සිංගප්පූරු ගිවිසුමට කැබිනට් මණ්ඩලය අනුමතිය දුන්නද නැද්ද කියලා රටට හෙළි කළ යුතුයි
Posted on August 1st, 2018

උදයන්ති මුණසිංහ ඡායා – සස්සඳ ලියනආරච්චි උපුටාගැණීම  මව්බිම

සිංගප්පූරු ගිවිසුම ගැන ‍ෙදාස්තරලා මොනවාද දන්නේ” කියන ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා, එම ගිවිසුම සම්බන්ධයෙන් මංගල සමරවීර අමාත්‍යවරයා පසුගිය 19දා නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිළිබඳව දන්නේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා ප්‍රශ්න කරයි.

මෙම ගිවිසුමෙන් භාණ්ඩ 182ක තීරු බදු නිදහස් කොට මුදල් ඇමැතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබෙන බවත් මෙයට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණේදැයි යන්න රටට හෙළි කිරීම කැබිනට් ඇමැතිවරයෙක් ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ වගකීම බවත් ඔහු පැවැසුවේය.


සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් වන අවදානම ජනතාවගේ බොක්කට පමණක් නොව ඊට පහළින් ඇති උණ්ඩුකපුච්ඡයටත් දැනෙන බවද ඔහු සඳහන් කළේය.
පුංචි බොරැල්ල පිහිටි වජිරාශ්‍රමයේදී ඊයේ (31දා) ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවැසීය.
මෙහිදී බන්ධුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

පසුගිය ජූලි 19දා මුදල් ඇමැතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මේ ගිවිසුමෙන් භාණ්ඩ 182ක තීරු බදු සම්පූර්ණයෙන් නිදහස් කළා කියලා. සිංගප්පූරු ගිවිසුම අනුව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග නිකුත් කරලා තියෙනවා මේ ගිවිසුම ගැන සඳහන් කරලා. මේ ගිවිසුමෙන් තීරු බදු නිදහස් කරලා තියෙන්නේ ගව ශුක්‍ර ධාතු, උෟරන්ගේ ශුක්‍ර ධාතු, එළුවන්ගේ ශුක්‍ර ධාතු, රූපලාවණ්‍ය උපකරණ, ලොම් ඉවත් කිරීමේ උපකරණ, කොණ්ඩ සැකසුම් උපකරණ, හිස කෙස් වේළීමේ උපකරණ, අත් වේළීමේ උපකරණ යන මේ භාණ්ඩ තීරු බදු රහිතව ලංකාවට ආනයනය කිරීමට ඉඩදිය යුතු බව මංගල සමරවීර අමාත්‍යවරයා ගැසට් නිවේදනයෙන් කියලා තියෙනවා.

මෙවැනි නිවේදනයක් මුදල් ඇමැතිවරයකුට නිකුත් කරන්න පුළුවන් වෙන්නේ කැබිනට් මණ්ඩල අනුමැතියක් ලැබුණට පස්සේ. අපි අහනවා මේකට කැබිනට් අනුමැතිය ලැබිලද තියෙන්නේ කියලා.

ඉංග්‍රීසි භාෂාවෙන් විතරක් සිංගප්පූරු ගිවිසුම අස්සන් කරලා දැන් භාෂා තුනෙන්ම මේ ගැසට් නිවේදනය නිකුත් කරලා තියෙනවා,

මේ ගිවිසුම ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ තියෙන අවස්ථාවක කැබිනට් මණ්ඩලය අනුමත කළාද තීරුබදු නිදහස් කරන්න කියන ප්‍රශ්නය මෙතැන තියෙනවා. පාර්ශ්ව ගණනාවක් ශේ්‍රෂ්ඨාධිකරණයේ මේ ගිවිසුම ගැන නඩු පවරලා තියෙන වෙලාවක නඩු කටයුත්ත ඉවර වෙලා නැති අවස්ථාවක කැබිනට් මණ්ඩලය මේකට අනුමැතිය දුන්නාද නැද්ද කියලා රටට හෙළිදරව් කළ යුතුයි.

ඒ විදියට අහිතකර ප්‍රතිවිපාක ඇති වෙන නිසා තමයි වෛද්‍යවරුන්, බුද්ධිමතුන් මේ ගිවිසුමට විරෝධය පළ කරන්නේ. මෙවැනි ඇමැතිවරුන්ට රට කරගෙන යන්න පුළුවන්ද කියලා ශේ්‍රෂ්ඨාධිකරණය තීරණය කළ යුතු වෙනවා. අපි මේ සම්බන්ධයෙන් ශේ්‍රෂ්ඨාධිකරණයට යන්න බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අපි ඊයේ දිනයේ මුදල් ඇමැති මංගල සමරවීරට එරෙහිව ශේ්‍රෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළා. මහින්ද රාජපක්ෂ යුගයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ලක්ෂ ගණන් මුදල් වියදම් කරලා මේ රටේ ජනතාවගේ බදු මුදල් විනාශ කරමින් මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගැසීම සඳහා සිදුකළ දැන්වීම් පළ කිරීමට එරෙහිව අපි මේ විදියට ශේ්‍රෂ්ඨාධිකරණයට ගියා.

දැන් ලංකාවේ ලොකුම ප්‍රශ්න දෙක හම්බන්තොට වරායයි, මත්තල ගුවන්තොටුපළයි වෙලා. ඒකේ වටිනාකම කියන්නේ මත්තල ගුවන්තොටුපොළ රුපියල් බිලියන 26යි. මේ මාස 16ට රත්රන් ගෙනාවා රුපියල් බිලියන 160ක. රත්රන් ආනයනය කිරීම නිසා රුපියල කඩාගෙන වැටුණා. ඒක බිලියන 160ක්. ඒ ගැන ආණ්ඩුවේ කිසිවෙක් හෝ ඩීල් විපක්ෂය හෝ හීලෑ විපක්ෂය වචනයක්වත් කතා කරන්නේ නැහැ. මත්තල ගුවන් තොටුපොළට වඩා මේ රත්රන් ජාවාරම ඉතා බරපතළයි. නමුත් කට්ටියම මත්තල ගැන විතරයි කිය කියා ඉන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි

මේ රටේ පොලිස්පතිවරයා තමයි අද මේ ආණ්ඩුවේ ප්‍රධාන ආදායම් උත්පාදන නිලධාරියා බවට පත්වෙලා ඉන්නේ. හැම තැනම දඩ ගහනවා. දවසකට නඩු 15ක් ඕනි මාර්ග වැරැදි සම්බන්ධයෙන්. පරිසර වැරැදි සම්බන්ධයෙන් නඩු 5ක් ඕනි. ඒ නිසා පොලිසියේ මහත්වරු හැංගිලා ඉඳගෙන අල්ලාගෙන කුමන හෝ වරදකට දඩයක් ගහනවා. කඩා වැටෙන බිඳ වැටෙන මේ ආණ්ඩුවට දැන් පොලිස්පතිවරයාගේ සරණ විතරයි තියෙන්නේ.

උදයන්ති මුණසිංහ
ඡායා – සස්සඳ ලියනආරච්චි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress