පොත සමාලෝචනය කිරිම : ලෝක අර්බුදය සහ සාමය සඳහා වූ මාර්ගය.
Posted on September 1st, 2018

අබ්දුල් අසීස් ප‍්‍රචාරක ලේඛම් අහ්මදිය්යා මුස්ලිම් ජමාත්

අහ්මදිය්යා මුස්ලිම් ජමාතයේ පස්වැනි කලීෆා නායකවරයාණන් විසින් ලෝක සාමය ස්ථාපිත කිරීම සඳහා ලෝක බලවතුන් සහ රාජ්‍ය තාන්ති‍්‍රකයින්ට දෙන ලද අගනා දේශනාවන් සහ ඔවුන්ට යැවු ලිපි ගොනුව මෙම ග‍්‍රන්ථයෙහි ඇතුලත් කර ඇත.

අද ලෝකය දැඩි අර්බුදකාරි යුගයක් පසු කරමින් සිටියි. ලෝක අර්බුදය දැඩි අවදානමකට පත්වෙමින් පවතින බව එහි නවතම වූත් බියකරු වූත් ස්වභාවය අපට දිනපතා මෙන්ම නිරතුරුවම පෙන්නුම් කරයි. වත්මන් සිදුවීම් මනාව පෙන්නුම් කරන්නේ අප නොසිතූ අති භයානක තුන් වැනි ලෝක යුද්ධය කරා අප පෙළගස්වමින් සිටින බවයි. මෙම කි‍්‍රයාවලිය ඉතා ඉක්මනින් පාලනය කළ නොහැකි බවට සම්පූර්ණ අවබෝධයක් ඇති වී තිබෙන මොහොතේ සාමය සඳහා වූ මාර්ගය වෙත මිනිස් වර්ගයා යොමු කොට ස්ථීර වූත් තිරසාර වූත් මගපෙන්වීමක් මගින් මිනිසාගේ සිත් සතන් තුල විශ්වාසනීයභාවය ප‍්‍රතිස්ථාපනය කළ හැකි නායකත්වයක් දැකීම මිනිසුන්ගේ පරම බලාපොරොත්තුව වී තිබේ. න්‍යෂ්ටික යුද්ධයක් නිසා සිදුවිය හැකි අති භයන්කාර විනාශය කොතරම් දැයි කිවතොත් එ් ගැන සිතීමට පවා නොහැකිය.

එ් ගැන එතුමා විසින් තමන්ගේ නිරන්තර උත්සාහය තුලින් ඉස්ලාමීය සැබෑ ඉගැන්වීම් විවිධ මාර්ගයන් හි විශේෂයෙන්ම ඇමරිකාවේ කැපිටල් හිල් සහ යුරෝපය, බි‍්‍රතාන්‍ය, අයර්ලන්තය, නවසීලන්තය, ඕලන්ද යනාදි රටවල්හි පාර්ලිමේන්තුවල නීතිරීති සකස් කරන්නන්හට දේශනා පවත්වමින්ද ලෝක නායකයින්හට ලිපි මගින් දැනුවත් කරමින්ද මුළු ලොවට ලබාදුන් අගනා මගපෙන්වීම් සම්භාරයක් මෙම පොතෙහි අන්තර්ගත වී ඇත.

මෙම පොත ඪගඡුගඡු තැපැල් ගාස්තුව හැර නොමිලේ ලබාගත හැක. ලබා ගත හැකි මධ්‍යස්ථානය නොග 619/4ල බේස්ලයින් පාර, දෙමටගොඩ, කොළඹ 9 යන ලිපිනයට යොමු වෙන්න. මෙම පොත කළින් වෙන්කර ගැනීම සඳහා දුරකථන අංක 011 2 687 568, 077 5353 675, 077 7753 440 වෙතට සම්බන්ධ වන්න.

අබ්දුල් අසීස්
ප‍්‍රචාරක ලේඛම්
අහ්මදිය්යා මුස්ලිම් ජමාත්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress