සෝමාරාම , භද්දිය සහ ඥාණසාර
Posted on August 9th, 2018

වෛද් රුවන් එම් ජයතුංග

මෑත යුගයේ අති ධාවනකාරී දුර දිග නොබලන අන් අයගේ මෑනවීම් මත කටයුතු කිරීමට ගොස් අමාරුවේ වැටුණු චීවරධාරීන් කිහිප දෙනෙකු සිටිති. ඔවුන් අතරින් සෝමාරාම , භද්දිය සහ ඥාණසාර ප්‍රධාන වෙයි. 

කැළනියේ බුද්ධරඛිත කියූ නිසා සෝමාරාම අගමැති බණ්ඩාරනායකට වෙඩි තැබුවේය. කැළනියේ බුද්ධරඛිත විසින් සති දෙකක් තුලදී තමාව බේරා ගන්නා බවට සෝමාරාම විශ්වාස කලේය. අවසානයේදී සෝමාරාම පෝරකයට ගියේ පසු කාලයක ද්විත්ව ඝාතනයක් පිලිබඳව වරදකරුවෙකුවී හිරේ ගිය මැතිව් පීරිස් නම් ක්‍රිස්තියානි පූජකයා අතින් බෞතීස්මය ලබාගෙනය. 

භද්දිය යනු 1971 කාලයේ විජේවීර සරණ ගිය චිවරධාරියෙකි. ඔහු කැරැල්ල නිසා හැමන් හිල් සිරකඳවුරේ සිටියේය. උමතු ආදරයකින් ජවිපෙ දේශපාලනය ඇදැහූ භද්දිය හැමන් හිල් සිරකඳවුරේ සිටියදී ජවිපෙ  විසින් ද්‍රෝහියන් ලෙස නම් කල සෙසු සිරකරුවන්ට නිර්දය ලෙස පහර දීමටත්  , ඔවුන්ව ඝාතන කිරීමටත් තැත් කලේය. එහෙත් පසු කාලයක ජවිපෙ දේශපාලනය ගැන කලකිරී ඔහු පක්‍ෂයෙන් ඉවත් විය. උපැවිදි වූ භද්දිය මුදල් පොළියට දීම ඇරඹීය.  මුදල් පොළියට ගත් ණය ගැතියෝ මුදල් නොදීම නිසා වස්තු භංගත්වයට පත් භද්දිය කෝච්චියට පැන දිවි නසා ගත්තේය. 

ඥාණසාර කරළියට එන්නේ දේශපාලකයන් ගේ කර මතිනි. සමාජ විරෝධී පෞරුෂ අක්‍රමතාවයෙන් පෙළන බවට  සැක කල හැකි ඥාණසාර තමන්ට රිසි සේ සමාජ රීතීන් උල්ලංඝනය කලේය. මේ වන විට ඔහු බරපතල වැඩ ඇතිව වසර 6 කට සිර ගෙදරට නියම වී තිබේ. තවමත් දේශපාලකයන්ට අවශ්‍ය උපකරණයක් වන ඥාණසාර ගේ ඉදිරි අනාගතය පිලිබඳ අණාවැකි කිව නොහැක . බොහෝ විට ඥාණසාරට සමාවක් ලැබීමට  ඉඩක් තිබේ.  

 

 

 

One Response to “සෝමාරාම , භද්දිය සහ ඥාණසාර”

  1. Hiranthe Says:

    ඥාණසාර is funded by NGO’s.

    In 2007 – 2008 he was partnering with Run-nil and the UNP while the war was going on although he was a part of JHU at that time. Run-nil was doing negative propaganda on the war on terror in full swing at that time.

    Can he be patriotic by a cent due to his behaviour at that time.

    He made MR government and Gota unpopular among the Muslim community.. Very good actor.

    disgrace to Buddha Sasana.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress