2005 මහින්ද ජනාධිපති වුණේ දිගාමඬුල්ලේ ඡන්ද ටික නිසයි
Posted on August 1st, 2018

දිගාමඬුල්ල – හෂිනි සචින්තා ඉදුවරි උපුටාගැණීම  මව්බිම

2006 ජනාධිපතිවරණයේදී මුළු රටම බලාගෙන හිටියේ මේ දිගාමඬුල්ලේ ඡන්ද ප්‍රතිඵලය එනකම්. දිගාමඬුල්ලේ ඡන්ද ප්‍රතිඵලයෙන් තමයි මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස තේරුණේ. තමුන්නාන්සේලා එදා ගත්ත නිවැරැදි තීරණය නිසා අවුරුදු තිහක් ඇදි ඇදී ගිය යුද්ධය අවුරුදු 3කින් අවසන් කරන්නට එතුමාට හැකියාව ලැබුණා. ඊට පස්සේ අවුරුදු 5ක් වැනි සුළු කාලයකින් ත්‍රස්තවාදයෙන් විනාශ වුණ අපේ රට ඉහළ ආර්ථික වර්ධනයක් කරා ගෙනියන්න එතුමාට හැකියාවක් ලැබුණා යැයි අම්පාර නගර සභා ශාලාවේ පැවැති එළිය සම්මන්ත්‍රණයේදී රැස්ව සිටි පිරිස අමතමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

මහින්ද රාජපක්ෂ මහතා දකුණු පළාතට පමණක් නෙවෙයි උතුරු නැඟෙනහිර ප්‍රදේශවල විශාල සංවර්ධනයක් කළ බව නැඟෙනහිර ප්‍රදේශයේ ජීවත් වන තමුන්නාන්සේලා දන්නවා.

ඒ විතරක් නෙවෙයි එදා යුද්ධය අවසන් කළ පසු ආණ්ඩුවට අභියෝග රාශිකට මුහුණ දෙන්න සිදු වුණා. අවතැන්වූවන් ලක්ෂ 3ක් පමණ කඳවුරුවල සිටියා. බිම් බෝම්බ ඉවත් කරන්න සිද්ධ වුණා. අවතැන්වූවන් යළි පදිංචි කරන්න සිද්ධ වුණා. එල්ටීටීඊ සංවිධානයෙන් භාරවුණු පුද්ගලයන් පුනරුත්ථාපනය කරන්නත් ඔවුන් සමාජගත කරන්නත් සිද්ධ වුණා. ඒ සියලු දේ කරන අතරේ පළාතේ පාරවල්, දුම්රිය මාර්ග, පාසල් සංවර්ධනය, පානීය ජල පහසුකම් ලබාදීම ආදී සියල්ල කරන්න හැකියාව ලැබුණා. ඒ වගේම පළමුවැනි වතාවට නැඟෙනහිර පළාත් සභාවට සාධාරණ ඡන්දයක් තියන්න හැකි වුණා. සියල්ලම කරන්න පුළුවන් වුණේ අවුරුදු පහක් වැනි කාලයක් තුළදී. ඔහුගේ දර්ශනය වුණේ කොළඹ විතරක් සංවර්ධනය කරන්න නෙවෙයි, මුළු රටම සංවර්ධනය කරන්නයි. මහින්ද චින්තනය කියන්නෙ සමානව රටේ සෑම ප්‍රදේශයක්ම සෑම කොටසක්ම සංවර්ධනය කිරීමයි. ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මඟින් යටිතල පහසුකම් ඇති කරලා සෑම පළාතක්ම සංවර්ධනය කළේ.

එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ණය ගත්තේ මේවා කරන්න. නමුත් මේ ආණ්ඩුව ඒ වාගේ තුන්ගුණයක් ණය අරන් තියෙනවා. එදා ගත්ත ණයවලින් තමයි හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ, අධිවේගී මාර්ග, ඔබේ ප්‍රදේශයේ පාරවල් සහ විශේෂයෙන්ම ඕමන්තේ සිට කන්කසන්තුරේ දක්වා මැදවච්චියේ සිට තලෙයි මන්නාරම දක්වාත් දුම්රිය මාර්ගත් උතුරු ප්‍රදේශයේ සෑම ප්‍රදේශයකටම සම්පූර්ණයෙන්ම විදුලි බලයත් ලබා දුන්නේ.

අද හම්බන්තොට වරාය විදේශිකයන්ට විකුණනවා. මත්තල ගුවන් තොටුපොළ විදේශිකයන්ට විකුණනවා. මේවායේ ප්‍රතිලාභ ලැබෙන්න තිබුණේ හම්බන්තොට, මොනරාගල, අම්පාර ජනතාවට. අපි සැලැසුම් කරලා තිබුණු ව්‍යාපාරික සැලැස්ම නිසි ආකාරයෙන් ඉදිරියට ගෙනැල්ලා මේ වරායට එන නැව්වලට භාණ්ඩ සපයන්නේ කවුද? එළවළු සපයන්නේ කවුද? වතුර සපයන්නේ කවුද? ඒවා සපයන්න හිමිවුණේ මෙම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට, ව්‍යවසායකයන්ට. එහෙම නැතිව ඉහළ පෙළේ සමගාම්වලට නෙවෙයි.
අපි කරගෙන ගිය ජනතාව බල ගැන්වීමේ සංවර්ධන ප්‍රතිපත්තිය කඩා දැමීම නිසා තමයි අද සෑම ක්‍ෂේත්‍රයක්ම පරිහානියට පත්වෙලා තියෙන්නේ.

ඒ වගේම තමුන්නාන්සේලා දන්නවා අද පනවලා තියෙන බදු ක්‍රමය ගැන.

අද ගොඩනැඟිලි ක්‍ෂේත්‍රයේ විශේෂ කඩා වැටීමක් තියෙනවා. ඒ නිසා ලක්ෂ පහකට අධික ප්‍රමාණයකට විරැකියාවෙන් පීඩා විඳින්න සිදුවෙලා තියෙනවා. මේවා වහගන්න තමයි අද ව්‍යවස්ථා සංශෝධන නැත්නම් නව ව්‍යවස්ථාවන් ගේන්න හදන්නේ. ජනතාවගේ නියම ප්‍රශ්න නෙවෙයි අද විසඳන්නේ. උතුරේ අවුරුදු ගණනාවක් යුද්ධයෙන් බැට කාපු ඒ දෙමළ ජනතාවට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළට ගන්නයි.

අද මේ රටේ කිසිම නීතියක් නැති බව තමුන්නාන්සේලා දන්නවා. ව්‍යවස්ථා විරෝධී වැඩ කීයක් නම් මේ රටේ සිදුවෙලා තියෙනවාද?

පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙනේ පරිවේණාධිපති මැදගම අභයතිස්ස හිමි,

එදා 87දී 13 වැනි සංශෝධනය ඉදිරිපත් කරන වේලාවේදී ඒකට විරෝධය ප්‍රකාශ කරමින් පිටකොටුවේදී 200ක් විතර මරණයට පත් වෙද්දී, 13 වැනි සංශෝධනයට විරුද්ධව එළියට බැහැලා හැට දහසක් මේ රටේ දේශප්‍රේමී තරුණ තරුණියන්ගේ ජීවිත විනාශ වුණු තැනට ඇදලා දාපු ජේ.වී.පී. එකේ කර පිටින් තමයි අද මේ 20 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න හදන්නේ.

මේජර් ජෙනරාල් කමල් ගුණරත්න,

එදා අපේ අනාගත පරපුර වෙනුවෙන් ඉතිරි කරගත් රට නැත්තටම නැති කරන්නයි මේ හදන්නේ. එදා ප්‍රභාකරන්ට අවියෙන් කරන්න බැරි වුණු දේ වර්තමාන පාලකයන් බන්දේසියක දාලා දෙන්න හදනවා.

දිගාමඬුල්ල –
හෂිනි සචින්තා ඉදුවරි

2 Responses to “2005 මහින්ද ජනාධිපති වුණේ දිගාමඬුල්ලේ ඡන්ද ටික නිසයි”

  1. Dilrook Says:

    Yes; Mahinda narrowly won in 2005 thanks to marginal Sinhala votes. But after 2010 Mahinda neglected Sinhala people. As a result he lost in 2015. Anyone richly deserves to lose if they neglect Sinhala voters in relative terms. In other words, about 90% of Mahinda votes were Sinhala votes until 2015. Showering Tamils with various benefits at the expense of Sinhala voters costed his clan power. It is now very difficult for his clan to come back to power without appeasing Sinhala voters. Any attempt to fool them will split the vote and defeat Rajapaksas again in 2019.

    A promise to abrogate 13A will go a long way to win the 2019 presidential election. Anything short of that will throw the contest into disarray. In 2005 Mahinda had to agree to tough conditions of the JHU and JVP to get their support. If he failed to take a tough stand, JHU planned to field a popular army general which would have defeated Mahinda. A similar tough approach must be taken by nationalists in 2019.

    The Sinhala nation surivived treason many times in history and it will survive no matter who wins in 2019. The Sinhala nation has learned not to rely on politicians. Although UNP would love to divide the country, it knows that it needs north east votes to survive. Division of the country would not have them voting at elections. UNP will never be able to come back to power as a result and UNP businessmen will go bust. Therefore UNP will never support the division of the country. It is not because UNP loves the country but because it is greedy for money and power and want to remain a relevant western proxy.

  2. Christie Says:

    Mahinda won 2005 because India did not support Ranil assuming it will be hard to negotiate with Ranil. The Indian Parasite block vote abstained from voting propelling Mahinda past the post.

    Mahinda lost 2015; India divided Sinhala votes using Sobitha’s good governance and Nanasara alienating Muslims and Christians from Mahinda.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress