ලංකාවේ විශ්ව විද්‍යාල වල ප්‍රචණ්ඩ ක්‍රියා වලට යොමු වන සිසුන්ව විශ්ලේෂණය කිරීම සඳහා ප්‍රශ්නාවලියක්
Posted on August 13th, 2018

Dr Ruwan M Jayatunge M.D.

ඔවුන් එන්නේ කුමන පාසල් වලින්ද ? – නාගරිකද/ ග්‍රාමීයද ?      

ඔවුන් පාසලේදී සමාජශීලීව හිටපු අයද / නැද්ද?  

ඔවුන් පාසලේදී ක්‍රීඩා කරපු අයද / නැද්ද ?  

ඔවුන්ට තමන් උගත් පාසල පිලිබඳ තිබෙන්නේ අභිමානයක්ද ? / හීනමානයක්ද ?  

ඔවුන් ගේ සමාජ ආර්ථික මට්ටම මොකක්ද ? – ඉහලද / පහළද ? 

දරිද්‍රතාව නිසා පීඩා විඳි අයද / නැද්ද ?  

ඔවුන් ගේ පවුල් තම තමන් ගේ ගම් වල ගරුත්වය ලබනවාද / නැද්ද ?  

ඔවුන් තම ජීවත් වන ප්‍රදේශ වල සාමාජ කටයුතු වලදී නායකත්වයක් ගෙන ක්‍රියා 

කල අයද ?/ නැත්ද ?  

ඔවුන් තම තමන් ජීවත් වන ප්‍රදේශ වල කුල පීඩනයට ලක්වූ අයද ? / නැද්ද? 

 

ඔවුන් තුල හීනමානය / සමාජ පසුගාමීත්වය තිබෙනවාද / නැද්ද?   

ඔවුන් තුල සමාජ වයිරය තිබෙනවාද / නැද්ද?  

ඔවුන්  තමන්ට වඩා හොඳින් ජීවත් වන පුද්ගලයන් කෙරෙහි දක්වන්නේ 

උපේක්‍ෂාවක්ද ? / ඉරිසියාවක්ද ?  

ඔවුන් කුඩා කාලයේ අපයෝජන / මාතෘ දුරස්ථකරණව වැනි අබ්බග්ග වලට 

ලක් වෙලා තිබුනාද ? / නැද්ද?  

 

ඔවුන් පහසුවෙන් රැඩිකල් සිසු දේශපාලයට අනුගත වන අයද / නැද්ද ?  

ඔවුන් අන්‍යන්ව පීඩාවට ලක් කොට සතුටු වන අයද නැද්ද ?  

ඔවුන්   නවක වධය කෙරෙහි ලොල් බවක් තිබෙනවාද / නැද්ද ?  

ඔවුන්  නවක වධය අන්‍යන් කෙරෙහි බලය පැතිරීමට මෙන්ම අන්‍යන් 

පාළනය කිරීම සඳහා  උපකරණයක් ලෙස භාවිතා කරනවාද ? / නැත්ද ?  

ඔවුන් තුල ඉත පහසුවෙන් මොබ් මානසිකත්වය වර්ධනය වනවාද / නැද්ද ?  

ඔවුන් තම සෙසු සරසවි මිතුරන් අතරේ කැපී පෙනීම සඳහා දරුණු උත්සාහයක 

යෙදෙනවාද ? / නැත්ද ?  

ඔවුන් තම සෙසු සරසවි මිතුරන් අතරේ කැපී පෙනීම සඳහා අවදානම් ක්‍රියා පවා 

කිරීමට පෙලඹෙනවාද / නැත්ද ? 

 

ඔවුන් සමාජයේ  පීඩිතයන් යන කොටසට අයිතිද / නැද්ද ?  දියුණු රට වල විශ්ව විද්‍යාල 

වල තිබෙන CCTV වගේ නවීනත්වයට ඔවුන් එකඟද විරුද්දද ?  

ඔවුන් අන්‍ය සිසුන් වෙත තම බලහත්කාරය පටවනවාද / නැද්ද ?  

ඔවුන් අනෙකුත් සාමකාමී සිසුන් වෙත දක්වන්නේ වෛරී ප්‍රතික්‍රියාවක්ද ? / නැත්ද ?  

ඔවුන් නිතරම ක්‍රම විරෝධීද / නැත්ද ?  

ඔවුන් තුල තම පියා කෙරෙහි / ගුරුවරුන් කෙරෙහි / ආයතනික පාලකයන් කෙරෙහි  

හේතු රහිතව  නිරන්තර එදිරියක් තිබේද ? / නැත්ද ?  

 

කාන්තාවන් ගැන ඔවුන් ගේ ආකල්ප නවීනද ? / පසුගාමීද ? 

රූමත් නාගරික නවීන පන්නයට ඇඳගත් තරුණ නවක සිසුවියක් දකින විට ඔවුන් 

දක්වන  ප්‍රතික්‍රියාව කායික හෝ වාචික හිංසනයට බරය / බර නැත    

ඔවුන් ගේ චින්තනය පළල් ද / ලිං මැඩිද ?  

ඔවුන් සමානාත්මතාවය ඉතා තදින් අපේක්‍ෂා කරනවාද / නැද්ද ?  

හොඳ රැකියාවක් හෝ ආදායමක් අතට ලද වහාම ඔවුන් තම රැඩිකල් චින්තනයෙන් 

ඉවත්  වනවාද / නැද්ද? 

පසුකාලීනව ඔවුන් ඉතා කුහක ආත්මාර්ථකමී මිනිසුන් බවට රූපාන්තරණය 

වනවද / නැද්ද ? 

 

මේ ප්‍රචණ්ඩත්වයේ යෙදෙන සිසුන්ව ඇනලයිස් කරලා බලන විට යම් පැටර්න් එකක් 

පෙනෙන්නට තියෙයි. සමාජ විද්‍යාව මනෝ විද්‍යව වගේ විෂයක් කරන කෙනෙකුට හොඳ 

රිසර්ච් මැටීරියල් මෙතන තියනවා. මේ ප්‍රශ්න වල වැඩවසම් ස්වභාවයක් තියෙන බව 

යමෙකුට කියන්න පුලුවන්. ඒත් මේ සත්‍ය මඟ  හැරලා යන්න පුලුවන් ද ?

One Response to “ලංකාවේ විශ්ව විද්‍යාල වල ප්‍රචණ්ඩ ක්‍රියා වලට යොමු වන සිසුන්ව විශ්ලේෂණය කිරීම සඳහා ප්‍රශ්නාවලියක්”

  1. Christie Says:

    සින්හල විස්ස විද්යාල සමජවාදී ජඩයන්ගෙන් පිරුන තැන්.

    අලුතෙන් එන උන් මෙම ඉන්දියානු ගැත්තන් බවට පත්වී සිටින උන් ගෙන් බේරා ගත යුතුය.

    යාපනය වැනි ඉන්දියානු පරගැතියන් සිටින විස්ස විද්යාල හා සසඳන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress