ජපන් ආරක්ෂක ඇමැතිගේ හදිසි සංචාරයේ මොකක්දෝ අමුත්තක් තියෙනවා
Posted on September 1st, 2018

සංවාදය-උදේනි සමන් කුමාර උපුටාගැණීම  මව්බිම

ගෝලීය භූ දේශපාලන තලයේ සිදුවන විවිධාකාර පෙළ ගැසීම් ලංකාවට සුවිශේෂී බලපෑම් එල්ල කරන බව රහසක් නොවේ. ලෝක දේශපාලන බල අරගලයේ ඉත්තකු වීමෙන් ඉතිහාසය පුරා අප සිදු කරගත් හානි බොහෝය. ජපානයේ ඉන්දියාවේ වගකිවයුතු නායකයෝ මේ දිනවල නිතර මෙහි පැමිණෙති. සිදු වෙමින් පවතින්නේ කුමක්ද යන්න පිළිබඳ අප හිටපු ඇමැති ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ නායක ඩිව් ගුණසේකර මහතා සමඟ සාකච්ඡා කළෙමු.

 ජපානයේ ආරක්‍ෂක ඇමැතිවරයකු පසුගියදා ලංකාවේ නිල සංචාරයක නිරත වූවා. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජපානය මෙවැනි මැදිහත් වීමක් සිදුකළ ප්‍රථම අවස්ථාව හැටියට මෙය සලකන්න පුළුවන්. ඒ සමඟම ජපන් විදේශ ඇමැති වරයාද මේ සතියේ ලංකාවට පැමිණියා කුමක්ද මේ සිදුවන්නේ?

ජපානය අපේ මිත්‍ර රටක් බව ඇත්ත. ඔවුන් අපේ රටට සුවිශේෂී ආධාර ලබාදී තිබෙනවා. එහෙත් ඔබ සඳහන් කරන ජපාන ආරක්‍ෂක සහ විදේශ ඇමැතිවරුන්ගේ හදිසි සංචාර වෙනත් පසුබිමක් තුළ ඇතිවන වර්ධනයක් ලෙසයි මා දකින්නේ.

 කුමක්ද ඒ පසුබිම?

කෙටියෙන් සඳහන් කරනවා නම් ලෝක රටාවේ සහ ලෝක බල තුලනයේ ප්‍රබල වෙනසක් සිදුවෙමින් පවතිනවා. 21 වැනි සියවසේ ආරම්භයත් සමඟ ලෝක රටාව ඒකද්‍රව ලෝක රටාවක සිට බහුද්‍රව ලෝක රටාවකට පරිවර්තනය වෙමින් පවතිනවා. අපි දන්නවා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇමෙරිකාව තමයි ලෝකයේ සුපිරි බලවතා වෙන්නේ. දේශපාලන ආර්ථික, මිලිටරි, හා තාක්‍ෂණ අතින් ඇමෙරිකාවේ ප්‍රබලත්වය නිසාම ඒකද්‍රව ලෝකයක් නිර්මාණය වුණා. ප්‍රධාන ප්‍රාග්ධන මධ්‍යස්ථානය වුණේ ඇමෙරිකාවයි. නමුත් වර්තමානයේ ප්‍රාග්ධන මධ්‍යස්ථාන ගණනාවක් මතුවී තිබෙනවා. ඕඅධ්ඛ්ඉ, ඒඉඡ්ඒව්, ඒ.උ. (ඒටපඪජචද භදඪධද) ඹ්ඡ්ඹ්ඒම්, ඹ්චබඪද ඒථඥපඪජචද) ඡ්භපධ -ඒඵඪච ආදී වශයෙනි. මෙහිදී ආසියානු ආර්ථිකයේ නැඟීම සහ චීනය ලෝකයේ දෙවැනි ආර්ථික බලවතා වශයෙන් මතුවීම තීරණාත්මක සාධකයක්. එහි ප්‍රතිඵලයක් වශයෙන් සංවර්ධිත රටවල් අතර සහ තුළ ප්‍රතිවිරෝධීතාවන් මතුවී තිබෙනවා. එංගලන්තය යුරෝපා සංගමයෙන් (ඡ්උ) වෙන්වීමත් ප්‍රබල සාධකයක්
මේ සියලු සාධකයන්හි පෙළ ගැසීම නිසා ලෝක ආර්ථික බලතුලනයෙහි වෙනසක් ඇතිවී තිබෙනවා. ට්7 කණ්ඩායම (සුපිරි කණ්ඩායම) ක්‍රියා විරහිතයි. ඒ වෙනුවට ට් 20 මතුවී තිබෙනවා. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ එකම න්‍යෂ්ටික බලවතා වන්නේ ඇමෙරිකාව. දැන් න්‍යෂ්ටික බලවතුන් 10කට වඩා සිටිනවා. ලෝක යුද්ධයක් පැනනැඟීමේ අනතුර පහව ගොස් තිබෙන්නේ ඒ නිසයි. මෙන්න මේ සියලු සාධක නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ බලතුලනය වෙනස්වී තිබෙනවා. ඒ අනුව ගෝලීය උපාය මාර්ගවල සහ භූ දේශපාලනික උපාය මාර්ගවල වෙනස්වීම් රැසක් සිදුවෙමින් පවතිනවා.

 මේ තත්ත්වය තුළ ආසියානු මහාද්වීපය ගැන කතා කරනවා නම්.

ආසියානු ආර්ථිකය වසර 500කට පසු ලෝක ආර්ථිකයේ පෙරගමන්කරු වී තිබෙනවා. මෙයට හේතුව පුළුල්ව ගත්කල ආසියාවේ සියලු කලාපයන් උතුරු, නැඟෙනහිර අග්නිදිග, දකුණු ආසියා කලාප වේගයෙන් වෙනස්වී තිබෙනවා. චීන ආර්ථිකයේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් ටි්‍රලියන 14ක් ඇමෙරිකාවේ දළ දේශීය නිෂ්පාදනය පවතින්නේ ඩොලර් ටි්‍රලියන 19-20 අතර

 චීන ආර්ථිකයේ සිදු වෙමින් පවතින ප්‍රබලත්වය ගැන කතා කරනවා නම්

චීනය ලෝකයේ විශාලම ජනගහනය සිටින රට. මා දකින එහි ප්‍රබලත්වය නම් මිලියන 900 මහා ශ්‍රම බළකායයි. අධ්‍යාපනය, නිපුණත්වය, සහ තාක්‍ෂණය අතින් පරිපූර්ණ ශ්‍රම බළකායක් චීනය සතුයි. ඒ නිසාම එය ලෝකයේ විශාලම වෙළෙඳපොළ බවට පත්ව තිබෙනවා. ජනතාවගේ ක්‍රය ශක්තිය ඉහළ යමින් තිබෙනවා. මිලියන 600ක ජනයා දරිද්‍රතාවයෙන් මුදාගෙන තිබෙනවා. 2020දී දරිද්‍රතාවයෙන් තොර චීනයක් බිහි වෙනවා. මිලියන 300ක මධ්‍යම පන්තියක්. මිනිස් සම්පත ලොකුම සම්පත බවට පත්වෙලා.

දෙවැනුව ලොව විශාලතම ආනයනකරුවා මෙන්ම අපනයනකරුවා වන්නේද චීනයයි. තුන්වැනුව ලෝකයේ විශාලතම විදේශ විනිමය සංචිතය හිමි රට වන්නේද චීනයයි. ඩොලර් ටි්‍රලියන 14ක පමණ සංචිතයක් චීනය සතුයි. සතර වෙනුව ලොව විශාලතම ජාතික ඉතිරි කිරීම් ඇති රට 50%ක ඉතිරි කිරීම් ප්‍රතිශතයක් (ශ්‍රී ලංකාව 22%යි
පස් වෙනුව චීනය කාර්මික නිෂ්පාදන අතින් ප්‍රමුඛ රට.

 චීනයට වසර 40ක් තුළ මෙවැනි යෝධ ආර්ථික පිම්මක් පැනීමට හැකි වූයේ කෙසේද?

එහි රහස චීනයේ නව ආර්ථික උපාය මාර්ගයයි. 1978ට පෙර තිබුණේ ක්‍රම සම්පාදනය මත ගොඩනැඟුණු සංවෘත ආර්ථිකයක්. ඩෙන් ෂියා වෝ පෙන් යටතේ ක්‍රම සම්පාදනයට ඉඩහැරියා වෙළෙඳපොළට සමාන්තරව ක්‍රියාත්මක වෙන්න. ඒ සඳහා ලෝකයට විවෘත වූ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළා. අද චීනය ක්‍රම සම්පාදනය – වෙළෙඳපොළ – රාජ්‍ය මැදිහත්වීම යන කාරණා තුනම සමාන්තරව ක්‍රියාත්මක වන උපාය මාර්ගයක් අනුගමනය කරනවා.

සමාජවාදී රාජ්‍ය පද්ධතිය බිඳවැටෙන්නට පෙර චීනය මේ නව උපාය මාර්ගයට ප්‍රවේශ වුණා. චීනය දැක තිබුණා සෝවියට් ආර්ථිකය මූලික වශයෙන් ගමන් කළ සංවෘත ආර්ථිකයක් වීම නිසා ඊට ලෝකයට පිවිසීමට නොහැකි වූ බව. දැන් චීන උපාය මාර්ගය සමාජ වෙළෙඳපොළ, සමාජ වෙළෙඳපොළ කියා නව හැඳින්වීමක් ලබාදී තිබෙනවා. ලෝකයට කොපමණ විවෘත වුවද ක්‍රම සම්පාදනයට රාජ්‍ය මැදිහත්වීම තුළින් පැනනැඟුණු ආර්ථික අර්බුද මඟහැර යෑමට සමත්ව තිබෙනවා. මේ වන විට ඇමෙරිකාව චීනයට වඩා ඉදිරියෙන් ඉන්නේ තාක්‍ෂණය අතින් පමණයි. චීනය ඉදිරියේ තාක්‍ෂණික අතින්ද ඇමෙරිකාව පසුකර යන බව ස්ථිරයි.

 මේ වර්ධනයන් ලෝක දේශපාලනයට බලපාන්නේ කෙසේද?

තුන්වැනි ලෝකයට නැත්නම් සංවර්ධනය වන්නා වූ රටවලට ආර්ථික සහයෝගිතාව ලබාදිය හැක්කේ චීනයට පමණයි. නිදසුනක් ගනිමු. අප්‍රිකානු මහාද්වීපය නිදහස් වී දැනට වසර 50කට ආසන්නයි. සෝවියට්දේශය හැරුණු විට කිසිදු රාජ්‍යයක් අත දුන්නේ නැහැ. සෝවියට්දේශය බිඳ වැටුණාම ගතවූ වසර 25 තුළ අප්‍රිකාව අනාථ වුණා. චීනය වර්තමානයේ රටවල් 25ක් සමඟ සබඳතා ගොඩනඟාගෙන තිබෙනවා. ප්‍රධාන වශයෙන් යටිතල පහසුකම් සහ ගමනාගමනය අතින් මේ දිනවල බීජිං නුවර අප්‍රිකානු නායකයන් සියලුදෙනා සහ චීන නායකයන් අතර ඉහළ පෙළේ සමුළුවක් පැවැත්වෙනවා.

 අපේ කලාපය අයත් වන දකුණු ආසියාව ගතහොත්,

ආසියාවෙන් ඉතා පසුගාමීව සිටින්නේ දකුණු ආසියානු රටවල්. ප්‍රධාන ගැටලුව ප්‍රාග්ධනය. ත්‍රස්තවාදය අපේ කලාපය පස්සට තල්ලු කළා. ජනවාර්ගික හා ආගමික අන්තවාදය තවත් නිශේධනාත්මක සාධකයක්. දකුණු ආසියාවේ සියලුම රටවලට මේ අභියෝගයට මුහුණදීමට සිදු වුණා. දැන් මේ කලාපයත් සාපේක්ෂව ඉදිරියට එමින් සිටිනවා. ඉන්දියාවේ ආර්ථික වේගය 70%ක්. බංගලාදේශය අන් සියලු රටවලට වඩා ඉදිරියෙන් සිටිනවා. චීන ආධාර මත පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය වෙමින් තිබෙනවා.

 සේද මාවත ආර්ථික ව්‍යාපෘතිය නමින් ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ කුමක්ද?

චීනය දෙවැනි ලෝක ආර්ථික බලවතා වූවාට පසු 2013දී චීනය මෙම නව සේද මාවත ආර්ථික ව්‍යාපෘතිය ඉදිරිපත් කළා. දැනට රටවල් හා ජාත්‍යන්තර සංවිධාන 100කට වඩා ඊට එක්ව සිටිනවා. ආසියාව+අප්‍රිකාව+යුරෝපය සම්බන්ධ කෙරෙන මේ ව්‍යාපෘතිය ගෝලීයකරණය තුළ තාක්ෂණයේ සහ විද්‍යාවේ ව්‍යාප්තිය සමඟම වේගයෙන් ව්‍යාප්ත වෙනවා.

චීන ආර්ථිකය ර¼දා පවතින්නේ ලෝකයේ සෙසු රටවල් සංවර්ධනය වුණොත් පමණයි. නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ අලෙවි කරන්නේ කාටද? සංවර්ධනය වන රටවල ජනතාවගේ ‘ක්‍රය ශක්තිය’ ලබාගත යුතුයි. ‘නව සේද මාවත’ අරමුණ අනේ‍යාන්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමයි. මේක දෙපැත්තටම වාසියි. රැකියා වැඩි වෙනවා. එවිට ක්‍රය ශක්තිය වැඩි වෙනවා. ඒ තුළ භාණ්ඩ මිලදී ගැනීම් ඉහළ යනවා.

අධිරාජ්‍යවාදී රටවල් කළේ භාණ්ඩ නිෂ්පාදනය සඳහා සංවර්ධනය වන රටවලට අමුද්‍රව්‍ය ලබාදීම පමණයි. ඒ රටවල් තුන්වැනි ලෝකයට අයත් වුණේ ඒ නිසයි. ගෝලීයකරණයේදී ඒ රටවල් ප්‍රපාතයට ඇදවැටුණා. චීනය විකල්ප ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළේ මේ තත්ත්වය අනුවයි. මේ වන විට රටවල් 70ක් පමණ ඊට එක්ව තිබෙනවා. මූල්‍ය සම්පත් සඳහා වෙනමම බැංකු දෙකක් පිහිටුවා තිබෙනවා. එහි ප්‍රතිඵල වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වැදගත්කම අඩු වෙලා. ඔවුන්ගේ කොන්දේසි පවා ලිහිල්ව තිබෙනවා.

 කුමක්ද මේ ඉන්දියානු සාගර ප්‍රශ්නය?

මා ඉහත දැක්වූ කරුණු මත ආසියාවේ වැදගත්කමත් ඉන්දීය සාගර කලාපයේ වැදගත්කමත් මතුවෙලා.

 මේ මොහොතේ ජපානය ඉටු කරන භූමිකාව කුමක්ද?

ජපානය ඇමෙරිකාව සමඟ ඉතා සමීපම රට. එසේ වූයේ දෙවැනි ලෝක යුද්ධයේදී න්‍යෂ්ටික බලය යොදා ජපානය යටත් කිරීමෙන් පසුවයි. ජපානය ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ උදේ‍යා්ගිමත් රට වූයේ නැහැ. සෙසු රටවල් සමඟ මිත්‍රත්වය ගොඩනඟමින් සිටියා. එහෙත් හැම ප්‍රශ්නයකදීම ඔවුන් සිටියේ ඇමෙරිකාවේ විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්තිය සමඟ. ආසියාවේ නව තත්ත්වය උඩ ඇමෙරිකාවේත් ජපානයේත් බලපෑම අඩු වුණා. බැරක් ඔබාමා ඒෂියා පැසිපික් සංකල්පය ගෙනාවේ චීනය කොන් කිරීමටයි.

චීනය එම සංවිධානයට ඇතුළු වීම ඇමෙරිකාව මඟහැරියා. සෙසු ආසියානු රටවල් අෑ¼දා ගැනීමට ඔවුන් උත්සාහ කළා. ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පැමිණීමෙන් පසු ආසියා-පැසිපික් අත්හැර ඉන්දු-පැසිපික් සංකල්පය ගෙනාවා. එහි අරමුණ ඉන්දියාව ඇතුළු කර ගැනීම. චීන භීතිකාව පෙන්වා චීන-ඉන්දියා ප්‍රති විරෝධතා ඒ සඳහා යොදා ගත්තා. දැන් ඇමෙරිකාව, ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව වශයෙන් පෙළගැස්මක් හදන්නේ චීනය කොන් කිරීමටයි.

ශ්‍රී ලංකාවේ 2015 ඇති වූ වෙනස තුළ මෙම සංකල්පය ශක්තිමත් කිරීමට ලංකාව යොදා ගැනීම ප්‍රමාද වුණේ චීන ආර්ථික සහයෝගය නිසයි.

 මේ වන විට ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රතිචාරය කුමක්ද?

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය උග්‍ර වූ නිසා චීනය එකවරටම අතහරින්න යහපාලන ආණ්ඩුවට බැරි වුණා. ණය උගුලේ හිරවීම ඊට බාධාවක් වුණා. ජපානය මේ දක්වන උදේ‍යා්ගය පිටුපස තිබෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපාය මාර්ගයයි.

 ඔවුන් අපේ වරායවල් ගැන මෙතරම් උනන්දු වන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ පිහිටීම නිසාම ලෝක ආර්ථිකයේ වැදගත් ස්ථානයක් හිමි වෙනවා. අපි හම්බන්තොට ගැන මුලින් කතා කළේ ආර්ථික කෝණයෙන්. නමුත් දැන් ඇමෙරිකාව ඉන්දියාව, ජපානය උනන්දු වන්නේ භූ දේශපාලනික හා යුද්ධ උපාය මාර්ගික කෝණයෙන්. හම්බන්තොට ගැන කතා කළාට ඇස යොමුව තිබෙන්නේ ත්‍රිකුණාමලයටයි. බෙංගාල බොක්ක ආරක්ෂා කිරීමට වැදගත්ම කේන්ද්‍රය වරාය. එය ගැඹුරු ස්වභාවික වරායක්. පෘතුගීසි, ඕලන්ද, ප්‍රංශ, බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඉන්දීය සාගරයේ වැදගත් වරාය ලෙස ත්‍රිකුණාමලය හඳුනාගත්තා. දෙවැනි රාජසිංහ රජු කොට්ටියාරම් බොක්ක රහසින් ප්‍රංශයේ නැපෝලියන්ට පැවරූ බව ඉතිහාසයේ සඳහන්. ඉන්දියාව කැමැතියි ජපානය ඉදිරියට දමා ඉන්දු-පැසිපික් සංකල්පය ශක්තිමත් කරන්න.

 මේ තත්ත්වය තුළ ලංකාව ජාත්‍යන්තර දේශපාලන ගැටුමකට ඉබේම තල්ලු වී යෑමට ඉඩ තිබෙනවා නේද?

ආණ්ඩුවවත්, විපක්ෂයවත්, ඒකාබද්ධ විපක්ෂයවත් තවම මේක වටහාගෙන නැහැ. මේ ප්‍රශ්නය ඉදිරි ජනපතිවරණයට හා මහ මැතිවරණයට ගැටගැහෙන්න පුළුවන්. එවිට අපේ මැතිවරණවලට ඉන්දියාව, ජපානය පිටුපස සිට ඇමෙරිකාව පෙළගැහෙන්න පුළුවන්.

 ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ සුබ්‍රමනියම් ස්වාමි හිටපු ජනාධිපති හමුවීමත් මෙයට සම්බන්ධයක් තිබිය හැකිද?

ඒ ගැන නිගමනයකට එන්න කල් වැඩියි. සුබ්‍රමනියම් ස්වාමි, මෝඩි අගමැතිගේ පිල්ලියක් බව අපි දන්නවා. මා හිතනවා මහින්ද රාජපක්ෂ මහතා කල්පනාකාරීව ප්‍රතිචාර දක්වයි කියා. අප තේරුම්ගත යුතුයි ඇමෙරිකාව මේ කලාපයට ඩොලර් මිලියන 585ක් වෙන් කර තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉන් කොටසක් ලංකාවට එම සැලසුම තමයි ජාත්‍යන්තර දේශපාලන තලයේ දැන් ක්‍රියාත්මක වෙන්නේ.

සංවාදය-උදේනි සමන් කුමාර

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress