ජනාධිපත් තුමනි ඔබේ අග්‍රාමාත්‍ය වරයා විසින් ඔබව පන්නා දමන්න පෙර ඔබ විසින් ඔබේ අග්‍රාමාත්‍ය වරයා පන්නාදැමිය යුතුය.-දෙවන කොටස
Posted on August 5th, 2018

චාර්ල්ස් පෙරේරා විසින්

සිරිසෙන ජනාධිපති තුමනි, ලෝකයේ කොයි රටේද සුළු ජාතිකයන් සම්භන්ධ කරගෙන  ඒ රටේ ව්‍යවස්ථාව ලියාතිබෙන්නේ?

රටේ මහජනතාව වෙනුවෙන් ව්‍යවස්ථාවක් ලියන්නේ ඒ රටේ අයිතිහාසික අයිතිවාසිකමට උරුමක්කාරයන්වූ  එරටේ පිළිගත් මහජාතිය විසිනුයි.  ඒම ව්‍යවස්ථාවේ මහජාතියේ අයිතිවාසිකම්, ආගමික, හා  සංස්කෘතික අයිතිවාසිකම් ආරක්ෂාකරගෙන සුලුජාතීන්ට  යුක්තිය සාධාරනය,  හා ඔවුන්ගේ ආගම් හා  සංස්කෘතික උරුමයන් නිදහස්ව පත්වාගෙන යාමේ අයිතිය ආරක්ශාකරදෙමින්ය ලෝකයේ හැමජාතියක්ම මේවනතුරැ තමන්ගේ  රටේ ව්‍යවස්ථාවන් ලියා ස්ථාපිත කරතිබෙන්නේ.

නමුත් සිරිසේන මැතිතුමාණෙනි ඔබ ජනාධිපතිවී සිටින  අසමත්ජාති යහපාලනයක් නිසා  අණේක පීඩනයන්ට ගොදුරුවී සිටින ශ්‍රී ලංකාවට අලුත් ව්‍යවස්තාවක් ලියන්නට ඔබ දැන හෝ නොදැන ඔබේ අග්‍රාමාත්‍ය රනිල් වික්රමසින්හ මුලිකත්වයගෙන  ව්‍යවස්තාවක් ලිවීමට තරම් දේශාභිමානයක් හෝ ශ්‍රී ලංකාවේ  අයිතිහාසික ආගමීක හා සංස්කෘතික අයිතිවාසිකම් පිලිබඳ එතරම් දැනුමක් නැති කලක් මර්ක්ස්වාදියෙක්ව සිටි   ලාල් විජෙනායක හා බෞද්ධාගමට හා ශ්‍රී ලංකාවෙ බෞද්ධ සන්ස්කෘතියට විරුද්ධතාවය එළිපිටම පවසන දෙමල ජාතික සන්ධානයේ  ක්‍රිස්තියානි දෙමළ  ඒබ්‍රහම් සුමන්දිරන්ට භාර දී තිබේ.

ඇරත් ව්‍යවස්ථාවක් ලිවීම පිලිබඳව  ඇමෙරිකාවද  සම්භන්ධව සිටින බව හිටපු ඇමෙරිකානු තානාපති අතුල් කෙශප් ලංකාවෙන් පිටව යන්නට  පෙර දෙමල ජාතික සන්ධානයේ දෙමල ඊලාමයක් ඉල්ලන  සම්බන්දන්  හමුවී අලුත් ව්‍යවස්ථාව ඉක්මන්ව සදා නිමකරගන්නාලෙස ඉල්ලීමක් කලබව සඳහන්ව තිබේ.

1978 ව්‍යවස්ථාව  අලුත් සංශෝධනයන් එකතුකරමින් තවත් ඉදිරියට ගෙනයා හැක. එබැවින් අලුත් ව්‍යවස්ථාවක් ලිවීමේ අවශ්‍යතාවයක් නොමැත.  යම් දවසක අලුත් ව්‍යවස්ථාවක් ලියන්නේ නම් එය ලියවිය යුත්තේ සිංහල බෞද්ධ මහාජාතියේ උවමනාවට ඔවුන් විසින් තෝරාගත් උගත් මණ්ඩලයක් විසින්ය.

ඊට කොහෙත්ම සුළු ජාතිකයින් සම්බන්දකරගැනීමක් අවශ්‍ය නොවේ. සුලුජාතිකයින්ට හෝ ඔවුන්ගේ ආගමටත්, ඔවුන්ගේ සංස්කෘතියටත් වෙනස්කමක් නොදක්වා ගෞරවාත්මක අවංක මැදිහත් ලංකාව නිජභුමිය කරගත් සැමදෙනාටම පිළිගත හැකි ව්‍යවස්ථාවක් ලියචිය හැක්කේ සිංහල බෞද්ධ උගතුන් විසින්ය.

දේශපාලනය කරන  හා පිටරටවෙසෙන දියෙස්පෝරා  දේමලුන් හැර අනිත් ලංකා වාසි සියළුම දෙමල ජනතාවද සිංහල බෞද්ධයන් විසින් ලියන ලද ව්‍යවස්ථාවක් අනුමතකරන අතර දෙමල ජනතා සංධානයේ,  හා අන්තවාදී දේමල දේශපාලකයින්ගෙන් ලැබෙන නිදහසේ ජීවත්වීමේ අවස්තාවන්ටත් වඩා හොඳ කුල භේදයෙන් තොර ජීවත්වීමේ අවස්තාවක් සිංහල බෞද්ධයින්ග්ගෙන් සාමාන්‍ය දෙමල ජනතාවට  ලැබෙන බව ඔවුන් දන්නෝය.

දෙමළ සුළු ජාතික දේශපාලකයන් සම්භන්ධ කරවාගෙන මොන කොමිටියකින් හෝ ලියන ව්‍යවස්තාවක් රටටම පිළිගතහැකි ව්‍යවස්ථාවක් නොවන්නේ සුළු දෙමළජාතික හා  මුස්ලිම් ජාතික දේශපාලකයින් සින්හලයින්ටත් බෞද්ධආගමටත් ගරුත්වයක් හෝ කැමැත්තක් නැති නිසාය.

සුළුජාතීන් සම්බක්ධකරගෙන අපක්ෂපාත ලංකාවේ සියලු දෙනාට පිළිගත හැකි ව්‍යවස්ථාවක් කවරදාකවත් ලියවිය නොහැක.

ලංකාවේ අයිතිහාසික පැවැත්මත් බෞද්ධාගම, හා ඒ වටා හැඩගැසුණ සිංහල බෞද්ධ සංස්කෘතියටත් සිංහල බෞද්ධ මහා ජාතියේ සාධාරනත්වය, සාමකාමි, මිත්‍රශීලී භාවයත් හේතුවෙන්  සර්වසද්ධාරණ  කාටත් පිළිගත හැකි ව්‍යවස්ථාවක් සිහල බෞද්ධයින්ගෙන් මිස වෙන කිසිවෙකුගෙන් ලබාගත නොහැක.

ජනාධිපත් තුමනි, මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට අලුත් ව්‍යවස්තාවක අවශ්‍ය තාවයක් නොමැති නිසා මේ ව්‍යවස්තාව සෑදීමේ කටයුත්ත වහා නතරකිරීම ලංකාවේ ජනාධිපති වශයෙන් ඔබේ යුතුකමක්ය.

ජනාධිපති තුමනි තවත් දෙයක් මතක් කල යුතුය, සම්පුර්ණයෙන්ම ත්‍රස්තවාදයේ පැවැත්ම සඳහා කටයුතුකරණ  විජයකලා මහේස්වරන් කිසි චකිතයක් නොමැතිව උතුරේ රජයේ උත්සව සභාවකදී සංහිඳියාව සඳහා රට පාවාදෙමින් සිටින එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් ඉදිරියේ   ලංකාවේ දෙමල ජනතාවගේ ආරක්ෂාව නිදහස රැකගැනීම සඳහා දෙමල ජනතාව  වෙනුවෙන් වෙහෙසව කටයුතුකල  ත්‍රස්ත වාදය නැවත පනගැන්විය යුතුයි කියද්දී, ඒ කතාව වැරදියි කීමට තරම් කොන්දක් තිබු නු එකෙක් එතන නොසිටීම ගැන මුළු යහපාලන ආණ්ඩුවම ලජ්ජාවිය  යුතුය.

එවැනි  රාජද්‍රෝහී  කතාවක් කල ඇය ඇමති ධුරයෙන් අස්කිරීම පමණක් නොවේ කල යුතුව තිබුනේ ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙනුත්  ඉවත් කර පොලිසියට භාරදිමයි. අග්‍රාමාත්‍යවරයා ඔහුගේ රාජකාරිය නිසි ලෙස කරගෙන යන්නෙනම් විජයකළා මන්ත්‍රීවරිය  එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන්  ද ඉවත්කලයුතුව තිබුණි.

නමුත් මේ ගැන ජනාධිපති සිරිසේන මැතිතුමාණෙනි ඔබ කුමක්ද කලේ ?

ඒ පිළිබඳව ඔබ නිහඬව සිටීම ජනාධිපතිවරයෙකුට තරම් නොවේ. එදා ලාංකිකයෙක් නොවන සිංගප්පුරු ජාතිකයෙක් මහා බැකුවේ අධිපතිලෙස පත්කරද්දී  ඔබතුමා එය වලක්වා ඊට විරුද්ධව වචනයක්වත් නොකීවා මෙන්ම,  විජයකලා මහේස්වරන් ගේ කතාව පිළිබඳවත් තව අදවන තුරු ඔබතුමා එයට විරුද්ධව වචනයක්වත් කියා නැත. ඒ මක්නිසාද ජනාධ්පති ඇත්තෙන්ම ඔහුගේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසින්හට ඔය තරම් බයද ?

ඇමෙරිකාව පස්සේ ගිහින් තමා ලෝකයේ අපි වගේ බොහෝ රටවල් අන්ත  පරාජික හත්වයකට වැටී සිටින්නේ. ඒ හැම රටක ජනප්‍රිය නායකයින් මරාදමල කොන්ගොව ගුවතමාළාව, පැනමාව, චිලි  ආදී රටවල් ඇමෙරිකානු හා බටහිර ආධිපත්‍යට යටකරගත්තා සේ ලංකාවත් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා චන්දයෙන් පරදවා ඇමෙරිකාවට කත් අදින රුකඩ යහපාලන ආණ්ඩුවක් පත්කරගෙන සිටී.

රටවල්වලට ආධාරකරනවා කියාගෙන සමහරක් රටවල දුෂ්කර ප්‍රදෙෂවලවල මිනිසුන්ට ආධාර වශයෙන් ඇමෙරිකානු යුද යානා යොදවා කෑම පාර්සල් දමයි. නමුත් මේ කෑම බහාලන බෑග්වල ඇහැට නොපෙණේන තරම් ඉතා  පොඩි විද්‍යුත් කැමරා සවිකර

ඒ රටවල භූමි ස්මීක්ෂන කරන බව ඇමෙරිකානු රහස් සේවයකින් ඉවත් උන ජොන් පර්කින්ම  ඔහු ලියු  The Confession of an American Hit Man නමැති පොතේ සඳහන්කරයි.

ඒ ඇරත් ඇමෙරිකා රහස් සේවය සමහරක් රටවල් වල ලෙඩ ඇතිකරවන වයිරසයන් ද විසිරුවා හැරීමට  නොපැකිලිවන්නේය. එබැවින් ලංකාවේ උතුරු මැද්‍ ප්‍රදේශයේ පවතින වකුගඩු රෝගය පිළිබඳවත් එය හැදුනේ කොයි කාලයේද පැතිර ගියේ කෙසේද,  ඒකාලයේ ඒ ප්‍රදේශවල USAID වැඩමුළු පැවතුනේ දෑයි සොයා බැලිය යුතුය.

තවත් කොටසක් පසුව ලියමි ……….

One Response to “ජනාධිපත් තුමනි ඔබේ අග්‍රාමාත්‍ය වරයා විසින් ඔබව පන්නා දමන්න පෙර ඔබ විසින් ඔබේ අග්‍රාමාත්‍ය වරයා පන්නාදැමිය යුතුය.-දෙවන කොටස”

  1. Hiranthe Says:

    Sirisena is a Yes man Charles. He is not in a position to say NO to anything Run-nil says.

    He knows that today he is in this seat because of Run-nil. Sirisena is not a patriotic citizen who work for the betterment of Mother Lanka. He always wanted big positions although he is not prepared to educate himself.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress