අග්නිදිග විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ට සිදුවන කෘර වධ හිංසා වැළැක්වීමට වහා පියවර ගන්න ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය බලධාරීන්ගෙන් ඉල්ලයි.
Posted on August 21st, 2018

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

මඩකලපුව අග්නි දිග විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවියන්ට තිරස්චීන ලෙස කෘර වධ හිංසා පමුණුවමින් නවක වධය ලබාදෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි. ශිෂ්ටත්වයට නොගැලපෙන ආකාරයට මෙම සිසු සිසුවියන් කෘර ලෙස වධ හිංසාවට පත් කිරීමේ සිදුවීම් රැසක් වාර්තා වන බව එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි.

උසස් අධ්‍යාපනය සඳහා සිසු සිසුවියන්ට ඇති අයිතිය ආරක්ෂා කිරීම  බලධාරීන්ගේ වගකීමක් වන අතර මේ ආකාරයට නවක සිසු සිසුවියන් නවක වධයට ලක් කිරීම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ද ඒ මහතා පෙන්වා දුන්නේය. එමෙන්ම මෙය අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ දඩුවම්  ලැබිය යුතු වරදක්  වන බවත් නවක වදයට ලක්වන සිසු සිසුවියන්ගේ ශරීරයේ බාහිර තුවාල පමණක් නොව අභ්‍යන්තර තුවාලද සිදුව ඇති බව වෛද්‍යවරුන් විසින් තහවුරු කොට ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි.

මෙම විශ්ව විද්‍යාලයේ කාන්තා හා පිරිමි ළමුන් දැඩි වධ බන්ධනයන්ට සහ කෘර අමානුෂික වධ හිංසා වලට ලක්වීම නිසා  දැඩි මානසික පීඩාවන්ට පත්ව ඇති අතර ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලටද එය ප්‍රබල බාධාවක් වී ඇති බව තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේය.මෙම තත්වය මාස ගණනක් පුරා පවතින අඛණ්ඩව පවතින නමුත් කිසිදු පාර්ශවක් මෙම තත්වය වැළැක්වීමට සාධනීය මැදිහත්වීමක් සිදු කොට නැති බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පෙන්වා දෙයි.

මඩකලපුව විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් මුහුණ දෙන මෙම කෘර වධ හිංසා  වැළැක්වීම සඳහා සියු පාර්ශවයන් ඒකාබද්ධව කටයුතු කළ යුතු අතර උසස් අධ්‍යාපන අමාත්‍යංශය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, අග්නි දිග විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් නොපමාව මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කර සිටියි.

මාධ්‍ය ඒකකය

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

One Response to “අග්නිදිග විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ට සිදුවන කෘර වධ හිංසා වැළැක්වීමට වහා පියවර ගන්න ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය බලධාරීන්ගෙන් ඉල්ලයි.”

  1. Dilrook Says:

    They should be transferred to Colombo University.

    Sinhala students must not be sent to universities in the north and east. They must get priority in Sinhala majority areas. This is not the first time and will not be the last.

    Sri Lanka’s ethnic groups are irreconcilably opposed to each other in the north and the east. Protecting minorities in the north and east is very important as they are mistreated by racists.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress