මහින්දට ස්තිරවම යලි පුළුවන්.. හිටපු අගවිනිසුරු ව්‍යවස්තාව කොටා පොවයි.. මහා ප‍්‍රාඥයා කියාගන්නා විජේසදාසගේ තර්ක ඉවරයි..
Posted on August 20th, 2018

lanka C news

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා නීතිමය වශයෙන් කිසිදු බාධාවක් නැති බව සරත් නන්ද සිල්වා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය මගින් බිහි කර ඇති ජනාධිපතිවරයා නව ජනාධිපතිවරයෙක් බවයි.

එබැවින් එම නව ජනාධිපතිවරයා වෙනුවෙන් පවත්වන මැතිවරණයකට තරග කිරීමට 78 ව්‍යවස්තාව යටතේ හා 18 වන සංශෝධනය යටතේ සිටි ජනාධිපතිවරුනට කිසිදු බාධිවක් නැතැයිද ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාට පැහැදිලිවම එම අවස්ථාව හිමි වන බවත් ඔහු සදහසන් කරයි.

මහා ප්‍රඥයා යයි කියාගන්නා ඇමති විජේදාස රාජපක්ෂ මහතා ව්‍යවස්ථාව වැරදියට අර්ථ නිරූපණය කරන බවත් ඊට පෙර ඔහු සම්පූර්ණ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව නිවැරදිව කියවා ගත ආ යුතු බවත් හිටපු අගවිනිසුරු කියා සිටී.

ජනාධිපතිවරයා සහ ඔහු පත්වන ආකාරය සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ තනි වාක්‍යකින්, පරිච්ඡේදයකින් හෝ සංශෝධනයකින් අර්ථ නිරූපණය කළ නොහැකි බවත් එය සමස්ත ව්‍යවස්ථාව සලකා බලා තීන්දු කළ යුතු බවත් පවසන ඒ මහතා මෙහි අවසාන තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගනු ඇතැයිද පවසයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress