ශ‍්‍රී ජයවර්ධන පුර රෝහලේ සිදු කරනු ලබන මරණ පරීක්‍ෂණ සඳහා මුදල් අයකිරීමට තීරණය කිරීම සම්බන්ධවයි.
Posted on August 14th, 2018

වෛද්‍ය ජයන්ත බණ්ඩාර ප‍්‍රධාන ලේකම් සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය

වෛද්‍ය අතුල කහඳලියනගේ,
සභාපති,
ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල,
තලපත්පිටිය,
නුගේගොඩ.

මහත්මයාණෙනි,

ශ‍්‍රී ජයවර්ධන පුර රෝහලේ සිදු කරනු ලබන මරණ පරීක්‍ෂණ සඳහා මුදල් අයකිරීමට තීරණය කිරීම සම්බන්ධවයි.

ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල් කළමණාකරන මණ්ඩලය විසින් 2018. 06. 28 දින කරන ලද තීරණයක් අනුව නිකුත් කරන ලද ලිපියක් අනුව ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේදී සිදුකරනු ලබන මරණ පරීක්‍ෂණ සඳහා එක් මරණ පරීක්‍ෂණක් වෙනුවෙන් රු. 2500/- ක මුදලක් අයකිරීමට තීරණය කර ඇති බව දන්වා ඇත. එම මුදල ගෙවන තුරු මෘත ශරීරය නිදහස් නොකරන බව එහි දක්වා ඇත.‍

ශ‍්‍රී ලංකාව තුල රජයේ රෝහල් තුලදී මරණ පරීක්‍ෂණ සඳහා මුදල් අයනොකරනු ලබන අතර ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල තුලදී සිදු කරනු ලැබූ මරණ පරීක්‍ෂණ සඳහා මුදල් අයකරනු ලැබුවේ නැත. ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ සිදු කරනු ලැබූ මරණ පරීක්‍ෂණ සිදු කරනු ලැබුවේ කලූබෝවිල රෝහලේ වෛද්‍යවරුන් හා හදිසි මරණ පරීක්‍ෂකවරුන් විසිනි.
 
මෙසේ ඔබ පරිපාලනය යටතේ පවතින ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ මරණ පරීක්‍ෂණ සඳහා මුදල් අයකිරීම තීරණය කරනු ලැබුවේ කුමන කරුණු මතද යන්න පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
වෛද්‍ය ජයන්ත බණ්ඩාර
ප‍්‍රධාන ලේකම්
සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress