ජනහිතකාමී ආණ්ඩුවක් හදන හැටි .. ගෝඨාභය රාජපක්‍ෂ කියයි
Posted on August 2nd, 2018

චාමින්ද කරුණාරත්න

හරිමග සංවිධානය සහ කොළඹ 5 සංසදය මගින් වැල්ලවත්තේදී සංවිධානය කර තිබූ සම්මන්ත‍්‍රණයක් අමතමිනි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය.

අවුරුදු ගණනාවක් තිස්සේ ත‍්‍රස්තවාදය නිසා සියලූම ජනතාවට අහිමි වෙලා තිබූ මේ රටේ ජීවත් වීමේ අයිතිය ලබා දුන්නා. තම දරුවන්ව සාමකාමීව හදාවඩා ගන්න තිබූ අයිතිය නැති වෙලා තිබුණා. යුද්ධය අවසන් කළා සේම රට සංවර්ධනය කරමින් සියලූම දෙනාට සාමකාමීව ජීවත් වීමට වටපිටාවක් හදලා දුන්නා. කෙටි කාලයකින් යුද්ධය අවසන් වුණාට පසුව කෙටි කාලයකින් තමයි මේ සංවර්ධනය ඇති කළේ. යුද්ධය අවසන් වීමෙන් පසුව උතුරු නැගෙනහිර දියුණු කරන්න විශාල අභියෝගයක් අපට තිබුණා. අද උතුරු නැගෙනහිර මේ තත්ත්වය ඇති කළේ මහින්ද රාජපක්‍ෂ රජයයි. එදා ත‍්‍රස්තවාදය අවසාන කරන්නට කැපවුණු සෙබළුන් එම ප‍්‍රදේශ ගොඩනැංවීමට විශාල කැපවීමක් කළා. බිම් බෝම්බ ඉවත් කරන්නට, ප‍්‍රදේශ සංවර්ධනය කරන්නට විශාල දායකත්වයක් ලබා දුන්නා. 2015 අපි මේ රට භාර දෙන අවස්ථාවේදී උතුරු නැගෙනහිර හෝ ලංකාවේ කිසිම තැනක මාර්ග බාධකයක් තිබුණේ නැහැ. එදා අපි මේ රට භාර ගන්න විට රටේ සෑම තැනකම මාර්ග බාධක තිබුණා. මෙවැනි යුගයක් පසු කරලා තමයි 2015 දී අපි මේ රට වත්මන් රජයට භාර දුන්නේ.

එදා කොළඹ සංවර්ධනය කිරීමේ කටයුතුවලදී එදා හිටපු කොළඹ නගරාධිපති වශයෙන් ඕමාර් කාමීල් අපට විශාල සහායක් දුන්නා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ප‍්‍රතිපත්තියක් වශයෙන් මට උපදෙස් දුන්නේ විශේෂයෙන්ම කොළඹ නගරය ඉහළ තත්ත්වයකට ගෙන ඒමටයි. කොළඹ නගරයේ තිබෙන විවිධ ප‍්‍රශ්නවලට අපි පිළිතුරු සෙව්වා. එහිදී කොළඹ නගරවාසීන් මුහුණපෑ ගැටලූ අපි හඳුනා ගත්තා. අඩු ආදායම්ලාභී ජනතාව ජීවත් වූ පැල්පත් නැති කරලා ඔවුන්ට සාධාරණ නිවසක් ලබා දෙන්නට මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දුන්නා. ඒ අනුව තමයි අපි නිවාස ඒකක පනස්දහසක ව්‍යාපෘතියක් ආරම්භ කළේ. මේකට අපි විවිධ ක‍්‍රම භාවිතා කළා. රජයේ මුදල්වලින් මෙවැනි ව්‍යාපෘති රැුසක් ආරම්භ කළා. 2014 වන විට ඒකක පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් ඉදිකරන්න හැකි වුණා. ඒ වගේම තවත් නිවාස පන්දහසක් නිම කරන තත්ත්වයේ තිබුණේ. නමුත් අපට ඒවා භාර දෙන්න හැකියාවක් තිබුණේ නැහැ රජය පෙරළීම හේතුවෙන්. විවිධ ආයතනවලටත් නිවාස ඒකක හදන්න භාර දුන්නා. තව අවුරුදු දෙකක් අපේ රජය තිබුණා නම් නිවාස ඒකක පනස් දහසක් හදන්න පුළුවන්කම තිබුණා. එදා මේ ව්‍යාපෘති කරන විට ඇතැමුන් විවිධ අසත්‍ය ප‍්‍රචාර ගෙන ගියා. කොළඹ පැල්පත්වල ජීවත් වූ බහුතරයක්ම හිටියේ මුස්ලිම් ප‍්‍රජාවයි. අපි ඒ ව්‍යාපෘති කරන විට ඇතැමුන් කිව්වා අපි කොළඹින් මුස්ලිම් ජනතාව ඉවත් කරන්න හදනවා කියලා. නමුත් අපි ඒ වෙලාවේ ඇත්ත තත්ත්වය පෙන්වා දුන්නා උත්සාහ කළා. සමහරු ඒවා පිළිගත්තේ නැහැ. අපේ රජය ජාතිබේදයකින් තොරව සෑම කෙනෙක්ටම නිවාස ලබා දුන්නා. ඇත්තටම බැලූුවොත් නිවාස වැඩිහරියක් ලබා දුන්නේ මුස්ලිම් හා දෙමළ ජනතාවටයි.

කොළඹ අවිධිමත්ව සකස් වෙලා තිබූ මාර්ග වැඩිදියුණු කළා. නිසි පරිදි පදික වේදිකා තිබුණේ නැහැ. කොළඹ ජීවත් වන ජනතාවට ජනතා හිතවාදී නගර බිහි කරන්න අපි සැලසුම් සකස් කළා. කොළඹ මංමාවත් නැවත සකස් කළා. බංකර් කටු කම්බි ඉවත් කරලා නගරය ලස්සන කළා. එදා පොඩි වැස්සකටත් පාරවල් යට වුණා. ඒ සඳහා අපි සැලසුම් කරලා බේරේවැව, කාණු පද්ධති සකස් කළා. ක්‍ෂණික ගංවතුරින් ජනතාව බේරා ගන්න හැකි වුණා. බේරේ වැව මුළුමණින්ම ප‍්‍රතිසංස්කරණය කළා. කොළඹ නගරයෙන් කසළ ඉවත් කිරීමට හැකියාව ලැබුණා. මේ සියල්ලක්ම සැලැස්මක් ඇතිවයි කළේ. එදා දේශපාලනික වශයෙන් ගත්තොත් කොළඹ නගරය හිටපු රජයට පක්‍ෂපාතීව තිබූ නගරයක් නෙමෙයි. නමුත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා රටේ සංවර්ධනය ක‍්‍රියාවලියේදී දේශපාලනය බැලූවේ නැහැ. කොළඹ කියන්නේ අපේ අග නගරයයි. ලෝකයේ අනික් හා සමානව කොළඹ අගනගරය සකස් විය යුතුයි කියන ප‍්‍රතිපත්තියේ හිටියේ. සංචාරකයන් මුලින්ම එන්නේ කොලඹ නගරයටයි. රාජ්‍ය නායකයන් මුලින්ම එන්නේ අග නගරයටයි. යුද්ධයේදී හෝ සංවර්ධනයේදී හෝ වේවා තිබුණේ අපි සැලැස්මයි. ඒ සැලැස්ම ක‍්‍රියාත්මක කරන්නට පුළුවන් නායකයන් අපට හිටියා. ඒ නිසා තමයි ඉතා කෙටි කාලයක් තුළ යෝධ සංවර්ධන ව්‍යාපෘති ඇති කරන්න හැකියාව ලැබුණේ. අපේ සංවර්ධනයේ ප‍්‍රතිලාභ සෑම කෙනෙක්ට ලැබිය යුතුයි කියන ප‍්‍රතිපත්තිියේ තමයි මහින්ද රාජපක්‍ෂ රජය හිටියේ. නියම සංවර්ධනයක් ලැබෙන්නේ එවිටයි.

සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් ඇති කිරීමේ වාතාවරණය ඇති කළා. යුද්ධයෙන් පසුව සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර විශාල ප‍්‍රමාණයක් ඇති වුණා. එදා ඔවුන් හොඳින් ඒ ව්‍යාපාර කරගෙන ගියා. අද වන විට විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ගැටලූ රැුසකට මුහුණ දී සිටිනවා. රටේ ආර්ථිකය කඩාවැටිලා. ව්‍යාපාරිකයන් අපහසුතාවට ලක් කරමින් බදු ප‍්‍රතිපත්ති හඳුන්වා දී තිබෙනවා. ස්වයං රැුකියා නියුක්තිකයන්ට ප‍්‍රශ්න ඇති වෙලා. එදා මේ සියලූම දෙනාට සුදුසු වාතාවරණයක් අපි ඇති කරලා තිබුණා. කුඩා ලොරි රථ ව්‍යාපාර ඇති කළා. මේවා අද සම්පූර්ණයෙන්ම කඩාවැටිලා. එදා අපි කළ ඉදිකිරීම් අද නැති වූ නිසා සෘජුව හා අනියම් වශයෙන් ඉදිකිරීම් අංශයේ ලක්‍ෂ හතරකට වැඩි ප‍්‍රමාණයකට පමණ රැුකියා අහිමි වෙලා. වත්මන් රජයේ අ¥රදර්ශී පාලනය නිසා තමයි මේ තත්ත්වයට හේතුව වෙලා තිබෙන්නේ. රටේ සෑම ක්‍ෂේත‍්‍රයක්ම අසීරු තත්ත්වයකට පත් වෙලා. අද රටට නිසි නායකයෙක් නැහැ. තීරණ ගන්න පුළුවන් නායකයෙක් නැහැ. තීරණවලට වගකියන නායකයෙක් නැහැ.

අලූත්ගම සිද්ධිය වෙලාවේ ඒ ස්ථානයට මම පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨතම ආරක්‍ෂක නිලධාරීන් යොමු කළා. කෙටි කාලයක් තුළ ඒ තත්ත්වය පාලනය කළා. සිද්ධීන් ඇති වුණත් ක්‍ෂණිකව කි‍්‍රයාත්මක වීමයි වැදගත්. විවිධ අයගේ ඕනෑකම් ඉටු කර ගන්නට, මුස්ලිම් ජනතාව මහින්ද රාජපක්‍ෂ රජයෙන් ඈත් කරවන්නට දේශීය හා විදේශීය බලවේග විසින් සිද්ධීන් කෘත‍්‍රීමව ඇති කළා. ඒ කාලය තුළදී හිටපු ජනාධිපතිතුමා විවිධ කොටස් සමග කතා කරන්නට උත්සාහ කළා. දෙපාර්ශ්වයේම පූජ්‍ය පක්‍ෂය සමග එක මේසයක සිට සාකච්ඡුා කළා. සමහර ඒවා විසඳා ගන්න හැකි වුණා. වැරදි මත ජනතාව තුළට ගියත් අපි සෑම විටම උත්සාහ ගත්තේ මේ ප‍්‍රශ්න විසඳා ගන්නයි. පුත්තලමේ සිද්ධියක් වූ අවස්ථාවේ එක් පොලිස් නිලධාරියෙක් මියගියා. මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් වූ වෙලාවේ ආරක්‍ෂක අංශ ඒ ප‍්‍රදේශවලට යවලා සිද්ධීන් සමථයකට පත් කරන්නට හැකි වුණා.

ප‍්‍රශ්න ඇති වුණාම රජයක් වශයෙන් මැදිහත් වෙලා ඒවා විසඳා ගත යුතුයි. එදා යම් යම් දේවල් ඕනෑවටත් වඩා තේරුම් කරලා දෙන්නට අපිට බැරි වෙන්න ඇති. අපි යුද්ධය කළේ දෙමළ ජනතාවට එරෙහිව නෙමෙයි. මේ සියලූ ජාතීන් වෙනුවෙන් තමයි යුද්ධය කළේ. ත‍්‍රස්තවාදයෙන් සෑම කෙනෙක්ම එක හා සමානව බැටකෑවා. යුද්ධයෙන් අසරණ වෙලා සිටි උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් සංවර්ධන ව්‍යාපෘති ඇති කළා. රටේ ත‍්‍රස්තවාදය අවසන් කළාට පසුව අපට රටේ කලබල අවශ්‍ය වුණේ නැහැ. ඒවා සිදුවුණේ විවිධ කණ්ඩායම්වල න්‍යාය පත‍්‍රවල වුවමනාවටයි ඇති වුණේ. මේ රටේ සෑම ජනකොටසකටම ගෞරවණීය ලෙස ජීවත් වීමට සුදුසු වාතාවරණයක් තිබිය යුතුයි කියන මතයේ තමයි මහින්ද රාජපක්‍ෂ රජය හිටියේ. ඕනෑම කෙනෙක්ටම තමන් අදහන ආගම නිදහසේ ඇදහීමට සුදුසු වාතාවරණයක් තිබිය යුතුයි කියා එතුමා විශ්වාස කළා. අපි ඇති කළේ එවැනි වාතාවරණයක් තමයි.

අන්තවාදීන් ඉන්නේ සුළු කොටසයි. ඒ අය තමයි දෙමළ ජනතාව තුළත් ත‍්‍රස්තවාදය දක්වා මෙහෙයවූයේ. බහුතර ජනතාව සාමකාමීයි. අපි ඒ අයගේ ජීවිත ආරක්‍ෂා කළ යුතුයි. රජයක් තිබෙන්නේ සෑම කෙනෙක්ගේම ජීවිත ආරක්‍ෂා කරන්නයි. අද පාතාලය හිසඔසවලා. ඇතැමුන් පාතාලය ගැන කතා කරන්නත් බයයි. අද පාසල් ළඟත් කුඩු විකුණනවා. මෙවැනි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. මේ රජය බලයට ආවේ නීතියේ ආධිපත්‍යයට අනුව රට පාලනය කරනවා කියලයි. නමුත් ඔබ සැම දන්නවා නීතියට කුමක්ද වෙලා තිබෙන්නේ කියලා. යුද්ධයෙන් පසුව කිසිදු සිද්ධියක් උතුරේ ඇති වුණේ නැහැ. අඩුම තරමේ පෝස්ටරයක්වත් ඇලවුණේ නැහැ. මේ රජයේ එකම පරමාර්ථය තමයි විරුද්ධවාදීන් මර්දනය කිරීමයි. දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව උසාවි ඇති කරලා තීන්දු තීරණ ගන්නේ ඒ අයමයි. සෑම අතකින්ම බොරු කියලා, රටේ ජනතාවගේ හිත වෙනස් කරලා බලයට ආවා. මේ රජය තරම් කෙටි කාලයකින්ම ජනතාවගේ අප‍්‍රසාදයට පත්වූ වෙනත් රජයක් තිබුණේ නැහැ. මේ රජය පෙරළා දමලා මහජනතාවට හිතැති රජයක් බිහි කරන්නට සියලූම දෙනාම එක්විය යුතුයි.

 

One Response to “ජනහිතකාමී ආණ්ඩුවක් හදන හැටි .. ගෝඨාභය රාජපක්‍ෂ කියයි”

  1. ranjit Says:

    Believe in Gota and give your valuable vote to him if by any chance he comes forward as mahinda’s choice in the next presidential election. He has a vision for new Sri Lanka. He has a good team to support his vision so no need to be afraid of him. We need a strong leader not a puppet like Mr hopper and Mr Bean.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress