රැකියා විරහිත සියලූ උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබාදීම
Posted on August 1st, 2018

ජනමාධ්‍ය නිවේදනයයි රැකියා විරහිත උපාධිධාරි සංගමය

2018.08. 01

ගරු ජනාධිපති,
මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි,

ඉලක්කම් හරඹ නවතා රැකියා විරහිත සියලූ උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබාදීමට පියවර ගන්න.

මාස කිහිපයක් තිස්සේ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීම ඉලක්කම් හරඹවලට සීමා වී පවතින බවත් එවැනි තත්වයක් ඇතිවීමට ඉඩ නොතබා සම්මුඛ පරීක්‍ෂණ වලදී මූලික සුදුසුකම් සපුරා ඇති සියලූම රැුකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමට පියවර ගන්නා මෙන් අප මධ්‍යස්ථානය වගකීමෙන් ඉල්ලා සිටිමු.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු රැකියා විරහිත උපාධිධාරීන් බඳවාගැනීම සඳහා පියවර ගන්නා බවට ප‍්‍රකාශ කළත් මේ දක්වා බඳවා ගැනීම් සිදු නොකිරීම පිළිබඳව අපගේ කණගාටුව ප‍්‍රකාශ කරමු. ගෙවුණු කාලසීමාව ඇතුළත ආණ්ඩුව උපාධිධාරීන් 57000 න් 20000 ක් බඳවා ගන්නා බවත් පසුව එම 20000 , 5000 ක් දක්වා අඩු වූ බවත් පසුව එම 5000 අද වන විට 4000 දක්වා අඩු කර ඇති බවත් මාධ්‍ය මගින් දැකගන්නට ලැබුණි.

උපාධිධාරී 5000 ක නාම ලේඛණය එක්සත් ජාතික පක්‍ෂයට පාක්‍ෂික පිරිසක් ඇතුළත් කර ඇති බවට නැගුණු චෝදනාව අනුව එය ගරු ඔබතුමා විසින් අවලංගු කර යළි මූලික සුදුසුකම් පරීක්‍ෂා කිරීම සඳහා සම්මුඛ පරීක්‍ෂණයක් සිදු කරන ලෙස රාජ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී. කෙසේ වෙතත් අදාල සියලූ උපාධිධාරීන්ට රැුකියා ලබාදීම වෙනුවට 4000 කට පමණක් රැකියා ලබාදීමට පසුගිය අමාත්‍ය මණ්ඩලය මගින් ගෙන ඇති තීරණය අනුව එම 4000 ආණ්ඩුව නියෝජනය කරන කුමන පක්‍ෂයකට සම්බන්ධ ලේඛණයක්ද යන්න පිළිබඳව උපාධිධාරීන් අතර ගැටලූකාරී වටපිටාවක් නිර්මාණය කර ඇත.

ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයට රැකියා විරහිත උපාධිධාරීන් 57000 කගෙන් ඉල්ලූම්පත් ලැබී තිබුණි. එම ප‍්‍රමාණය 2016. 12. 31 දිනටය. 2018 ජූනි වන විට එම ප‍්‍රමාණය සංඛ්‍යාත්මකව වැඩිවිය හැකිය. කෙසේ වෙතත් 2018. 04. 16 සිට 30 දක්වා ජාතික ප‍්‍රතිපත්ති අමාත්‍යාංශයේ උපදෙස් මත උපාධිධාරීන්ව දැඩි අපහසුතාවයකට ලක් කරමින් සිදු කර තිබූ සම්මුඛ පරීක්‍ෂණය අවලංගු කිරීම ගැටලූවක් නොවේ. පසුව ගරු ඔබතුමාගේ උපදෙස් මත යළි රැකියා විරහිත උපාධිධාරීන්ගේ මූලික සුදුසුකම් පරීක්‍ෂා කිරීමේ සම්මුඛ පරීක්‍ෂණයක් දියත් වුණි. 1999 සිට 2012 දක්වා උපාධිධාරීන් බඳවා ගනු ලැබුවේ එවැනි මූලික සුදුසුකම් පරීක්‍ෂාකිරීමකින් පමණක් බව පෙන්වා දෙන්නෙමු.

ගරු ජනාධිපතිතුමනි, 2012. 03. 30 න් පසු විශ්ව විද්‍යාලවලින් උපාධිය ලබාගත් උපාධිධාරීන්ට ආණ්ඩුව රැකියා ලබාදී නැත. 2012. 03. 30 සිට 2018 ජූනි දක්වා සිටින සියලූම රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීම අවශ්‍ය කඩිනම් කටයුත්තක් බව අප පෙන්වා දෙන්නෙමු. තවදුරටත් රැකියා ලබාදීම ප‍්‍රමාද වීම හේතුවෙන් බඳවාගැනීමේ වයස් සීමාව ඉක්මයෑමෙන් උපාධිධාරීන් පිරිසකට සිදුවන අසාධාරණයද වැළැක්විය නොහැක.

එම නිසා රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවය සඳහා දැනට රැකිය විරහිත භාවයේ සිටින සියලූම උපාධිධාරීන් උපාධියේ භාහිර හෝ අභ්‍යන්තර වශයෙන් බෙදීමකට ලක් නොකර දේශපාලන හිතවත්කම් මත උපාධිධාරීන් ඛාණ්ඩ කිරීම වළක්වා 1999 සිට 2012 දක්වා උපාධිධාරීන් බඳවාගෙන ඇති පදනම සැලකිල්ලට ගනිමින් සියලූ උපාධිධාරීන් බඳවාගැනීමට අවශ්‍ය උපදෙස් හා නියෝග අදාල අමාත්‍යාංශ වෙත හා පළාත් සභා වෙත ලබාදෙන මෙන් අප මධ්‍යස්ථානය නැවතත් ඉල්ලා සිටිමු.

රැකියා ලබාදීම ප‍්‍රමාදවීම හේතුවෙන් උපාධිධාරීන් විසින් රටපුරා සිදු කරමින් තිබෙන විරෝධතා ක‍්‍රියාමාර්ග උත්සන්න වන අතර උපාධිධාරීන්ගේ අයිතීන් වෙනුවෙන් ගනු ලබන එවන් ක‍්‍රියාමාර්ග ශක්තිමත්ව ජයග‍්‍රහණයන් දක්වා කටයුතු කිරීමටද සිදු වන බවද කාරුණිකව දන්වා සිටිමු.

ස්තූතියි.

මෙයට,
චන්දන සූරියආරච්චි
කැඳවුම්කරු – 071 8178268
උපාධිධාරි ජාතික මධ්‍යස්ථානය

මහේෂ් විමුක්ති
රැකියා විරහිත උපාධිධාරි සංගමය
කැඳවුම්කරු – 071 3923194

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress