එක්‌නැලිගොඩගේ පස්‌සෙන් ගිය බව පිළිගන්නැයි සැමියාට බලපෑම් කරනවා – රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින කෝප්‍රල් වසන්ත උළුගෙදරගේ බිරිය කියයි
Posted on August 23rd, 2018

එරික්‌ ගාමිණී ජිනප්‍රිය උපුටා ගැන්ම දිවයින

එක්‌නැලිගොඩගේ පස්‌සෙන් ගිය බව පිළිගන්නා ලෙස තම සැමියා වූ කෝප්‍රල් වසන්ත උළුගෙදරට සීඅයිඩී නිලධාරීන් බලපෑම්කරන බව කෝප්‍රල් වසන්තගේ බිරිඳ වූ මහේෂි උළුගෙදර මහත්මිය ඊයේ (22 දා) පිටකෝට්‌ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය මූලස්‌ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය. සිය සැමියාට අත්වී ඇති ඉරණම පිළිබඳව කරුණු පැහැදිලි කරමින් උළුගෙදර මහත්මිය වැඩිදුරටත් මෙසේද පැවැසීය.

මගේ මහත්තයා යුද හමුදා බුද්ධි අංශයේ සක්‍රීය සේවයේ යෙදී සිටින වසන්ත සුදේශ් කුමාර උළුගෙදර. එයාව බන්ධනාගාර ගත කරේ 2018 අගෝස්‌තු දහවැනිදා හෝමාගම අධිකරණයේදී. හේතුව තමයි මාධ්‍යවේදී එක්‌නැලිගොඩ මහත්තයව අතුරුදන් කිරීමට සම්බන්ධ යෑයි කියලා. මේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සන්ධ්‍යා එක්‌නැලිගොඩ මහත්මිය සහ එම දරුවන් අගතියට පත්වීම සම්බන්ධයෙන් මම කාන්තාවක්‌ විදිහට අවංකවම කනගාටු වෙනවා. නමුත් සීඅයිඩී එක අධිකරණයට ඉදිරිපත් කරන බී වාර්තාවේ සඳහන් කරලා තියෙන්නේ මගේ මහත්තයා 2009 අගෝස්‌තු මාසයේ එක්‌නැලිගොඩ දඹුල්ලේ සිට එද්දී ඔහු පැමිණි බස්‌ රථයේ කොළඹ දක්‌වා පැමිණි බවයි. සීඅයිඩිය ප්‍රශ්න කරද්දී එය තහවුරු වුණාලු. දුරකථන දත්ත පරීක්‍ෂා කරලා ඒ මත තමයි මගේ මහත්තයා අත්අඩංගුවට ගත්තෙA. මගේ මහත්තයාගේ නීතිඥයන් නම් කිව්වේ මහත්තයා ඒ බස්‌ එකේ ආවත් 2010 ජනවාරි මාසයේ එක්‌නැලිගොඩ මහත්තයා අතුරුදන්වීම සම්බන්ධයෙන් මගේ මහත්තයාගේ ඇති සම්බන්ධය බී වාර්තාවේ සඳහන් කර නැති බවයි. ඒ එක්‌කම මගේ මහත්තයා එක්‌නැලිගොඩ මැරූ බවට තියා එක්‌නැලිගොඩ මහත්තයා මැරුණද නැතිනම් අතුරුදන් වුණේ කොහොමද කියන එක ගැනවත් ඇසින් දුටු සාක්‍ෂියක්‌වත් විද්‍යාත්මක සාක්‍ෂියක්‌වත් තවම ඉදිරිපත් වෙලා නැහැ.

re13 1

නමුත් සීඅයිඩී එක මිනී මැරීමේ චෝදනාව යොදලා අසත්‍ය බී වාර්තාවක්‌ ඉදිරිපත් කරලා තමයි මගේ මහත්තයව රක්‍ෂිත බන්ධනාගාර ගත කරන්නේ. තමන්ගේ නොහැකියාව සඟවා ගන්න සීඅයිඩීය කරන මාධ්‍ය සංදර්ශනයක්‌ මේක. මගේ මහත්තයා මේකට කොහෙත්ම සම්බන්ධ නැහැ. මගේ මහත්තයට මේ එක්‌නැලිගොඩ නඩුවට තියෙන සම්බන්ධය ඔය කියන කාලයේ ගිරිතලේ කෑම්ප් එකේ වැඩ කරපු එක. මගේ මහත්තයා කෑම්ප් එකේ වැඩ කළා සහ ඒ කාලේ නිතර කොළඹට ආවා බුද්ධි වාර්තා අරගෙන. ඒක විතරයි මේකට තියෙන එකම සම්බන්ධය. මං දන්න විදියට මගේ මහත්තයා 2009 වෙනකම් නැගෙනහිර යුද්ධය තියන කාලයේ ඒ මෙහෙයුම්වලට සක්‍රීයව දායකත්වය දැක්‌වූවා.

මම දන්න විදියට මගේ මහත්තයා 2009 වෙනකම් නැගෙනහිර ප්‍රදේශයේ පැවැති යුද්ධයට දායකත්වය දැක්‌වූවා. ඉන් පසුව ගිරිතලේ කෑම්ප් එකේ සිට කොළඹට බුද්ධි වාර්තා රැගෙන ඒමට සම්බන්ධ වී තිබෙනවා. 2009 අවසන් භාගයේ පැවැති යුධමය වාතාවරණය තුළ එය ලොකු අභියෝගයක්‌ වෙලා තිබෙනවා. නමුත් සීඅයිඩී එකේ මහත්තුරු අහල තිබෙනවා උඹ වැඩ කළේ තැපැල් දෙපාර්තමේන්තුවෙ ද කියලා. බුද්ධි වාර්තා හරියට නොලැබුණොත් යුද්ධය කිරීමට නොහැකි වන බව ඒ දවස්‌වල මහත්තය කිව්ව මට මතකයි. ගිරිතලේ සිට කොළඹට එන ගමනට පැය 7 ක්‌ 8 ක්‌ ගත වනවා. එහෙම ආපු දවස්‌වල නිවසට ඇවිත් පැය 2 ක්‌ පමණ නිදාගෙන ආපසු උදේ යනවා.

සීඅයිඩී එක මගේ මහත්තය මෙම ප්‍රශ්නයට පටලවන්න හදන්නේ 2017 නොවැම්බර් සිට. අවස්‌ථා 3 කදී එන්න කියල කටඋත්තර ගත්තා. ඒ සෑම අවස්‌ථාවකදීම සීඅයිඩී එක මගේ මහත්තයට තර්ජනය කරල තිබෙනවා. 2009 අගෝස්‌තු මාසයේදී එක්‌නැලිගොඩගේ පස්‌සෙන් ගියා කියලා පිළිගන්න කියලා. සෑම විටම ප්‍රකාශ කරල තිබෙන්නෙ එම ප්‍රකාශය පිළිගන්න කියන එක තමයි. ඊට පසුව සීඅයිඩී එකට අවශ්‍ය විධියට ප්‍රකාශයක්‌ ලියල මගේ මහත්තයගේ අත්සන බලෙන් ලබාගෙන තිබෙනවා. පළමු අවස්‌ථා දෙකේදී සීඅයිඩී එකට ගිය මගේ මහත්තය රාත්‍රි 2.30 ට, 3.00 ට පමණ නිවසට රැගෙන ආවා. පළමු දවසේ එන්න කියල තිබුණේ ප්‍රකාශයක්‌ ලබා ගැනීමට. මහත්තයා එනකම් රෑ 12.00 පමණ වන තුරු මම බලාගෙන සිටියා. වෙහෙසට පත්වී සිටිය නිසා ඉන්පසුව මට නින්ද ගිහින් තිබෙනවා. ඉන්පසුව උදැසන 2.30 පමණ මගේ ජංගම දුරකථනයට ඇමතුමක්‌ ආවා. “අපි ඇවිල්ල ඉන්නේ දොර අරින්න කියල කිව්වා.” මගේ ජංගම දුරකථනයට කතා කළ නිසාත්, මම නිදිමතේ සිටිය නිසාත් ඒ පිළිබඳව වැඩිය කල්පනා කරන්නේ නැතිව අම්මටත් කතා කරගෙන ගිහින් දොර ඇරියා. එතකොට මම දැක්‌කා අපේ ගේට්‌ටුවෙන් එහා පැත්තේ සිටිනවා කළු කලිසමක්‌ සහ සුදු කමිසයක්‌ ඇඳගත් සුදු මනුස්‌සයෙක්‌. ඒ දර්ශනයෙන් මම බය වුණා. ඒ අතර මට තවත් කිහිප දෙනෙකුගේ අඩි සද්දත් ඇසුණා. මම දුහුල් ඇඳුමක්‌ ඇඳගෙන සිටිය නිසා ගේ ඇතුළට යන්න හදනකොට කිව්වා යන්න එපා අපි සීඅයිඩී එකෙන් දොර අරින්න කියලා කිව්වා. මම ගිහිල්ල දොර ඇරියම ඒ අය මාවත් තල්ලු කරගෙන ගෙට ඇවිත් ඒ අයගේ ඉදිරියෙන් ඉඳගන්න කියල කිව්වා. මම ඇඳුම මාරු කරගෙන එන්න යන්න සූදානම් වුණහම යන්න දෙන්න බෑ කියල පිරිමි ගොඩක්‌ මැද්දේ මාව වඩි කරව ගත්තා. එතන එක කාන්තා නිලධාරිනියක්‌වත් සිටියේ නෑ. ඔවුන් මගෙන් මහත්තයගේ දුරකථනය පිළිබඳව තමයි ප්‍රශ්න කළේ. එය අරන් ගියාද තියල ගියාද කියා විමසුවා. ඉන් පසුව කර්නල් කුමාරරත්නයි, කර්නල් සිරිවර්ධනයි හඳුනනවාද කියල ඇසුවා. මම කිව්වා මම දන්නේ නැහැ කියලා. ඇත්තටම මම ඔවුන් පිළිබඳව දැනගෙන සිටියේ නෑ. නමුත් මම ඔවුන් හඳුනනවා කියල පිළිගන්න කියලා කිව්වා. මම කිව්වා එහෙම පිළිගන්න බැහැ කියලා. ඒ පාර ඔවුන් මට තර්ජනය කළ බව පිළිගන්න කියල කිව්වා. ඒ පාර මම කිව්වා ඔවුන් මට කතා කළෙත් නෑ තර්ජනය කළෙත් නැහැ කියලා. ඉන්පසුව එස්‌.අයි. ප්‍රේමතිලක කිව්වා ඔයාගේ මහත්තයා අහිංසකයි මේකට කිසිම සම්බන්ධයක්‌ නෑ නමුත් මිනිහට කියන්න කියලා අපි කියන දේ පිළිගන්න කියලා. කර්නල් කුමාරරත්න සර් සහ කර්නල් සිරිවර්ධන සර් තර්ජනය කළා කියල පිළිගින්න කියල තමයි කිව්වේ. එතකොට මම කිව්වා මහත්තයා දන්න දෙයක්‌ තිබෙනවා නම් කියයි. නොදන්නා දෙයක්‌ නම් පිළිගන්න එකක්‌ නැහැ කියලා. ඉන්පසුව මම බබයි කියල මට බැන්නා.

ඉන්පසුව පැයක පමණ කාලයක්‌ කර්නල් කුමාරරත්න සර් සහ කර්නල් සිරිවර්ධන සර්ලා පිළිබඳවම ප්‍රශ්න කරලා එළියේ වාහනයක තබාගෙන සිටිය මගේ මහත්තය ඇතුලට අරගෙන ආවා. ඉන්පසුව මගේ ඉදිරිපිටදීම ප්‍රකාශ කළා මුන් බුද්ධි අංශයේ නෙවෙයි, මන්ද බුද්ධිකයන් බව. ඉන්පසුව සාජන් උඩවත්ත කියන කෙනා පැයක්‌ පමණ ලියල, මගේ මහත්තය භාරගත්ත කියල ලියල අත්සන් කරන්න කියල කිව්වා. මම කිව්වා අත්සන් කිරීමට පෙර ලියපු දේ මට කියවන්න දෙන්න කියලා. වෙලා නෑ එම නිසා කියවන්න දෙන්න බෑ කියල මගේ අත්සන බලෙන් ගත්තා. අද වනතුරු මම දන්නේ නෑ එහි තිබෙන්නෙ මොනවද කියලා.

ඉන්පසුව නවගමුව පොලිසියෙන් ඇවිත් මහත්තයට එන්න කිව්වා. මම ඇසුවා ඇයි කියලා. මාධ්‍යවේදියෙකු මැරුව කියල චෝදනාවක්‌ තිබෙනවා කිව්වා. මම ඒ පිළිබඳව මහත්තයට දැනුම් දුන්නා. කඳවුරෙන් මහත්තයව සීඅයිඩී එකට භාර දීල තිබුණා. එදා දවල් මම මිදුලේ ඉන්න කොට කට්‌ටියක්‌ කෑ ගසන ශබ්දයක්‌ ඇසුණා. මම ගෙට්‌ටුවෙන් පාර දිහා බැලුවහම දුටුවා යුනිෙµdaම් අඳගෙන සිටිය මගේ මහත්තය කට්‌ටියක්‌ විසින් ඇදගෙන එනවා. මීටර් 50 ක විතර දුර ඉඳලා හැමෝටම පේන්න තමයි ඇදගෙන ආවේ. මමවත්, මගේ දරුවවත් මහත්තය යුනිෙµdaම් ඇඳගෙන ඉන්නව දැකල නෑ. ඒ අවස්‌ථාවේ මගේ දරුව දුවල ගිහින් මහත්තයගේ ඇඟේ එල්ලුනා. ඒ අවස්‌ථාවේදී උඩවත්ත කියන කෙනා මගෙන් ඇසුවා ඇයි මෙයා ඇඟේ එල්ලෙන්නෙ මීට පෙර දැකල නැද්ද කියල ඇසුවා. මම කිව්වා දරුවා තබා මමවත් යුනිෙµdaම් එකෙන් සිටිනවා දැකල නැහැ කියලා. ඒ අවස්‌ථාවේදී ඔහු කිව්වා. එහෙනම් ෙµdටෝ එකක්‌ ගහල තියා ගන්නවා ආයෙත් දකින්න ලැබේවිද දන්නේ නැහැනේ කියලා. ඒ අවස්‌ථාවේදී මට ලොකු කම්පනයක්‌ ඇතිවුණා මොකද එම වාක්‍යයේ මරනවා වගේ අදහසක්‌ තිබුණ නිසා.

ඉන්පසුව මහත්තය ගෙට අරගෙන ඇවිත් එක්‌නැලිගොඩ පස්‌සෙන් ගියා කියලා පිළිගන්න කියල කිව්වා. මහත්තය කිව්වා මම එහෙම කෙනකු දන්නෙත් නෑ මම එහෙම කළෙත් නෑ. එම නිසා මම එහෙම දෙයක්‌ පිළිගන්නේ ඇයි කියල ඇසුවා. ඒ අවස්‌ථාවේදී උඩවත්ත කියන කෙනා නැගිටල මගේ මහත්තයට ගහන්න හැදුවා. ඒ අවස්‌ථාවේදී අසනීපයෙන් සිටිනා අපේ අම්මා ඇසුවා ඔයා කොහොමද මහත්තයෝ යුන්ෙµdaම් ඇඳගෙන සිටින සොල්දාදුවෙකුට ගහන්නේ කියලා.

මම සීඅයිඩී එකේ මහත්වරුන්ට කියන්නේ බොරු ඇත්ත කිරීමට උත්සහ නොදරා නිවැරදි පරීක්‍ෂණයක්‌ කරන්න කියලා. මගේ මහත්තයට ඇප දීලා ඕනෑම පරීක්‍ෂණයක්‌ කරන්න කියල. ඒ වගේම ජනාධිපතිතුමාගෙනුත්, අගමැතිතුමාගෙනුත්, හමුදාපතිතුමාගෙනුත් ඉල්ලා සිටිනවා. මගේ මහත්තයට ඇප ලබාදී වහාම පරීක්‍ෂණයක්‌ කරන්න කියලා.

පින්තූර – නිමල් දයාරත්න

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress