බෙදුම්වාදී මුස්ලිම් දේශපාලනඥයන්ට අවි ආයුධ තොග රැස්කර ගැනීමට ඉඩ දීලා..
Posted on August 28th, 2018

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ මාධ්‍ය ලේකම් ජාතික නිදහස් පෙරමුණ lanka C news

බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදීන්ගේ ඝාතන හේතුවෙන් අවසානයේ දෙමළ සමාජයේ ඉතිරි වූයේ බෙදුම්වාදී පරඬැල් වැනි දේශපාලනඥයන් පිරිසක් බවත් දැන් තමන්ට සහයෝගය දෙන බෙදුම්වාදී මුස්ලිම් දේශපාලනඥයන්ට අවි ආයුධ තොග පිටින් රැස්කර ගැනීමට ඉඩ දීමෙන් මුස්ලිම් සමාජයටත් එකී ඛේදනීය ඉරණම උරුම කර දීමට මේ ආණ්ඩුව කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහි ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ චෝදනාකර සිටියේය.

බෙදුම්වාදී මුස්ලිම් දේශපාලනඥයන්ට අවි ආයුධ තොග රැස්කර ගැනීමට ඉඩ දීලා..

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එ් මහතා මෙසේද සඳහන් කළේය.

‘‘පසුගියදා පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයන් පිරිසක් කොළඹදී පැවැත් වූ මාධ්‍ය හමුවකදී අනාවරණය කළා ‘කොටි සංවිධානය සතුව තිබූ 5000කට අධික අවි ප‍්‍රමාණයක් මුස්ලිම් දේශපාලනඥයන් වන රිෂාඞ් බදුර්දීන් සහ හිස්බුල්ලා ඇතුළු පිරිසකට ලබා දී තිබෙනවා’ කියා.

මේ මාධ්‍ය හමුව පවත්වා, ඉහත කරුණුු අනාවරණය වෙලා දැනට සතියක් ඉක්ම ගොස් තිබෙනවා. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ ආණ්ඩුව විසින් මේ පිළිබඳව කිසිදු විමර්ශනයක් සිදු කොට නැහැ. පිස්තෝලයක් දෙකක් පාතාලයට ලැබෙනවා වගේ නොවෙයි ආයුධ පන්දාහක් යම් පිරිසකට ලැබෙනවා කියන්නේ. එය රටේ ආරක්ෂාවට පවා බලපාන කරුණක්. මේ පිළිබඳව ආරක්ෂක ඇමැති, නීතිය හා සාමය පිළිබද ඇමැති, පොලිස්පති නිහඬව සිටින්නේ මේ නම් සඳහන් වූ දේශපාලනඥයන් ආණ්ඩුවේ රැුකවරණය යටතේ සිටින නිසා ද? නැතිනම් මේ මුස්ලිම් දේශපාලන නායකයන්ගේ රැකවරණය යටතේ මේ ආණ්ඩුව පවත්වාගෙන යන නිසා ද? ගෙවී ගිය වසර 47 තුළ මේ රටේ ලේ ගලා ගිය ගැටුම් තුනක් සිදු වුණා. 1971, 1989 ජනතා අරගල මර්දනය කිරීමේ දී ලේ ගංගා ගලා ගියා. 30 වසරක් පුරා බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පැරදවීමට ගෙන ගිය සටන නිසා මේ රටම ලේ විලක් වුණා. එ් නිසා යළිත් මේ රටේ ලේ වැකි ගැටුම් ඇති වෙනවාට, සිංහල – දෙමළ – මුස්ලිම් සාමාන්‍ය ජනතාව කිසිසේත්ම කැමැති නැහැ.

බෙදුම්වාදී පරඬැල් ටිකක් විතරයි ඉතිරි වුණේ

ජාතිවාදී දේශපාලනඥයන් ආයුධ ළං කර ගන්නේ පොලිෂ් කරමින් තබාගන්න ද? අපට මතකයි බෙදුම්වාදී ත‍්‍රස්තවාදී කොටි සංවිධානයේ නායකයා වේලූපිල්ලේ ප‍්‍රභාකරන් වැඩ පටන් ගත්තු හැටි. එදා යාපනය නගරාධිපති ඇල්ප‍්‍රඞ් දොරේඅප්පාට පිස්තෝලයකින් වෙඩි තබා ඝාතනය කරමිනුයි ම්ලේච්ඡු ත‍්‍රස්තවාදී ගමන ඇරඹුවේ. නීලන් තිරුචෙල්වම්, ලක්ෂ්මන් කදිරගාමර් වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන, ජාතික සමගිය වෙනුවෙන් පෙනී සිටි, ත‍්‍රස්තවාදය පිළිකෙව් කළ සියලූ දෙමළ දේශපාලන නායකයන් ගෙවී ගිය වසර 30 තුළ මේ රටට අහිමි වූවා. අවසානයේ ඉතිරි වුණේ කොටි දේශපාලන අංශ නායක තමිල් චෙල්වම්ගේ ගෝලයන් වූ සම්බන්ධන්ලා, සුමන්තිරන්ලා වැනි බෙදුම්වාදී පරඩැල් ටිකක් විතරයි. මුස්ලිම් සමාජයටත් මේ ඉරණම අත්කර දීමට ද මේ හදන්නේ ? මේ රටේ ජාතික සමගිය වෙනුවෙන් පෙනී සිටින මුස්ලිම් දේශපාලනඥයන් ආයුධ බලයෙන් යටපත් කරලා තනි බෙදුම්වාදී මතයකට මුස්ලිම් ජනතාව රැගෙන යාමට ද මේ හදන්නේ ?

ඔබ දන්නවා බහුතර මුස්ලිම් ජනතාව හිටියේ ජාතික දේශපාලන පක්ෂ සමඟයි. පසුව වාර්ගික පදනමෙන් ඇති වූ මුස්ලිම් දේශපාලන පක්ෂ සිංහල, දෙමළ සමාජය වෙතින් බෙදී යාමේ සටන්පාඨ කරේ තබාගෙන මුස්ලිම් ජනතාව වෙත ආවා. ගැටුම් හදා, බෙදී වෙන්වීමේ වුවමනාව නැගෙනහිර මුස්ලිම් ජනතාව තුළ හදන්නයි එම පක්ෂ කටයුතු කළේ. ඇඳුමේ වෙනස පවා ගැටුමකට මඟක් කර ගත්තා. එසේ තිබියදී තමයි මේ ආයුධ රැස් කිරීමේ චෝදනා එන්නේ.

ජනාධිපතිවරයා තේරවිලි කියමින්, අගමැති විකාර කියමින්, පොලිස්පති නර්තනයේ යෙදෙමින් ඉඳලා හරි යන්නෙ නැහැ. මේ ජාතික ආරක්ෂාවට බලපාන කරුණු සම්බන්ධයෙන් වහා විමර්ශනයක් සිදු කළ යුතුයි. නමුත් මේ ආණ්ඩුව කරන්නේ ජාතිවාදී, බෙදුම්වාදී දේශපාලනඥයන්ට තම ක‍්‍රියාමාර්ග රිසිසේ ගැනීමට ඉඩ දී තම දේශපාලන ප‍්‍රාණය රැක ගැනීමයි.

ආණ්ඩුවට වුවමනා පළාත් සභා ඡන්දය කුමන ක‍්‍රමයකට හෝ කල් දමන්න

පළාත් පාලන ඡන්දය දිගින් දිගටම කල් දැමූ මේ ආණ්ඩුව එම ඡුන්දය පැත්වූයේ නියමිත දිනට වසර දෙකහමාරකට පසුවයි. එහිදී ලැබුණු ප‍්‍රතිඵලය අනුව මේ අය ජනාධිපතිවරණය තෙක් කිසිදු ඡන්දයක් පවත්වන්නෙ නැහැ. පළාත් සභා මැතිවරණය ඊට කලින් පැවැත්වුවහොත් එහිදී ලැබෙන පරාජය කවරාකාර ද, කියා මේ ආණ්ඩුව දන්නවා. එ් විතරක් නොවෙයි එ් පරාජය මෙන් දෙගුණයක පරාජයක් ජනාධිපතිවරණයේ දී ලැබෙන බවත් එ් අය දැනටමත් ගණන් හදලා තිබෙනවා. එ් නිසා පළාත් සභා ඡුන්දය කුමන ක‍්‍රමයකින් හෝ කල් දමා ගැනීම අද මේ ආණ්ඩුවේ ප‍්‍රමුඛතම උවමනාවක් වී තිබෙනවා.

මාස හයක් මොකද කළේ?

දැන් බලන්න, ජනාධිපතිවරයා විසින් පත් කළ පළාත් සභා කොට්ඨාස සීමානිර්ණ කොමිසමේ සභාපතිවරයා කියනවා, ඔහු මේ වාර්තාව පළාත් සභා, පළාත් පාලන ඇමැතිවරයාට බාර දුන්නේ 2018 පෙබරවාරි 19 වැනිදා කියා. නමුත් මේ ඇමැතිවරයා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ඉන් මාස හයකට පසුවයි. එ් විදියට මාස හයක් යට ගහලා තබා ගත්තු වාර්තාව පසුගිය 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු මේ ආණ්ඩුව ඊට විරුද්ධව ඡන්දය දුන්නා. එ් වැඩෙන් මේ ආණ්ඩුව ලෝක වාර්තාවකුත් තැබුවා.

මේ අය පළාත් සභා ඡන්ද විමසීම කල් දැමූ ආකාරය අපි විමසා බලමු. එ්ක කළේ ඉතාමත් කුඨ අකාරයකට. පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කිරීමට මේ අය පනත් කෙටුම්පතක් ගෙනාවා. එය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වුණා. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා මෙම පනත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් හා ජනමතවිචාරණයක් අවශ්‍යයි කියා. කෙසේ නමුත් පළාත් සභා සඳහා කාන්තා නියෝජනය වැඩි කිරීම කියන පාඨයට මුවාවෙලා ජනතා විමුක්ති පෙරමුණත් හවුල් කරගෙන මේ ආණ්ඩුව තමන්ට උවමනා සංශෝධන සමග මේ පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කර ගත්තා.

බිමල් කියූ ලොකුම බොරුව

එ් අනුව නීතියේ හිල් අස්සෙන් රිංගලා, ජනමතවිචාරණයකට නොගිහින්, තමන්ට අවශ්‍ය සංශෝධන ටික කරගෙන මේ පනත සම්මත කරගත්තු ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවටත් පිටුපාලා පළාත් සභා ඡන්දය කල් දැම්මා. ජනතා විමුක්ති පෙරමුණත් මේ සියල්ලටම ආණ්ඩුව සමඟ අත එසවූවා. ඔබට මතක ඇති එ් දිනවල පාර්ලිමේන්තුවේදී වගේම ‘හිරු බලය’ වැඩසටහනේදී ජවිපෙ මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා කියූ කතාව. ‘අපි පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය සඳහා ආණ්ඩුවට සහයෝගය දුන්නේ 2018 ජුනි 30 වැනිදාට කලින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ සහතිකයක් ආණ්ඩුවෙන් අරගෙන’ කියලා බිමල් රත්නායක එහිදී කීවා. අපි දැන් අහනවා, ‘බිමල් රත්නායක මහත්තයෝ ඔයාලා ආණ්ඩුවෙන් ලබාගත්තු සහතිකයට කල් ඉකුත් වෙලා මාස දෙකක් ගිහින්. මේ විදිහට ආණ්ඩුවට කඬේ ගිහින් ජනතාව රවට්ටන්න ඇයි ?’ කියලා.

ජවිපෙ ඡන්දෙ නොදී පැනලා ගියා

එ් විතරක් නොවෙයි පසුගිය අගෝස්තු 23 වැනිදා ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා කීවා, ‘නව පනතට අනුව පළාත් සභා මැතිවරණයට යාම සඳහා සීමානිර්ණ කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතුයි. එයට පක්ෂව ජවිපෙ අපි ඡන්දය දෙනවා’ කියලා. නමුත් ජවිපෙ 24 වැනිදා කළේ කුමක්ද? සීමානිර්ණ කොමිසමේ වාර්තාව පිළිබඳ ඡන්ද විමසීමේ දී ඡන්දය නොදී පැනලා යාම. මේක ජවිපෙ වත්මන් ස්වභාවය තේරුම් ගන්න හොඳම උදාහරණයක්. මේ සියල්ල අනුව, මේ ආණ්ඩුවේ පළාත් සභා ඡන්දය කල් දැමීමේ පාපයෙන්, ජවිපෙට කිසිදු ගැලවීමක් නැහැ කියා පැහැදිලි වෙනවා.

රුපියල් බාල්දු වීමෙන් මුල්තැනට

ජාත්‍යන්තර මූල්‍ය පර්යේෂණ ආයතනයක් වන මූඞීස් ආයතනයේ වාර්තාවක් උපුටා දක්වමින් ‘දි ඉකොනොමික්ස්’ සඟරාව පෙන්වා දෙනවා, ‘ලෝකයේ භාවිතා වන මුදල් එ්කක අතරින් ශ්‍රී ලංකා රුපියල වේගයෙන්ම අවප‍්‍රමාණය වන මුදල් එ්කකය බවට පත්ව තිබෙනවා’ කියා. මේ තමයි 2015 බලයට ආ ආර්ථික ඔස්තාර්ලා රට ඇදවට්ටවා ඇති තරම. මේ ආණ්ඩුවට මේ විදියට යන්න දුන්නොත් ඩොලරයට ගෙවිය යුතු රුපියල් අගය 200 දක්වා ඉහළ යා හැකි බවට ආර්ථික විශේෂඥයන් අනතුරු හඟවා තිබෙනවා. මේ තත්ත්වය හමුවේ මේ ආණ්ඩුව ගෙදර යැවීමේ හැර අන් විසඳුමක් නැහැ.’’

මෙම මාධ්‍ය හමුවට කැස්බෑව නගර සභාවේ මන්තී‍්‍රවරු වන අතුල සේනානායක, රංජිත් පත්මසිරි යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress