු ප්‍රචාරයක්යයිද සිතනවාද ඇත. මෙය මහජනතාවට පැහැදිලිව කියා දිය යුතුය.

 එනම්  ශ්‍රී ලංකාව දෙකඩ කිරීමෙන් අමෙරිකාවට පහසුවෙන්ම ලංකාව ඔවුන්ගේ අනසකට ගොදුරුකරගැනීමෙන්  චීනයට විරුද්ධ ඇමෙරිකානු නාවික  තොටුපලක්  ලංකාවේ සාදාගැනීමට ඉඩ ප්‍රස්තාව ලැබෙන හෙයින්ය අමෙරිකාව මෙතරම් දෙමළුන්ට සැලකිල්ලක් දක්වමින්  සංහිදියාව සඳහායි කියා   ශ්‍රී ලංකාව  බෙදීමේ වීයාපාරයක් ගෙනියන්නේ. ජනතාව මෙය හොදින් අවභෝදකරගත යුතුය. මෙය බොරුවක්නොවේ,  බොරු ප්‍රචාරයක්ද නොවේ.

 ඇමෙරිකානුවන්  සහ බටහිර රටවල් ශ්‍රී ලංකාවට තියා කොයියම් රටකටවත් ආදරයක්, කරුණාවක්, අනුකම්පාවක් ඇති එවුන් නොවෙ. මුන් තිරිසනුන්ටත් වැඩිය දරුණු හිතක් පපුවක් නැති අධර්මිස්ට, රටවල් වනසන මිනීමරුවෝ. මුන් ලිබියා, ඉරාකය, සිරියාව, ඇෆ්ඝනිස්තානය වැනි රටවල් බෝම්ඹ  දාල පොඩි පට්ටම් කරලා දහස් ගණන් මිනිස්සු මරලා විනාශකලා. මුන් කෙරිහි විශ්වාශයක් තියන්න බෑ.

මේ අපේ රට බෙදීමේ ඇමෙරිකානු ප්‍රයත්නයට  රනිල් අග්‍රාමාත්‍ය වරයා සහ මංගල සමරවීර  ගේ සහායද ඇමෙරිකාවට ලැබෙනු ඇත.  උතුරේ සහ නැගෙනහිර යුද කඳවුරු අහක් කරගැනීම හා  අයිතිකරුවන් යයි  කියාගන්නා  තෝරාගත් දෙමළුන්ට යුද හමුදාව ලබාගත් ඉඩම් ආපසු පැවරීමත් මේ රට දෙකඩ කිරීමේ ප්‍රත්නයේ තවත් වැඩ කොටසක්ය.

මේවා ඉතා සුක්ෂමව කරගෙන යනබැවින්  මේ කරුණු ඔප්පුකර පෙන්වීමට සාක්ෂි නොමැත. නමුත් දෙමල දයස් පොරාවත් ඇමෙරිකාව හා බටහිර රටවලුත් ඔවුන් ගේ උත්සාහයෙන් ගෙනා උන්ගේ රුකඩ යහපාලන ආණ්ඩුව පවතින කාලය අතරතුර ශ්‍රී ලංකාව දෙකඩකර විනාශකර දැමීමට උන් ඉක්මන් වැඩකොටසක් කරගෙනයයි.

ජනාධිපති තුමනි ඔබ මේ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් එල්ලාමරන්නට මහා ආන්දෝලනයක් කරගෙන ඔබේ හිත වෙන අතකට හරවාගෙන යද්දී ඔබේ පිටුපස ඇමෙරිකාවයි බටහිර රටවලුයි එක්වී බරපතල ලංකාවට හානිකර දේශපාලන ක්‍රියාවලියක් කරමින් සිටී.    ලංකාවේ වටිනා ආයතන රැසක් විකුනා දැමීමට ඔබේ අග්‍රාමාත්‍ය වරයා පොලොඹවාගෙන යනබවක් ඔබට නොපෙනේද නැතහොත් ඒවාට ඔබත් සම්බන්ධවී සිටිත්ද ?

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා මිනීමරුවන් එල්ලාදැමීමෙන් මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වත් මිනීමරුවන්වත් අධයිර්ය කිරීමට එල්ලුම් ගහ හේතුවක්වෙන්ණේනම් නැත. ඒ සඳහා අවශ්‍ය වන්නේ වඩාත් කාර්යක්ෂමවත්  පොලිස් සේවයක් හා පුහුණුකරන ලද විශේෂ පොලිස් භට කාන්ඩායමක්ය.  අද තිබෙන පොලිස් හමුදාව අග්‍රාමාත්‍යවරයාගේ හා එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන අතකොලුවක්ය.

දැන් නම් රනිල් සිරිසේන යුවල ගෙනගිය යහපාලනයේ  අදුරදර්ශී ක්‍රියාවන්  නිසා  ලංකාව විනාශයකරා යන ගමන නැවත්වීමට හැකියාවක් තිබෙන්නේ  ජනාධිපති සිරිසේන ලැබූ පදවියෙන් මත්වී අහස්යානවල පළමුවැනි පන්තියේ විදෙස් සංචාරයට  යාමට හුරු පුරුදුවී වැටී සිටින නින්දෙන් අවදිවී රනිල් වික්‍රමසිංහ   අග්‍රාමාත්‍යවරයා  ජනාධිපති බලයත් ඔහුඅතට පවරාගෙන  ලංකාව තවදුරටත් විනාශකිරීම නැවැත්වීමට  යම් වැඩ පිළිවෙලක් ඉක්මනට යෙදුවොත් පමණයි

ලංකාවේ දුප්පත් ජනතාවට නම් උවමනා යහපාලනය ට පයින්ගසා ඒ පාලක පැලන්තියම  එළවා දමා රට නැවතත් දියුණුකිරීමේ විධි මත් දර්ශනයක් ඇති ඥානවන්ත විශ්වාශය තැබීය හැකි පාලකයෙක් ලබා ගැනීමයි.

දැනටමත්  ජේනෙරාල් රෝබෙර්ට් බ්රවුන්  නැමැති  ඇමෙරිකානු හමුදා අණදෙන නිලධාරියෙක්  ලංකාවට පැමිණ යහපාලන ආණ්ඩුව දෙමලුත් සමග ගෙනයන  සංහිඳීයාව ක්‍රියාවලියට ප්‍රශංශා කර ඇත. මෙය සිරිසේන රනිල් දෙපලට ඔවුන් ගේ රට දෙකඩ කිරීමේ ප්‍රයර්තනයට මහත් ධය්ර්යයක් වනවා ඇති,

ඇමෙරිකාව හෝ බටහිර රටවල් ලංකාව දියුණුකිරීමට ආයෝජන ගෙනෙන්නේ නැත.  ඔවුන්ට උවමනාවන්නේ  ලංකාව දුප්පත් දෙකඩවූ ඔවුන්ගේ බලයට යටත් වූ රටක් කරවීමයි. ජනාධිපති තුමනි ඔබට මේ බව නොතේරෙන එක මහා පුදුමයකි.

 දෙවෙනි කොටස බලාපොරොත්තුවන්න………

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress