ගෝඨාට එරෙහිව නඩු පවරයි
Posted on August 24th, 2018

උපුටාගැණීම ලංකාදීප

වීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා ත‍්‍රී පුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද (24)  නඩු පවරන ලදී.

ත‍්‍රී පුද්ගල විශේෂ මහාධිකරණයේ දෙවන නඩුව ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ සහ දණ්ඩ නීතී සංත‍්‍රහය යටතේ මෙම නඩුව නීතීපතිවරයා විසින් පවරන ලදී.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියන ආරච්චිගේ ප‍්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී භද්‍රා උදුලාවතී කමලාදාස, සුසම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, එම්.ඞී. මහින්ද සාලිය සහ එම්.ඒ. මල්ලිකා නමැත්තන්ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress