ගෝඨාභය ආවොත් මිලිටරි පාලනයක්ද?
Posted on August 5th, 2018

 ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ උපුටා ගැන්ම දිවයින

2019 ජනාධිපතිවරණය ඉලක්ක කරගත් මෙහෙයුම නොයෙකුත් බාධක මධ්‍යයේ ඉදිරියට ගෙන යෑමට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සමත් වී ඇත. තම අපේක්‍ෂකත්වයට පහර පිට පහර වැදෙන අවස්ථාවක 2019 ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා ගැනීමේ සටන ගෝඨාභය රාජපක්‍ෂ අතහැර නැති බව පැහැදිලිය. තම සහෝදර හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ නායකත්වය දෙන ඒකාබද්ධ විපක්‍ෂය/ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ, හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට සහයෝගය තවමත් පළකර නැත. එවැනි තත්ත්වයක් පිළිබඳව පුදුම විය යුතු නැත. කෙසේ වෙතත්, ගෝඨාභය රාජපක්‍ෂ ජනපති අපේක්‍ෂකත්වය ලබා ගැනීමේ උත්සාහය බරපතළ අභියෝගයකට ලක්වී ඇති බව පැහැදිලිය.
 
 ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරු ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව කරනා ප‍්‍රකාශ සහ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ ජනපති අපේක්‍ෂකත්වය සම්බන්ධයෙන් මේ අවස්ථාවේ කතා කළ යුතු නැතැයි මෑතකදී කීවා යැයි කරනු ලබන ප‍්‍රකාශ ඇමැති නිමල් සිිරිපාල ද සිල්වාගේ අමන්දානන්දයට හේතු වී ඇත. ඇමැතිවරයා හිටපු ජනාධිපතිවරයාට එම තහංචිය සම්බන්ධයෙන් ප‍්‍රශංසා කළේය. නිමල් සිරිපාල ඇමැතිවරයා තාවකාලික සුවයක් ලබන බව පැහැදිලිය. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම ඒකාබද්ධ විපක්‍ෂය/ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා විය යුතුය. ගෝඨාභය රාජපක්‍ෂට වඩා සුදුසු අපේක්‍ෂකයකු සිටිනවා නම් ඔහු/ ඇය ඉදිරිපත් කිරීමේ වරදක් නැත.

gota

 මෛත‍්‍රි – වික‍්‍රමසිංහ හවුල 2015 සිට ක‍්‍රියාත්මක කරන වැඩපිළිවෙළ අනුමත නොකරන ඡුන්ද හිමියන්ට ඒකාබද්ධ විපක්‍ෂය/ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කරනා ඕනෑම ජනපති අපේක්‍ෂකයකුට කැමැත්ත පළකිරීමේ අවස්ථාව ඇත. ගෝඨාභය රාජපක්‍ෂ ඉඳුරාම ජනපති අපේක්‍ෂක ලෙස තෝරාගත යුතු බව කිසිවකුට බලකළ නොහැක. භූමියේ සත්‍යය එයයි. ගෝඨාභය රාජපක්‍ෂ එම තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන බව පැහැදිලිය.
 
 මහින්ද රාජපක්‍ෂ පැනවූ තහංචිය, ගෝඨාභය රාජපක්‍ෂ පිළිබඳව ඇතිවී තිබෙන කතාබහ නතර කිරීමට හේතුවක් වන්නේ නැත. මාධ්‍ය, හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සම්බන්ධයෙන් කරනු ලබන අදහස් ප‍්‍රකාශ කිරීම තවදුරත් තීව‍්‍ර කර ඇත. දේශපාලන විශ්ලේෂක ජයදේව උයන්ගොඩ 2018 ජුලි 29 වන දින ‘අනිද්දා’ පුවත්පතේ ‘අපේක්‍ෂක ප‍්‍රශ්නය’ යන ලෙස සිරස්තලය යොදා ඇති ලිපියෙන් ඒකාබද්ධ විපක්ෂය / ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මුහුණපා ඇති ගැටලූව විග‍්‍රහ කර ඇත. උයන්ගොඩ පවසන පරිදි පොදු අපේක්‍ෂකයකු තෝරා 
 
 ගැනීමට නොහැකිව මහින්ද රාජපක්‍ෂ නායකත්වය දෙන කණ්ඩායම අභ්‍යන්්තර විවාදයක යෙදේ. පටලැවිල්ලක් ඇති බව පැහැදිලිය. එම තත්ත්වය ගෝඨාභය රාජපක්‍ෂ සහ ඔහු වෙනුවෙන් පෙනීසිටින කණ්ඩායම තේරුම් ගෙන ඇති බව පෙනේ. ගෝඨාභය රාජපක්‍ෂහට කිසිදු බලපෑමක් නොමැති බව කිසිවකු පවසන්නේ නම් ඔහු පවතින තත්ත්වය තේරුම් ගෙන නැත.
 
 උයන්ගොඩ පවසන්නේ ගෝඨාභය රාජපක්‍ෂගේ ජනාධිපති අපේක්‍ෂකත්ව අපේක්‍ෂාව තියුණු පසුබෑමකට ලක්වී ඇති බවත්, ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන සහ හිටපු කථානායක චමල් රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකත්ව තරගයට එකතු වී ඇති බවත්ය. එලෙසම හිටපු විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් සහ ශිරන්ති රාජපක්‍ෂ මැතිනියගේ නම්ද සඳහන් කර ඇත. තම වැඩිමහල් පුතු නාමල් 2024/2025 ජනපතිවරණයට ඉදිරිපත් කරවීමට ඇති අවස්ථාව අවුල් කරනා තීරණයක් මහින්ද රාජපක්‍ෂ නොගනු ඇති බවට ද ඉඟියක් උයන්ගොඩ කර ඇත. ගෝඨාභය රාජපක්‍ෂගේ ජනාධිපති අපේක්‍ෂකත්වය ඉහත සඳහන් ඕනෑම කාරණාවක් හේතුවෙන් අහිමි නොවේ යැයි අනාවැකි පළකළ හැකි කිසිවකු නොමැත.
 
 රාජකීය දෛවඥයා ලෙස කටයුතු කළ සුමනදාස අබේගුණවර්ධන 2014 කළ විකාරය අමතක කළ නොහැක. යමක් කිවයුතුමය. මහින්ද රාජපක්‍ෂ පොල්ලෙල්ලක් ඉදිරිපත් කළත් ඔහු දිනන බව පැවසීම ඡුන්ද දායකයන්ට කරන බලවත් අපහාසයක් බව කිව යුතුමය. පොල්ලෙලි කතාව කරළිියට පැමිණෙන්නේ 2018 පෙබරවාරි මස පළාත් පාලන ඡුන්දය මහින්ද රාජපක්‍ෂගේ කණ්ඩායම අති විශිෂ්ට ලෙස ජයගැනීමත් සමඟිය.
 
 ඒකාබද්ධ විපක්‍ෂය/ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ 2018 පෙබරවාරි පළාත් පාලන ඡුන්දයේදී ලැබූ ජයග‍්‍රහණය සලකා බැලිය යුත්තේ මෛත‍්‍රි/ වික‍්‍රමසිංහ රජය තමන්ට කරගත් බරපතළ හානි මතකයේ තබා ගනිමිනි. 2015 පෙබරවාරි 27 දින දහවල් මහ බැංකු බැඳුම්කර වංචාව නොකළා නම් ඒකාබද්ධ විපක්‍ෂය බලවත් තත්ත්වයකට පත්වන්නේ නැත. 2016 මාර්තු අග සිදු කළ දෙවැනි මහ බැංකු බැඳුම්කර වංචාව මෛත‍්‍රි- වික‍්‍රමසිංහ රජය අස්ථාවර කළ අතර, කිසිවක් කරකියා ගත නොහැකි වූ ජනපති මෛත‍්‍රිපාල සිරිසේන පත්කළ ජනපති කොමිසම තත්ත්වය තවත් බරපතළ කළ බව පැහැදිලිය. මහ බැංකු මංකොල්ලය මුළු පාර්ලිමේන්තු ක‍්‍රමයම අවුල් කළ බව කිව යුතුය. ඇත්ත වශයෙන්ම මහ බැංකු මංකොල්ලය සිදුවූයේ නැතිනම් මුළු යහපාලන ක‍්‍රියාවලියම අවුල් වන්නේ නැත. ගෝඨාභය රාජපක්‍ෂට/ ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා ගැනීමට සිතීමටත් අවස්ථාවක් නැත. හිිටපු ආරක්‍ෂක ලේකම්වරයාට රටේ ඉහළම පුටුවට තරග කිරීමට අවස්ථාව ඇතිකළේ මහ බැංකු මංකොල්ලය හේතුවෙන් ජනපති මෛත‍්‍රිපාල සිරිසේන සහ එජාපය අතර ඇතිවූගැටුමයි. එම සටන රජයේ පාර්ශ්වකරුවන් දෙදෙනාටම මාරාන්තික බව පැහැදිලිිය.
 
gota2ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට බලපෑ හැකි කරුණු කිහිපයක් 2018 ජුලි 22 දින ‘අනිද්දා’ පුවත්පතේ ‘මරණ තුනක් මැද පැණි කෑම’ සිරස්තලය යටතේ මනුවර්ණගේ සතිය විග‍්‍රහ කර ඇත. 2018 ජුලි 15 දින ‘අපේක්‍ෂකයා ගෝඨාභයමයි.’ ශීර්ෂ පාඨය යටතේ ඉරිදා දිවයිනේ මෙම ලියුම්කරු පළකළ ලිපිිය සමග හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රීවරයා සිටිනා මාතර පාලටුවේදී ගත් ඡායාරූපයට ඉහළ දේශපාලන වටිනාකමක් ඇත. ‘මනුවර්ණ’ එම ඡායාරූපය තම ලිපිය සමග පළකර තිබිණි. ගෝඨාභය රාජපක්‍ෂගේ මෑණියන් දන්දින සමරසිංහ දිසානායක උපන් ගම වන පාලටුවේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූ රැස්වීමෙන් පසු ඔහුට එල්ල වන ප‍්‍රහාර වැඩිවී ඇත.
 
 19 වැනිි ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ඇති අවස්ථාව ගෝඨාභය රාජපක්‍ෂට අහිමි කිරීමෙන් හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ දේශපාලන ජීවිතයේ එක් මරණයක් තීන්දු කරනු ඇත්තේ ඇමරිකාවය. ‘මනුවර්ණ’ පෙන්වා දුන් ගෝඨාභය රාජපක්‍ෂ මුහුණ දෙන අනතුර යථාර්ථයක් වීමට ඇති ඉඩකඩ විමසා බැලිය යුතුය. කිසිදු අධිකරණ පද්ධතියකින් ඔප්පු වී නැති යුද අපරාධ චෝදනා මත ගෝඨාභය රාජපක්‍ෂ සිරකළ හැකිද? පසුගියදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ක‍්‍රියා පටිපාටිය දැඩි ලෙස දෝෂදර්ශනයට ලක්කළ ඇමරිකාව, එම ආයතනයෙන් ඉවත් විය. එවැනි පසුබිමක් තුළ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් පමණක් ජිනීවා කවුන්සිලයේ ක‍්‍රියාමාර්ග ඇමරිකාව පිළිගැනීම එම රජයේ දෙබිඩි පිළිවෙත හෙළිකරයි. මෛත‍්‍රි – වික‍්‍රමසිංහ රජය කිසිවක් නොදත් ආකාරයට කටයුතු කළත් රහස්‍ය බි‍්‍රතාන්‍ය යුද වාර්තා (2009 ජනවාරි – මැයි) අනුව වන්නි මෙහෙයුමේදී මරණයට පත්වූ මුළු සංඛ්‍යාව 7000 – 8000 අතර වන බවත්, එයින් 1/4 කොටි සාමාජිකයන් ලෙසටත් හඳුන්වා දී ඇත. එලෙසම එවකට දේශපාලන නායකත්වය කිසි ලෙසකත් සිතාමතා ද්‍රවිඩ ජනතාව ඉලක්ක කර හමුදා ප‍්‍රහාර දියත් නොකළ බවත් කොළඹ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ එවකට හමුදා කටයුතු භාරව සිටි ලූතිනන් කර්නල් ඇන්තනි ගෑෂ් තම වාර්තා මගින් බි‍්‍රතාන්‍ය විදේශ අමාත්‍යාංශයට වාර්තා කර ඇත. මහා බි‍්‍රතාන්‍යයේ ක‍්‍රියාත්මක වන තොරතුරු දැන ගැනීමේ පනතට පිං සිදු වන්නට නේස්්බි සාමිවරයා සත්‍යය හෙළිකර ඇත.
 
 නේස්බි සාමිවරයා 2017 ඔක්තෝබර් මස මැද ශී‍්‍ර ලංකාවේ කීර්තිනාමය ආරක්‍ෂා කර ගැනීමට කළ හෙළිදරව්වෙන් යහපාලන රජය අදටත් ප‍්‍රයෝජනයක් ගෙන නැත. නේස්බි සාමිවරයා කළ හෙළිදරව්වට හා සමාන වටිනා ප‍්‍රකාශයක් 2011 ජුනි මස කොළඹදී එවකට කොළඹ සිටි හමුදා කටයුතු භාර ඇමරිකානු ලූතිනන් කර්නල් ලෝරන්ස් ස්මිත් කළ බව අප කාටත් මතකය. අවාසනාවකට පසුගිය රාජපක්‍ෂ රජය යුද්ධය අවසන් වී වසර දෙකකට පසුව කළ එම ඇමරිකානු ප‍්‍රකාශය තම රටේ ආරක්‍ෂාව වෙනුවෙන් යොදා ගත්තේ නැත.
 
 ‘මනුවර්ණ’ පෙන්වා දෙන පරිදි ගෝඨාභය රාජපක්‍ෂගේ දෙවැනි දේශපාලන මරණය තීන්දු කරන්නේ ඒකාබද්ධ විපක්‍ෂය තුළින් ඔහුට එරෙහිව ගොඩනැෙඟින විරෝධයයි. ගෝඨාභය රාජපක්‍ෂගේ තුන්වැනි දේශපාලන මරණය 2014/2015 මෛත‍්‍රිපාල බලයට ගෙන ඒමට එකතු වූ පොදු ජනතා බලවේග 2019 දී ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව එකට සිිට ගැනීමයි.
 
 ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබෙන 20 වැනි සංශෝධනය පිළිබඳව ද ගෝඨාභය රාජපක්‍ෂට එරෙහි කණ්ඩායම් යම් බලාපොරොත්තුවක් තබා ඇත. එලෙසම හමුදාකාරයකු ජනපති වීමේ බියකරු බව මතක් කර දෙයි. ගෝඨාභය රාජපක්‍ෂ මිනීමරු හමුදා පාලනයක් ඇති කිරීමට කටයුතු කරනු ලබන බවට චෝදනා එල්ල කරයි.
 
 එල්ලවන ප‍්‍රහාර නොසලකා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා තම කටයුතු කරගෙන යන බව පැහැදිලිිය. පසුගියදා නුවරඑළියේ සහ අම්පාරේ පැවැති සම්මන්ත‍්‍රණ දෙකේදී රටට අවශ්‍ය වෙනස ඔහු පෙන්වා දීමට කටයුතු කළේය.
 
 ගෝඨාභය රාජපක්‍ෂ කෲර හමුදා පාලකයකු වනු ඇති බව පවසන කණ්ඩායම, 2010 ජනවාරියේදී ශ‍්‍රී ලංකා යුද හමුදාව ත‍්‍රස්තවාදීන් සමග සටනේදී ජයග‍්‍රහණය කරා මෙහෙය වූ එවකට ජනරාල් සරත් ෆොන්සේකාට ඡුන්දය දුන් බව අවස්ථානුකූලව අමතක කර ඇත. හංසයා ලකුණ යටතේ ෆොන්සේකා වෙනුවෙන් එජාපය, ජවිපෙ, ද්‍රවිඩ ජාතික සන්ධානය සහ සිවිල් සමාජ සංවිධාන ඔහු වෙනුවෙන් පෙනී සිටියේය. ඇමරිකාවද යුද අපරාධ චෝදනා පසෙකලා පොදු අපේක්‍ෂකයා වෙනුවෙන් පෙනී සිටියේය.
 
 ඡුන්ද දායකයන්ට 2010 ජනපතිවරණයේදී ශ‍්‍රී ලංකාව තුළ ඇමරිකාව කළ මැදිහත් වීම පිළිබඳව පැහැදිලිි අවබෝධයක් නොවීය. එවකට සිටි ඇමරිකානු තානාපතිවරිය පැටි‍්‍රෂියා බුටේනිස් ජනපති රාජපක්‍ෂ, ජනරාල් සරත් ෆොන්සේකා, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහ ජනාධිපති උපදේශක බැසිල් රාජපක්‍ෂ යුද අපරාධකරුවන් ලෙස හඳුන්වා දෙමින් 2010 ජනවාරි මුල රාජ්‍ය දෙපාර්තමේන්තුවට යැවූ රහස්‍ය ලිපිය පසුව හෙළිකළේය.
 
 ‘හමුදාකාරයන්ගේ’ හැසිරීම ගැන පැමිණිලි කරන කිසිවෙක් ද්‍රවිඩ ජාතික සන්ධානය යුද්ධය ජයග‍්‍රහණය කළ සෙන්පතියාට උතුර – නැගෙනහිර සියලූ දිස්ත‍්‍රික්කවල සහයෝගය ජනපතිවරණයේදී ලබාදීම අවධානයට ලක්කළ යුතුමය.
 
 ත‍්‍රස්තවාදීන් ද්‍රවිඩ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස 2001 ප‍්‍රකාශයට පත්කළ ද්‍රවිඩ ජාතික සන්ධානය 2010 ත‍්‍රස්තවාදය පරාජය කළ සටනේ නියමුවකු වූ ජනරාල් සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටියේ ඇමරිකාවේ ඉල්ලීම නිසා බව මුළු ලොවම දනී.
 
 ආරක්‍ෂක හමුදා 40,000 නිරපරාදේ මරා දැමී යැයි එක්සත් ජාතීන් (දරුස්මාන් වාර්තාව, 137 ෙඡ්දය) කරන චෝදනාව ප‍්‍රථමයෙන්ම අභියෝගයට ලක්කර ඇත්තේ ද්‍රවිඩ ජාතික සන්ධානයයි.
 
 එවැනි තත්ත්වයක් තුළ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සම්බන්ධව පමණක් නොව ශ‍්‍රී ලංකාව පිළිබඳව යුද අපරාධ චෝදනා පූර්ණ නැවත විමර්ශනයට ලක්කළ යුතුය.
 
 ත‍්‍රස්තවාදය පරදා ශ‍්‍රී ලංකාව ජයග‍්‍රහණය අත්කරගෙන දශකයක් පිරෙන 2019 වසරේ යුද අපරාධ චෝදනාවලට දෙමුහුන් යුද අධිකරණයක් ඉදිරියේ හෝ පෙනී සිටීමට යුද්ධය දිනූ ශ‍්‍රී ලංකාව සූදානම් විය යුතුය.
 
 ඇත්තවශයෙන්ම ගෝඨාභය රාජපක්‍ෂ මුහුණ දෙන දේශීය අභියෝගවලට වඩා ප‍්‍ර‍්‍රබල තර්ජනයක් ‘තාක්‍ෂණික’ හේ්තු මත ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ඇති අවස්ථාව අවහිර කිරීමට ඇති අවස්ථාව සම්පූර්ණයෙන්ම බැහැර කළ යුතු නැත. ජිනීවා යුද අපරාධ චෝදනා නිෂ්ප‍්‍රභ කිිරීමට යොදා ගැනීමට හැකි බි‍්‍රතාන්‍ය තානාපති වාර්තා නිල වශයෙන් ඉදිරිපත් නොකිරීමේ ප‍්‍රධාන හේතුව එය බව පැහැදිලිිය.
 
 2019 ජනපතිවරණයේදී පොදු විපක්‍ෂයේ/ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයා කවුරු වුවත් යුද අපරාධ චෝදනා කරළියට එන බව පැහැදිලිය. පුදුමය ජනරාල් සරත් ෆොන්සේකා පොදු අපේක්‍ෂකයා ලෙස පිළිගත් පාර්ශ්ව ගෝඨාභය රාජපක්‍ෂ යුද අපරාධකරුවකු ලෙස දැකීමයි.
 
 2018 ජුලි 15 ‘රාවය’ පුවත්පතේ ‘ගෝඨාභය රාජපක්‍ෂ නොගන්නා ප‍්‍රශ්නය’ යන සිරස්තලය යටතේ ප‍්‍රවීණ විචාරක සුනන්ද දේශප‍්‍රිය හිටපු ආරක්‍ෂක ලේකම්වරයා වෙත එල්ලවන ප‍්‍රබල චෝදනාවක් සාකච්ඡා කර ඇත. දේශප‍්‍රිය තම මිත‍්‍ර වෛiවරයකු සමග ත‍්‍රිරෝද රථයකින් නුගේගොඩ සිිට මහරගම යන අතරතුර එම රථයේ ‘ගෝඨාභයවාදී’ 
 
 රියැදුරුගෙන් විමසූ ප‍්‍රශ්නය පහත දැක්වේ. ‘යුද්ධය අතරමැද්දේ ඔබ කියන රට ගැන කැක්කුම තියෙන ගෝඨාභය රාජපක්‍ෂ හමුදාවෙන් අස්වෙලා ඇමරිකාවට ගිහින් එහි පුරවැසිභාවය ගත්තේ ඇයි? දේශප‍්‍රිය පවසන්නේ රියැදුරු එම ප‍්‍රශ්නයට උත්තර නොදුන් බවය. එම ප‍්‍රශ්නය ගෝඨාභය රාජපක්‍ෂවාදීන්ට පිළිතුරු නැති එලෙසම නොගන්නා ප‍්‍රශ්නය ලෙස හඳුන්වා දී ඇත.
 
 1990 ජුනි දෙවැනි ඊළාම් යුද්ධය පටන් ගත් පසු යුද හමුදාවෙන් ඉවත් වීම පිළිබඳව හිටපු ආරක්‍ෂක ලේකම්වරයා පැහැදිලි කළ යුතුය.
 
 2013 ජුනි මස අග එවකට ආරක්‍ෂක ලේකම්වරයා සමග මෙම ලියුම්කරු කළ සම්මුඛ සාකච්ඡාවකදී ‘ඔබතුමා යුද හමුදාවෙන් ඉවත් වූයේ ඇයි’ යැයි කළ විමසීමකදී ඔහු පැවසුවේ තම බිරිඳ අයෝමා කාලයක සිට හමුදාවෙන්් ඉවත් වීමට තමාගෙන් ඉල්ලීම් කළ බවයිි. 1990 මාර්තු මස ඉන්දියානු සාම සාධක හමුදාව ඉවත් වීමෙන් පසු ජුනි මස දෙවැනි ඊළාම් යුද්ධය ආරම්භ වූ බවත් තම බිරිඳ අයෝමා දිගින් දිගටම ඉල්ලා සිටියේ ඇයගේ දෙමවුපියන් වාසය කරන ඇමරිකාවේ පදිංචියට යෑමටය. තමා හමුදාවෙන් ඉවත් වීමට අකැමැති වුවත් එවකට බි‍්‍රගේඩියර් විජය විමලරත්න ඇතුළු ඉහළ නිලධාරීන්ගෙන් තමාට හමුදාවෙන් ඉවත්වී යෑමට අවස්ථාව ලබා දෙන්නැයි අයෝමා ඉල්ලා සිටි බව ඔහු මතක් කළේය. බොහෝ හමුදා බිරින්දෑවරුන් මෙන්්ම තම බිරිඳද සැමියන් යුද හමුදාවෙන් ඉවත් කර ගැනීමට උත්සාහ කළ බව ඔහු පැවසීය.
 
 එම වකවානුවේදී තමා වාසය කළේ කොළඹ ‘සමිට්’ නිවාස සංකීර්ණයේ බවත් තම නිවස බි‍්‍රගේඩියර් විමලරත්නගේ නිවස ඉදිරිපස පිහිටා තිබුණු බවත් සඳහන් කළේය. තීන්දු තීරණ ගන්නා නායකයන් බි‍්‍රගේඩියර්වරයාගේ අදහස් සැලකිල්ලට ගත් බවත් මතක් කළේය.එකල රංජන් විජයරත්න රාජ්‍ය ආරක්‍ෂක ඇමැති ලෙස කටයුතු කළ අතර ජනපති රණසිංහ පේ‍්‍රමදාස ආරක්‍ෂක ඇමැතිවරයා විය. ජනාධිපතිවරයා ගත් අනුවණ තීන්දු තීරණ හේතුවෙන් ජාතික ආරක්‍ෂාව බරපතළ අනතුරකට පත්වී තිබිණි.
 
 1989 මැයි මස සිට 1990 ජුනි මස දක්වා ජනපති පේ‍්‍රමදාස සහ ත‍්‍රස්තවාදී නායක ප‍්‍රභාකරන් අතර ‘මධු සමය’ රටේ ආරක්‍ෂාව බිංදුවටම බැස්සවූ බව රහසක් නොවේ.
 
 විජයරත්න අමාත්‍යවරයා එවකට ‘දි සන්ඬේ අයිලන්ඞ්’ පුවත්පතේ හමුදාවෙන් ඉවත් වීමට ගත් තීරණය පිළිබඳව පළවූ ප‍්‍රවෘත්තිය පිළිබඳව කෝපවූ බව මතක් කළේය. තමාගෙන් එම ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් විමසීමක් කළ ආකාරයත් පසුව තමා වැලිඔය ප‍්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටින අවස්ථාවක අමාත්‍යවරයා එවකට උතුරු ආඥාපති මේජර් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ බි‍්‍රගේඩියර් ජානක පෙරේරා සමග තමා හමුවීමට පැමිණි ආකාරයත් මතක් කළේය.
 
 තමා හමුදාවෙන් ඉවත්වීම තම සහෝදර එවකට හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්‍ෂගේ අවශ්‍යතාවක් බව අමාත්‍යවරයා චෝදනා කළ බව ආරක්‍ෂක ලේකම්වරයා මතක් කළේය. අමාත්‍යවරයා මන්ත‍්‍රීවරයාගෙන් මේ පිළිබඳව විමසීමක් කළ බවත්, මන්ත‍්‍රීවරයා එම චෝදනාව සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කළ ආකාරයත් මතක් කළේය.
 
 විජයරත්න අමාත්‍යවරයා ගෝඨාභය රාජපක්‍ෂ හමුවීමට වැලිඔයට යෑම සිදුවන්නේ එවකට පළමුවැනි ගජබා බළඇණියේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ රාජපක්‍ෂ තම ඉහළ නිලධාරියා බි‍්‍රගේඩියර් ජානක පෙරේරා ප‍්‍රදේශයේ නොමැති අවස්ථාවක තමාට ප‍්‍රදේශයෙන් පිටවිය නොහැකි බව එවකට හමුදාපති ලූතිනන් ජනරාල් හැමිල්ටන් වනසිංහට පැවසීමෙන් පසුව බවය.
 
 ‘දි සන්ඬේ අයිලන්ඞ්’ පුවත්පතේ වාර්තාව පළකිරීමට කටයුතු කළේ බි‍්‍රගේඩියර් විමලරත්න බව තමා පසුව දැනගත් බව ගෝඨාභය රාජපක්‍ෂ පැවසීය. බි‍්‍රගේඩියර්වරයා පුවත්පත් වාර්තාවක් පළකිරීමෙන් බලාපොරොත්තු වූයේ රජයේ මැදිහත්වීමකින් තමාහට මෙහෙයුම් කලාපයේ සිට කොළඹට මාරුවක් ලබාදීමට බවය.
 
 විජයරත්න අමාත්‍යවරයාගේ මැදිහත් වීම පිළිබඳව ගෝඨාභය රාජපක්‍ෂ පැවසුවේ තම සේනාංකය ස්ථානගත කරන ඕනෑම ප‍්‍රදේශයක සේවය කිරීමට සූදානම් බවය.
 
 විජයරත්න අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් 1990 අගභාගයේදී ගෝඨාභය රාජපක්‍ෂ කොතලාවල ආරක්‍ෂක විiාලයේ නියෝජ්‍ය ප‍්‍රධානි ලෙස පත්වීමක් ලැබීය. 1991 නොවැම්බර් මස 1 වැනි දින ගෝඨාභය රාජපක්‍ෂ හමුදාවෙන් ඉවත්වීමට මාස කීපයකට පෙර විජයරත්න අමාත්‍යවරයා කොළඹදී මරා දැමීය. අමාත්‍යවරයා ගමන් කළ රථය 1991 මාර්තු 2 දින පෙරවරුවේ බෝම්බයකට හසුවන අවස්ථාවේ තමා ‘සම්ට්’ නිවසේ සිටි බව ඔහු මතක් කළේය.
 
 ගෝඨාභය රාජපක්‍ෂ 1971 අපේ‍්‍රල් 26 දින යුද හමුදාවට බැඳුණු අතර දෙවැනි උප ලූතිනන්වරයකු ලෙස නිත්‍ය හමුදාවට සම්බන්ධ වන්නේ 1972 මැයි 26 දිනය. 19 දෙනකුගෙන් සමන්විත නව නිලධාරීන්ගේ කණ්ඩායමෙන් ගෝඨාභය රාජපක්‍ෂ අනුයුක්ත වූයේ සංඥා බළකායටයි. සන්නාහ සන්නද්ධ, කාලතුවක්කු, ඉංජිනේරු සහ සංඥා බළකායන්ට බැඳීමට බොහෝ තරුණ නිලධාරීන්ගේ කැමැත්ත විය. පසුව සංඥා බළකායේ සිට පළමුවන සිංහ රෙජිමේන්තුවට එකතු වූ අතර සුළු සේවා කාලයකට පසුව අලූතින් පිහිටුවූ රජරට රයිෆල්ස් බළකායට එකතු විය. පසුව රජරට රයිෆල්ස් සහ විජයබා රෙජිමේන්තුව එකතු කර පළමුවැනි ගජබා බළකාය පිහිටුවන අවස්ථාවේ ගෝඨාභය රාජපක්‍ෂ එම බළකායේ් සේවයට යෙදිණි. 1983 ඔක්තෝබර් සිට 1991 නොවැම්බර් මස හමුදාවෙන් ඉවත්වන තුරු ගෝඨාභය රාජපක්‍ෂ ගජබා බළකායේ සේවය කළේය.
 
 2006 දෙසැම්බර් මස 01 වැනි දිින ත‍්‍රස්්තවාදීන් පිත්තල හන්දියේදී එල්ල කළ මරාගෙන මැරෙන ප‍්‍රහාරයට ගෝඨාභය රාජපක්‍ෂ ගොදුරු වූයේ නම් යුද්ධයේ අවසන් ප‍්‍රතිඵලය අනිවාර්යයෙන්ම ජයග‍්‍රහණය නොවේ. එලෙසම ලූතිනන් ජනරාල් සරත් ෆොන්සේකා 2005 අපේ‍්‍රල් මස 25 හමුදා මූලස්ථානය තුළ කළ මරාගෙන මැරෙන ප‍්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා දිවි ගලවා නොගත්තේ නම් යුද්ධය කිසිදා අවසන් වන්නේ නැත. ඊළාම් යුද්ධය සාර්ථකව ජයග‍්‍රහණය කරා ගෙන යෑමට අවශ්‍ය මූලිකම ඉලක්ක දෙක සපුරා ගැනීමට ත‍්‍රස්තවාදීන් කටයුතු කළ බව ඉතාම පැහැදිලිිය. මුළු 30 වසරක යුද්ධයේදී යුද හමුදාපතිවරයකු සහ ආරක්‍ෂක ලේකම්වරයකු මරා දැමීමට ත‍්‍රස්තවාදීන් එල්ල කළ ප‍්‍රහාර ෆොන්සේකාට සහ රාජපක්‍ෂට එල්ල විය. 2019 ජනපතිවරණය ඉලක්ක කරගෙන ගෝඨාභය රාජපක්‍ෂ දේශපාලන ප‍්‍රහාරවලට ලක්වී ඇත. එවැනි තත්ත්වයක් බලාපොරොත්තු විය යුතුය. ‘ඇතුළත ප‍්‍රහාර, පීඩනය සහ ‘ඇතුළත’ සහ ‘බාහිර’ ඒකාබද්ධ පහරදීම් ඉදිරි කාලයේදී තවදුරටත් වර්ධනය වනු ඇත.
 
 ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

5 Responses to “ගෝඨාභය ආවොත් මිලිටරි පාලනයක්ද?”

  1. Hiranthe Says:

    Shamindra is a true son of Mother Lanka.

    His views are not biased and he is 1000% loyal to Mother Lanka.

    Thank you Shamindra. You are setting a great example which help others to open their eyes.

  2. Ananda-USA Says:

    Every TRUE PATRIOT who loves his Motherland MUST SUPPORT Gota bhayanaka Rajapaksa’s candidacy to become the NEXT PRESIDENT of Sri Lanka.

    Given that ex-President Mahinda Rajapaksa is barred from running for the President by the POISON PILL of the 19th Amendment, there is a heaven sent opportunity to RESURRECT the IMPECCABLE TEAM that RESCUED our Motherl

  3. Ananda-USA Says:

    Every TRUE PATRIOT who loves his Motherland MUST SUPPORT Gota bhayanaka Rajapaksa’s candidacy to become the NEXT PRESIDENT of Sri Lanka.

    Given that ex-President Mahinda Rajapaksa is barred from running for the President by the POISON PILL of the 19th Amendment, there is a heaven sent opportunity to RESURRECT the IMPECCABLE TEAM that RESCUED & REUNIFIED our Motherland, a goal which could not be achieved by a whole slew of ineffective leaders in the previous 3 decades!

    Mahinda should defer his wish to push Namai into the Presidency for now, and support the candidacy of his bRotherham Gotabhaya for the Presidency NOW without further delay in the BEST INTEREST of his Motherland.

    DELAY will be DISASTROUS to our nation and it’s people!

    We PATRIOTS need GOTA NOW!

  4. Dilrook Says:

    Gotabaya without Mahinda, Basil, Chamal and Namal is highly beneficial to Sri Lanka.

    Splits and cracks within the Rajapaksa family members preference within SLPP/JO is now obvious. This will only worsen. Gotabaya is the only Rajapaksa who can win the 2019 presidential election. All strength to him.

  5. Ratanapala Says:

    My complete agreement with Dilrook and Ananda on this score.

    It should be Gotabhaya with no strings attached to Mahinda and others who are interested in politics as usual. He should be free from the yoke of the old Rajapakse Clan including Namal ( very distractive and inexperienced, he shoud bide his time taking an example from Sajith P to develop his own voter base with no parental help) for him to make a success of a Gota presidency. The mistakes of post 2010 Mahinda Presidency is good enough learning ground of what not to do in Sri Lanka.

    There is enough in history and the lives of world statesmen to learn from for Gotabhaya to make a success of his presidency.

    It is also time to announce Gota’s candidature so that an early start can be made to bring many even in the UNP fold to support him. Also it is essential to see that his candidature should not be compromised by minority Tamil / Muslim extremist politics. What we are looking for is a single unitary country going forward as one nation – most importantly without predation – one community trying to feed on the other!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress